තමන්ට කැමති නම් කලබල වෙන්න, පරිස්සම් වෙන්න. එ‍්ක තමන්ගෙ අයිතියක්නෙ. ඔස්තාර්ලා කියන දේවල් විශ්වාස කරන්න.
හැබැයි මගෙ දැනුමෙ හැටියට, දැනට තියෙන කාලගුණ maps බැලුවාම තේරෙන විදිහට නම් නම් ඔය කියන තරම් මහ ලොකු අවුලක් එන්න බෑ. ඕක පීඩන අවපාතයක් වෙන්න තරම් ශක්තියක් අැත්තෙත් නෑ. අඩු පීඩන category එකේම තියෙයි කියලයි හිතෙන්නෙ.
එක දිගට වැස්සයි සාමාන්‍ය හුළඟයි තියෙයි, හැබැයි කුණාටු ගාණට එන් නෑ. හෙට හවස් වෙද්දි වැස්සත් නවතියි ගොඩක් පැතිවලට. ඔය කට්ටිය රස කරලා කියවන 300mm, 500mm ජීවිතේට එන් නෑ. උපරිම 150-200mm තමයි කොහෙටත්.
හැමදාම වගේ දවස් කීපයක් ගිහින් බලමුකො කවුද හරි කියලා.
