උපන් ලප වලින් කියවෙන අනාවැකි..
උපන් ලප වලින් කෙනෙකුගේ ජීවිතයේ විවිධ සුභ සහ අසුභ ලක්ෂණ ගැන කියවෙන බව ඔබ ආසා ඇති. ඔබ හැම දෙනාගේම ශරීරයේ උපන් ලප පිහිටා තිබෙනවා. මෙහි දැක්වෙන්නේ 1925 වර්ෂයේ පල කරන ලද ඉපැරණි ග්‍රන්ථයකින් උපුටා ගත් උපන් ලප වලින් කියවෙන ලක්ෂණයන් පිළිබදවයි.
පුරුෂයින්ගේ ලක්ෂණ ගැන දැන ගැනීමට නම්, කාන්තාවන්ගේ දකුණු පස ගැන කියවෙන කරුණු පුරුෂයින්ගේ වම් පස ගැනත්, කාන්තාවන්ගේ වම් පස ගැන කියවෙන කරුණු පුරුෂයින්ගේ දකුණු පස ගැනත් කියවෙන බව මතක තබා ගන්න.
උදු, මුන් ප්‍රමාණයේ උපන් ලප වලින් කියවෙන සුභ ලක්ෂණ
හිසේ දකුණු සහ වම් පස – ප්‍රසිද්ධියට පත්වේ, කීර්තිය ලබයි
හක්කේ වම් පස – ජයග්‍රහණ ලැබේ, හොද මිතුරන් හිමිවේ.
හක්කේ දකුණු පස – දියුණුව, අභිවෘදිය, සැපය ලැබේ.
වම් කන – ප්‍රීතියෙන් ජීවිතය ගත කරයි, අන් අයට ගුණ ගරුකව කටයුතු කරයි. සෙනෙහෙවන්ත දරුවන් ලැබේ.
උඩු තොල වම් පස කපොලේ – ඉතාමත් ධනවත් වේ. තමන් යන යන තැන සියළු වැඩ සාර්ථක වේ.
දකුණු උරහිසේ – ඉතාමත් කීර්තියට පත්වේ.
දකුණු උරහිසේ – ධන ලාභ ලැබේ.
පිටේ දකුණු පස – යාන වාහන හිමිවේ.
වම් පියයුරේ – ධන ලාභ ලැබේ.
වම් පියයුරේ – හොද මිතුරන් ලැබේ.
උදු, මුන් ප්‍රමාණයේ උපන් ලප වලින් කියවෙන අසුභ ලක්ෂණ
නළලේ වම් පස – සැම විටම සිතේ දුක, නිතරම රෝග
වම් ඇහි බැමේ – කාන්තාවන් සමග ගැටුම් ඇතිවේ.
වම් ඇසේ – විපත් වලට ගොදුරවේ
නාසයේ වම්පස – බොහෝ දුකින් ජීවත් වීමට සිදුවේ
යටිතොලේ වම්පස – දුකින් තැවෙමින් ජීවත් වීමට සිදුවේ.
බෙල්ලේ දකුණුපස – නිතර රණ්ඩු වලට පැටලේ
වම් අතේ වැලමිටෙන් උඩ – දුක හිමිවේ
වම් අතේ වැලමිටෙන් පහළ – ධනය හානි වේ
වම් කිසිල්ලේ – දුක ශෝකය නිතරම හිමවේ.
තල ඇට ප්‍රමාණයේ ලප වලින් කියෙවන සුභ ලක්ෂණ
හිසේ දකුණු පස – බොහෝ ධන ලාභ
නළලේ දකුණු පස – රාජ්‍ය, මැති ඇමති වරුන්ගේ කරුණාව
බෙල්ලේ දකුණු පස – සෑම දෙයකින්ම ජයග්‍රහණය ලැබේ.
දකුණු අතේ වැලමිටෙන් පහල – බොහෝ දරුවන් ලැබේ.
දකුණු අත්ලේ – හොද මිතුරන් හිමිවේ.
source http://thewoman.lk/archives/5732


