ඔතන දේශනා 140++ ආදුනිකයෙක් කීයටවත් අහන නැ ..අදාළ කොටස විග්රහ වෙන ධර්ම දේශනාවේ වෙලාව සමග පුලුවන්නම් දාන්න
මේ වගේ අදාළ දේශනාව පමණක් දාන්න රංග මහතාණනි 
කමෙන්ට් එකෙන් නොකියා පෙන් නැ වගේ ඉන්නජිංතක ජිල්ලබකිට කියන මේ ගොන් හරකවත් රිපෝට් කරන්න.
ඔය වගේ අයත් සමාජේ ඉන්න ඕනනේ Skylarkඅනිච්ච යන්නෙහි අර්ථය "මේ ලෝකේ කිසිම දෙයක් අපිට ඕන විදිහට නැ" යැයි කියූ කෙනා එය පිළිගෙන ඊට අනුව කටයුතු කරනවා දැයි පරික්ෂා කරන්න ගියාම ඕන්න ඔහොමයි ඒ තැනැත්තා කටයුතු කරන බව දක්නට ලැබුනේ.
මම පෙර ලියන ලද කවියක් සහිත කමෙන්ටුවක් http://www.elakiri.com/forum/showthread.php?p=22164781 යන තැනින් උපුටා දක්වන්න කැමතියි:
පොඩි තෙම කිමද නුඹ හට වන් මේ විපත
කකුළු නුඹට කෙළින් ගමන් නොවැ උරුම
මම වෙමි මහ කකුළු නුඹ මෙන් නැත වරද
හිරි ඇත්නම් යව් මෙලෙසින් නොකැකුළුව
* මහ කකුළුවා තම උපදේසය දී ගමන් කොට පෙන්වීය. අසල සිටි ගෙම්බෝ බක බක ගා සිනාසෙන්න ගති. ගෙම්බන් සිනාසෙන්නේ ඇයි දැයි මහ කකුළුවාට නොතේරිනි.
Skylark
පොහොය දින මහ කකුළු දේශනාවකමෙන්ට් එකෙන් නොකියා පෙන් නැ වගේ ඉන්නඔය වගේ අයත් සමාජේ ඉන්න ඕනනේ
පොහොය දින මහ කකුළු දේශනාව
ඕන්න යම් තැනැත්තෙක් "පොහොය දින සදහම් දේශනාව" [ http://www.elakiri.com/forum/showthread.php?t=1814520 ] යන නමින් ඊයේ දින ත්‍රෙඩ් එකක් ආරම්භ කර තිබුනා. මේ වන විට එම ත්‍රෙඩ් එකේ නම "නිවන් දැකීම උදෙසා සදහම් කතිකාව" ලෙස වෙනස් කොට තිබෙනවා. අනිච්ච ගැන එහි මෙසේ සඳහන් කර ඇති බව දක්නට ලැබුනා:
mama darmayai obai ahanne kiyala
ehema kiyanna hodada manda.man eka banak ahanne kiwama mage tayweta hoda na
man miwana palane hamuduruwange banat ahanawa waharaka hamuduruwange banat ahanawa bauddaya eke banat ahanawa ..ube wadi banat ahanawa kiyala dahan ban 
"I Love You" - මෝඩ බමුණන් ගැන ගෙතූ කථාවක්
බමුණු යෞවනයා: නංගී, අදින් පස්සෙ මම ඔයාට ආදරේ නෑ. හැබැයි I love you.
බමුණු යෞවනිය: මොකෝ අනේ, ඔයාට පිස්සු හැදිලා ද? විහිළු කරන්නේ නැතුව ඉන්නකෝ.
බමුණු යෞවනයා: නෑ නෑ, විහිළු නෙවෙයි. අදින් පස්සෙ මම ඔයාට ආදරේ නෑ. හැබැයි I love you.
බමුණු යෞවනිය: ඔයා ඉංග්‍රීසි දන්නවා කියලා පෙන්නන්න ද හදන්නේ? මං නොදන්නවැයි ඔයාගේ ඉංග්‍රීසි වල හැටි.
බමුණු යෞවනයා: අයියෝ! කෙල්ලෝ කවදත් ඔහොමයි. කියන දෙයක් තේරෙන්නෙත් නෑ, තේරුම් ගන්න ඕනෑ කියලා හිතන්නෙත් නෑ.
බමුණු යෞවනිය: හා ඉතින් දන්න කෙනා කියමුකො බලන්න තේරුම. මොක උනත් මට හේත්තු වෙච්ච කෙනා නේ...
බමුණු යෞවනයා: මේකනේ බබා... මම අද YouTube එකේ බණක් ඇහුවා. ඒකෙ කියවුනේ වචනයක් ශබ්ද කරන හැටියට ඒ වචනයේ සැබෑ අර්ථය මොකක්ද කියලා තෝරා ගන්නා විදිහ ගැන. ඒකෙ විස්තර කෙරුනා ආදරය කියන වචනයේ සැබෑ තේරුම ගැන. "ආ ආ දර". එතකොටයි මට තේරුණේ ඔයාට ආදරේ කරපු එක මං කරපු ලොකු වරදක් කියලා. වැරදිලා මං ඔයාට දර දෙන්නනේ හදලා තියෙන්නේ. බැන්දහම මං ඔයාට ගෑස් ලිපක් අරං දෙන්නං. දර වලින් උයන පිහින එක අමාරුයි නේ. ඒ නිසයි මං කිව්වේ අදින් පස්සේ මම ඔයාට ආදරේ නෑ කියලා. හැබැයි I love you, හොඳේ?
බමුණු යෞවනිය: අනේ මේ. මට නං ඔය හරුපේ තේරෙන්නේ නෑ. බණේ හිත ගැන කියපුවා ඔයා ලිප එක්ක පටලවාගෙන වගේ. කොහොම උනත් මං එක්ක නං ඉන්න යන්නේ ලිප ගැන කථාව වෙනස් කරගන්න වෙයි. ඔයාට ලිපක් ඕනෑ නං ඔයා ගන්න. මං කොහොම කොහොම හරි කඩෙන් කෑම අරං ඔයාට කන්න දෙන්නං. මට නං බෑ ඔය පැය ගණන් උයන පිහින වැඩ කරන්න. ජීවිතේ තියෙන්නේ විඳින්න මිස විඳවන්න නෙවෙයි අනේ.
බමුණු යෞවනයා: හා හා ඕකට ඔච්චර කලබල වෙන්න ඕනැ නෑ. ලිපට අදාළ දෙයක් ඇසුරෙන් හාමුදුරුවෝ හිත ගැන කීවා තමයි. ඒ අර්ථ විස්තරය අනිත් පැත්තට ඊටත් වඩා ගැළපෙන්නවා. ඒ නිසා ලිපට දර දානවාට "ආදරය කරනවා" කියලා කීමේ කිසිම වැරැද්දක් නෑ. දැන් තේරුණාද? අදින් පස්සෙ මම ඔයාට ආදරේ නෑ. හැබැයි I love you.
බමුණු යෞවනිය: අනේ මන්දා තව ටික දවසක් ගියාම ඔයා "I don't love you" කියලත් කියයි ද කියලා. කොහොම උනත් ඔය බණ අහන්න ගත්ත කාලෙ ඉදන් ඔයා ටිකක් අමුතුයි වගේ. හොඳටම ෂුවර් ද love කියන එකේ දර එක්ක සම්බන්ධයක් නෑ කියලා?
බමුණු යෞවනයා: හොඳටම ෂුවර්. දර වලට ඉංග්‍රීසියෙන් කියන්නේ firewood කියලා. love කියන වචනෙ ශබ්ද කරන කොට firewood කියලා කියවෙන කෑල්ලක් නෑ නේ. ඒ නිසා "මම ඔයාට ආදරෙයි" කිව්වම තමයි ඒ දර ගැටළුව ඇති වෙන්නේ. හැබැයි "I love you" කිව්වම ඒ ගැටළුව ඇති වෙන්නේ නෑ. මිනිස්සු හරි මෝඩයි බබා. හරියට තේරුම දැන ගෙන කථා කරන්න ඕනෑ.
බමුණු යෞවනිය: එතකොට සිංහලෙන් ආදරෙයි කිව්වහමයි, ඉංග්‍රීසියෙන් ආදරෙයි කිව්වහමයි අර්ථ දෙකක් ද තියෙන්නේ?
බමුණු යෞවනයා: හ්ම්ම්ම්... ම්ම්ම්... ආ! ඔයා ඒ පාර ආර්යය උපවාදයට ද ලෑස්ති වෙන්නේ? හාමුදුරු කෙනෙක් කිව්වහම එයිටත් උඩින් යන්න හදනවා. ඒ හාමුදුරුවො ත්‍රිපිටක මූලාශ්‍ර එක්ක බණ කියන්නෙ. ගිහි කාලෙ ඉංජිනේරු උපාධියකුත් ලබලා තියෙනවා ලු. ඔයා කවුද ඒ හාමුදුරුවෝ කියන ඒවා ප්‍රශ්න කරන්න? ඔයා ඔය වගේ ප්‍රශ්න අහන්න ත්‍රිපිටකේ දැකලා වත් තියෙනවා ද? ඕවා මහා භයානක පාප කර්ම. නිකං ඉන්ඩ අනේ දන්නැති දේ ගැන කියවන්නේ නැතුව.
බමුණු යෞවනිය: මොකද අනේ ඔයා මේ එකපාරටම මට බණින්න ගත්තේ? මං අදාළ නැති දෙයක් ඇහුවා යැ?
බමුණු යෞවනයා: හ්ම්ම්ම්... ආ! බැණ්නා නෙවෙයි. හාමුදුරුවෝ කියන ඒවා අහන සියයට අනූ නවයකට විතර ඒ කියන ඒවා ලේසියෙන්ම තේරෙනවා. ඔයා වගේ සියයට එකකට, දෙකකට තමයි කොච්චර කිව්වත් තේරෙන්නේ නැත්තේ. ඔයා වගේ අය ඔය විදිහේ ප්‍රශ්න අහන්න ගත්තාම අර සියයට අනූ නවයක් විතර දෙනාට බණක් කියන්න තියෙන කාලෙත් අපතේ යනවා. ඒ නිසා හාමුදුරුවෝ උනත් සම මෙත් පතුරුවමින් තමයි බණ දෙසන්නේ. සමව සැලකුවේ නැත්නම් බණක් කියන්න කාලයක් ඉතිරි වෙන්නේ නෑ. මමත් එහෙමයි. බැණ්නා නෙවෙයි, කියන දෙයක් ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන් අපි වගේ අයට කොච්චර කිව්වත් කියන දේ තේරෙන්නේ නැති ඔයා වගේ අයගේ ප්‍රශ්න කිරීම් නිසා සිදුවන අගතිය ගැන හිතලා මම සම මෙත් පැතිරුවා. එච්චරයි.
බමුණු යෞවනිය: එතකොට ඔයා කියන්නේ ඒ සියයට අනු නවයක් විතර දෙනා හරි, මම වැරදියි කියලා ද? මම හොඳින් හිතලා බලලා නේ ඒ ප්‍රශ්නෙ ඇහුවේ?
බමුණු යෞවනයා: කට, කට. මගෙන් තව ටිකක් සම මෙත් පතුරුවා ගන්න ද හදන්නේ?
බමුණු යෞවනිය: අනේ අයියා, අද නං මගෙ ඔළුවත් කරකැවෙනවා වගේ. මං යන්නං. පරක්කුත් වෙනවා. ඔයා ඔය බණ අහන්න ගත්ත දවස් වල ඉදන් අමුතු වේගෙන එනවා වගේ.
බමුණු යෞවනයා: අයියෝ මේ වචන දෙක තුනයි කථා කළේ, ඔයා යන්නත් ලෑස්ති ද?
බමුණු යෞවනිය: ඔව් අයියා. මම තවත් හිටියොත් ගෙදර යා ගන්න යන්න ඕනෑ වමට ද නැත්නම් දකුණට ද කියන එකත් මට පටලැවෙයි වගේ.
බමුණු යෞවනයා: හා හා. ඔයාලට ඕවා ඊළඟ ආත්මෙවත් තේරෙයි. පදපරම කියලා බමුණෝ කට්ටියකුත් ඉන්නවා නේ. ඔයා පරිස්සමින් යන්න. අදින් පස්සෙ මම ඔයාට ආදරේ නෑ ඕං. හැබැයි I love you.
තමා පෙම් කළ බමුණු යෞවනයාට කුමක් වී ඇති දැයි සිතා ගත නොහැකි වූ බමුණු යෞවනිය තම පෙම්වතාට සමු දී ගෙදරට පිය මැන්නාය. ඇය තම මවට සිදු වූ සියල්ල කියුවාය. බමුණු මව තම දියණියට මෙසේ පැවසුවාය: "කෙල්ලේ, උඹ වෙන අතක් බලා ගනින්."
කථාව නිමි.
--
සාපේක්ෂත්වයේ මඟ
http://www.elakiri.com/forum/showthread.php?t=1809571
Skylark


Skylarkකලාම සූත්‍රයේ සහ සතර මහෝපදේශ වල බුදුන් දෙසා ඇත්තේ අන්ධ භක්තියෙන් දෘෂ්ඨි උපාදානයට නොගොස් නුවනින් විමසා බලා දහම වටහා ගන්නා ලෙසයි...
මම guest කෙනෙක් විදියට මේ threads දිගටම බලනව. හැබැයි ලේසියෙන් ලොග් වෙන්නේ නෑ. Post ගාන බැලුවම ඒක පේනවනෙ.
හිතට ආපු පොඩි කරුණු ටිකක් ලියන්න හිතුන, විශේෂයෙන් අනිච්ච ප්‍රශ්නේ ගැන.
1. කැමැත්ත ඉෂ්ට නොවීම - මේක පිලි නොගන්න කිහිපයක් තියෙනවා. එකක් තමයි ඉච්ච කියන්නේ කැමැත්ත නම්, (අ + ඉච්ච ) හෝ (නො + ඉච්ච ) කියන්නේ "අකමැත්ත". නැතුව "කැමැත්ත ඉෂ්ට නොවීම" නෙවෙ. එක වාසියට හදා ගත්තු එකක්.
එතකොට සබ්බං අනිච්චං කිව්වම එකේ තේරුම එන්නේ සියල්ල අකමැතියි කියල. නැතුව සියල්ල කැමැත්ත ඉෂ්ට නොකරයි කියල නෙවෙයි.
ඒ වගේම අපිට පේන්න ඕන ඉහත (අ + ඉච්ච ) හෝ (නො + ඉච්ච ) දෙකම අනිච්ච කියල එකතු වෙන්නේ නෑ. අපි කියනවනම් ( අන් + ඉච්ච ) කියල එකේ තේරුම "වෙන කැමැත්තක්" කියන එක.
2. මම හිතන විදියට අනිත්‍ය කියන පද පෙරලුමේ ලොකු ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ එකේ අපි ඒකට දීපු තේරුම. අපි අනිත්‍ය කියන එකට සාමාන්යෙන් භාවිතා කරන "නැති වෙනවා", "ස්ථිර නෑ" වගේ තේරුම ගත්තම එකත් වරදිනවා.
3. මට හිතෙන විදියට, මේ අනිච්ච කියන එකේ තේරුම සරලව කියනවනම් "තියෙන්නේ එකක්, පෙන්නේ අනෙකක්" කියන එක. අපිට පේන දේ ඇත්තටම තියනවනම් අපි කියනවා එක "නිච්චයි" කියල. මේ ලෞකික ලෝකේ සියල්ල හිතෙන හදා ගත්තු දේවල් නිසා ඒ එකක්වත් ඇත්තට තියෙන ඒවා නෙවෙයි. ඒ කියන්නේ මේ සියල්ල අපි හිතෙන හදාගත්තු ඒවා. සියල්ල අනිච්චයි. මේ කතාව කියන තරම් සරල නෑ . සියුම්.
4. මේ ටික තේරුම් ගන්න ගොඩාක් බන ඇහුව. වහරක හාමුදුවන්ගේ බන අහල තමයි මේ ගැන හොයන්න උනන්දු උනේ. එකේ වැරදි තියෙනවා. ඒ වුනාට ඒ හාමුදුරුවන්ට පුදුම capacity එකක් තිබුන. අභය හැමුරුවන්ගේ බන ඇහුව. භාවනා කළා. එතනත් හරි පාර නෑ, මට හිතෙන විදියට. සමන්ත භද්‍ර හාමුදුරුවෝ රහත් වුනත් නැතත් ඒ බන් අහල අපිට නිවන් දකින්න බෑ. බන logical . එත් පාර අවුල්.
මටනම් තාම හරියටම හරියන බණක් කියන්නේ මාන්කදවල සුදස්සන හාමුදුරුවෝ තමයි.
මම දැක්ක ex-muslim share කරලා තිබුන ඒ හාමුදුවන්ගේ බන. අහල බලන්න.
තෙරුවන් සරණයි හැමෝටම .
රජිත, වටිනවා පැහැදිලි කිරීම. බොහොම පින් .
ඔයා ඔය අවබෝධ කරගෙන ඉන්න ධර්මය හොඳට අද්‍යනය කරල තියන බව පේන නිසා,
මට ඔයාගෙන් පිළිතුරක් ඕන අර අභය හාමුදුරුවන්ගේ ත්‍රිකෝණ ගැටලුව සම්බන්ද ප්‍රශ්නයකට.
මේකට වෙනම thread ගියාට හරියට නිගමනයකට ඒමට බැරි උනා.
උන් වහන්සේ අහනවා ත්‍රිකෝණයක පාද තුනයි කියන එක වෙනස් වෙනවාද කියල.
එහෙම වෙනස් වෙන්නේ නැත්නම් ඒක නිත්‍ය නේද කියල.
එතකොට අනිච්ච කියන එකට අනිත්‍ය (ස්ථිර නැ, නිත්‍ය නෑ ) කියන අය හිර වෙනවා. මේ තර්කය පුහු තර්කයක් කියල අයින් කරන්න බෑ.
මට කියන්න මම පහත ලියා ඇති දේ ඔබේ මතයට ගැලපෙනවාද කියා.
"
සියල්ල අනිච්චයි.
ත්‍රිකෝණයට පාද තුනයි කියන සංකල්පයත් අනිච්චයි.
ඒ කියන්නේ ත්‍රිකෝණයට පාද තුනයි කියන සංකල්පය මගින් ඔබේ කැමැත්ත ඉෂ්ට නොවෙයි.
"
මේ කියපු දේ (red color ) හරිද ? වැරදිද?
කෙටියෙන්ම කියන්න. උත්තරේ අනුව ඊළඟ ප්‍රශ්නේ අහන්නම්.