අනිත්‍යසංඥා වේශයෙන් වඤ්චක ඊර්ෂ්‍යාව

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    🟡✨️ ️ අනිත්‍යසංඥා වේශයෙන් වඤ්චක ඊර්ෂ්‍යාව

    බොහෝ සැප සම්පත් ඇතියවුන් පිළිබඳ ඊර්ෂ්‍යාව සමහර විට අනිත්‍ය සංඥා වේශය ගන්නේ ය. ඒ අනිත්‍ය සංඥා ප්‍ර‍තිරූපක ඊර්ෂ්‍යාවෙන් මෙහෙයවන ලද තැනැත්තේ “මාලිගා වැනි ගෙවල වටිනා ඇඳුම් පැළඳුම්වලින් සැරසී ප්‍ර‍ණීත ආහාර පානයන් වළඳමින් මොවුන් දැනට විසුවත් මොවුනට මෙසේ සැප විඳින්නට ලැබෙනුයේ මඳ කලක්ම ය. තව මඳ කලකින් මොවුන්ගේ මේ සම්පත් කෙළවර වන්නේ ය. මළ පසු කවුරුනුත් නිදන්නේ සතර රියන් වළේ ය. ඒ කාලය පැමිණි කල්හි මොවුන්ගේ හා අපගේ ද වෙනසක් නැත” යනාදීන් අනිත්‍යතාව සිතා සැනසෙන්නේ ය.

    අන්‍යයන් තමා ගැන ඊර්ෂ්‍යාවෙන් සිටින බවත් කවරකු ගැනවත් තමාගේ ඊර්ෂ්‍යාවක් නැති බවත් තමා සැම දෙනාගේ යහපතට කැමති බවත් සැම දෙන ම වාගේ කියන කරුණකි. ඔවුන් එසේ කියනුයේ තමන් ගේ සිත්හි ඊර්ෂ්‍යාව නැති නිසාවත් ඇති ඊර්ෂ්‍යාවේ නැති බව කියා ලොව රැවටීමත් නොව, තමන් ම රැවටී සිටින නිසා ය. ඒ රැවටීම් වනු යේ නිතර ම ඊර්ෂ්‍යාව අන්‍ය වේශයකින් පහළ වන නිසාය. අන්‍ය වේශයකින් එන ඊර්ෂ්‍යාවට නිතර පුද්ගලයා රැවටෙන්නේ ය. එයින් පරෙස්සම් වීම පහසු නො වේ.

    https://pitaka.lk/books/wanchaka-dharma/
     
    • Love
    Reactions: lankalk

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338

    උම්බ එ එස් පි ලියනගෙද? උට හැබයි ධාර්මික දෙවල් කියන්න නම් බැ