අනිත්‍යා සිංහල movie - REal Criticism

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අනිත්‍යා සිංහල movie - REal Criticism

    ස්වර්ණවාහිනී, දෙරණ මේ හැම ටීවී චැනල් එකකම වගේ අලුතෙන් release උන movies පෙන්නන වැඩසටහන් යනවා. (ex. ස්වර්ණවාහිනියේ පියුමි කරන "බයස් කෝප්" program එක)
    ඉතින් මේවයේ පෙන්නන අලුතෙන් release උන සිංහල movies වලදී, ෆිල්ම් හෝල් එකෙන් එලියට එන උන්ගෙන් ෆිල්ම් එක ගැන අදහස් ගන්නවා..මුන් හැම එකාම කියන්නේ, ඒක තමයි බලපු හොදම සිංහල ෆිල්ම් එක කියලා...ඉතින් උන්ගේ කොමෙන්ට් අහල ඒ ෆිල්ම් එක බලන්න ගිය එකෙක් හෝල් එකෙන් එලියට එන්නේ ෆිල්ම් එක හදපු එකාගේ අම්මටත් වඩා, එදා tv එකට මුණ දාල ගුණ වරුණාව ගයපු එකාගේ අම්මව මතක් කර කර...එහෙම වෙලාවක අද කාලේ හැදෙන සිංහල ෆිල්ම් ගැන නියම විචාරයක් මං දැක්කා, ඉරිදා දිවයිනේ මීවිත අතිරේකයේ..
    මේ සතියේ දාල තියෙන්නේ නාලක විතානගේ ගේ "අනිත්‍යා" කියල ෆිල්ම් එකක් ගැන...නියම ඇත්ත කතා කරන මනුස්සයෙක් මේ අතිරේකය ලියන්නේ කියලා මට හිතුන, මේක කියෙව්වම..




    drama1.jpg

    පිච්චර් පිස්‌සා ඔළුව එහාට හැරෙව්වා. මෙහාට හැරෙව්වා...· ම්හු ...· කියවගන්නනං අමාරුයි. ඒත් ඉතිං නම කියෝගන්නෙ නැතුව මොන පිච්චර්ද? කොහොම හරි නම කියෝගන්නවා කියලා හිතුවත් බැරිම තැන ටිකට්‌ කවුන්ටරේ කොලු ගැටයගෙ පිහිට පතන්න පිච්චර් පිස්‌සට හිතුණා.· මොකද සමහරවිට මේ අකුරු වළගම්බා රඡ්ජුරුවන්ගෙ කාලෙ අකුරු වෙන්න පුළුවන්· මල්ලි...· මේ පිච්චර් එක වළගම්බා රඡ්ජුරුවන්ගෙ කාලෙ ගැන පෙන්නන එකක්‌ද? කොලු ගැටයගෙ ඇස්‌දෙකේ ප්‍රශ්නාර්ථ ලකුණු විස්‌සක්‌ තිහක්‌ මතුවුණා· පිස්‌සුද? මේක එහෙම එකක්‌ නොවෙයි. එහෙනං ඇයි මේ පිච්චර් එකේ නම බ්‍රාහ්මීය අක්‌සරවලින් ලියලා තියෙන්නෙ? පිච්චර් පිස්‌සත් ඇරියෙ නෑ·

    මං දන්න බ්‍රාහ්මීය අක්‌සරයක්‌ නෑ· මේකෙ නම අනිත්‍යා...· පිච්චර් පිස්‌සා ආයෙමත් නම දිහා බැලුවා. අම්මපා ඔව්මයි....· පිච්චර් පිස්‌සා ටිකට්‌ එක කොලුවගෙන් උදුරගෙන හෝල් එකට රිංගුවා. වීරයා වගේ පිච්චර් හෝල් එකට රිංගුවත් වාඩි උනාම තමයි පිච්චර් පිස්‌සට බය හිතුණෙ. දෙයියනේ මේ කළුවර කාමරේ ඉඳන් තට්‌ට තනියම මේක බලන්න වෙයිද? පිච්චර් පිස්‌සට එහෙම හිතුණෙ දර්සනේ පටන් ගන්න ඕන වෙලාව පහුවෙලා තිබුණත් කිසිම කෙනෙක්‌ හෝල් එකේ හිටිය නැති හින්දා· ඒත් ඉතිං පුරුදු විදිහට බෙල් ගහලා දර්සනේ පටන් ගත්තයි කියමුකෝ....· පුදපු ගමන් කාපි යකා කියලා කව්ද ... මහත්තයො අර කෙල්ල පාලමේ එල්ලිලා ඉන්නකොට විශ්ව කොලුවගෙ කටහඬට හඬ කැවුවෙ? මිනිහා මයිනෙක්‌වත් ගිලලද? අම්මපා ඒ කටහඬ ඇහෙද්දි කෙල්ලට හිතුණෙ නැද්ද මන්ද මේ මිනිහට මාව බේරගන්න පුළුවන් කියලා... කොහොම හරි දහිරිය දාලා කොල්ලා කෙල්ලව බේරගත්ත කියමුකෝ. දැන් කොල්ලයි කෙල්ලයි එකම ගෙදර· කෙල්ලගෙයි කොල්ලගෙයි, එහෙමත් නැත්නම් පිච්චර් එකක රඟපාන හැමෝගෙම අලගියතැන්, වැලගියතැන් ඔක්‌කෝම අකුරක්‌ නෑර කියන්න ඕන කියල පිච්චර් පිස්‌සා කියන්නෙ නෑ· ඒත් ඒ චරිත කොහේ ඉඳන් ආපුවද, ඒවායේ හැසිරීම මොන වගේද කියන එක ගැන ප්‍රේක්‌ෂකයන්ට යම් පැහැදිලි චිත්‍රයක්‌ මවන එක අධ්‍යක්‍ෂතුමාගෙ යුතුකම· නාලක මහත්තයා ගලපගන්න බැරි දර්ශන කීපයක්‌ ගැලවිඡ්ජාවකට වගේ පෙන්නල ඇඟ බේරගන්න හැදුවට එහෙම බෑ· මොකද ඔබතුමාගෙ නිර්මාණය බිහිවෙලා තියෙන්නෙ ජීවමාන චරිත එකතුවෙලා· එහෙම නේද? අනිත් එක පිච්චර් එක ගහන්න ඉස්‌සෙල්ලා දර්ශන තල බලන්න යනකොටත් නාලක මහත්තයා විහාර මහාදේවි උද්‍යානයට ගියෙ නැද්ද? ගියානං එහෙදි අර කෙල්ල වගේ කොල්ලෙක්‌ එක්‌ක හරි හරියට සිගරැට්‌ උරන කෙල්ලො කී දෙනෙක්‌ බංකු උඩ වාඩිවෙලා ඉන්නවා දැක්‌කද? කල්පනා කරලා බලලා කියන්නකෝ....· අනිත් එක කොල්ලයි කෙල්ලයි සිගරැට්‌ උරන්නෙ අමු බොරුවට කියලා පෙනි පෙනිත් උන් දෙන්න ලව්වා සිගරැට්‌ ඉරෙව්වෙ ඇයි කියලා පිච්චර් පිස්‌සට හිතා ගන්න බෑ. සිගරැට්‌ කිව්වමයි පිච්චර් පිස්‌සට මතක්‌ උනේ. අර පසුගිය කාලෙ පෙන්නපු "කලර්" පිච්චර් එක බලපු එක දොස්‌තර මහත්තයෙක්‌ සිගරැට්‌ බොන දර්ශන තියෙනවා කියලා පිච්චර් එක තහනම් කරන්න වලිකෑවනේ· ඒ මහත්තයා මේ දවස්‌වල කොහෙද දන්නෑ ඉන්නෙ? මහත්වරුන්ටත් කාලෙකටනේ පිස්‌සු තදවෙන්නෙ. කොහොම උනත් නාලක මහත්තයා පිච්චර් එක පුරාම බීම මුදලාලි කෙනෙකුගෙනුයි, බියර් මුදලාලි කෙනෙකුගෙනුයි හොඳ ගානක්‌ කපලා තියෙනවා. අනිත් කාරණේ පිළිකාවක්‌ හැදුනම ඔය විදිහට හැසිරෙන ගෑනු ළමයි කී දෙනෙක්‌ නාලක මහත්තයට මුණගැහිලා තියෙනවද? නාලක මහත්තයා පිච්චර් එක පෙන්නල ඉවරවෙලා එහෙම මහරගම පිළිකා රෝහල පැත්තෙ නිකමට ගිහින් එන්න. පිච්චර් හදනවනං ඕන තරං කතා එතන තියෙනවා මහත්තයෝ...· වැරදිලවත් නාලක මහත්තයා "අනිත්‍යා" පිච්චර් එක හදන්න ඉස්‌සෙල්ල ඒ පැත්තෙ ගියානං කීයටවත් ඕක හදන්නෙ නෑ.

    නාලක මහත්තයා අලුත්ම කට්‌ටියකට අවස්‌ථාව දීලා තියෙනව කියල පහුගිය දවස්‌වල පත්තරවල පිච්චර් පිස්‌සා දැක්‌කා. අළුත් අයට අත දෙන එක හුඟාක්‌ හොඳ දෙයක්‌ නාලක මහත්තයෝ. හැබැයි එහෙම අත දෙන්න ඕන තමුනුත් විනාශ වෙලා. තමන්ගෙ නිර්මාණෙත් විනාශ කරගෙන නොවෙයි. අර ප්‍රධාන නිළිය නාලක මහත්තයා නෑයෙක්‌ද? නැත්නං පිච්චර් එකට සල්ලිවත් දැම්මද? මොකද කෙල්ලට රඟපානවා තියා දෙබසක්‌ කියාගන්න බෑනෙ. ඒ ළමයගෙ කටේ පිට්‌ටු...... අතින් එක ළමයා ඇයි අරතරං තමන්ගෙ කකුල් දෙක පෙන්නන්න කැමැති· ඒ කකුල් පෙන්නිල්ල පිච්චර් එකට ඒ තරම්ම අවශ්‍ය නෑනෙ මහත්තයො·


    32.JPG


    අර අපේ විශ්ව කොලුවා ආදරේ ඉදිරියෙ හුඟාක්‌ සංවේදී කෙනෙක්‌ විදිහටනේ රඟපාන්නෙ. ඒත් පිච්චර් පිස්‌සට පෙනුණෙ මිනිහා ටෙනිසන්ට හරි බන්දුට හරි අභියෝගයක්‌ වෙන්න හදන විහිළුකාරයෙක්‌ විදිහටයි. අපරාදෙ කියන්න බෑ නාලක මහත්තයෝ අපේ සංගීතා නෝනා තාම ලස්‌සනයි. අර කොන්ඩෙ කපපු කොලු නංගිට ප්‍රධාන චරිතෙ දුන්න වෙලේ සංගීතා නෝනට දුන්නනං මීට වඩා හොඳයි කියලා පිච්චර් පිස්‌සට හිතුණා. ඔය ලොකු ලොකු අධ්‍යක්‍ෂ මහත්වරු කියනවා "කාලය හා අවකාශය" නිර්මාණයක වැදගත්ම දේ කියලා. පිච්චර් පිස්‌සා හරියට ඕවා ගැන දන්නෙ නෑ. කොල්ලයි කෙල්ලයි හම්බුවෙලා කොච්චර කාලයක්‌ විතර ගත උනාද? කෙල්ලට පිළිකාවක්‌ කියලා කොල්ලා දැනගෙන කොච්චර කාලෙකට පස්‌සෙද එයා මැරෙන්නෙ වගේ දේවල් අන්ඩර දෙමළ වගේ. කෙල්ල එයාට පිළිකාවක්‌ තියෙනවා කියලා කොල්ලට කියලා දවස්‌ දෙක තුනකින් කොන්ඩෙ ඔක්‌කොම ගියා වගේ තමයි දැනෙන්නෙ. කොහොම උණත් මහත්තයෝ පිච්චර් හෝල් එකේ බලු බල්ලෙක්‌ පිච්චර් එක බලන්න නැති උනාට පිච්චර් පිස්‌සා කල්පනා කරේ නාලක මහත්තයා පිච්චර් එක කරලා තියෙන්නෙ කාටද කියලා....· ටිකක්‌ වෙලා කල්පනා කරලා බලද්දි තමයි පිච්චර් පිස්‌සට කාරණේ තේරුණේ. බියර් කොම්පැණි කාරයන්ටයි, සිගරැට්‌ කොම්පැණි කාරයන්ටයි, බීම මුදලාලිලාටයි ගොඩයන්න නෙමෙයි නාලක මහත්තයෝ සිනමාව තියෙන්නෙ. ඒක තියෙන්නෙ සිනමාකරුවන්ට ගොඩයන්න. නිෂ්පාදක කෙනෙක්‌ව අගාදෙට තල්ලුකරලා පිච්චර් හෝල් අයිතිකාරයන්ව එක මනුස්‌සයෙක්‌ දෙන්නෙක්‌ වෙනුවෙන් පිච්චර් පෙන්නන තත්ත්වයට තල්ලු කරලා සිනමාව කරලා වැඩක්‌ නෑ මහත්තයෝ·

    අම්මපා නාලක මහත්තයෝ පිච්චර් පිස්‌සා හිතුවෙ මේ වෙනකොට තාත්තගෙන් හොඳටම ගුටිකාලා, නාලක මහත්තයා එක්‌කො ගෙදර මිදුලෙ, අව්වෙ දනගහගෙන ඉන්නවා ඇතැයි, එහෙමත් නැත්නම් ගේ වටේ හාවො පනිනවා. ඇතියි කියලා.....· ඇත්තටම මහත්තයෝ තාත්තා මුකුත්ම කිව්වෙ නැද්ද......?

    පිච්චර් පිස්‌සා


    http://www.divaina.com/2013/04/14/meewitha04.html
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    අපේ ෆිල්ම් නම්..කියලා වැඩක් නැ ඉතින්..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අපේ ෆිල්ම් නම්..කියලා වැඩක් නැ ඉතින්..

    හ්ම්ම්...ඒත් 100 කට 1 ක් 2 ක් හොද ඒවා හැදෙන්නේ නැත්තෙමත් නෑ...ලොකුම අවාසනාව වෙලා තියෙන්නේ අද ලයිට් අල්ලපු එකා, හෙට අධ්‍යක්ෂක වෙන එක...ඉතින් මේ වගේ මැටි මෝල් කතා script හැදිලා එලියට එන එක අහන්න දෙයක් නෙමෙයි..
    මං මෙච්චර කාලෙකට බලපු සිංහල ෆිල්ම් වලින් හොදයි කියල කියන්න පුළුවන් ෆිල්ම් 2 යි මං බලල තියෙන්නේ..


    1. ආකාස කුසුම්
    2.මචං


    ඉතින් මේ ෆිල්ම් දෙකේම රගපාන්නේ අපේ රටේ නළු නිළියෝ...හොද script එකකට , හොද අධ්‍යක්ෂක කෙනෙක් සෙට් වෙනවා නම්, අපේ රටේ මිනිස්සු ඕන තරම් ඉන්නවා, වැඩ ගන්න පුළුවන්...ලක්ෂ 900-1000 වියදම් කරන්න ඕන නෑ, අර ගොබ්බ Super 6 එකට වගේ...:frown:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    හ්ම්ම්...ඒත් 100 කට 1 ක් 2 ක් හොද ඒවා හැදෙන්නේ නැත්තෙමත් නෑ...ලොකුම අවාසනාව වෙලා තියෙන්නේ අද ලයිට් අල්ලපු එකා, හෙට අධ්‍යක්ෂක වෙන එක...ඉතින් මේ වගේ මැටි මෝල් කතා script හැදිලා එලියට එන එක අහන්න දෙයක් නෙමෙයි..
    මං මෙච්චර කාලෙකට බලපු සිංහල ෆිල්ම් වලින් හොදයි කියල කියන්න පුළුවන් ෆිල්ම් 2 යි මං බලල තියෙන්නේ..


    1. ආකාස කුසුම්
    2.මචං


    ඉතින් මේ ෆිල්ම් දෙකේම රගපාන්නේ අපේ රටේ නළු නිළියෝ...හොද script එකකට , හොද අධ්‍යක්ෂක කෙනෙක් සෙට් වෙනවා නම්, අපේ රටේ මිනිස්සු ඕන තරම් ඉන්නවා, වැඩ ගන්න පුළුවන්...ලක්ෂ 900-1000 වියදම් කරන්න ඕන නෑ, අර ගොබ්බ Super 6 එකට වගේ...:frown:

    මචං නම් එල.. හැබැයි එකේ director italy පොරක් නේ..අනිත් ෆිල්ම් එකත් හොදයි..
    මම ලගදි බැලුවා.."බොම්බ හා රොස" එකත් shape.
     

    nalin.fer

    Banned
    Feb 4, 2012
    280
    49
    0
    හ්ම්ම්...ඒත් 100 කට 1 ක් 2 ක් හොද ඒවා හැදෙන්නේ නැත්තෙමත් නෑ...ලොකුම අවාසනාව වෙලා තියෙන්නේ අද ලයිට් අල්ලපු එකා, හෙට අධ්‍යක්ෂක වෙන එක...ඉතින් මේ වගේ මැටි මෝල් කතා script හැදිලා එලියට එන එක අහන්න දෙයක් නෙමෙයි..
    මං මෙච්චර කාලෙකට බලපු සිංහල ෆිල්ම් වලින් හොදයි කියල කියන්න පුළුවන් ෆිල්ම් 2 යි මං බලල තියෙන්නේ..


    1. ආකාස කුසුම්
    2.මචං


    ඉතින් මේ ෆිල්ම් දෙකේම රගපාන්නේ අපේ රටේ නළු නිළියෝ...හොද script එකකට , හොද අධ්‍යක්ෂක කෙනෙක් සෙට් වෙනවා නම්, අපේ රටේ මිනිස්සු ඕන තරම් ඉන්නවා, වැඩ ගන්න පුළුවන්...ලක්ෂ 900-1000 වියදම් කරන්න ඕන නෑ, අර ගොබ්බ Super 6 එකට වගේ...:frown:

    මචං එකේ අධ්‍යක්ෂ ලංකාවේ එකෙක් නෙවෙයි ලොක්කා
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචං එකේ අධ්‍යක්ෂ ලංකාවේ එකෙක් නෙවෙයි ලොක්කා

    ඒක තමයි මාත් කියන්නේ...හොද සිංහල ෆිල්ම් එලියට එන්නේ නැත්තේ, අපේ නළු නිළියන්ට රගපාන්න බැරි නිසා නෙමෙයි.(රගපාන්න තියා සිංහල වචනයක් වත් කියවගන්න බැරි උන් ඉන්නවා..,ඒක වෙනම කතාවක්) ප්‍රශ්නේ තියෙන්නේ කරන්න පුළුවන්කම තියෙන උන්ව guide කරලා, උන්ගෙන් උපරිමය ගන්න පුළුවන් විදිහේ නියම අධ්‍යක්ෂකවරු නැති කම..