අරූ අහන ප්රශ්නේ තාර්කිකයි නේ බන්. රටා අනුව විශ්ලේෂනාත්මකව කියන්න පුළුවන් දේවල් තියෙනවා. ඒත් නමක් කොහොමද එහෙම කියන්නේ?
කර්මය.
සිදුහත් කුමාරයට සිදුහත් කියන නම ලැබුන කියල කියන්නෙ බුදු වෙන්න හිතන්නත් කලිං කුමාරිකාවක් වෙලා ඉන්දැද්දි සිද්ධාර්ථ කියල තෙල් ජාතියකිං පහන් පූජාවක් කරල තමන් අනාගතේ බුදු වෙන ආත්මෙ ඉපදුනාම සිද්ධාර්ථ කියල නම් කරන්න කියල ප්රාර්ථනා කරපු හින්ද කියල කියන්නෙ.
ඒ වගේ සංසාරෙ සෑහෙන වැදගත්කමක් තියෙන පුද්ගලයන්ගෙ ප්රාර්ථනා අනුව කර්මානාකූලව නම් ලැබෙනව ඇති. එතකොට අතීතෙ පේනවනං, කර්මය පේනවනං අනාගතේ ගැන ඒ දේවල් නොපෙනෙන අපිට නොපෙනෙන රටා බුදුවරයෙක්ට පේනව ඇති.


