අනියම් ඇසුරින් ලැබුණු දරුවා වළදමා තිබියද

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    අනියම් ඇසුරින් ලැබුණු දරුවා වළදමා තිබියද

    අනියම් ඇසුරින් ලැබුණු දරුවා වළදමා තිබියදී සොයා ගැනේ

    ගම්පොල - සුරංග දිල්හාන්

    අනියම් ඇසුරකින් යුවළකට ලැබුණු දරුවා බෑගයක දමාගෙන ගොස්‌ විවාහ රෙජිස්‌ටාර් හමුවී යුවළක්‌ විවාහ දිවියට පත්ව නිවසට පැමිණ එම දරුවා කෙසෙල් පඳුරක්‌ යට වළදමා තිබියදී ගලහ පොලිසිය මගින් සොයා ගැනීමෙන් පසු මහනුවර වැඩබලන මහෙස්‌ත්‍රාත් මහින්ද ලියනගේ මහතා ඉදිරියේ ගොඩගනු ලැබීය.

    ගම්පොල පොලිස්‌ බල ප්‍රදේශයේ මුල්ගම දෝහේන පනන්වල ප්‍රදේශයේ ඉඩමක කෙසෙල් පඳුරක්‌ අසලින් මෙම බිළි¹ වළදමා තිබියදී සොයා ගැනුණි. 21 හැවිරිදි තරුණිය හා 22 හැවිරිදි තරුණයකු අතර තිබූ ඇසුරකින් පසු ඔවුන් දෙදෙනාට දාව මෙම දරුවා බිහිවී ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

    මෙම තරුණියට දරුවකු ලැබීමට සිටින බව මීට මාස දෙකකට පමණ පෙර ඇගේ මවට පවසා තිබූ බවද මෙහිදී අනාවරණය විය. නමුත් තරුණියට දරුවා ලැබීමට සිටි බව රහසක්‌ සේ තබාගෙන සිටියද ඇයට දරුවා ලැබුණ බව ගලහ පොලිසියට තොරතුරු ලැබීම නිසා ඒ පිළිබඳව සොයාබැලීමේදී මෙම තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවී ඇත.

    සිද්ධියෙන් පසු මෙම යුවළ සැඟවී සිටින අතර දරුවා වළ දැමීමට අනුබල දුන් මව හා ඇගේ දෙවැනි සැමියා අත්අඩංගුවට ගෙන ඇත.


    http://www.divaina.com/2015/04/04/provin01.html

    මුන්ව එල්ලලා මරන්න ඕනේ කාලකන්නි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපො මුන්ට මනුස්ස අතමයක් නම් ලැබෙන්න එපා අයිත. කාලකන්නි