අනියම් සම්බන්ධතාවයකට මග පෙන්වන වාස්තු දෝ

Djsash

Member
Jun 1, 2018
274
9
0
අනියම් සම්බන්ධතාවයකට මග පෙන්වන වාස්තු දෝ

නිවසක් ඉදිකිරීමත්, විවාහ ( marriage ) වීමත් මිනිසෙකු ජිවිත කාලයට එක් වරක් පමණක් කිරීමට බලාපොරොත්තු වන දේවල්ය. සාර්ථක දිවිපෙවෙතකට මාර්ගය එයයි. නිවසක් ඉදිකිරිම මෙන්ම විවාහ වීමත් මනා සැලැස්මක් නොමැතිව සිදුකිරීමෙන් ජීවිතය අසාර්ථක වෙයි. නිවසක් ඉදිකිරීමේන් වන අයගේ ආයුෂ වර්ණ සැපබල යන සාධක ප්‍රධාන වන අතර එවැනි පසුබිමක් තුල නිවැරදි වාස්තු විද්‍යානුකුලව නිවසක් තනා ගැනීමට පෙරදිග වැසියන් උත්සුක වූ බව දක්නට ලැබේ.

අතීතයේ දී නිවසක වැසිකිලි පද්ධතිය පිහිටා තිබුනේ නිවසට තරමක් දුරිනි. පසුකලෙක එය නිවස අද්දරින් ඉදිකෙරුණ අතර තවත් කාලයක් ගත වන විට නවීන අංගෝපාංගයන් සහිතව නානකාමරයක් ලෙස වැසිකිලි පද්ධතිය නිවෙස් අභයන්තයේම ඉදිවන්නට විය. අද වර්තමානය වන විට මෙම නානකාමරය නිදනකාමරයේ අභ්‍යන්තරයේ නිදන කාමරයට දොර විවෘත වන ලෙස ඉදිකරනු ලැබේ.

කාලයාගේ ඇවෑමෙන් නිවාස ඉදිකිරීමේ කලාව බටහිරකරණය වෙමින් නොයෙක් නවීන අංග පෙරදිග වාස්තු කලාවට එක වුවද එය අද වන විට නිවැසියන්ගේ විවාහ ජිවිත අවුල් ජාලයක් බවට පත් කරන්නට සමත් වී ඇත.

නාන කාමර, වැසිකිලි, බාත්රුම් , වොෂ් රුම් යන කුමන නමින් හැඳින්වුවද නිදන කාමරයේ අභ්‍යන්තරයේ මෙය ඉදිකිරීමෙන් යුග ජිවිතයේ අඹුසැමි සතුට හිනවීම , අනියම් සම්බන්දතා ඇතිවීම , ලිංගික බෙලහිනතා, ලිංගික විකෘතිතා ඇතිවීම , ඇද්දී දුර්විපාකයන්ට අඹු සැමියන්ට සිදු වේ.

මා විසින් ගවේශයන කරන ලද හා පර්යේෂණ කරන ලද කරුණු අනුව ජන්ම පත්‍රයේ අනියම් සම්බන්ධතා ඇති විය හැකි යෝග නැති වුවද එකී පුද්ගලයන්ගේ අනියම් සම්බන්දතාවයන්ට මුලිකව තිබුනේ නිදන කාමරය අභ්‍යන්තරයේම නාන කාමරය පිහිටා තිබීමයි. එමෙන්ම යම් කිසිවෙකුට අනියම් සම්බන්ධතාවයක් ඇතිවන යෝගයක් පිහිටා තිබුනේ නම් එවැනි අයට මෙම පිහිටීම පනින රිලවුන්ට ඉනිමන් තැබීමක් වන්නේය. මෙහිදී අනියම් සම්බන්ධතාවයන්ට උත්තේජනයක් සැපයීම සිදු වේ. එසේ වන්නේ එම කාමරය තුල දීර්ඝ කාලයක් ජිවත් විමෙන්ය.

අද සාමජයේ අනියම් සම්බන්ධාතා ඇතිවෙමේ ප්‍රවනතාවය ඉහල අගයක පවතින අතර පුද්ගල ජන්ම පත්‍ර නොමැති වුවද නිදන කාමරය තුල නාන කාමරය පිහිටා ඇති ආකාරය අනුව මෙහි ප්‍රතිවිපාක නිර්ණය කල හැකිය.

ඔබගේ ප්‍රීතිමත් පවුල් ජීවිතය සතුට සැනසුම අපේක්ෂා කරන්නේ නම් මෙකි වස්තු දෝෂයන් තොරව නිවැරදිව වාස්තු විද්‍යානුකුලව නිවාස ඉදිකර ගැනීමෙන් ජීවිතය සැපවත් කරගන්න.


උපුටා ගැනීම - http://thewoman.lk/resons-for-non-accepted-relationship/
 

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    :lol::lol::lol:
    how many accounts do you really want pal ?


    මාත් බලන් හිටියේ දැන් කාලෙක ඉදලා අමුතු සෙල්ලමක් යනවා බන්.ගෑණුන්ට කඩේ යන සයිට් දෙකක දාන හැම පෝස්ට් එකම ෆෝරම් එකේ ගෙනත් ඔබනවා එකවුන්ට 3-4කින්ම.