අනියම්_ගෑණු_5ක්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,480
    17,718
    113
    අනියම්_ගෑණු_5ක්

    බිරියගෙන් කොසු පහර කෑ දොස්තරට අනියම් බිරියෝ 5 ක් දරුවෝ 13 ක්
    ​


    තම බිරිඳ කොස්සක් කැඩෙන තුරු තමාට පහරදුන් බවට පොලිසියට පැමිණිල්ලක් කළ වෛද්‍යවරයකුට එම නිත්‍යානුකූල බිරියට අමතරව අනියම් බිරියන් පස්දෙනකු සමග දරුවන් 13 දෙනකු සිටින බව පැමිණිලි විභාගයේදී අනාවරණය වී යැයි කොල්ලුපිටිය පොලිසිය කීය.

    නිත්‍යානුකූල බිරියටද ඔහුට දාව දරුවන් තිදෙනකු සිටින අතර මේ තිදෙනාගෙන් අවුරුදු 2 1/2ක් වයසැති දරුවා රැගෙන යාමට ඔහු පැමිණි අවස්ථාවේදී බිරිය කොස්සක් කැඩෙන තුරු ඔහුට පහරදී ඇති බව හෙළිවීයැයිද පොලිසිය පවසයි.

    බිරියගේ කොසු ප්‍රහාරය නොතකා දරුවා රැගෙන ගිය වෛද්‍යවරයා එම දරුවා සිය දෙවැනි අනියම් බිරිය බාරයට පත්කර සිටියදී කොල්ලුපිටිය පොලිසිය මැදිහත් වී දරුවා මුදාගෙන නිත්‍යනුකූල බිරියට බාරදී ඇත.

    තමාගේ බිරිය තමාට කොස්සක් කැඩෙන තුරු පහරදුන් බවට වෛද්‍යවරයා කර තිබූ පැමිණිල්ල කොළඹ දකුණ සහකාර පොලිස් අධිකාරි ඊ.එස්. දයාරත්න මහතාගේ විශේෂ උපදෙස් මත කොල්ලුපිටිය පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප්‍රදීප් වික්‍රමරත්න මහතා සහ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කාන්තා පොලිස් පරීක්‍ෂිකා ඉනෝකා කුමාරි මහත්මිය හමුවී විභාගයට ගෙන ඇති අතර පැමිණිලි විභාගය සඳහා පැමිණිලිකාර වෛද්‍යවරයා ද, ඔහුගේ නිත්‍යානුකූල බිරිඳ ද කොල්ලුපිටිය පොලිස් ස්ථානයට ගෙන්වා තිබිණි.

    එම්.බී.බී.එස්. උපාධිධාරියකු වූ වෛද්‍යවරයා කොළඹින් පිට පළාතක ශික්‍ෂණ රෝහලක සේවය කරමින් සිටියදී සේවය අතහැර ගොස් ඇති බව පැමිණිලි විභාගයේදී අනාවරණය වී තිබේ.

    වෛද්‍යවරයාගේ නිත්‍යානුකූල බිරිය වෛද්‍යවරයාට අයත් කොල්ලුපිටිය ප්‍රදේශයේ සුපිරි නිවසක සිය දරු තිදෙනා ද සමග පදිංචිව සිටින බවද අනාවරණය වී ඇත.

    වෛද්‍යවරයාට අනියම් බිරියන් පස් දෙනකුද ඔවුන්ගෙන් දරුවන් 10 දෙනකු ද සිටින බව මෙම පරීක්‍ෂණයේදී හෙළි වී යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීය.

    නිත්‍යානුකූල බිරිඳ තම වෛද්‍ය සැමියාට අනියම් බිරියන් පස් දෙනෙකු සිටින බව දැනගෙන ඇතැයි කියන්නේ ඔහු විවාහ කරගෙන ටික කාලයක් ගතවීමෙන් පසුව යැයි කියති.

    නිත්‍යානුකූල බිරිය වෛද්‍යවරයාට කොස්සකින් පහරදුන් බව කියන පැමිණිල්ල සමථ මණ්ඩලයට යොමු කළ බවද කොල්ලුපිටිය පොලිසිය කියයි.



    Code:
    http://www.lankadeepa.lk/latest_news/%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%94-%E0%B6%B4%E0%B7%84%E0%B6%BB-%E0%B6%9A%E0%B7%91-%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%A7-%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9D-5-%E0%B6%9A%E0%B7%8A-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9D-13-%E0%B6%9A%E0%B7%8A/1-537379
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,480
    17,718
    113
    kar*yata kossen nemei mitiyen denna one oluwatama pani berenna..

    සල්ලි,වාහන තියෙනවනම් ගෑණුද නැත්තේ.මේකේ අර බූට් කාලා අඩන උන්ට මේවා හොද පාඩම්.:D
     

    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    අපෝ.මේ යකා ගැන මම දන්නවා.කැත ගෑනු ටිකක් ඉන්නේ.අමුතු පොරක්:rofl:
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,014
    3,846
    113
    සල්ලි,වාහන තියෙනවනම් ගෑණුද නැත්තේ.මේකේ අර බූට් කාලා අඩන උන්ට මේවා හොද පාඩම්.:D

    aniwa machan.yako dawasata eka gaaniyek gaawa paya 3 hitiyath paya 15k ne.ethakota aththa gaani danne nadda ? ane baba
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,889
    2,928
    113
    රජරට
    ෂුවර් එකටම වෛද්‍ය සභාවේ ලියාපදිංචි නැති දොස්තර කෙනෙක් වෙන්න ඇති. මොකද එ්ගොල්ලො ඔය වගේ නරක වැඩ කරන්නෑ.
     

    Similar threads