අනියම්_සැමියා

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    දරුවන් දෙදෙනා අනියම් ඇසුර දැන ගැනීම නිසා කපා කොටා මරා දැමුවා - අනියම් සැමියා


    අශෝබන දර්ශනය දුටු දරුවෝ වෙනත් කාමරයකට ගොස්‌ උසුළු විසුළු කරමින් ඉඳලා...
    එයින් කෝපයට පත් අනියම් සැමියා කුස්‌සියේ තිබූ කැත්තක්‌ ගෙන කාමරයේ සිටි දරුවන් දෙදෙනාව කපා කොටලා...

    අනියම් සම්බන්ධතාව හෙළිදරව් වීම නිසා කෝපයට පත්වූ 19 හැවිරිදි තරුණයකු ගොඩකවෙල ගල්පාය කොලොන්ගස්‌යාය ප්‍රදේශයේ නිවසක සිටි අනියම් බිරිඳගේ දරුවන් දෙදෙනා කපා කොටා සාහසික අන්දමින් ඝාතනය කර අනියම් බිරිඳට ද බරපතළ තුවාල සිදු කර පළා ගොස්‌ ඇත.

    මෙම අපරාධය සිදුවී ඇත්තේ පෙරේදා (04 වැනිදා) රාත්‍රි 9.00 ට පමණය. අපරාධය සිදු කළ 19 හැවිරිදි තරුණයා ගොඩකවෙල පොලිසිය සහ ප්‍රදේශ වාසීන් එක්‌ව එදින රාත්‍රියේදීම අත්අඩංගුවට ගත් අතර ඝාතන සඳහා යොදාගත් කැත්තද සොයාගෙන තිබේ.

    මෙහිදී ඝාතනයට ලක්‌ව ඇත්තේ
    12 හැවිරිදි වියේ පසුවූ මනන්නලාගේ දිමුතු ලක්‍ෂාන් කුලතුංග සහ 6 හැවිරිදි මනන්නලාගේ රවීක්‍ෂ මහේෂ් විදුරංග කුලතුංග යන සොහොයුරන් දෙදෙනාය.

    දිමුතු ලක්‍ෂාන් ගොඩකවෙල කුලරත්න මහා විද්‍යාලයේ හයවන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන අතර රවීක්‍ෂ මනෝඡ් පල්ලෙබැද්ද මහා විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටියේය.

    මෙම සාහසික අපරාධය සිදු කළ තරුණයා අනියම් සම්බන්ධතාව පවත්වාගෙන ගොස්‌ ඇත්තේ ඥති කාන්තාවක සමඟ බව පරීක්‍ෂණවලින් හෙළිවී ඇත. ඝාතනයට ලක්‌වූ දරුවන් දෙදෙනාගේ පියා කොළඹ පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිටී. කොළඹ තාවකාලිකව පදිංචිව සිටින ඔහු ගොඩකවෙල නිවසට එන්නේ සතියකට වතාවකි.

    සැකකාර තරුණයා මෙම නිවසට නිතර ආගිය පුද්ගලයෙකි. ඒ අතරතුර ඔහු මෙම කාන්තාව සමඟ අනියම් සම්බන්ධතාවක්‌ ගොඩනගාගෙන තිබේ. සැමියා නොමැති අවස්‌ථාවලදී මෙම කාන්තාව 19 හැවිරිදි තරුණයා නිවසට කැඳවාගෙන ඔහු සමග රහසිගතව අනියම් ඇසුරක්‌ පවත්වා ඇත.

    නිවාඩු ලබා නිවසට පැමිණ සිටි සැමියා පෙරේදා දහවල් නැවත කොළඹ ගොස්‌ ඇති අතර කාන්තාව සිය අනියම් සැමියාවූ 19 හැවිරිදි තරුණයා නිවසට කැඳවාගෙන තිබේ.එදින රාත්‍රියේ මෙම කාන්තාව තරුණයාද සමඟ නිවසේ කාමරයක අනියම් ඇසුරක්‌ පවත්වමින් සිටිනු දරුවන් දෙදෙනා දැක ඇත.

    එම අශෝබන දර්ශනය දුටු දරුවෝ වෙනත් කාමරයකට ගොස්‌ උසුළු විසුළු කරමින් සිටියහ. ඒ අවස්‌ථාවේ කෝපයට පත්ව ඇති 19 හැවිරිදි තරුණයා නිවසේ කුස්‌සියේ තිබූ කැත්තක්‌ ගෙන කාමරයේ සිටි දරුවන් දෙදෙනාව කපා කොටා බරපතළ තුවාල කර තිබේ. දරුවන් දෙදෙනා බේරා ගැනීමට ඉදිරිපත්වූ මවටද කැති පහර කීපයක්‌ එල්ල කළ තරුණයා පසුව පලා ගොස්‌ ඇත.

    මෙම සිද්ධිය සැලවීමෙන් පසු ප්‍රදේශවාසීන් එක්‌ව පලාගිය සැකකරු අල්ලාගෙන පොලිසිය වෙත භාරදී තිබේ. තරුණයා පැමිණි යතුරුපැදියද පොලිස්‌ භාරයට ගෙන ඇත. තුවාල ලැබූ එක්‌ දරුවෙක්‌ සිද්ධිය වූ ස්‌ථානයේම මිය ගියේය.

    අනෙක්‌ දරුවා රත්නපුර රෝහලට ඇතුළත් කළ අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට රැගෙන යද්දී මිය ගොස්‌ තිබේ.බරපතළ තුවාල ලැබූ කාන්තාව මේ වන විට ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම දිවිත්ව ඝාතනය තමත් සිදු කළ බව පිළිගෙන තිබේ.

    මෙම කාන්තාව සමඟ අනියම් සම්බන්ධතාවක්‌ පවත්වාගෙන ගිය බවත් අවස්‌ථා දෙකකදී ඇය සමග ඇසුරක්‌ පැවැත්වූ බවත් තුන්වැනි වතාවට ඇසුරක්‌ පවත්වද්දී එය දරුවන් දෙදෙනා දුටු බවත් සැකකරු පොලිසියට පවසා ඇත. දරුවන් දෙදෙනා මේ පිළිබඳව දැන ගැනීම නිසා ඔවුන් කපා කොටා මරා දැමු බවද සැකකරු වැඩිදුරටත් පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබේ.


    children2.jpg

    children.jpg

    :no::no::no::no::no::no::no:
     
    • Like
    Reactions: Johnnie_Walker

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මේ පොඩි එ‍විවො දෙන්නා ටිකක් ලොකු වෙලා හිටයනම් ලංකාවේ වැල සයිට් වල වැටෙයි
    My mom with her lover

    අනේ මන්දා බන්
    දැන් ඉන්න උන්ගේ මෝල් අමාරුව වැඩි වෙලා