අනිල් භාරතීට ‘බෙත්ලෙහෙම් පුරේ’ තහනම්
අනිල් භාරතීට ‘බෙත්ලෙහෙම් පුරේ’ තහනම්
ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයේ ගී නිර්මාණ පිළිබඳ විමර්ශනය කරන විට ප්‍රතිභාපූර්ණ සංගීතඥයකු මෙන්ම ගායන ශිල්පියකුව සිට නැසීගිය ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ගී නිර්මාණයන්ට හිමිවන්නේ විශේෂ තැනකි. තවත් දශක ගණනාවක් ගෙවී ගියත් ක්ලැරන්ස් විසින් නිර්මාණය කරන ලද ගීත මෙරට ගීතලෝලීන්ගේ ආදරයෙන් ඈත් නොවනු නිසැකය.
මේ දිනවල ක්ලැරන්ස්ගේ නිර්මාණ පිළිබඳ සංගීත ක්ෂේත්රයේ අවධානය යොමු වී ඇති අතර පසුගියදා ක්ලැරන්ස් නිර්මාණය කළ ගීත මින් ඉදිරියට ගායනය නොකරන ලෙස ගායන ශිල්පී අනිල් භාරතීට ද ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ නිර්මාණ පිළිබඳ කටයුතු කිරීමට ක්ලැරන්ස්ගේ බිරිඳ ශීලා සහ දියණිය අමිලා වෙනුවෙන් පත්කර සිටින ඇටෝනි බලකරු වන සිරි හෙට්ටිආරච්චි විසින් එන්තරවාසියක් යවමින් දැනුම් දෙන ලදී. ඒ පිළිබඳව ගීත ලෝලී ඔබ වෙනුවෙන් සිරි හෙට්ටිආරච්චි සහ අනිල් භාරතී සමඟ ‘රසඳුන’ කළ කතාබහකි මේ...
මුලින්ම අප සමඟ කතාබහට එක්වුණේ අනිල් භාරතීය.
“ක්ලැරන්ස් විජේවර්ධන” නිර්මාණ දායකත්වය ලබාදුන් “ටිකිරි මලී”, “මා ආදරෙයි නංගියෙ” සහ “බෙත්ලෙහෙම්පුරේ” වැනි ගී අනිල් භාරතී ගැයූ ගීත අතර ජනප්‍රියතම ගීත වන අතර දශක හතරක පමණ කාලයක් පුරාම ඔහු මෙම ගීත ගායනා කරයි.
අනිල් තමන්ට ක්ලැරන්ස් නිර්මාණ ගායනා කිරිම තහනම් කිරීම පිළිබඳ අදහස් දැක්වූවේ මෙසේ ය. ”මට දැනුම් දීමක් නම් කරලා තිබෙනවා. ඒත් එයින් මට කිසිම බලපෑමක් කරලා නැහැ. මොකද මම ක්ලැරන්ස් ගායනා කළ ගීතයක් ගායනා කළා නම් තමයි වැරදි. මම ගයන්නේ ක්ලැරන්ස් ජීවත් වෙලා සිටිද්දී ඔහු මට ගායනා කරන්න හදා දුන්න ගීතයි.”
ඔබට එවා ඇති එන්තරවාසියෙන් දැනුම් දී ඇත්තේ ක්ලැරන්ස් නිර්මාණය කළ කිසිම ගීතයක් අවසර නැතුව ගායනා කිරීම තහනම් කරමින් නොවේ ද?
”ඕවා ගණන් ගන්න ගියොත් අපි මෝඩයෝ. ක්ලැරන්ස් මට ඔය ගීත හදලා දීලා කිව්ව දේ තවමත් මතකයි. ’ඔයාට මැරෙනකම් කියන්න මං සින්දු හදලා දීලා තියෙනවා’ කියලයි. ක්ලැරන්ස් එදා කිව්වේ. එය වෙනස් කරන්න වෙන කාටවත් පුළුවන්ද? මම අවුරුදු හතළිහක් විතර ගායනා කරන ගීත මට තහනම් කරන්න මං කරපු වැරැද්ද මොකක්ද? ක්ලැරන්ස් එච්.ආර්.ජෝතිපාල, මිල්ටන් මල්ලවආරච්චි, ප්‍රියා සූරියසේන වගේ තව කීදෙනෙකුට සින්දු හදලා දීලා තියෙනවද. ඒ සින්දුත් මෙහෙම තහනම් කරන්න පුළුවන්ද? මෙම හිතන්නේ නැහැ එහෙම කරන්න පුළුවන් වෙයි කියලා.”
ඕස්ට්‍රේලියාවේදී සහභාගි වූ ගුවන්විදුලි වැඩ සටහනකදී ඔබත් ක්ලැරන්ස්ගේ නිර්මාණ දායකත්වය ගැන සඳහන් කරන්න තරම් වත් කෘතගුණ නොසැලකූ බවට චෝදනාවක් තිබෙනවා.
”ඒක සිද්ධ වුණේ මෙහෙමයි. ඇනස්ලිටයි, ඉන්ද්රානිටයි, මටයි වැඩ සටහනේදී ක්ලැරන්ස්ගේ නම සඳහන් කිරීමට නොහැකි වුණේ ඒ සඳහා අවස්ථාව නොලැබීම හින්දයි. නැතුව ක්ලැරන්ස්ව අමතක කර දමා නෙමේ. මගේ ගීත ක්ලැරන්ස් නිර්මාණය කළ ඒවා බව නොදන්නේ කවුද. ක්ලැරන්ස්ගේ නම සඳහන් කරන්න අවස්ථාවක් ලැබුණා නම් මම නොකියා ඉන්නේ නැහැ.
චෝදනා කරන අය ඒ ටික තේරුම් ගත්තා නම් ඔය චෝදනාව කරන එකක් නැහැ..”
මීළඟට අප සමඟ කතාබහට එක්වුණේ සිරි හෙට්ටිආරච්චිය.
”අපි අනිල් භාරතීටත් ක්ලැරන්ස්ගේ ගී නිර්මාණ ගායනා නොකරන ලෙස දැනුම් දුන්නා. ක්ලැරන්ස්ගේ නිර්මාණ පද රචනා හෝ තනු හෝ සංගීත අධ්‍යක්ෂණයෙන් හෝ ඒ සියලු ආකාරයෙන් එක්තැන්ව හෝ ආදී වශයෙන් කොයි යම් අයුරින් වත් ක්ලැරන්ස්ගේ නිර්මාණ ගායනය කිරීමට අනිල්ට දැන් අවසර නැහැ. අනිල් එය නොසලකා කටයුතු කළොත් ඔහුට ක්ලැරන්ස්ගේ නිර්මාණ තහනම් කරමින් අධිකරණයේ නඩු පැවරීමට ද අපි කටයුතුª කරනවා.”
ඒ අනුව ක්ලැරන්ස් තනුව නිර්මාණය කළ කරුණාරත්න අබේසේකර පද රචනය කළ ‘බෙත්ලෙහෙම් පුරේ’ ගීතය වුවද මින් ඉදිරියේ දී අනිල්ට ගායනා කළ නොහැකිද?
”ඔව්. එම ගීතයේ තනුව ක්ලැරන්ස්ගේ බුද්ධිමය දේපළක්. ක්ලැරන්ස්ගේ බුද්ධිමය දේපළට දැන් අයිතිය තියෙන්නේ ඔහුගේ බිරිඳ ශීලාටයි. දුව අමිලාටයි. ඔවුන්ට ‘බෙත්ලෙහෙම්පුරේ’ ගීතය පිළිබඳ සුදුසු පියවර ගැනීමට පදරචක පාර්ශ්වයේ හිමිකරුවන් ද අවසර ලබා දී තිබෙනවා.”
අනිල් භාරතීට එරෙහිව මෙවැනි පියවරක් ගැනීමට හේතුව කුමක්ද?
”පසුගියදා අනිල්, ඇනස්ලි මාලේවන සහ ඉන්ද්‍රානි පෙරේරා ඕස්ට්‍රේලියාවේදී ගුවන්විදුලි වැඩසටහනකට සහභාගි වුණා. එම වැඩසටහනේ දී තමන්ට නිර්මාණ දායකත්වය දුන් ක්ලැරන්ස්ගේ නම සඳහන් කරන්න තරමට වත් ඔවුන්ගේ සිත් පෙලඹුණේ නැහැ. එවැනි ගායක ගායිකාවන්ට ක්ලැරන්ස්ගේ බුද්ධිමය දේපළවලින් ප්‍රයෝජනයක් නැතුව ඇතැයි කියා අපි හිතනවා.
හැබැයි ඒ හේතුව නොවේ මෙම පියවර ගැනීමට හේතුව වුණේ. ක්ලැරන්ස්ගේ බුද්ධිමය දේපළ සුරක්ෂිත කිරීමයි. මන්ද, ක්ලැරන්ස්ග් සමහර නිර්මාණ (උදා: ‘බෙත්ලෙහෙම්පුරේ’) දුරකතන සමාගමකට අපේ අවසරයක් නොමැතිව ලබා දී අසාධාරණ ලෙස බුද්ධිමය දේපළ මංකොල්ල කෑමක් සිදුවෙනවා. ප්‍රධාන වශයෙන්ම එවැනි අයුතු සහගත ක්‍රියාදාම වැළැක්වීම තමයි අපේ අරමුණ.”
පැහැදිලිවම පවසනවා නම් අනිල් භාරතීට ක්ලැරන්ස් නිර්මාණය කළ ගීත ගායනය කිරීම මින් ඉදිරියට සපුරා තහනම් වගද ඔබ පවසන්නේ?
ඔව්. අපේ අවසර නැතුව ක්ලැරන්ස්ගේ ගී නිර්මාණ ගායනා කිරීම අනිල් භාරතීට සපුරා තහනම්. අනිල් මීට එරෙහිව අපේ අවසරයකින් තොරව කොතැනකදී හෝ ක්ලැරන්ස්ගේ නිර්මාණ ගායනා කළහොත් නඩු පවරා වන්දි අයකර ගන්න අපට හැකියි. අපි පැහැදිලිව ඒ බැව් මේ වන විට එන්තරවාසියක් මඟින් අනිල්ට දැනුම් දී තිබෙනවා.”
ජෝජ් රොබ්සන් ද සිල්වා