අනුත්පාද නිරෝධය

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඇත නැත එනම් හේතුව සහ ඵලය ලෙස
    දෙපැත්ත ක් දැනගැනීම කියන්නේ ම
    අනු පිටපතක් කියන එක

    දැනගැනීම කියන අනුපිටත අනුව හැදෙන පිටපත් වල තමයි
    මම මට ඇති කායික මානසික වේදනා සහ එයට ඇතිවන කැමත්ත අකමැත්ත

    ඒ අනුපිටපත් සකස් වීම නවත්වන විදිය
    තමයි බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ

    එනම් අනුපිටපත් අනුපිටපතක් බව දකින්න තමයි බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ

    ඒත් කරන්නේ බුදුන් වහන්සේ ත් ඒ කියල දීපු දහමත්
    අනූව
    අනුපිටපත් හදහදා යන එක

    කලින් තිබූ අනුපිටපත් මදිවට
    දහමක් අහල දැනගන
    එයිනුත් අනුපිටපත් හදාගන

    අනුපිටපත් හැදීම
    පංච උපාදානස්කන්ධ
    දුක බවයි බුදුන් වහන්සේ පෙන්වා
    දූන්නෙ

    අනුපිටපත් සකස් නොවීම පවතින්නේ

    පෙනීම
    ඇසීම
    දැනීම (රස, පහස ,ගන්ධය)

    ඒ වා ඇත පමණයි

    එහි අනුපිටපත තමයි එහි ප්‍රතිවිරුද්ධ ස්වභාවය වන
    නැත

    ඒ නැත යන පිටපතට (දැනගැනීම) අනුව තමයි

    එහි ප්‍රතිවිරුද්ධ ස්වභාවය වන
    ඇත

    ඔය ක්‍රියාවලිය තමයි හැම මොහොතකම වෙන්නේ

    එය අරමුණු වන විට
    ඒ ක්‍රියාවලිය කෙනෙක් විසින් කරන එකක් ලෙස
    දැනගන්නවා

    ඒ දැනගන්න කෙනාත් අනුපිටපත් ක් ම
    තමයි
    මොකද කෙනා කියන එක හේතු වක් වගේ ම ඵලයක්
    මම හේතු වෙන් මට පෙනව
    (එතන හේතුව මම)

    පෙනීම හේතුවෙන් මම ඉන්නවා
    (එතන ඵලය මම)

    ඒ නිසා පෙනීම මගේ වනව

    ඔය සියල්ලම
    අනුපිටපත් බව
    දකින තැනදි

    අනුපිටපත් නිත්‍ය කරගන කැමති අකමැති වෙමින් අනුපිටපත්
    හැදෙන එක
    නවතිනවා

    ඒක තමයි බුදුන් වහන්සේ පෙන්වා දුන් අනුත්පාද නිරෝධය

    ඇත නැත යන්න කිසිවිටක යථා ස්වභාවය නොවේ

    මොකද දෙකම එකක් අනුව එකක් වන අනුපිටපත් නිසා
    යථා ස්වභාවය
    අනු පිටපත් නොවී පවතින ස්වභාවය ම
    තමයි

    එය තමයි පෙනීම ඇසීම දැනීම

    එය ඇති නැති ඇසීමක් පෙනීමක් දැනීමක්
    ලෙස
    සකස් වීම
    දැනගැනීම නැතිනම් සිතයි

    සිත අරමුණු වෙමින්
    දැනගන හිතන බව

    වැඩි දුර සංස්කරණය වන සිත නැති නම්
    සිතුවිල්ල යි
    එය තමයි පංච උපාදානස්කන්ධ දුක

    එය අනුපිටපතක් මිස යථා ස්වභාවය නොවේ

    එය අනුපිටපත් ලෙස
    දැකීම තමයි අවිද්‍යාව අවිද්‍යාව බව
    දකීම

    එවිට එයට අනුව වන
    අනුපිටපත් සැදීම නවතින ව
    එනම් කෙනෙක් කියන අනු පිටපතට අනුව අනුපිටපත් සකස් වීම නැවතිල එනම් පටිච්ඡ සමුපන්න වීම නැවතිලා

    පවතින යථා ස්වභාවය මතුවනව
    එනම් නැති වීමක් නොමැති ඇතිවෙමින් සීමාවක් නැති ගලායාමක් වනව
    විද්‍යාව පහල වීම එයයි

    අඳුර ක් නොවන
    එළිය අඳුර සමව ඇතිව න්
    ආලෝකය එයයි
    උත්පාද වය දකිනවා කියන්නේ එයයි
    එතන ඉපදීමක් මරණයක් යන නිත්‍යවූ දෙපැත්ත ක් අතර කාලයට යටත් පැවතීමක් ගැන කියන්න බෑ

    එනිසා එය
    අනිත්‍යයි හො අනිච්ච ඒකියන්නේ ස්ථිර නොවන
    ඒ වගේම එය කෙනෙක් ගේ කැමත්ත අකමැත්ත අනුව නොවන ස්වභාවික ක්‍රියාවලියක් නිසා

    අනිචිඡයි

    නිත්‍ය වූ (ස්ථිරවූ)දුකක් නොවන
    දුක වැයවෙම්න් පැවතීමක් නිසා

    දුක්ඛයි

    වගේම
    උපත මරණය අතර
    පැවතීමක් නොවන නිසා

    අනාත්මයි

    එහෙම නැතිනම් උපත මරණය අනිත් නොවන නිසා
    අනත්තයි

    ඒ නිසා එය අකාලිකයි

    ඔය කියන ස්වභාවය මේ වචන නොවේ
    වචන කියන්නෙත් අනුපිටපතක අනුපිටපතක්

    මේ පවතින ස්වභාවය
    චිත්‍රපටියක් වගේ
    එහෙම නැතිනම් සජීවි කරණය කල ඡායාරූප යක් වගේ
    ඡායා රූපය කියන්නේ
    අනුපිටපතක (negative) එකක අනුපිටපතක්(positive)

    ඒ ක අනුව හිතල දුක සැප දෙකක් වන සිතුවිලි එහි අනුපිටතයි

    අනුපිටපතක් යනු
    යථා ස්වභාවය. නොවේ

    එහෙනම් පවතින යථා ස්වභාවය අනුපිටපත් සැදීමම තමයි

    මොන විදියට කීවත් ඔතන පවතින එකම දහම
    මෙය ඇතිවිට මෙය වේ
    මෙය නැති විට මෙය නොවේ
    මෙයට ගැනීමෙන් මෙය හට ගනී මෙය හට නොගනීමෙන් මෙය හට නොගනී

    කියන දහම ම පමණයි

    ඒ නිසා
    තමන් හදාගන ඉන්න අනුපිටපත් එක්ක සංසන්දනය කරල අනුපිටපත් හදාගන
    හරි හෝ වැරදි
    අනුපිටපත් හදගන්නෙ
    නැතිව
    මෙය කියවද්දී අකුරක් අකුරක් පාසා වන
    අනුපිටපත් සෑදීම නැතිනම් පටිච්චසමුප්පාදය දකින්න ~ copied ~

    @ek_rosh
     
    • Like
    Reactions: NRTG

    nidarsha91

    Well-known member
  • Animated GIF
     
    • Like
    Reactions: Fiona Dabare

    nidarsha91

    Well-known member
  • මචන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා උත්තරයක් දීපන්කො. මේ හැමදේම මායාවක්. මේ තියෙනවයි කියන කිසිම දෙයක් ඇත්තටම නැහැ කියල කියනවනෙ. එතකොට හිතපන් කෙනෙක්, මොකක් හරි දෙයක් කරනවා. සම්මතයේ යහපත් හෝ අයහපත්. එතකොට ඒ දේ නිසා ප්‍රතිඵලයක් නැද්ද?

    උදාහරණයකට ගත්තොත් කෙනෙක් තවත් කෙනෙක්ට බොරු කියනවා. ඒ කියන්නෙ රවට්ටනවා. මුලින්ම අනිත් කෙනා ඒ දේ දන්නෙ නැහැ. පස්සෙ ඒ දේ ඒ කෙනා දැනගන්නවා. එතකොට මේ දේ නිසා අර රැවටීම කරන කෙනා හිතනව නම්, මේ කිසිම දෙයක් ඇත්ත නෙමෙයි. මේ දේවල් වල පැවැත්මක් නැහැ. ඒ හින්ද මෙහෙම කළාට කමක් නැහැ කියල. මම ආතල් එකක් ගන්නවා. නැත්තන් එහෙම එකකුත් නැහැ කියල. ඒ මොහොතට හරි එක මනුස්සයෙක්ට යම් කිසි දෙයක් කිරීම නිසා පොඩි ආතල් එකකුත්, අනිත් මනුස්සයට ඒ නිසා පසුතැවීමකුත් නැද්ද? ඒ දැනෙන හැඟීමට මොකද කරන්න ඕනේ?

    මේ කාරණේ ටිකක් පහදපන්කො මචන්
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    එතකොට මේ දේ නිසා අර රැවටීම කරන කෙනා හිතනව නම්, මේ කිසිම දෙයක් ඇත්ත නෙමෙයි. මේ දේවල් වල පැවැත්මක් නැහැ. ඒ හින්ද මෙහෙම කළාට කමක් නැහැ කියල. මම ආතල් එකක් ගන්නවා. නැත්තන් එහෙම එකකුත් නැහැ කියල.

    මිත්යා දෘස්ටියක්.

    කතා කරද්දි, *හැම දේම මායාවක්* *තියෙන දේවල් ඇත්තට නැහැ* වගේ කතා කියනවා පෘථක්ජන මිනිස්සුන්ට..

    ඕක නිකන් 5 වසරෙදි ප්‍රභාසංස්ලේශනය කියලා දෙනවා වගේ.. එහෙම කියන්නේ දල අදහසක් දෙන්න ඕනේ නිසා විතරයි ප්‍රාථමිකම මට්ටමේ කෙනෙක්ට.

    හැම දේම මායාවක් කියන්නේ ඇයි? *පෙනීම*/ *ඇසීම* දැනගෙන, ඒ දැනගත්ත දැනුමට අනුව හිතලා ඒ අනුව සකස් කර ගත්ත දෘස්ටියක්.

    "හැම දේම" කියන්නේ?
    පෙනීම *දැනගෙන*, දැනගෙන හිතලා හදා ගත්ත දෘස්ටියක්.

    "මායාවක්" කියන්නේ?
    ඇහීම හෝ පෙනීම *දැනගෙන*, දැනගෙන හිතලා හදා ගත්ත දෘස්ටියක්.

    පෙනුන/ ඇසුන දෙයක් දැනගෙන, දැනගෙන හිතලා..
    පෙනුන ඇසුන දෙයක් සහ කෙනෙක් ඉදලා..

    *දැනගැනීම* නිසා තමයි, *නිත්ය ලෙස දැනගැනීමක්* පටිච්ච වෙලා, පටිචච සමුප්පන්න හිතක් වෙන්නේ. *නිත්ය ලෙස දැනගැනීම* වෙද්දිම තමයි, දැනගත්ත දේ සහ දැනගත්ත *ඔයා* වෙන්නේ..

    මේ ඔක්කොම හේතු-ඵල ක්‍රියාකාරීත්වයක්. එකක් නිසා එකක් පවතින.
    යහපත්-අයහපත්, හොද-නරක, දුක-සැප..

    යහපත් සහ අයහපත් කියන අන්ත දෙක, වැය වෙමින් නැත්තම් නිත්යව යහපත් හෝ අයහපත් බවක් නොවී පවතින නමුත්, අරමුන සමග එකක් නිත්යව පවතින ලෙස ප්‍රතනිර්මානය වන හේතු-ඵලයක්. අරමුන සමගම එකක් නිත්යව ප්‍රතිනිර්මානය වෙලා පෙනෙන.
    දැනීම යහපත්/ අයහපත් කියලා දැන ගන්නේ ඒ නිසා. දැනීම යහපත් හෝ අයහපත් කියලා දැනගද්දි, දැනගන්න නිසා ඔයා ඉන්නවා සහ ඔයා ඉන්න නිසා දැනගැනීමක් ඇති වෙනවා. මෙය ඇති විට මෙය වෙයි කියන්නේ ඒකයි.
    මේ දැනගැනීම ඇති වන මූලය හොයන් ගියහම තමයි, දැනීමේ යථා ස්වභාවය දකින්නේ.. ඒ කියන්නේ, දැනීම, යහපත් හෝ අයහපත් කියලා නිත්ය නිගමනයකට එලබෙන්න බැහැ කියන එක. එතන දැනුමක් ඉතුරු වෙන්නැහැ.. පෙනීම, පෙනීම් මාත්‍රයෙන් ඉවරයි. පටිච්ච සමුප්පන්න වෙන්නැහැ. දැනගෙන හිතන්න දෙයක් නැහැ. දැනගත්තේ නැති දෙයක් ගැන හිතන්න බැහැ.. චේතනාවක් ඇති වෙන්නැහැ.. කර්ම-කර්මඵල වලින් මිදිලා..

    උදාහරනෙකට රෑ, දවල් ගන්න. එලිය අඩු වෙද්දි, රාත්‍රිය උදා වෙමින් සහ දහවල වැය වෙමින් තියෙනවා. එලිය වැඩි වෙද්දි දහවල උදා වෙමින්, රාත්‍රිය වැය වෙමින් තියෙනවා. උදය-වැය කියන්නේ මේ ස්වභාවය. නිත්ය රාත්‍රියක් වත් නිත්ය දහවලක් වත් පවතින්නැහැ. ඒ වගේම රාත්‍රිය පවතින්නේ දහවල නිසා..( අදුර පවතින්නේ එලිය නිසා.. එලිය පවතින්නේ අදුර නිසා.. එලිය නිසා තමයි අදුර *දැනගන්න* පුලුවන් සහ අදුර නිසා තමයි එලිය *දැනගන්න* පුලුවන්. මේවා තමයි හේතු ඵල, මේවා එකක් නිසා එකක් පවතින්නේ නැතුව එකකට independently නිත්යව පැවැත්මක් නැහැ). දෙකෙන් එකක් නැත්තම රාත්‍රිය හෝ දහවල වන බව නිත්යව දැනගත්තොත්, එතන තමයි අවිද්‍යාව. පටිච්ච සමුප්පාදය ගලාගෙන යාම.. දැනගෙන හිතීම.. චේතනා පහල කිරීම.. විදීම..

    ඔය ඔයා කතා කරන ප්‍රතිඵලයත් ඒ වගේම තමයි *දැනගන්නේ*, දැනගෙන හිතන්නේ සහ විදින්නේ..

    මේ කියන්නේ අයහපත්/ අයහපත් කියලා නිත්ය නිගමන වලට එලැබෙන්න බැහැ සහ ඒ නිසා මොනා කරත් එකයි කියන එක නෙමෙයි.. සම්මතයන් වල ඉදන් නිවන් දකින්න බැහැ කියන එක සහ යහපත්/ අයහපත් දේවල් කරහම x හෝ y ලෙස කර්ම විපාක ලැබෙනවා කියන එක මිත්යා දෘස්ටියක් කියන එක. (මේකත් *හැමදේම මායාවක්* කිව්වා වගේ තමයි.. හැමෝටම නිවන් දකින්න බැහැ.. ප්‍රාථමික මට්ටමේ ඉන්න පෘථක්ජන කෙනෙක්ට යහපත් දේවල් කරහම යහපත් විපාක ලැබෙනවා.. අයහපත් දේවල් කරහම අයහපත් විපාක ලැබෙනවා කියලා කියන්නේ ඒකයි.. කර්මඵල ගැන කතා කරන්න වෙන්නේ මිත්යා දෘස්ටික භූමියේ. බුදුන් දේශනා කරේ කර්ම ඵල භූමියෙන් මිදෙන විදිහ)
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    වින්දනයක් තියෙනවා, වින්දනය කරන්න පුලුවන් රුප ශබ්ද ගන්ද රස ස්පර්ශ සිතුවිලි තියෙනවා, අපි සත්වයො වින්දනයට කැමති, වින්දනය විතරයි එකම දෙ, වින්දනය සදහා හිතනවා ඇරෙන්න, වින්දනය හෙතුවෙන් ඇති වෙන ප්‍රශ්නෙ හො වින්දනය ගැන සත්‍ය වැටහිමක් කිසිම සත්වයෙකුට ඔනද කියන එකයි ප්‍රශ්නෙ,
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    පිං සිදුවේවා 🙏
    පිං සිදුවන්නේ.. අනේ බාල ළමුන්නේ..
    මගේ කුඩා නිවස කඩා බිම නොදමන්නේ..
    වනේ පුරා සොයා ගොසින් කෝඩු කඩාලා..
    කුඩා කුඩා කැබලි තුඩින් මෙහි ගෙනැවිල්ලා..
    ගසේ මුදුන් අත්ත උඩින් කෝටු තබාලා..
    අගේ මටයි ළදරුවනේ එය නොකඩල්ලා..🐦❤️
    1749907316587.jpeg