උපාදානය!

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,449
    1,934
    113
    මේ මොහොතේ සකස් වන *දැනගත් බව* සකස් වන්නේත්
    *පෙර* දැනගත් බවක් නිසා. දැනගත් බව කියන්නේ
    එකිනෙකේ පිටපතක්. එය *පවතින ස්වභාවයේ උප සකස් වීමක්*, නැතිනම් *ප්‍රතිනිර්මාණයක්*. උපාදානය කීවේ එයටයි.
    *මෙය ඇතිවිට මෙය වේ* ලෙස පෙන්වා දුන්නේ එයයි.

    මේ මොහොතේ දැනගත් බව, උපාදානය ක් බව නොදකින නිසා, එය තමන්ගේ දැනුමට අනුව විග්‍රහ කරගෙන හඳුනාගැනීම වන එකයි *දැනගන හිතන* බව. උපාදානය වෙමින් යන සකස් වීම තමයි පටිච්ඡ සමුපන්න වෙමින් වන සංස්කරණය. එය උපාදානයක්, එනම් එකක් අනුව එකක් ලෙස ප්‍රතථිනිර්මාණය වෙමින් වන සංස්කරණයක් (සංඛාර) බව නොදකින තාක් *අරමුණු වන විටම දැනගත් බව නිත්‍ය වෙමින්* ඒ අනුව විග්‍රහය සිදුවනවා. *දැනගන හිතන බව* කියන්නේ එයටයි. එය තමයි මනිසිකාරය, නැතිනම්
    *සිතුවිල්ල*, නැත්නම් පටිච්ඡ සමුපන්න වන සිත.

    එය හැමවිටම දැනගත් බවක් අනුව සිදුවෙමින්, දැනගත් බව සකස් වන නිසා අනුසෝථ ගාමි මගයි. මෙය කියවන මොහොතේදී ත් සිදුවන්නේ එයයි. ඒත් දැනගත් බව කියන්නේ ම එකිනෙක පිටපත් වීමක් (උපාදානයක්). එය තමයි හේතු ව ඵලය වන නැවත ඵලය හේතුවක් වන හේතු ඵල ක්‍රියාවලිය.

    එය අරමුණු අනුව තමයි ප්‍රථිනිර්මාණය (පටිච්ඡ වීම) වෙමින්
    දෙපැත්ත ක් අතර දැනගත් බව සකස් වන්නේ. එතකම් එය
    දෙපැත්තක හඳුනාගත් බවක් නොවන එකම වැයවීමක්.
    කැරකෙන ගෝලයක් දෙස බලා සිටිද්දී හැම මොහොතක් ම වැයවන ගමන් ම උදාවෙමින් යනවා වගේ. *උදය වැය*,
    නැතිනම් *අනිත්‍ය* දකිනවා කියන්නේ එයයි. හටගත් බව තුළම නොහටගත් බව දැකීම එයයි.

    එය දකින්න, දැනගත් බව හරි හෝ වැරදි එහෙමත් නැත්නම් *ඇත" හෝ *නැත* ලෙස නිත්‍ය නිගමනයක් කර නොගෙන *දැනගත් බව සකස් වීමේ මුල* සොයාගන ආපස්සට විමසන්න. *යෝනිසෝ මනිසිකාරය* වන *පටිසෝතගාමී මග* එයයි. එයින් තමයි *සම්මා දිට්ඨිය* හෙවත් සිහිය පිහිටීම වෙමින් ආර්ය බවට පත්වන්නේ. එනම් මේ මොහොතේ දීත් අතරක් නැතිව සිදුවෙමින් පවතින ක්‍රියාවලිය වන *උදය වැය*
    දැකීම වන්නේ.

    -copied

     
    Last edited:

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,134
    4,808
    113
    Abyss
    නිකන් අහන්නෙ ඕකෙන් සල්ලි මවන්න එහෙම බැරිද ?