අනුන්ගෙ දුකේදි හිත උණු වෙන අය ඉන්නවද

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අනුන්ගෙ දුකේදි හිත උණු වෙන අය ඉන්නවද

    නත්තල්, New Year ලඟ ලඟම එනවා

    ඔය උත්සව කාලෙට අපි හොඳට කනවා බොනවා අලුත් ඇඳුම් අඳිනවා

    හැබැයි එහෙම කරන්න බැරි කොටසකුත් මේ රටේ ඉන්නවා

    අලුත් අවුරුද්දට තමන්ට අලුත් ඇඳුමක්, අලුත් සපත්තු දෙකක් ලැබෙන්නෙ නැත්තෙ තමන්ගේ දෙමව්පියන්ගේ තියන දුප්පත් කමට කියල නොතේරෙන දරුවොත් ඉන්නවා

    ඉස්කෝලෙ පටන් ගන්න දවසෙදි තමන්ගෙ යාලුවො අලුත් ඇඳුම් , අලුත් සපත්තු ඇඳගෙන අලුත් පොත් බෑග් අරගෙන එද්දි, එහෙම නැති ලමයින්ට කොච්චර දුකක්, අසරණකමක් දැනෙනවද

    ඉතින් පිනක් දහමක් කර ගන්න කැමති, අනුන්ගෙ දුකේදි හිත උණු වෙන අයට පොඩි මතක් කිරීමක් කරන්නේ, නත්තල ලබන්න කලින් පුලුවන් කමක් තියනවනම් කවුරු හරි දුප්පත් දරුවෙක් හොයාගෙන ඔය විදියෙ පරිත්‍යාගයක් කරන්න.

    සපත්තු දෙකක්, පොත් බෑග් එකක්, එහෙම නැත්නම් අලුත් ඇඳුමක් මහ ගන්න රෙදි අරගෙන දෙන්න. මම එහෙම කරන්න හිතාගෙන ඉන්නෙ

    මේක තනිකර මගේ වචන වලින් ගහල තියන්නෙ

    ඕනෙ කෙනෙක් FB එකේ share කරපල්ල, එකෙත් පින මට ලැබෙනවනෙ

    ඔය ගැන කියවෙන මාලනී බුලත්සිංහල මහත්මියගේ ගීතයක් යට මම දාලා තියනවා



    රජ මැදුරක ඉපදී සිටියානම්
    නුඹත් රජෙකි පුතුනේ..
    හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
    අද නුඹෙ සිරියහනේ...
    හීනෙන් හිනා නොවී
    මා හඬවාපන් මේ රෑ යාමේ...

    පුංචි පැටික්කන් මඟ දිග හඩවන සිල්ලර රසකැවිලි..
    දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී..
    අහක බලාගෙන මග දිග යන විට නෑ මට වාවන්නේ..
    හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ...

    රජ මැදුරක...//

    ඉද හිට මොලවන ලිපත් දනී පුත කැද රස සුනු සහලේ..
    දිව බොදුනක් සේ දිව ගා ඇල්මෙන් අකුරට දිව යන්නේ..
    ඇදලා කල් ගිය රෙදි වැරලි නෑ මට වාවන්නේ..
    හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ...

    රජ මැදුරක...//


     
    Last edited:

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    නත්තලට විතරක් නෙවෙයි පුලුවන් හැම දවසකම දෙනව මචෝ. හිතට පුදුමාකාර සතුටක් දැනෙන්නේ එහෙම කෙනෙකුට පිහිට වුනාම .Rep+++
     
    නත්තලට විතරක් නෙවෙයි පුලුවන් හැම දවසකම දෙනව මචෝ. හිතට පුදුමාකාර සතුටක් දැනෙන්නේ එහෙම කෙනෙකුට පිහිට වුනාම .Rep+++

    සහතික ඇත්ත මචෝ :)
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    නත්තලට විතරක් නෙවෙයි පුලුවන් හැම දවසකම දෙනව මචෝ. හිතට පුදුමාකාර සතුටක් දැනෙන්නේ එහෙම කෙනෙකුට පිහිට වුනාම .Rep+++

    :yes::yes: :D:D
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    සමහර දැන් කියයි අනේ බන් මගේ ගාව සල්ලි නැහැ නෙ කියලා
    ඒත් හරියට බැලුවොත් රුපියල් 10ක් ඇති ඔහොම පරිත්‍යාගයක් කරන්න
    රුපියල් 10ට පැන්සලක් අරන් දීපන් ළමයෙක්ට,
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Dan rate unge lamaith jeewath karawanne one apita.. hariyata jeewath karawanna bari nan mona pakakatada un lamai waduwe..
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    සමහර දැන් කියයි අනේ බන් මගේ ගාව සල්ලි නැහැ නෙ කියලා
    ඒත් හරියට බැලුවොත් රුපියල් 10ක් ඇති ඔහොම පරිත්‍යාගයක් කරන්න
    රුපියල් 10ට පැන්සලක් අරන් දීපන් ළමයෙක්ට,

    :yes: :yes: