අනුන්ගෙ දුකේදි හිත උණු වෙන අය ඉන්නවද
රජ මැදුරක ඉපදී සිටියානම්
නුඹත් රජෙකි පුතුනේ..
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹෙ සිරියහනේ...
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ...
පුංචි පැටික්කන් මඟ දිග හඩවන සිල්ලර රසකැවිලි..
දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී..
අහක බලාගෙන මග දිග යන විට නෑ මට වාවන්නේ..
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ...
රජ මැදුරක...//
ඉද හිට මොලවන ලිපත් දනී පුත කැද රස සුනු සහලේ..
දිව බොදුනක් සේ දිව ගා ඇල්මෙන් අකුරට දිව යන්නේ..
ඇදලා කල් ගිය රෙදි වැරලි නෑ මට වාවන්නේ..

නත්තල්, New Year ලඟ ලඟම එනවා
ඔය උත්සව කාලෙට අපි හොඳට කනවා බොනවා අලුත් ඇඳුම් අඳිනවා
හැබැයි එහෙම කරන්න බැරි කොටසකුත් මේ රටේ ඉන්නවා
අලුත් අවුරුද්දට තමන්ට අලුත් ඇඳුමක්, අලුත් සපත්තු දෙකක් ලැබෙන්නෙ නැත්තෙ තමන්ගේ දෙමව්පියන්ගේ තියන දුප්පත් කමට කියල නොතේරෙන දරුවොත් ඉන්නවා
ඉස්කෝලෙ පටන් ගන්න දවසෙදි තමන්ගෙ යාලුවො අලුත් ඇඳුම් , අලුත් සපත්තු ඇඳගෙන අලුත් පොත් බෑග් අරගෙන එද්දි, එහෙම නැති ලමයින්ට කොච්චර දුකක්, අසරණකමක් දැනෙනවද
ඉතින් පිනක් දහමක් කර ගන්න කැමති, අනුන්ගෙ දුකේදි හිත උණු වෙන අයට පොඩි මතක් කිරීමක් කරන්නේ, නත්තල ලබන්න කලින් පුලුවන් කමක් තියනවනම් කවුරු හරි දුප්පත් දරුවෙක් හොයාගෙන ඔය විදියෙ පරිත්‍යාගයක් කරන්න.
සපත්තු දෙකක්, පොත් බෑග් එකක්, එහෙම නැත්නම් අලුත් ඇඳුමක් මහ ගන්න රෙදි අරගෙන දෙන්න. මම එහෙම කරන්න හිතාගෙන ඉන්නෙ
මේක තනිකර මගේ වචන වලින් ගහල තියන්නෙ
ඕනෙ කෙනෙක් FB එකේ share කරපල්ල, එකෙත් පින මට ලැබෙනවනෙ
ඔය ගැන කියවෙන මාලනී බුලත්සිංහල මහත්මියගේ ගීතයක් යට මම දාලා තියනවා

Last edited: