අනුන්ගේ වැරදි සොයන්නට පෙර..
මෙලොව දැනට හඳුනාගෙන ඇති බුද්ධිමත්ව ජීවියා මිනිසා වුවත් කිසිදු අඩුලුහුඩුකමක් නොමැති සර්ව සම්පූර්ණ මිනිසෙකු කිසිදා අපට මුණ නොගැසෙනු ඇත. එහෙත් මෙම අඩුලුහුඬුqකම් ඇති නැති ප්‍රමාණය අනුව අපි ඔවුන්ට වටිනාකමක් දෙන්නෙමු. මේ වටිනාකම තමන් කටයුතු කරන ආකාරය අනුව ලැබෙන දෙයක් මිසක් බලෙන් ලබා ගත හැකි දෙයක් නොවේ. “නම්බුවක් දී නම්බුවක් ලබා ගත යුතු බව” ප්‍රකට කියමනකි. සමාජයේ කුමන තරාතිරමක කටයුතු කළද වඩා වටින්නේ මිනිසත් බව තුළ පිහිටා කටයුතු කිරීම ය. ඒ මෙලොව ඇති ආශ්චර්යවත් හා ආකර්ශණීය ම ස්වභාවික නිර්මාණය “මිනිසා” බැවිනි. මේ අසිරිමත් නිර්මාණය ම තවත් එවැන්නෙකුට අගතියක්, පීඩනයක්, කරදරයක් කරයි නම් මොහොතකට එය තමන්ගේ සතුට සැනසීම සේ සැලකුවද ඊළඟ මොහොතේ සියල්ල උඩුකුරු යටිකුරු වී සෙසු සමාජයේ අප්‍රසන්නතාවට එම පුද්ගලයා පත්වන බව වටහා ගත යුතුය.
ඔබ මිනිසෙක් නම් සෙසු මිනිසුන්ට ගරු කිරීමට ඉටාගත යුතුය. තවත් කෙනෙක් දෙස ඔබ බලන්නේ කෙසේ ද? ඔවුන්ගෙන් දෙයක් ගන්නට, අගතියක් කිරීමට, කරදරයක් විපතක් ඇති කිරීමට වැනි ද්වේශසහගත සිතුවිලිවලින් බැහැර නොවුණහොත් එය දස ගුණයකින් තමන් කෙරෙහි ද පෙරලා පැමිණෙන බව ඉටා ගත යුතුය. තමන් වැරැද්ද කරන්නේ එක් අයෙකුට ය. එහෙත් එම වැරැද්ද දැනගන්නා සියළු දෙනා ඔබව පිළිකුල් කරනු ඇත. විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි කුඩා දිවයිනක ජීවත්වන අපට එය බොහෝ සෙයින් බලපාන දෙයකි. ඔබට යම් කෙනෙකු මුණ ගැසුණහොත් එම පුද්ගලයා සහ ඔබ, දන්නා හඳුනන නැතහොත් ඥාතීන් වන කොපමණ අය හඳුනා ගත හැකි ද?
එම නිසා තම “ප්‍රතිරූපය” හා “ආකල්ප” මනා ලෙස පවත්වාගෙන යැම අතිශයින් ම වැදගත් වේ. එය මොහොතකටවත් අත් නොහළ යුතුය.
කියන දේම කරන්න.
සැමවිට ම තමන් විසින් ප්‍රකාශ කරන දේම ක්‍රියාවට නැංවීමට උත්සාහ කළ යුතුය. එවිට සමාජයේ ඔබ පිළිබඳව ප්‍රසන්න හැගීමක් ඇති කර ගනු ඇත. කිරීමට නොහැකි දෙයක් කිසිවිටෙක නොකියන්න. මෙය හැකිතාක් දුරට පවත්වාගෙන යැමෙන් ඔබ පිළිබඳව සමාජය යහපත් ආකල්පයක් ඇති කරගන්නා සේ ම එය ඔබේ ප්‍රතිරූපයට වඩා වැදගත් වේ.
ප්‍රතිපත්ති ගරුක වන්න
තමන්ගේ අනන්‍යතාව සෙසු අයට විද්‍යාමාන වන්නේ ඔහු කෙතෙරම් ප්‍රතිපත්ති ගරුක කෙනෙක් ද යන්න මතයි. තමන්ට ආවේනික යහපත් ප්‍රතිපත්ති තුළ පිහිටා හැකි උපරිමය තෙක් කටයුතු කරන්න. එය මොලොවට ඔබ පිළිබඳව දිය හැකි හොඳම සංකේතය යි. ඔබේ ගතිගුණ හා ප්‍රතිපත්ති තවත් අය අනුගමනය කරනු ඇත.
නිහතමානී වන්න
ඔබ කෙබඳු තරාතිරමක අයෙක් වුවත්a ඔබේ ප්‍රසන්න බවට නිහතමානි බවට පලුද්දක් ඇති වන ආකාරයේ කටයුතු නොකරන්න “පිරුණු කළේa දිය නොසැලේ” යන්න ප්‍රකට කියමනකි. හිස් අදහස් ඇති අයගේ ශබ්දය වැඩියෙන් ඇසේ. පිරුණු පුද්ගලයන් නිශ්ශබ්ද ය. ඔවුන් හැකිතරම් නිහතමානී වෙයිs. එය ඔවුන්ට වටිනා ආභරණයකි.
මානුෂීය ගතිගුණ පෙරටු කරගන්න
මෙලොව ජීවත්වන ඔබගෙන් හෙට සිදුවන්නේ කුමක්දැයි ඇසුවොත් එය කීමට අසීරු දෙයක් වනු ඇත. සැබැවින් ම ඔබ ස්ථිර සාරව අනාගත ජිවිතයේ සිදුවිය හැකි දේවල් පිළිබඳව සිතන්න. එහිදී අපට මුණ ගැසෙන්නේ ස්ථිරසාර එක ම එක දෙයකි. ඒ “මරණය” පමණෙකි. පසුදින ඔබේ ජීවිතයේ අවසාන දිනය යෑයි කිසිවෙකු පැවසුවහොත් ඔබ කරන්නේ කුමක් ද?
ඔබ කෙනෙකුට ඊර්ෂයා කරයි ද? කරදර සිත් පීඩා ඇති කරයි ද?
බොහෝ විට නැත. ඔබ ගෙවන පැය කිහිපය හොඳින් ගෙවීමට උත්සාහ කරනු ඇත.
“මරණය” අප වෙත එන්නේ දින වකවානු දන්වා නොවේ. එසේනම් ඊට සූදානමින් සිටින, ඒ පිළිබඳව සිතන කිසිවකු පෙරකී පවිටු ක්‍රියා නොකරනු ඇත.
හොඳ නම තබා යන්න
දිනෙක අප මොලොවින් සමුගන්නා මොහොතේ අපට කිසිවක් කිරීමට අවස්ථාව උදා නොවනු ඇත. සමුගත් විට කිසිසේත් ම අපට නැවත අපගේ අඩුපාඩු වැරදි සාදා ගැනීමට අවස්ථාවක් නොලැබෙනු ඇත. යම් හෙයකින් මියගිය පසු ඔබට ලෝකය දැක ගැනීමට අවස්ථාව ලැබුණොත් ඔබට කොයිතරම් පසුතැවිලිවීමට සිදුවනු ඇද්ද? එහෙත් එය නිවැරදි කර ගැනීම එදින කිසිසේත් කළ නොහැක්කකි.
එහෙත් අද ඔබට ඒ සඳහා අවස්ථාව ඇත. මොහොතක් ඇස් වසා ගන්න. සිතන්න. මාගේ අතින් සිදුවුණු වැරදි අඩුපාඩු එමටය. අද මට මොනයම් ආකාරයකින් හෝ ඒ පිළිබඳව සිතන්නට අවස්ථාව ලැබී ඇත. එම අවස්ථාව භාග්‍යයකි. මන්ද? වැරදි නිවැරදි කරගැනීමට හැකි තත්ත්වයක දැන් සිටින බැවිනි. අතීතය අමතක කරන්න.
එය විටෙක ශාපයක් බඳුය. වර්තමානය හැඩ ගසා ගන්න. කෙසේද කිවහොත් මිනිසෙක් ලෙස ජීවත් වීමටත් තමන් වටා සිටින මිනිසුන් හට සැලකිය යුතු ආකාරයන් මෙනෙහි කරන්න. කරුණාව, දයාව, සෙනෙහස පෙරටු කරගන්න. ඔබට මුණගැසෙන්නේ ඔබ වැනිම මිනිස් ජිවියෙකි. ඔහුද කුමන දෙමව්පියන්ගේ හෝ දරුවෙකි. සහෝදරයෙකි, බිරිඳකි, සැමියෙක් බව සිතට ගන්න. ඔබට නැතහොත් ඔබේ අයෙකුට විඳින්නට අපහසුදේ ඔවුන්ටද එසේ ම බව සිතන්න. කිසිවිටෙක තමන්ගේ වරදින් අනෙකුගේ සිත් නොරිදවන්න. මොලොව ඇත්තේ පුදුම ශක්තියකි. බලයකි. සැම ආගමක ධර්මයක කියා ඇති සේම අපට නොපෙනෙන මෙම බලවේග සුළු කොට තැකිය නොහැකිය. තමන්ගේ සිතට විවෘතවන මේ විශ්වයේ ශක්තිය තමන් විසින් සිදුකළ සෑම ක්‍රියාවක්ම දකිනු ඇත. අවබෝධ කරගනු ඇත. ඒ නිසා ප්‍රමාද වී හෝ එම පවිටු ගතිගුණ සඳහා දඩුවමක් ලබා දෙනු ඇත. සමහර විට එය පාපයේ තරමට වඩා බෙහෙවින් බරපතල දඩුවමක් වන්නට පුළුවන. එවිට දඩුවම වැඩි බැව් කීවාට පලක් නැත. ඒ සඳහා අභියාචනා කරන්නට අධිකරණයක් නැත. එය අපට නොපෙනෙන අපේ ජිවිතේ සීමා මියිම් හොඳින් දන්නා බලගතු ශක්තියකි. මේ පිළිබඳව සිතන්නට ඔබ පටන්ගන්නේ කවදාද? මා විසින් පවත්වනු ලබන බොහෝ වැඩමුළුවලදී එම ප්‍රශ්නයට පිළිතුර වශයෙන් බොහෝ දෙනා පවසන්නේ ලබන සතියේ සිට, අවුරුදු දා සිට, මීළඟ උපන්දිනය දා සිට වැනි දින වකවානුය. එහෙත් මේ සඳහා නැකතක් නැත. ඒ දවස අදයි.
ඒ වේලාව මේ එළඹෙන තත්පරය යි.
අපේ ජීවිතේ අපට නොපෙනෙන එවන් අඩුපාඩු එසේ සකසා ගත හැකිවීම ආශිර්වාදයකි. එහෙත් කෙසේවත් සකසා ගත නොහැකි මුළු ජීවිත කාලයම අවබෝධ කරගත නොහැකිව අපට නොපෙනෙන අපේ අඩුපාඩු එමට ය.
අපේ අඩුපාඩු යමෙක් පෙන්වාදීම භාග්‍යයකි. එසේ පෙන්වා දුන්නේ නැත්නම් එය නිවැරදි කරගැනීමට අවස්ථාවක් නොලැබෙන බැවිනි. මේ ලිපිය කියවන ඔබට හෙට සිට ඔබ කෙතරම් ප්‍රීතිමත් පුද්ගලයෙක්ද කියා දැනෙනු ඇත. මේ ප්‍රසන්න බව ප්‍රීතිමත් බව තමන්ද භුක්තිවිඳිමින් සෙසු ලෝකයාටද තෑගි දිය හැකිය.

විතරක් දාල මාරුවෙලා ගියා.