අනුපමා වානගුරූ

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මේ දිනවල යහපාලන ටොයියන් රාජපක්ශ පවුලට මඩ ගැසීමට යොදා ගන්නා අලුත්ම තුරුම්පුව තවත් පදනම් විරහිත චෝදනාවක් වන ගුවන් සේවිකාවකට නාමල් රාජපක්ශ මහතා විසින් ලක්ශ 42ක මුදලක් මාසිකව ගෙවන ලද බවට පැතිරයන කට කතාවයි. කිසිදු නිශ්චිත අවභෝදයකින් තොරව ගෙන යන මේ චෝදනාව සම්භන්දයෙන් නාමල් මැතිතුමාද කිසිදු ප්‍රකාශයක් නොකල හේතුවෙන් අප මෙ පිලිබද සත්ය්‍ය සොයා මහජනතව වෙත ඉදිරිපත් කිරීමට සිතුවෙමු. මේ එම ගවේශනයේදි අප ලබා ගත් තොරතුරු මත පදනම්ව අප සිදු කරන හෙලිදරව්වයි.
    අප කවුරුත් ඇසු පරිදි මෙම කතව සත්යකි. නාමල් මෙතිතුමා විසින් මෙම ගුවන් සේවිකාවට මාසිකව ලක්ශ 42ක මුදලක් ලබා දී ඇත. නමුත් එපමන මුදලක් ඇයට ලබා දිමට ඇය නාමල් රාජපක්ශ මැතිතුමාට ලබා දුන් සේවය කුමක් දැයි සියලු දෙනා ප්‍රශ්න කරයි. එම නිසා ඒ පිලිබද සත්ය්‍ය කරුනු අනාවරනය කර නාමල් මැතිතුමාගේ පිරිසිදු චරිතය ගාථනය වීම වෙලැක්වීම අපගේ යුතුකමක් ලෙස අප සැලකුවෙමු.
    උපතින්ම වන්ශවත් පවුලකින් පැවත එන නාමල් රාජපක්ශ මහතා කුඩා කල සිටම නැතිබැරි මිනිසුන්ට උදවු කිරීමට කැමති දුප්පතගේ හදගැස්ම හදුනන නායකයෙකි. සෑම විටම දුප්පත් දිලිදු පවුල් වෙත ආධාර උපකාර කිරීමටත් සෑම විටම ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත් ඔහු පසුබට නොවුනේය. ඇත්ත වශයෙන්ම ඔහු දේශපාලනයට පැමිනීමට හේතුව වුයේද දිලිදුකම දුරලා ශ්‍රි ලන්කාව ලෝකයේ බලවත්ම රටක් ලෙස කෙලින් කරවා යම් දිනෙක ඇමරිකාවටත් වඩා දියුනු රටක් බවට පත් කර අනාගතයේදී රටට එල්ල වන ජත්යන්තර කුමන්ත්‍රන වලට සාර්ථකව මුහුන දිමටය.
    නාමල් මෙතිතුමාගේ මානව දයාව ලන්කා වාසීන්ට පමනක් නොව. අපගේ හිතවත් විදේශ රටවල ජනතාව වෙතද පිරිනැමුනි. ඉන් එක් රටක් වුයේ ත්‍රස්ථවාදී කොල්ලකරුවන් බහුලව සිටිනා නයිජීරියානු රාජ්ය්‍යයි. විදේශ කුමන්ත්‍රන හෙතුවෙන් එරට රජය අස්ථාවර වී ඇතී අතර ජනතාව මහත් සේ පීඩාවට පත් වී ඇත. ලන්කාව හමුවේද නොයෙකුත් ජත්ය්‍යන්තර කුමන්ත්‍රන දියත් වෙමින් පවතින අද වගේ අවදියක නාමල් මැතිතුමාට මෙම නයිජීරියන් ජනතව ගැන මහත් වු අනුකම්පාවක් ඇති විය. එහි ප්‍රතිපලයක් වුයේ ඔහු විපතට පත් නයිජීරියන් ජනතාවට සහන සැලසීමට "පුන්චි නා-මල් කැකුලු" නමින් අරමුදලක් පිහිටවීමයි. මෙම අරමුදල මගින් ලක්ශ ගනනක් වු නයිජීරියන් ජනතාවට සහන සැලසුන අතර අදටත් එම නයිජිරියන් ජනතාව නාමල් මැතිතුමාට පින් පතා බෝදි පුජා පවත්වයි.
    මෙම සත්කාරය උපයොගී කරගෙන ලන්කාවේ දේශපාලන වාසි ලබා ගැනීමට අකමැති වු නාමල් මහතා එය ශ්‍රි ලාන්කිකයන්ගෙන් වසන් කර තබා ගැනිමට සිදුකල උපක්‍රමය වුයේ ගුවන් සේවිකාවක් යොදවාගෙන ඒ හරහා එම සත්කාරය පවත්වාගෙන යාමය. ඇයට ලක්ශ 42ක මසික පැටුපක් ගෙවනු ලැබුවද එම මුදලින් සැබෑ ලෙසම සිදු වුයේ සරණක් නැති එම නයිජිරියන් ජනතව වෙත පිහිට වීමය. මේ කිසිත් නොදත් යහපාලන ටොයියන් සිදු කලේ එවන් උදාර මිනිසෙකුට මඩ ගැසීමය.
    සැ.යු.- චරිතවත් ගුවන් සේවිකාවට සිදුවිය හැකි අපහාසය සලකා ඇය පිලිබද තොරතුරු කිසිවක් නොපැවසීමට වගබලා ගතිමු.

    මටත් ආසයි ඉතියෝපියාවෙ හිරාන් කැකුළු කියලා එකක් පටන් ගන්න. ගුවන් සේවිකාවක් සල්ලි වලට ගන්න ඔයාගෙ බදු සල්ලි හොරකම් කරගත්තට කමක් නැද්ද දන්නෑ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    11119864_1588971611342026_7626100998464959081_n.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113

    [1]. සුපුරුදු පරිදි තවත් යහපාලන මඩක්. මේ කතාව දිගහැරෙන්නේ ගුවන් සේවිකාවක් සම්බන්ධයෙනුයි.

    (i). එම ගුවන් සේවිකාව ශ්‍රී ලංකන් එයාර්ලයින් හි සිට ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත (Secondment) කර තිබුණා. එය සිදුකළේ ආයතන සංග්‍රහයෙන් ලබා දී ඇති විධිවිධාන වලට යටත් වයි.

    (ii). එලෙස ගුවන් සේවිකාවක්ව බඳවා ගත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය සම්බන්ධව සියලුම රජයේ දේශපාලඥයින් සහ රාජ්‍ය නිලධාරීන් සිදුකරන නිල ගුවන් ගමන් වලට අදාලව ගමන්වාර සම්බන්ධීකරනය කිරීම, ගුවන් ගමන් ආසන වෙන් කිරීම, මුදල් ගෙවීම, ඇතුළු කටයුතු සිදු කිරීම උදෙසායි.

    (iii). ඇය විදේශ ගත වෙන්නේ නෑ. ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටයි රාජකාරිය සිදුකරන්නේ.



    [2]. අනුයුක්ත කිරීම මගින් සිදුවෙන්නේ, කිසියම් රාජ්‍ය ආයතනයක සිටින විශේෂඥ දැනුමක් සහිත අයෙක් වෙනත් රජ්‍ය ආයතනයකට සම්බන්ධ වී වැඩ කිරීම.

    (i). උදාහරණ ලෙස ගුවන් හමුදාවට සම්බන්ධ විශේෂ ව්‍යාපෘතියකට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අරමුදල් හෝ පහසුකම් සැපයෙනවා යැයි සිතමු. එවිට ආරක්ෂක අමාත්‍යාංශයේ ගුවන් හමුදාව සම්බන්ධ විශේෂඥ දැනුම සහිත නිලධාරියෙක් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් බඳවාගත හැකියි. එහිදී රාජකාරිය කුමක් වුවද ඔහුගේ පෙර වැටුපට නො අඩුව වැටුපක් ලැබීම සිදුවෙයි.

    (ii). අදාල ව්‍යාපෘතිය සහ ජනාධිපති ලේකම් කාර්යලය සම්බන්ධීකරනය කිරීම ඔහුගෙන් සිදුවෙයි.

    (iii). එම නිලධාරියාගේ අලුත් පත් වීම තාවකාලිකයි. එය ව්‍යාපෘතියේ කාලසීමාවට යටත් වෙනවා.

    (iv). වැටුප් ලැබෙන්නේ ඔහු කලින් වැඩ කළ රාජ්‍ය ආයතනයෙනුයි.

    (v). ඔහුව මෙහෙයවීම අලුතෙන් බඳවා ගන්නා ලද ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සෘජුව සිදුවෙනවා.

    (vi). මේ ආකාරයෙන් ආයතන 50 කින් පමණ නිලධාරීන්ව ජනාධිපති ලේකම් කාර්යාලයට සෙකන්ඩ්මන්ට් කර තිබෙනවා.



    [3]. ගුවන් සේවිකාවක් යනු සාපේක්ෂව විශාල වැටුපක් ලබන තනතුරක්. සමහර ගෑනු ළමයි එයාර් හොස්ටර්ස් කෙනෙක් වීමට වලිකන්නේ ඔන්න ඔය හේතුව නිසා.

    (i) වැටුප විශාල වීමට ගොඩක් හේතු බලපානවා.

    (ii) ඇයට විශේෂිත පුහුණුවක් තිබිය යුතුයි, එම විශේෂිත පුහුණුවට ගිණි නිවීම්, ගුවන් මෙහෙයුම්, ප්‍රථාමාධාර, මුදවාගැනීම්, ඇතුළු විශාල වපසරියක් අයිතියි.

    14-Copy[1]

    (iii). ඒ අනුව මාසෙකට ගමන් වාර 10 ක් ගියොත් වැටුප රු ලක්ෂයකට වැඩියි. මෙය ගුවන් සමාගම අනුව මීට වඩා බොහෝ වැඩි වේවි.

    (iv). ඒ අනුව ගුවන් සේවිකාවක් ලෙස අවුරුදු 5 ක් වැඩ කළොත් ඒ කාලය තුළ ලේසියෙන්ම රු ලක්ෂ 60 කට ඉහළ ආදායමක් ඉපයෙනවා.



    ජේ සී වැලිඅමුණ මහතාගේ චෝදනා.
    ඔහුගේ චෝදනා වශයෙන් වෙබ් අඩවි වාර්තා කර ඇති කරුණු වලට පිළිතුරුයි පහත අංක වලින් දැක්වෙන්නේ.



    [4] ගුවන් සේවිකාවක්ව ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කිරීමට එරෙහිව වැලිඅමුණ වාර්තාවෙන් පවසා ඇතැයි දැක්වෙනවා.

    (i) ඉහත අංක [1] සිදුවීම ගතහොත් ජනාධිපති ලේකම් කාර්යාලයට සම්බන්ධ ගුවන් ගමන් වලදී ආසන වෙන් කිරීම සහ ගමන් සැලසුම් කිරීම සඳහා අවශ්‍ය වන්නේ ගුවන් යානා ඉංජිනේරුවෙක් නොවෙයි, ගුවන් සේවිකාවක් වයි. ඒ අනුවයි එවැන්නියක්ව බඳවා ගත්තේ.

    (ii). ආසන වෙන් කිරීම සහ ගමන් වාර සම්බන්ධීකරනය කිරීම ආවට ගියට කරන්න පුළුවන් දේකුත් නෙමෙයි. ඒ සඳහා ගැලීලියෝ සහ ඇමඩාස් ක්‍රම වල සිට බොහෝ තාක්ෂණික දේවල් ගැඹුරින් දැනගෙන සිටිය යුතුයි.

    (iii). එලෙස බඳවාගත් ගුවන් සේවිකාවට ඒ සඳහා විශේෂ අධ්‍යාපන සහ වෘත්තීමය සුදුසුකම් පිළිගත් ආයතන වලින් ලබා තිබෙනවා.

    (iv). ඒ වගේම වර්තමානයේදීත් ජනාධිපත් ලේකම් කාර්යාලයට අනුයුක්තව ගුවන් සේවිකාවක් අදාල සම්බන්ධීකරණ කටයුතු සිදුකරනවා විය යුතුයි.



    [5] ජනාධිපති ලේකම් කාර්යාලයට අදාල ගුවන් ගමන් කටයුතු සඳහා පත් වීම ලබන ගුවන් සේවිකාව රු ලක්ෂ 42 ක් ලබා ඇති බවක් වැලිඅමුණ වාර්තාවෙන් පවසා ඇතැයි දැක්වෙනවා.

    (i). ඇය එම මුදල ලබා තිබෙන්නේ අවුරුදු 5 කටමයි.

    (ii). අනෙකුත් ගුවන් සේවිකාවක් මාසෙකට ලක්ෂෙ පැනපු වැටුපක් ලබද්දී, ඇය ලබා තිබෙන්නේ මාසයකට හැත්තෑදාහක් විතරයි.

    (iii). නමුත් මෙය විකෘති කර මාසෙකට ලක්ෂ 42 ක් ගෙව්වා යනුවෙන් පවසා තිබීම ජනතාව නොමග යවන සුළු සාහසික මඩක් බව පැවසිය යුතුයි.



    [6]. එම ගුවන් සේවිකාව නාමල් රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු සඳහා යොදවා ඇති බවක් වාර්තාවේ ඇතැයි දැක්වෙනවා.

    (i). නාමල් රාජපක්ෂ මහතා යනු සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් පමණයි. එනිසා එතුමාගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යලය හරහා නිලධාරීන් බඳවාගැනීමේ කිසිදු හැකියාවක් නෑ. එමගින්ම පේනවා මේ චෝදනවේ අරුත් සුන් භාවය.



    [7]. අදාල ගුවන් සේවිකාව විසින් නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා වෙනු‍වෙන් ඉටුකළ සේවාවන් පිළිබඳව කිසිදු වාර්තාවක් නැති බවට දැක්වෙනවා.

    (i). ඒ කරුනෙන්ම පේනවා ජේ සී වැලිඅමුණ මහතාගේ චෝදනාවේ පදනම් විරහිත භාවය. නාමල් රාජපක්ෂ මහතා ගාව කිසිදා සේවය නොකළ කෙනෙක්, කළා කියන සේවයක් ගැන වාර්තාවක් තියෙන්න විදියක් නෑ.

    (ii). මෙහිදී නාමල් රාජපක්ෂ මහතාව එකී වැලිඅමුණ වාර්තාවෙන් නම් කර ඇත්තේ හුදු මඩ ගැසීමකට පමණයි.

    (iii). නමුත් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇතුළු වීමේදී සහ පිට වීමේදී සටහනක් තබනවා. එ සටහනේ අදාල ගුවන් සේවිකාවගේ නම සඳහන්ව ඇති. ඒ හරහා ඇය ජනාධිපති ලේකම් කාර්යාලයේ කර ඇති සේවය සහ අනුයුක්තව සිටි අංශය සොයා ගත හැකියි.


    [8]. ඇති තරම් මඩ ගැහුවට පස්සේ මාධ්‍ය හරහා ප්‍රචාරය කරනවා “වැලි අමුණ වාර්තාව හුඹස් පෙට්ටියට” කියලා. තවත් යහපාලන නාටකයක අවසානය එලෙසයි.

    Source

    අපේ අනාතයොන්ගේ Sexual Frustration නියමෙට Exploit කරනවා මුන් :no: උඹල අතේ ගහද්දි මෙන්න උඹලගේ බදු සල්ලිවලින් බේබිලා ගහන බඩු කියල මාකට් කරන්නේ :no: ජනාධිපතිවරනෙට කලින් රෝහිත රාජපක්ෂගේ කෑල්ල කොච්චර මාකට් කළාද ? ඔක්කොම කරල අන්තිමට වාර්තාවත් නෑ කමිටුත් නෑ මොකුත් නෑ :dull::dull: