මේ දිනවල යහපාලන ටොයියන් රාජපක්ශ පවුලට මඩ ගැසීමට යොදා ගන්නා අලුත්ම තුරුම්පුව තවත් පදනම් විරහිත චෝදනාවක් වන ගුවන් සේවිකාවකට නාමල් රාජපක්ශ මහතා විසින් ලක්ශ 42ක මුදලක් මාසිකව ගෙවන ලද බවට පැතිරයන කට කතාවයි. කිසිදු නිශ්චිත අවභෝදයකින් තොරව ගෙන යන මේ චෝදනාව සම්භන්දයෙන් නාමල් මැතිතුමාද කිසිදු ප්‍රකාශයක් නොකල හේතුවෙන් අප මෙ පිලිබද සත්ය්ය සොයා මහජනතව වෙත ඉදිරිපත් කිරීමට සිතුවෙමු. මේ එම ගවේශනයේදි අප ලබා ගත් තොරතුරු මත පදනම්ව අප සිදු කරන හෙලිදරව්වයි.
අප කවුරුත් ඇසු පරිදි මෙම කතව සත්‍යකි. නාමල් මෙතිතුමා විසින් මෙම ගුවන් සේවිකාවට මාසිකව ලක්ශ 42ක මුදලක් ලබා දී ඇත. නමුත් එපමන මුදලක් ඇයට ලබා දිමට ඇය නාමල් රාජපක්ශ මැතිතුමාට ලබා දුන් සේවය කුමක් දැයි සියලු දෙනා ප්‍රශ්න කරයි. එම නිසා ඒ පිලිබද සත්ය්ය කරුනු අනාවරනය කර නාමල් මැතිතුමාගේ පිරිසිදු චරිතය ගාථනය වීම වෙලැක්වීම අපගේ යුතුකමක් ලෙස අප සැලකුවෙමු.
උපතින්ම වන්ශවත් පවුලකින් පැවත එන නාමල් රාජපක්ශ මහතා කුඩා කල සිටම නැතිබැරි මිනිසුන්ට උදවු කිරීමට කැමති දුප්පතගේ හදගැස්ම හදුනන නායකයෙකි. සෑම විටම දුප්පත් දිලිදු පවුල් වෙත ආධාර උපකාර කිරීමටත් සෑම විටම ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත් ඔහු පසුබට නොවුනේය. ඇත්ත වශයෙන්ම ඔහු දේශපාලනයට පැමිනීමට හේතුව වුයේද දිලිදුකම දුරලා ශ්‍රි ලන්කාව ලෝකයේ බලවත්ම රටක් ලෙස කෙලින් කරවා යම් දිනෙක ඇමරිකාවටත් වඩා දියුනු රටක් බවට පත් කර අනාගතයේදී රටට එල්ල වන ජත්‍යන්තර කුමන්ත්රන වලට සාර්ථකව මුහුන දිමටය.
නාමල් මෙතිතුමාගේ මානව දයාව ලන්කා වාසීන්ට පමනක් නොව. අපගේ හිතවත් විදේශ රටවල ජනතාව වෙතද පිරිනැමුනි. ඉන් එක් රටක් වුයේ ත්‍රස්ථවාදී කොල්ලකරුවන් බහුලව සිටිනා නයිජීරියානු රාජ්ය්යයි. විදේශ කුමන්ත්රන හෙතුවෙන් එරට රජය අස්ථාවර වී ඇතී අතර ජනතාව මහත් සේ පීඩාවට පත් වී ඇත. ලන්කාව හමුවේද නොයෙකුත් ජත්ය්යන්තර කුමන්ත්රන දියත් වෙමින් පවතින අද වගේ අවදියක නාමල් මැතිතුමාට මෙම නයිජීරියන් ජනතව ගැන මහත් වු අනුකම්පාවක් ඇති විය. එහි ප්‍රතිපලයක් වුයේ ඔහු විපතට පත් නයිජීරියන් ජනතාවට සහන සැලසීමට "පුන්චි නා-මල් කැකුලු" නමින් අරමුදලක් පිහිටවීමයි. මෙම අරමුදල මගින් ලක්ශ ගනනක් වු නයිජීරියන් ජනතාවට සහන සැලසුන අතර අදටත් එම නයිජිරියන් ජනතාව නාමල් මැතිතුමාට පින් පතා බෝදි පුජා පවත්වයි.
මෙම සත්කාරය උපයොගී කරගෙන ලන්කාවේ දේශපාලන වාසි ලබා ගැනීමට අකමැති වු නාමල් මහතා එය ශ්‍රි ලාන්කිකයන්ගෙන් වසන් කර තබා ගැනිමට සිදුකල උපක්‍රමය වුයේ ගුවන් සේවිකාවක් යොදවාගෙන ඒ හරහා එම සත්කාරය පවත්වාගෙන යාමය. ඇයට ලක්ශ 42ක මසික පැටුපක් ගෙවනු ලැබුවද එම මුදලින් සැබෑ ලෙසම සිදු වුයේ සරණක් නැති එම නයිජිරියන් ජනතව වෙත පිහිට වීමය. මේ කිසිත් නොදත් යහපාලන ටොයියන් සිදු කලේ එවන් උදාර මිනිසෙකුට මඩ ගැසීමය.
සැ.යු.- චරිතවත් ගුවන් සේවිකාවට සිදුවිය හැකි අපහාසය සලකා ඇය පිලිබද තොරතුරු කිසිවක් නොපැවසීමට වගබලා ගතිමු.
මටත් ආසයි ඉතියෝපියාවෙ හිරාන් කැකුළු කියලා එකක් පටන් ගන්න. ගුවන් සේවිකාවක් සල්ලි වලට ගන්න ඔයාගෙ බදු සල්ලි හොරකම් කරගත්තට කමක් නැද්ද දන්නෑ
උඹල අතේ ගහද්දි මෙන්න උඹලගේ බදු සල්ලිවලින් බේබිලා ගහන බඩු කියල මාකට් කරන්නේ 
