අනුරගේ බොත්තම සහ මහින්ද ගිය මලගෙදර

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,090
    27,750
    113
    36
    Mirihana
    alis.alberta.ca
    --------------උපුටා ගැනිම---------------

    මම ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එකේ වැඩ කරන කාලේ ජනාධිපති ට්‍රැවල් කරද්දි මට තිබ්බ ප්‍රශ්න :

    මගෙ ජොබ් රෝල් එක; මිස් හැන්ඩ්ල් උන පැසෙන්ජර්ස්ලා හැන්ඩ්ල් කරන එක.
    මම වැඩ කරන කාලේ අපට තිබ්බෙ ෆ්ලයිට් 21යි.
    ඉන් හොඳම එක එයාටම අරගෙන රාජපස්ස මැන්ඩෙලාගේ මලගෙදර ගිහින්. මාසයක් විතර. ඌ එනකල් ප්ලේන් එක නෑ. ඒ වෙනුවට ඒ ෆ්ලයිට් එක නැති නිසා ෆ්‍රැන්ක්ෆර්ට්, පැරිස් ෆ්ලයිට් ඩේලි කැන්සල්. හැම පැසෙන්ජර් කෙනෙක්ම හොටෙල් දාන්න ඕන. ඒවා හැන්ඩ්ල් කරල පණ යනවා. හොටෙල් ගලදාරි. හැම පැසෙන්ජර් කෙනෙක්ම. කොහොමද වියදම. අවුරුද්දක් ඇතුලෙ ආයෙ යන්න එන්න පැසෙන්ජර්ස්ලට ෆ්‍රී ටිකට්. නිකම්. Free. හොටෙල් යන්න එන්න ට්‍රාන්ස්පෝට් වියදම්. හොටෙල් ඉන්න වියදම්. කන්න බොන්න වියදම්. ජනතාවගෙ බදුමුදල්. මේක දිනපතා උනා මාසයක් විතර. අද පැසෙන්ජර්ස්ලා හෙට ෆ්ලයිට් එකට. හෙට පැසෙන්ජර්ස්ලා අනිද්දා ෆ්ලයිට් එකට. මාසයක් පුරා. හිතන්න එයාලයින් එකට වියදම. ඒ මදිවට එයාර්පෝට් එකක ෆ්ලයිට් එකක් ඩිලේ උනොත් විනාඩියකට ලක්ෂ ගානක් ගෙවන්න ඕන. මැන්ඩෙලාගෙ මලගෙදර ගිය නිසා එහෙ එයාර්පෝර්ට් එකේ අරන් ගිය අපේ ෆ්ලයිට් එක නවත්තල තියන්න කොච්චර වියදමක් යන්න ඇද්ද. පරිප්පු කාලා කාලා බ්‍රේක් වලදි අපි සිගරට් බිබී වොශ් රූම්ස් ඇතුලෙ කතා වෙනව. මෙහෙම නාස්තියක්! මේ එකම එක සිදුවීමක් විතරයි. මම එතන වැඩ කල අවුරුදු හත ඇතුලෙ වෙච්චි "එකම එක" සිදුවීමක්. තව තියෙනව ඈ..


    අද ජනාධිපති ට්‍රැවල් කරද්දි මට තියෙන ප්‍රශ්න:
    එයා බොත්තම් වැරදියට දාලා
    😠


    *********
    ඉස්සර මිලියන ගණන් වියදම් උනත්, පාඩු උනත්... මෙලෝ අලබෝලයක් නොදන්න, තනතුරට නුසුදුසු තමන්ගේ බෑනාව එයාර්ලයින් එකේ චෙයාර්මන් කරගෙන හිටියත්... ඒ නිසා අද වෙද්දි වසරකට බිලියන ගානක් පාඩු ලබන තත්වෙට පත් වෙලා තිබ්බත්.. එතුමා ගැම්මට ඉන්න ඇති හැබැයි රට රට වල ගිහිල්ලා.. බොත්තම් හරියට දාගෙන.
    ඊට වඩා මොනවද බන් අපට ඕන.
    ගැම්ම මිසක් වෙන මොකක්ද අපට ඕන..
    ගැම්ම! රජිනිකාන්ත් වගේ!
    ඒකට දැන්.. අනේ මන්දා...
    ඉස්සර මිලියන ගනන් පාඩු උනත් ගැම්ම තිබ්බා. දැන් ඒක නෑ..
    ෆොටෝ දකිද්දි මට දුකයි.... ගැම්මක් නෑ
    😥

    හෙණම ගහපන් අනුර කුමාරට.
    වෙනසක් ඕන. ආයෙ ඒ අතීතයට යන්න ඕන. දැන් විදිය හරි මදි
    අපි මේවා තේරුම් ගන්න ඕන. ඔව්
    නැද්ද මං කියන්නෙ?
    ♥️
    ♥️
    ♥️


    --------------උපුටා ගැනිම අවසන් ---------------
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,396
    100,321
    113
    ඒක style එක කියල හෑලි ලියපු උනුත් බුකියේ ඉන්න නිසා මේක ඕකේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,239
    1
    101,071
    113
    34
    Kalutara
    අර මැක්කාගේ කතාව වගේ, අනුරයා බොත්තම් වැරදියට දැම්මත් ආයේ කතාවෙන්නේ මහින්දයා ගහපු ගැහිලි ගැන.. 🥴
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ජෙප්පන්ට කොතනක හරි අැඬෙන්න රිදුණා කියන්නේ මහින්ද නම උඩට ඵනවා...😃😃😃😃😃