අනුරපුරේ මුස්ලිම් පල්ලියක් ගිනි තැබේ!

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,858
    937
    113
    අනුරපුරේ මුස්ලිම් පල්ලියක් ගිනි තැබේ!

    anuradapura.gif

    අනුරාධපුරය මල්වතු ඕය සිංහ කණුව ප්‍රදේශයෙහි පිහිටි මුස්ලිම් මස්ජිදයක් හා මුස්ලිම් දහම්පාසලක් මුස්ලිම් ජනතාවගේ අවුරුදු දිනයක්වන අද දින අළුයම 2.30ට පමණ නාඳුනන මැර කණ්ඩායමක් විසින් ගිනි තබා තිබේ.

    මුස්ලිම් ජනතාවගේ හජ් අවුරුදු සලාතය නැමඳුම් කටයුතු සූදානම් කර තිබූ අවස්ථාවේදී මෙලෙස මැරයන් විසින් ගිනි තබා ඇතයි වාර්තාවේ. අනතුරුව ආගමික කටයුතු අසල පිහිටි නිවසක සිඳුකර ඇතයිද පැවසේ.

    සිද්ධිය සම්බන්‍ධයෙන් තමන්ට පැමිණිලි කර ඇති බවත් වැඩිදුර පරික්‍ෂණ ආරම්භකර ඇති බවත් අනුරාධපුර පොලීසිය පවසා තිබේ.
    http://apennews.wordpress.com/2012/10/27/anuradapura-attack-3/
     
    Last edited:

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    937
    113
    කිසියම් නාඳුනන කන්ඩායමක් විසින් අනුරාධපුරයේ කුඩා මුස්ලිම් පල්ලියකට ගිනි තබා ඇත. මෙය තක්කියා (ජුම්මා දේශන නොපවත්වන කුඩා) වර්ගයේ පල්ලියකි. මෙම පල්ලිය පිහිටියේ අනුරාධපුර නගරයට කිලෝමීටරයකට පමණ ඇතුලතින් පිහිටි මලවතු පටුමගෙහිය.




    ගිනි තැබු පල්ලිය
    එම පල්ලියේ භාරකරුවෙක් අප සමග පැවසුවේ මෙම පල්ලිය තිබෙන ප්‍රදේශයේ සිංහල සහ මුස්ලිම් අය ඉතාමත් සාමකාමීව වෙසෙන ප්‍රදේශයක් බැවින් ජාතිවාදී කලබලයක කිසිදු සේයාවක් නොවු බවයි. එමෙන්ම මෙම ප්‍රදේශයේ සිංහල ජනතාව පවසන්නේ කවුරුන් හෝ කන්ඩායමක් පිටින් ඇවිත් මෙය සිදුකර ගොස් ඇති බවයි.



    මේ පිළිබදව සාකච්ඡා කිරීමට එම මුස්ලිම් පල්ලියේ භාරකාර මන්ඩලයට හවස 3.00 පොලීසිය වෙත පැමිණෙන ලෙස දන්වා ඇතැයි පල්ලියේ භාරකාර මන්ඩලයේ ප්‍රකාශකයෙක් අප වෙත දන්වා ඇත.



    මේ පිළිබඳව නවතම තොරතුරු ලැබුණු විගස අප ඔබට දන්වන්නෙමු.
    http://www.anvermanatunga.com/2012/10/28/anurapura-palliya-sinhala/