අනුරාධපුර යුගයේ ගද්‍ය හා පද්‍ය සාහිත්‍යය

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    අනුරාධපුර යුගයේ ගද්‍ය හා පද්‍ය සාහිත්‍යය

    අනුරාධපුර යුගයේ ගද්‍ය හා පද්‍ය සාහිත්‍යය

    ඩී. එම්. දුමින්ද ලක්‌සිරි කුමාර


    lake.jpg
    ශ්‍රී ලංකාවේ ඉතිහාසගත තොරතුරු මත මෙරට තුළ ක්‍රමානුකූල අක්‍ෂර භාවිතය දියුණු තත්ත්වයකට පැමිණෙන්නේ මහින්දාගමනයෙන් පසුවය. ඊට ප්‍රථම මෙරට තුළ අක්‍ෂර භාවිත වූ බවට වංශකථා හා පුරාවිද්‍යා සාධක මත තහවුරු වුවද එය පෝෂණය වීමෙහිලා මහින්දාගමනයේ බලපෑම සෘජුවම සිදු වූ බව පැහැදිලිය. මහින්දාගමනයෙන් පසුව බුදුදහමේ ආභාසය මත ක්‍රමයෙන් මෙරට තුළ ගද්‍ය හා පද්‍ය සාහිත්‍යයක්‌ ආරම්භවීම සිදු වේ. අනුරාධපුර ගද්‍ය සාහිත්‍යයේ මුල්ම සලකුණ ලෙස හඳුනාගනු ලබන්නේ හෙළටුවාය. මේ අවධියෙහි පද්‍ය සාහිත්‍යයේ මුල්ම සාධකය සෙල්ලිපි ආශ්‍රයෙන් හ`දුනාගත හැකිය. වංශකතා සහ වෙනත් මූලාශ්‍රගත තොරතුරු මත අනුරාධපුර යුගය තුළ විශාල වශයෙන් සාහිත්‍ය ග්‍රන්ථ නිර්මාණය වූ බව පැහැදිලිය. නමුත් කාලයාගේ ඇවෑමෙන් බොහෝ නිර්මාණ වැළලී ගොස්‌ ඇති අතර ඉතා සුළු නිර්මාණ කිහිපයක්‌ පමණක්‌ වර්තමානයේ දී විද්‍යමාන වේ. මූලාශ්‍රගත තොරතුරු අධ්‍යයනය කිරීමේ දී පැහැදිලි වන්නේ ගද්‍ය සාහිත්‍යය උගත් පිරිසක්‌ පමණක්‌ වටා කේන්ද්‍රගත වූ බවකි. නමුත් පද්‍ය සාහිත්‍ය වූ කලී සමාජයේ විවිධ තරාතිරමේ පිරිස්‌ වෙත සංකේන්ද්‍රගත වීමක්‌ දක්‌නට ලැබේ. මෙම කාරණය ඉතා පැහැදිලි වශයෙන් ම සීගිරි ගී ආශ්‍රයෙන් දැක ගත හැකිය. කෙසේ වෙතත් අනුරාධපුර යුගයේ සාහිත්‍ය කෘති පිළිබ`දව අධ්‍යයනය කිරීමේ දී අවබෝධ වන්නේ මහින්දාගමනය හේතුවෙන් දේශපාලනය, කලාව, ආර්ථීකය, ආගමික වැනි ක්‍ෂේත්‍රවල ඇති වූ දියුණුව සාහිත්‍යය ස`දහාද බලපෑ බවයි. ඒ නිසා ම මේ යුගයේ දී වැඩි වශයෙන් ම දැක ගත හැකි වන්නේ බුදු දහම හා සම්බන්ධ සාහිත්‍ය නිර්මාණයන්ය. ශ්‍රී ලංකාවේ ගද්‍ය හා පද්‍ය සාහිත්‍යය කලාව අනුරාධපුර යුගයේ දී මහින්දාගමනයෙන් ලැබූ පන්නරය ඔස්‌සේ ආරම්භ වූ බවත්, මේ යුගය තුළ ඉතා දියුණු වූ සාහිත්‍යකරණයක්‌ පැවති බවත් කරන ලද පර්යේෂණය තුළින් අනාවරණය කර ගත හැකිය.

    ක්‍රි. පූ. තුන්වැනි සියවසේ සිට ක්‍රි. ව. දහවැනි සියවස දක්‌වා කාලපරිච්ඡේදය ලංකාවේ ප්‍රථම දේශපාලන යුගය වන අනුරාධපුර රාජධානිය වශයෙන් සැලකේ. මෙම දීර්ඝ අවධිය කෘෂිකර්මය, ආර්ථිකය හා කලා ශිල්ප අනුව මෙරට විශිෂ්ටතම රාජධානි සමය වූ බව ප්‍රකට කෙරෙන සාක්‍ෂි වර්තමානයේ පවා විද්‍යමාන වේ. තත්කාලීනව ඉදිකෙරුණු මහා වැව් තටාක දෙස බලන විට මේ යුගයේ පැවති කෘෂිකාර්මික සශ්‍රීකත්වය සහ ආර්ථීක සමෘද්ධිය ද ගුවන් කුස සිඹින මහා වෙහෙර විහාර, ඉසුරුමුණිය ආදී ස්‌ථාන කේන්ද්‍ර කරගත් කැටයම් හා සීගිරිය වැනි ස්‌ථානවල සිතුවම් කරන ලද ලෝකයම අමන්දානන්දයට පත් කරවන ලද සිතුවම් එකල කලා ශිල්පමය වශයෙන් පැවති ප්‍රගමනය ද පිළිබිඹු කෙරෙන කැඩපත් බ`දුය. මේ ආකාරයෙන් සකලවිධ අංශවලින් පරිපූර්ණත්වයට පත් වූ අනුරාධපුර යුගය සාහිත්‍යකරණය අතින් ද අද්විතීය ස්‌ථානයක්‌ හිමිකරගත් බව ශේෂව ඇති සීමිත සාධක මත සිතිය හැකිය. ශ්‍රී ලංකාවේ දැනට සොයාගෙන තිබෙන පැරණිතම ලේඛන ක්‍රිස්‌තු පූර්ව තුන්වන ශතවර්ෂයෙන් මෙපිට කරන ලද ඒවාය. ක්‍රි.පූ තුන්වන සියවසට පෙර මෙරට අක්‍ෂර කලාවක්‌ පැවති බව 1979 ඇතුළු නුවර කැණීම තුළින් හෙළිදරව් වේ. ක්‍රි. ව. පස්‌වැනි සියවසේ ලේඛනයක්‌ පිළිබ`දව මහාවංශයෙන් ලැබෙන මුල් ම සාක්‍ෂිය වනුයේ විජය රජු තම සොහොයුරා වූ සුමිත්ත කුමාරයා වෙත ලිපියක්‌ යෑවීම පිළිබ`ද ස`දහනයි (ම.ව 08(08). පණ්‌ඩුකාභය අවධියේ දී ද සිදු වූ ලිපි ගනුදෙනුවක්‌ පිළිබ`ද ව මහාවංශය තොරතුරු සපයයි (ම.ව 10(23). නමුත් සාහිත්‍යමය ලක්‍ෂණ සහිත කෘති පිළිබ`දව මෙකල ස`දහන් වීමක්‌ නොමැත. එහි ආරම්භය හා වර්ධනය පිළිබ`දව සාධක වාර්තා වන්නේ මහින්දාගමනයෙන් පසුව බව මෙම අධ්‍යයනයේ දී පැහැදිලි වේ. ක්‍රි. පූ. තුන්වැනි සියවසේ සිට කලින් කල පිහිටුවන ලද ශිලා ලිපි මාලාවක්‌ දක්‌නට ලැබෙන අතර ලේඛන ඉතිහාසය පිළිබ`දව එතැන් සිට නිසැකව අදහස්‌ ප්‍රකාශ කළ හැකිය. මේ අනුව මහින්දාගමනයෙන් පසුව මෙරට සමාජගත වන භාෂා ඥානය හා වාග් මාලාව සම`ග ඊට පෙර පැවති අක්‍ෂර භාවිත කිරීමේ දැනුම හා අවබෝධය සංකලනය වීම තුළ මෙරට සාහිත්‍ය කලාව ආරම්භ වීම දැක ගත හැකිය.

    සාහිත්‍ය කලාව ආරම්භ වීම පිළිබ`දව සොයා බැලීමේදී පැහැදිලිව සොයාගතහැකි සාක්‍ෂි අනුව පෙනෙන්නේ හෙළටුවා මෙරට මුල්ම සාහිත්‍යය බවයි (රත්නමාලා 2012(08). අනුරාධපුර සාහිත්‍යයට ප්‍රථම මූලාශ්‍රය වනුයේ පාලි සාහිත්‍යය බව පෙනේ. බෞද්ධ ආගමික කරුණු මෙරට වැසියන් ස`දහා සිංහලයෙන් කියා දෙන්නට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක්‌ වශයෙන් හෙළටුවා බිහිවීම දක්‌නට ලැබේ. (එම). මහා අටුවා යන නමින් ද හෙළටුවා හඳුන්වනු ලැබේ (විමලවංස 2000(307). ප්‍රධාන හෙළටුවා තුනක්‌ ගැන ස`දහන් වේ. එනම් මහා අටුවාව, මහපසුරු අටුවාව හා කරුන්දි අටුවාවයි. මිහි`දු යුගයේ ම කළ අටුවාව මහා අටුවා නමින් ද පසුව නිර්මාණය කළ අටුවා දෙක ස්‌ථාන නාම අනුව ද ප්‍රසිද්ධ වන්නට ඇතැයි බද්දේගම විමලවංස හිමියන් ප්‍රකාශ කරයි (එම). මෙහි දී අටුවා ත්‍රිත්වයක්‌ පිළිබ`දව ස`දහන් වුවද පස්‌වැනි සියවසේ ලංකාවට පැමිණි බුද්ධඝෝෂ හිමියන් පාලියට නැඟීම ස`දහා උපකාර කරගත් අටුවා පහක්‌ ගැන ස`දහන්ය. මහා අට්‌ඨ කතා, මහා පච්චරියට්‌ඨ කතා, කුරුන්දියට්‌ඨ කතා, අන්ධකට්‌ඨකතා, හා සංෙ€පට්‌ඨකතා එම අටුවා පහයි (රත්නමාලා 2012(08). දුටුගැමුණු රාජ්‍ය කාලය තුළ බුද්ධ ශාසනයේ දියුණුව ස`දහා විශාල මෙහෙවරක්‌ වූ බව වංශකතා සාධක මත පැහැදිලි වේ. බුදු දහමේ ආභාසය ලද මෙරට සාහිත්‍යය ස`දහා ද මෙකල රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නට ඇතැයි සිතිය හැකිය. දුටුගැමුණු රජතුමා ධර්ම දානය ස`දහා සෑම ධර්මශාලාවක ම විජිනිපතක්‌ බණ පොතක්‌ බැගින් තබන ලද බව ස`දහන් වේ (විමලවංස 2000(309). මොහුගේ මරණ මඤ්චකයේ දී ස්‌වකීය පුණ්‍ය ක්‍රියා ස`දහන් -පුණ්‍ය පොත්තක" කියවන ලද බව ද ස`දහන් වේ (එම). මෙවැනි ස`දහන් අනුව මෙකල ලේඛනාරූඪ කිරීමේ ක්‍රමයක්‌ පැවති බව හ`දුනාගත හැකිය. එමෙන් ම වැදගත් සිදුවීම් ග්‍රන්ථ නිර්මාණය ස`දහා යොදා ගත් බව ද පැහැදිලිය. වලගම්බා අවධිය මෙරට සාහිත්‍යකරණයෙහි වැදගත්, සුවිශේෂී කාල පරාසයක්‌ වනුයේ මුළු ත්‍රිපිටකයත්, සම්පූර්ණ අටුවාත් ග්‍රන්ථාරූඪ කිරීම නිසාය. මෙම කාලපරාසයට ප්‍රථම උගත්කමේ විශේෂ වරප්‍රසාදය වන ස්‌මරණ ශක්‌තිය මත ධර්මය රැගෙන ගිය අතර මුල්ම වරට මු`ඵ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වූයේ මෙකලය (ම.ව 33(104). පවතින සාධක මත වලගම්බා අවධියට පෙර කෘති රචනය නොවීම විශ්වාස කළ නොහැක. ධර්මය පවා කොටස්‌ වශයෙන් රචනාවන්නට ඇති මුත් සියලු ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ වන්නට ඇත්තේ මෙකලය.

    මහාවංශයට අනුව බුද්ධදාස රජතුමාගේ කාලයේ දී මහා ධම්මකථී නම් හිමිනමක විසින් තුන්පිටකයෙහි උපයුක්‌ත සූත්‍ර දේශනා සිංහලට පරිවර්තනය කර ඇත. (රත්නමාලා 2012(08). පරිවර්තනය වූ කලී භාෂාවක වර්ධනීය අවස්‌ථාවක්‌ පිළිබ`ද ප්‍රබල සංකේතයකි. යථෝක්‌ත කෘති අවිද්‍යමාන වුවද පරිවර්තන කාර්යය සම්බන්ධ තොරතුරු අනුව මෙකල උසස්‌ සාහිත්‍යයක්‌ පැවති බව ප්‍රතීයමාන වේ. ධාතුසේන රාජාවධියේ දී දික්‌ස`ද සෙනෙවි පිරිවෙනෙහි වෙසෙන භික්‍ෂුන් බණ පොත් කරවා ඇත (එම). අභය රජ සමයේ දී ලංකාවේ දියුණු තත්ත්වයක පැවති භික්‍ෂුණී අධ්‍යාපනායතනයක්‌ සම්බන්ධ තොරතුරු දීපවංස සංග්‍රහයේ වේ. එහි දහඅටවැනි පරිච්ඡේදයට අනුව විනය විශාරද, චතුමාර්ග ඥාන විශාරද තරුණ භික්‍ෂුණීන් දඹදිවින් පැමිණ විසිදහසක්‌ වූ මෙහෙණිවරුන්ට අධ්‍යාපනය ලබා දී ඇත. එහිදී උගන්වන ලද විනය ග්‍රන්ථ පහක්‌ වූ බව ස`දහන් වේ (එම). මේ විනය ග්‍රන්ථ පිළිබ`දව ඊට වඩා තොරතුරු සපයා ගැනීම දුෂ්කර වුවද එකල ධර්මයට නැඹුරු වූ දියුණු භික්‍ෂු කේන්ද්‍රීය ගද්‍ය සාහිත්‍යයක්‌ මෙහි ස්‌ථාපිතව පැවති බවට මෙය ප්‍රබල සාක්‍ෂියකි. මහාවංශ තොරතුරු අනුව පස්‌වැනි කාශ්‍යප රජු අභිධර්මයෙහි විශාරදයෙකි. එතුමා අභිධර්ම පිටකය රන්පත්වල ලියවා ඇත (ම.ව 52(50). මොහු විසින් පිහිටුවන ලද අනුරාධපුර පුවරු ලිපියෙහි ද උක්‌ත කරුණු ඇතුළත්ය. -අබිදම් දෙසුම් කසුන් පත් අරවයි. අජරජය හමුයෙහි එම දම් දෙසුම් වියත්හන් කළ, සිය පස්‌නෙන් බුදු ගුණ වැනු ....." යනු එම පාඨයයි (රත්නමාලා 2012(08). මේ කරුණ දෘශ්‍ය සාධක අනුව සනාථ කළ හැකිය. එතුමා විසින් කරන ලද දම්පියා අටුවා ගැටපදය නම් වූ ග්‍රන්ථය වර්තමානයේ පවා විද්‍යමාන වන ග්‍රන්ථයක්‌ වීම නිදර්ශන වේ (සුරවීර 1959(63). මෙහි ස`දහන් සිංහල භාෂාවෙන් බුදුගුණ වර්ණනා කරමින් ලියන ලද කෘති මේ වන විට දෘශ්‍යමාන නොවේ. නිකාය සංග්‍රහයෙහි ගෝඨාභය රජු දවස සාගල නම් තෙරනමක්‌ විසින් දක්‌ෂිණ විහාරයෙහි වැඩ සිටිමින් ව්‍යාඛ්‍යාන කළ බව ස`දහන් වේ (රත්නමාලා 2012(08). ව්‍යාඛ්‍යාන සාහිත්‍යය යනු මුල් කෘතියේ අර්ථ නොහොත් දුරාවබෝධ තැන් පහදා දීම උදෙසා ගැටපද සන්න, පරිකතා, පිටපොත් හා විනිස යන ප්‍රභේදයන්ගෙන් සමන්විත වූ සාහිත්‍යයකි (එම). යම් කෘතියකට ව්‍යාඛ්‍යාන නිර්මාණය වූ කලී තත් සාහිත්‍යය ඉතා දියුණු තලයකට ප්‍රවිශ්ඨ වූ බවට සිතිය හැකි කදිම නිදර්ශනයක්‌ වේ.

    උපසම්පදා වූ භික්‍ෂුන් වෙනුවෙන් සම්පාදනය කරන ලද ශාසනික විනය මාලා සංග්‍රහයක්‌ ලෙස හ`දුනාගත හැකි සිඛවළ`ද, අනුරාධපුර යුගයේ රචිත සිංහල ගද්‍ය කෘතියක්‌ ලෙස මේ දක්‌වාම පැවත එන කෘතියකි (විමලවංස 2000(315). ධර්මයෙහි ස`දහන් කරුණු සිංහල භාෂාවෙන් විස්‌තර කරමින් යළි ග්‍රන්ථකරණයෙහි නියැලීමට ප්‍රවිශ්ටවීමේ ප්‍රතිඵලයක්‌ ලෙස මෙම ග්‍රන්ථය ලියවුණු බව විචාරක මතය වේ (රත්නමාලා 2012(08). සම්පූර්ණ විනය අළලා සංක්‍ෂේපයෙන් අනුරාධපුර රාජධානිය කර ගත් හතරවැනි මිහි`දු රජු උගත් භික්‍ෂුන් ලවා විනය හැදෑරවූ බවත් ඉන් අනතුරුව අභිධර්මයට වර්ණනාවක්‌ ලියෑවූ බවත් මහාවංසයෙහි ස`දහන් බැවින් මෙම කෘතිය මිහි`දු රජුගේ අනුග්‍රහයෙන් කරවනු ලැබු කෘතියක්‌ බව අනුමාන කෙරේ (එම). වංශකතා තොරතුරුවලට අමතරව වෙනත් කෘතිවල අන්තර්ගත මේ හා සම්බන්ධ තොරතුරු ද කිහිපයකි. බුද්ධඝෝෂ හිමියන් හෙළටුවා පාලි භාෂාවට පරිවර්තනය කිරීමට ප්‍රථම මහාවිහාරික භික්‍ෂුන් විසින් පනවන ලද නියමයකට අනුව තම දැනුම ප්‍රකට කිරීම ස`දහා සිදු වූ බවත් එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් විශුද්ධි මාර්ගය නම් ග්‍රන්ථය ලියවූ බවත් ස`දහන් වේ. මෙය වූ කලී මුළු ත්‍රිපිටක බුද්ධ ධර්මය පි`ඩු කොට දක්‌වමින් ලියන ලද ග්‍රන්ථයකි. මෙම ග්‍රන්ථය ලිවීමේ දී විමුක්‌ති මාර්ගය නම් හෙළ පොතක්‌ උපයෝගී වූ බව විශුද්ධි මාර්ගයේ ස`දහන් වේ (සුරවීර 1959(70). බුද්ධඝෝෂ හිමියන් විසින් ලංකාවේ දී රචිත ග්‍රන්ථ වශයෙන් තවත් කිහිපයක්‌ හ`දුනාගත හැකිය. සමන්තපාසාදිකාව, කංඛාවිතරණී, සුමංගල විලාසිනි, පපඤ්චසුදනී, සාරත්ථප්පකාසිනි, මනෝරථපූරණී, අත්ථසාලිනි, සම්මොහවිනෝදිනි, පඤ්චප්පකරණට්‌ඨකතා ආදිය පෙන්වා දිය හැකිය (එම). එපමණක්‌ නොව පරමත්ථජොතිකා, පරමත්ථදීපානී ආදියද උන්වහන්සේගේ ග්‍රන්ථයන් ලෙස පිළිගැනේ (එම). සමන්තපාසාදිකාව වූ කලී විනය පිටකයට කළ අටුවාවයි. කංඛාවිතරණිය පාතිමොක්‌ඛයට කළ අටුවාව වේ. සුමංගල විලාසිනිය රචනා කරන ලද්දේ දීඝනිකාය අට්‌ඨකථාවක්‌ ලෙසිනි. පපඤ්චසුදනිය මඡ්Cධිම නිකායට ලියූ අට්‌ඨකථාවක්‌ වන අතර සංයුක්‌ත නිකායේ අට්‌ඨකථාව වනුයේ සාරත්ථප්පකාසිනියයි. උන්වහන්සේ විසින් අංගුත්තර නිකායට ලියූ අටුවාව මනොරථපූරණිය වේ. ධම්මසංගිනි හා විභංග යන අභිධර්ම ග්‍රන්ථවලට ලියන ලද අටුවා දෙක වූයේ පිළිවෙළින් අත්ථසාලිනි හා සම්මොහවිනොදිනියයි (එම). බුද්ධඝෝෂ හිමියන් විසින් රචනා වූ මෙම ග්‍රන්ථ හේතුවෙන් මෙරට සාහිත්‍යය තවත් පුළුල්වීම හ`දුනා ගත හැකිය. සම්පූර්ණ ත්‍රිපිටකයටම අටුවා ලියා අවසන් කිරීමට උන්වහන්සේට නුපුළුවන් වූ නමුත් උන්වහන්සේ නිසා ඇති වූ සාහිත්‍ය ප්‍රබෝධය බුද්ධදත්ත, ධම්මපාල ආදී අනෙක්‌ අර්ථකථාචාර්යයන් විසින් නොනවත්වා ම පවත්වාගෙන යන ලදී (එම). පොළොන්නරු යුගයේ දී වාචිස්‌සර හිමියන් පාලි ථූපවංශය රචනා කරන කල්හි පැරණි ඇඳුරන් විසින් කරන ලද සිංහල ථූපවංශය නම් කෘතියක්‌ වූ බව කියෑවේ (රත්නමාලා 2012(08). පාලි මහාවංශ ටීකාවේ ස`දහන් වන්නේ සීහලට්‌ඨකතා මහාවංශය නම් වූ සිංහල අටුවාවක්‌ පැවති බවයි. මහාවංස ටීකාව ලෙස හැ`දින්වෙන වංසත්ථප්පකාසිනිය අට හෝ නවවන සියවසේ දී රචිත ග්‍රන්ථයක්‌ ලෙස සැලකේ. එමෙන්ම මේ වකවානුව තුළදීම ලියෑවුණු ග්‍රන්ථයක්‌ වශයෙන් සහස්‌සවත්ථූපකරණය ද හ`දුනා ගත හැකිය (එම).

    තත් සාහිත්‍යය කෙරෙන් ප්‍රකට වන විශේෂතා වනුයේ තත් යුගයේ ගද්‍ය සාහිත්‍යය වඩාත් ධර්මයට නැඹුරු වූ බව, රජවරුන් පවා සාහිත්‍යකරණයෙහි නියෑ`ඵණු බව හා විශේෂයෙන් ම භික්‍ෂුන් කේන්ද්‍ර කරගත් සාහිත්‍යකරණය යන ලක්‍ෂණයි.

    අනුරාධපුර යුගයේ පද්‍ය සාහිත්‍යය පිළිබ`දව විමර්ශනය කිරීමේ දී දැනට විද්‍යමාන ලේඛනගත ග්‍රන්ථය වනුයේ ක්‍රි. ව. 09 - 10 සියවස්‌ අතර සේන නම් රජු විසින් ලියන ලද දණ්‌ඩින්ගේ කාව්‍යාදර්ශයේ අනුවාදයක්‌ ලෙස සැලකෙන සියබස්‌ලකරය (සුරවීර 1959(64). මෙහි ස`දහන් ආකාරයට මෙය ලියන ලද්දේ සකු නොදත් පිරිස්‌ උදෙසාය (එම). පාලි, සංස්‌කෘත උගත් උසස්‌ පෙළේ ජනයා පමණක්‌ නොව සංස්‌කෘත නොදත් අවශේෂ ජනයා ද සාහිත්‍යයට ඇල්මක්‌ පැවති බවට එය කදිම නිදර්ශනයකි. එපමණක්‌ නොව සකු බසින් රචිත පද්‍ය ග්‍රන්ථයක්‌ සිංහලයට පරිවර්තනය කිරීම ම`ගින් ප්‍රකාශ වනුයේ මෙකල සාහිත්‍යයේ පැවති දියුණුව, වර්ධනය නොවේද?. මෙම ග්‍රන්ථයෙහිම අභයගිරි විහාරයට අයත් කලාගුරු සුළුපායෙහි විසූ කල්‍යාණමිත්‍ර ස්‌ථවිරයන් විසින් ලියූ පද්‍ය ග්‍රන්ථයක්‌ පිළිබ`ද ස`දහනක්‌ ඇත (සුරවීර 1959(65). අනුරාධපුර යුගයේ පද්‍ය සාහිත්‍යය හා බද්ධ කළ හැකි සාක්‍ෂි ශිලා ලේඛනවල දක්‌නට ලැබේ. මෙය පොදු සන්නිවේදන කාර්යයේදී පද්‍ය මාර්ගය උපයෝගී කරගත් බවට සාධකයකි. කොස්‌සගම කන්ද විහාර ලිපිය, කිරින්ද ලිපිය, තිස්‌සමහාරාම ලිපිය මේ ස`දහා නිදර්ශන වේ (චන්ද්‍රසිරි 2001(21). මෙම ලේඛනවල යාගී, උද්ගී, ගී විරිත ගී යන විරිතින් බැ`දී ඇත (එම). පොදු ජනයාට යම් පොදු පණිවිඩයක්‌ දැනුම් දෙනු ලබන මූලිකම සන්නිවේදන කාර්යය ස`දහා පවා පද්‍ය උපයෝගී කර ගැනීම අනුරාධපුර යුගයේ දී සාහිත්‍ය දියුණුවට පත් වූ බවටත් පොදු ජනයා අතර පවා එය ප්‍රචලිත වූ බවටත් කිව හැකි සාක්‍ෂියකි. බුද්ධඝෝෂ හිමියන්ගේ අටුවා අතර සුත්ත නිපාතයේ පරමත්aත ජෝතිකා අටුවාවේ ස`දහන් ආකාරයට සිංහල දීපයේ මාර්ගයේ පසෙක ගොයම් රකින කාන්තාවන් සිංහලෙන් ගැයූ ඉපදීම, ජරාවට පත්වීම හා මරණය ආදී කරුණු ඇතුළත් ගී අසා භික්‍ෂුන් පිරිසක්‌ රහත් වී ඇත (රත්නමාලා 2012ඃ08). කෝට්‌ටේ සමයේ රචිත ලෝවැඩ ස`ගරාවෙහි ද තත් සිදුවීම ස`දහන්ය (එම). මේ අනුව ප්‍රත්‍යක්‍ෂ වනුයේ කවියා සාමාන්‍ය ජනයා අතරට ගමන් කළා සේම බුදුදහමේ සාරාර්ථය වූ ත්‍රිලක්‍ෂණය පද්‍යයට නැඟීමෙන් හා එය ගැයීමෙන් ස`ග ගණ රහත් බවට පත්කිරීමෙහිලා භාවනාවක්‌ වීමට තරම් මෙකල සාහිත්‍යය ලබා තිබු දියුණුවත්, සාහිත්‍යය සමාජගතව පැවති බවත්ය. ක්‍රි. ව. හතරවන සියවසේ දී රචිත දීපවංශය වූ කලී පද්‍ය සාහිත්‍යයට අයත් ග්‍රන්ථයකි (සුරවීර 1959(69). කිත්සිරිමෙවන් රජු දවස දඹදිව කලිඟු රටින් දළදා වහන්සේ මෙහි වැඩම කරවනු ලැබීමේ පුවත ඇසුරෙන් එ`ඵ දළදා වංශය නම් ග්‍රන්ථයක්‌ රචිත බව චූලවංශයේ ස`දහන් වේ (සුරවීර 1959(57). එමෙන්ම ක්‍රි.ව. පස්‌වැනි සියවසේ දී මහානාම හිමියන් විසින් රචිත මහාවංශය ද කලාත්මක කාව්‍ය නිර්මාණයක්‌ ලෙස පෙන්වා දිය හැකිය. අලංකාරවත් යෙදුම්වලින් යුතු මෙය වීර කාව්‍යයක ස්‌වරූපය ගනී (සුරවීර 1959(69). ඒ අනුව මෙම කාලය වන විට කවීත්වය පිළිබ`දව, සාහිත්‍යකරණය පිළිබ`දව මනා දැනුමක්‌ පැවතී ඇත.

    ක්‍රි.ව 7,8,9 සියවස්‌වලට අයත් සීගිරි ගී වූ කලී අනුරාධපුර සමයේ පද්‍ය සාහිත්‍යය පිළිබ`ද වැදගත් තොරතුරු හෙළි කරවන ප්‍රදීපස්‌ථම්භයක්‌ බ`දුය (රත්නමාලා 2012(08). සීගිරි පර්වතය මුදුනට නැඟී හාත්පසින් දිස්‌වෙන සුන්දරත්වයෙන් හා එහි ඇති සිතුවම් දැකීමෙන් වශීකෘතව මනරම් සිතිවිලි ඇති කරගත් රසඥයන් විසින් ගෙත්තම් කරන ලද මෙම සීගිරි ගී හයසිය අසූපහක්‌ දැනට හ`දුනාගෙන ඇත. සීගිරි ගී ලියූ ලියූ රසවතුන්ගෙන් තුන්සිය පනස්‌ හතක්‌ වූ පිරිස සිය අනන්‍යතාව හෙළිකර ඇත. තවත් එබ`දුම ගී ප්‍රමාණයක කර්තෘහු අඥාතය (එම). සීගිරි කවීන් අතර භික්‍ෂුන්, රජවරුන්, කුමාරවරුන්, ඈපාවරුන්, ලිපිකරුවන්, ලේඛකාධිකාරීන්, ගුරුවරුන්, කවීන්, වෙළෙන්දන්, වෛද්‍යවරුන්, රාජ්‍ය සේවකයන්, ග්‍රාම නායකයන්, වෙනත් ප්‍රභූන්, පිරිවෙන් හා විහාරවාසීන්, පිරිවෙන් කරවූවන් හා උසස්‌ කාන්තාවන් ද වූ බව ද මහාචාර්ය ගම්ලත් ප්‍රකාශ කරයි (එම). සීගිරි කවීන්ගේ වර්ගීකරණයට අනුව අනුරාධපුර යුගයේ දී සමාජයේ විවිධ තරාතිරම්වල බොහෝ පිරිස්‌ අතරට කවිය ගමන් කර තිබූ බව හ`දුනාගත හැකිය. සීගිරියේ බොහෝ පද්‍ය කවියාගේ සිතින් නිතැතින්ම ගලා ආ භාව පද්‍ය විය. මෙම ගීතවල දක්‌නට ලැබෙන උපමා, රූපක හා සංකේත ම`ගින් සාහිත්‍ය කලාවේ දියුණුව නිහ`ඩව ප්‍රකාශ වේ. සීගිරි ගී අධ්‍යයනය කිරීමේ දී එහි සම්ප්‍රදායන් දෙකකට අයත් කවි හ`දුනා ගත හැකි බව ඒ. වී. සුරවීර ප්‍රකාශ කරයි (සුරවීර 1959(60). එයින් පළමු වැන්න පොදු සම්ප්‍රදාය හෙවත් උගතුන් විසින් ගරු කරනු ලබන අලංකාර ආදිය ගැන තැකීමක්‌ නොකොට ලියන ලද සරල ගීය. දෙවැන්න නම් උගත් සම්ප්‍රදාය හෙවත් සංස්‌කෘත අලංකාර රීතීන් ගැන ද සැලකිල්ලක්‌ දැක්‌ වූ උගතුන්ගේ පද්‍ය බන්ධනයයි (එම). සීගිරියේ නොයෙක්‌ ගී හා එළිසම වෘතයන්ගෙන් බැ`දි පද්‍ය පමණක්‌ නොව සැහැලි ද දක්‌නට ඇත. වැඩි වශයෙන් සීගිරි ගී නිර්මාණය වී ඇත්තේ යා ගී විරිතෙන් බැ`දි පද්‍යයන්ගෙන්ය (චන්ද්‍රසිරි 2001(48). ඊට අමතරව කව් ගී, දුව`ග ගී, යොන් ගී, උමතු ගී ආදියෙන් ද ලියවී ඇත (එම). මේ ආකාර ලක්‍ෂණයන් සහිත සීගිරි ගී වනාහී මෙරට අනුරාධපුර යුගය තුළ පද්‍ය සාහිත්‍යයේ පරිච්චින්නභාවය විද්‍යමාන කරන තවත් එක්‌ නිදර්ශනයකි.

    අනුරාධපුර යුගයේ විසූ කවිකාර රජවරුන් පිළිබ`ද තොරතුරු කිහිපයක්‌ම මහාවංශයේ අන්තර්ගත වේ. මෙහි කතුවරයා දෙවැනි මුගලන් හ`දුන්වා ඇත්තේ අසදෘශ කවියකු වශයෙඩි (රත්නමාලා 2012(08). එනම් අසහාය කවියකු ලෙසයි. එබ`දු ප්‍රතිභාවකින් යුත් පාලකයකුගේ සමයේ දී සාහිත්‍යය ප්‍රවර්ධනය විය නොහැකිද?. මෙම රජතුමා දහම් කවි බැ`ද ඇත් කුඹෙහි තබා රාත්‍රි ධර්ම දේශනාවසානයෙහි නගරය සිසාරා කියවා ඇත (එම). එතුමා විසින් ලියන ලද එම දහම් පද රචනා දෘශ්‍යමාන නොවුණද මෙමගින් අනාවරණය වන්නේ එම යුගයේ දී සාමාන්‍ය ජනයා කවි අසා තේරුම් ගැනීමේ හා රස වි`දගැනීමේ හැකියාවෙන් යුතු වූ කවියට ප්‍රිය කළ පිරිසක්‌ වූ බවයි. මහාවංශය සිව්වැනි සේන රජු හ`දුන්වනු ලබන්නේ ව්‍යක්‌ත මහා කවියෙකු වශයෙනි (එම). ක්‍රි.ව හයවැනි සියවසෙහි අනුරාධපුරය රාජධානිය කරගත් පළමු අග්බෝ රජු ශ්‍රේෂ්ඨ කලා රසිකයෙකු බවත් ඔහුගේ රාජ සභාවෙහි දොළොස්‌ මහා කවීන් විසූ බවත් ඔවුනතින් කව්ලැකියෙන් විසිතුරු කව් පොත් පබැ`දුණු බවත් චූලවංශය හා වෙනත් ග්‍රන්ථයන්හි ස`දහන් වේ(සුරවීර 1959(58). මෙම කවීන් පිළිබ`ද නිකාය සංග්‍රහයේ හා පූජාවලියේ ස`දහන් තොරතුරු අනුව එම කවීන් ලෙස සක්‌දාමලය, අසත්දාමලය, දෑමීය, බෑබිරිය, දළ බිසෝය, අනුරුත් කුමරුය, දළගොත් කුමරුය, දළසල කුමරුය, කිත්සිරි කුමරුය. පුරවඩු කුමරුය, සූරිය බාහුය, කසුප් කොට ඈපාය වශයෙන් නම් කර ඇත (එම). දඹදෙණි රාජ්‍ය අවධියේ රචනා වූ සිදත් ස`ගරාවේ ඇතුළත් වන -තමා වදනය පොමින් - නොඉකතැයි හැංගෙ" යන උද්ධෘතය අසක්‌දා කවෙන් ගත් පාඨයක්‌ බව සිදත් ස`ගරා පුරාණ සන්නයෙහි ස`දහන් වෙයි (විමලවංස 2000(310). මෙම අසක්‌දා කව ලියන ලද්දේ අග්ගබෝධි රාජ සභාවේ කවියෙකු වූ අසක්‌දාමල නමැත්තා විසින් විය හැකිය (එම).

    ඉහතින් ස`දහන් කරන ලද ආකාරයට අනුරාධපුර යුගයේ පද්‍ය සාහිත්‍යය පිළිබ`දව දැනට විද්‍යමාන ලේඛනගත ග්‍රන්ථය වන අනුරාධපුර අවසාන අවධියේ දී රචිත සියබස්‌ලකර ග්‍රන්ථය ම`ගින් පැහැදිලි වනුයේ වර්ධනීය පද්‍ය සාහිත්‍යයක හැඩහුරුකමයි (සුරවීර 1959(64). එකල ශිල්පායතන ම`ගින් කාව්‍ය රචනා කිරීම, රස වි`දීම හා විචාරයට හසු කිරීම ආදී ක්‌ෂේත්‍ර සම්බන්ධව ම`ගපෙන්වීමක්‌ සිදු වන්නට ඇත. එහිදී මතු වූ සමාජ අවශ්‍යතාවයක්‌ සම්පූර්ණ කරමින් කාව්‍යයේ ස්‌වභාවය මෙසේ විය යුතු යෑයි උපදෙස්‌ සපයන කාව්‍යාදර්ශය සියබස්‌ලකර නමින් සිංහල භාෂාවට පරිවර්තනය වන්නට ඇත. සංස්‌කෘත පද්‍ය කාව්‍යයක්‌ සිංහල භාෂාවට පරිවර්තනය කිරීම තුළින් පැහැදිලි වන්නේ ඒ ස`දහා මහා පරිචයක්‌ ලත් ශාස්‌ත්‍රවන්තයන් මෙකල ජීවත් වූ බවත්, පරිවර්තන පද්‍යයක්‌ කිරීමට තරම් උචිත වූ සිංහල භාෂාවේ ඇති සුඛනම්‍ය බවත්ය.

    අනුරාධපුර යුගයේ සාහිත්‍ය සම්බන්ධයෙන් මෙතෙක්‌ සිදු කළ විමර්ශනයට අනුව දෘශ්‍යමාන සාධක අල්පයක්‌ පමණ පැවතියේ වුවද දායක කරගත හැකි අවශේෂ සාධක ම`ගින් තත්කාලීන සාහිත්‍යයට සම්බන්ධ විශේෂතා රැසක්‌ හ`දුනාගත හැකිය. මහින්දාගමනයෙන් පසුව බුදුදහමේ ආභාසයෙන් සාහිත්‍යයේ මූලාරම්භය සිදු වන අතර ගද්‍ය සාහිත්‍යය සුවිශේෂ පිරිසක්‌ වටා ගොනුවීමක්‌ දැක ගත හැකිය. තත් සාහිත්‍යය කෙරෙන් ප්‍රකට වන විශේෂතා වනුයේ තත් යුගයේ ගද්‍ය සාහිත්‍යය වඩාත් ධර්මයට නැඹුරු වූ බවත්, රජවරුන් පවා සාහිත්‍යකරණයෙහි නියෑළුණු බවත්, භික්‍ෂුන් කේන්ද්‍ර කර ගත් සාහිත්‍යකරණයත් ය. නමුත් පද්‍ය සාහිත්‍ය රජවරුන්, භික්‍ෂූන්, කවීන් මෙන්ම පොදු ජනයා අතර ද ප්‍රචලිතව තිබූ බව, කාව්‍ය රස වි`දීම, විචාරය හා ඡන්දස්‌ ආදිය සම්බන්ධ දැනුම සහිත ශාස්‌ත්‍රීය වශයෙන් ස්‌ථාපිත වූ කාව්‍ය සම්ප්‍රදායක්‌ ගොඩනැගී තිබූ බව ඉහත විමර්ශනය තුළින් නිගමනය කළ හැකිය. අනුරාධපුර සමයේ දී ලියෑවුණු සාහිත්‍ය කෘති අතරින් මේ දක්‌වා ශේෂව ඇත්තේ කෘති අතළොස්‌සක්‌ වුවද අල්පතර වූ ඒ කෘති කිහිපයකට වඩා ගද්‍ය හා පද්‍ය කෘති රචනා වූ බවත්, එම කෘති විවිධ හේතු මත අභාවයට පත්වන්නට ඇති බවත් මෙහිදී නිගමනය කළ හැකිය.

    ආශ්‍රිත ග්‍රන්ථ

    1. මහාවංසය , 2003, (සංස්‌) කිරම විමලජෝති ස්‌ථවිර, බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය, දෙහිවල.

    2. චන්ද්‍රසිරි දොරවක යසකුල, සිංහල සෙල්ලිපි ගී, 2001,

    3. විමලවංස බද්දේගම, අපේ සංස්‌කෘතිය, 2000, සමයවර්ධන පොත්හල, කොළඹ 10.

    4. සුරවීර ඒ. වී. අනුරාධපුර සංස්‌කෘතිය, 1959, ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10.