අනුර කුමාර දිසානායක
අනුර දිසානායක කියන්නෙ කවුද..?
මගේ උපන්ගම ගලේවෙල දේවහුව.
මාතලේ දිස්ත්‍රික්කයේ?
ඔව්. ඒ වුණත් බොහොම වියළි දේශගුණය තියෙන පළාතක්.
ඔබේ පියා?
කම්කරුවෙක්. නම ඩී.එම්. රම්බණ්ඩා.
මව?
මගේ මව සාමාන්‍ය ගැමි කාන්තාවක්. නම සීලවතී.
ඔබේ ගෙවල් තිබුණෙ දේවහුව ජලාශය කිට්ටුවද?
මගේ උපන් ගම දේවහුව වුණාට අවුරුදු 4ක් විතර වයසෙදි කැකිරාව කිට්ටුව ආඬියාගල කියන ගමේ පදිංචියට ගියා.
ඔබ පාසල් ගියේ කොහෙද?
1972දී අපේ පවුලේ අය තඹුත්තේගම මහවැලි එච් කලාපෙ පදිංචි වුණා.
කවුද පවුලේ හිටියේ?
අම්මත්, තාත්තත්, අක්කත්, මමත්.
එතැනින් එහාට පාසල් ජීවිතය?
මගේ පාසල් ජීවිතය සම්පූර්ණයෙන්ම තඹුත්තේගම ගාමිණී විද්‍යාලයට සීමා වුණා. අපි තමයි ගාමිණී විද්‍යාලෙ අන්තිම 10 පන්තියේ ළමයි.
ඇයි ඔබ එහෙම කියන්නේ?
අපි 10 වසරට යද්දී තඹුත්තේගම ගාමිණී විද්‍යාලය ප්‍රාථමික විද්‍යාලයක් කළා. තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයක් ඇති කළා. මම උසස් පෙළ විභාගය කළේ ඒ මධ්‍ය මහා විද්‍යාලයෙන්.
ඔබ සෙන්ට්‍රල් එකේ පළමු ඒ ලෙවල් ශිෂ්‍ය කණ්ඩායමේ?
ඔව්. ගාමිණී විද්‍යාලෙ අවසාන ඕ ලේවල් කණ්ඩායමත් මධ්‍ය විද්‍යාලෙ පළමු ඒ ලෙවල් ශිෂ්‍ය කණ්ඩායමත් මා නියෝජනය කළා.
උසස් පෙළ ඔබේ විෂය ධාරාව?
විද්‍යා ගණිතය විෂයයන් කළේ. සාමාන්‍යයෙන් ගාමිණී විද්‍යාලයේ විද්‍යා විෂයයන් කරන ළමයි අනුරාධපුර පාසලකට යෑම සිරිතක් වශයෙන් පැවතියා. නමුත් තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලය ආරම්භ කිරීමෙන් පස්සේ එලෙස යෑම වැළැක්වුවා. නමුත් මුදල් තිබෙන පවුල් කීපයක ළමයි පාසලෙන් ඉවත්ව ගියා. අපිට එහෙම යන්න තත්ත්වයක් තිබුණේ නැහැ. අපි මධ්‍ය මහා විද්යාලෙම උසස් පෙළ විභාගය කළා පළමු ශිෂ්‍ය කණ්ඩායම හැටියට.
ගණිතය උසස් පෙළට කරන්න මධ්‍ය විද්‍යාලෙ පහසුකම් තිබුණද?
නැහැ. පහසුකම් තිබුණේ නැහැ. සමහර ගුරුවරු අපට කිව්වා ඔයගොල්ලො මේ ඉස්කෝලේ විද්‍යාව කරන්න හිතන්න එපා, ඔයාලව ගන්නේ පරීක්ෂණවලට ගන්න ගෙම්බො වගේ අත්හදා බැලීමක් කරන්න. ඒකට අහුවෙන්න එපා කියලා.
ඒත් ඔබ ඇතුළු ළමයි කීපදෙනා විද්‍යා අංශයෙන් උසස් පෙළ කළා?
ඔව්… සාමාන්‍ය පෙළ ඉතා හොඳ ප්‍රතිඵල ගත් දක්ෂ ළමයි හිටියා.
සයන්ස් පන්තිවලට ගුරුවරු හිටියේ නැද්ද?
ගුරුවරු හිටියේ නැහැ. එක ටීචර් කෙනෙක් පමණයි විද්‍යා ගණිත විෂයයන්වලට හිටියේ. ඇය විශාල උනන්දුවකින් අපට ඉගැන්නුවා. මඟ පෙන්නුවා. එතුමියගේ නම කේ. ශාමිනී. පසුගිය කාලෙ හොරණ ශ්‍රී පාලියේ උගන්වමින් හිටියා.
සාමාන්‍ය පෙළ පන්තිවලදී?
සාමාන්‍ය පෙළ කරද්දී කහවල කියලා ටීචර් කෙනෙක් හිටියා.
උසස් පෙළ කරන්න එක ගුරුවරියකට පුළුවන් වුණාද?
කහවල ටීචර් විවාහ වෙලා සිටියේ තඹුත්තේගම තැපැල් ස්ථානාධිපති සමඟ. තඹුත්තේගම නගරයේ එවකට තිබූ විශාලම ගොඩනැඟිල්ල තැපැල් කාර්යාල ගොඩනැඟිල්ලයි. ටීචර් පදිංචිව සිටියෙත් එහෙමයි. අපිට අමතර පන්ති තිබ්බෙත්, අපි පාඩම් කළෙත් විභාගෙ දවස්වල කෑවේ බිව්වෙත් ටීචර්ලාගෙ ගෙදරින්. ඇත්ත කියනවා නම් ඇය අපට වඩා උනන්දු වුණා.
අපට ඉඩ පහසුකම් ඇති ගෙයක් තිබුණේ නැහැ. ගෙදර කුප්පි ලාම්පුව පත්තු කළේ. ටීචර්ගෙ සහයෝගය ලොකු හයියක් වුණා.
උසස් පෙළ එකවර සමත් වුණාද?
ඔව්… මම කිසිම විභාගයක් දෙවරක් කරලා නැහැ. උසස් පෙළ සමත් වුණා. පන්තියේ වෙන කිසිම ළමයෙක් විභාගෙ පාස් වුණේ නැහැ.
මේ කාලේ ඔබේ ගෙදර ආදායම් මාර්ග මොනවාද?
අප්පච්චි මැනුම් කම්කරුවෙක් හැටියට වැඩ කළේ. ඔහුගේ මාසික වැටුප මට මතක විදියට රුපියල් 420ක් විතර ඇති. එය තමයි මුදලක් හැටියට ගෙදරට ලැබුණේ.
කුඹුරු ගොවිතැන් කළේ නැද්ද?
අපි එච් කලාපෙ පදිංචි වුණාට අපට මුලින් මහවැලි ඉඩම් ලැබුණේ නැහැ. ඉඩම් ලැබුණෙ 1984දී තරම්.
ඔබත් කුඹුරු ගොවිතැනට සම්බන්ධ වුණාද?
ඔව්.. මම දක්ෂ ගොවියෙක්. මම පාසල් යද්දීම අප්පච්චි එක්ක කුඹුරු ගොවිතැන් කළා. ඊට අමතරව අපි හේන් ගොවිතැනත් කළා. ඔය දෙකම මට හොඳට හුරුයි. අධ්‍යාපන කටයුතු කළේ ගොවිතැන් වැඩට මැදිහත් වෙමින්.
උසස් පෙළ ප්‍රතිඵල එනකොට මොකක්ද ඔබේ තත්ත්වය?
ඇත්තටම ප්‍රතිඵල නිකුත් වෙද්දි මම ගෙදර හිටියේ නැහැ. මම එතකොට ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෙලා පූර්ණකාලීනයකු ලෙස විප්ලවවාදී ව්‍යාපාරයේ වැඩ කරන්න ගෙදරින් පිටවෙලා ගිහින්.
ඔබ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වුණේ කොයි අවුරුද්දෙද?
1987දී මම පක්ෂයට සම්බන්ධ වුණා.
ඒ කියන්නේ සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙන ගනිද්දිද?
ඔව්…
ඔබේ ගෙදර තිබුණු දේශපාලන පසුබිම මොකක්ද?
එහෙම විශේෂ දේශපාලනයක් ගෙදර තිබුණේ නැහැ.
ඔබ මුලින්ම ශිෂ්‍ය ව්‍යාපාරයට සම්බන්ධ වුණා?
කොහොමත් පාසල් රැඩිකල් ශිෂ්‍ය කණ්ඩායමේ නායකයෙක් හැටියට මට පසුබිමක් තිබුණා. අපි පාසල් ජීවිතය ඇතුළේ සිදුවූ යම් යම් අසාධාරණයන්ට එරෙහිව නැඟී සිටියා. අපිට ප්‍රමාණවත් ගුරුවරු නැති අවස්ථාවේ අපි අනුරාධපුර අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළා. කොහොමත් සටන්කාමී නායකත්වයක් අපේ ඔළු තුළ ගොඩනැඟී තිබුණා.
ඒක කොහොමද ජනතා විමුක්ති පෙරමුණ සමඟ සම්බන්ධ වෙන්නේ?
එප්පාවල, රාජාංගණය, ගල්නෑව වගේ අවට පළාත්වල මේ වෙනකොටත් ජනතා විමුක්ති පෙරමුණේ ශක්තිමත් සංවිධාන ජාලයක් ගොඩනැඟී තිබුණා. එහි ආස්වාදය තුළ අපි ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය අංශය සමඟ එකතු වුණා.
ඔබ පළමුවෙන්ම රෝහණ විජේවීර දුටුවේ කවදාද?
1982 අවුරුද්දේ තඹුත්තේගම නගරයේ රෝහණ විජේවීර සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමක් තිබුණා. ඒ රැස්වීමේ මුලසුන දැරුවෙත් අපේ ඉස්කෝලේ ගුරුවරයෙක්. ඒ රැස්වීම බලන්න අපේ මාමා කෙනෙක් ආව දේවහුව ඉඳන්. මම මාමාත් එක්ක රැස්වීම බලන්න ගියා. එතකොට මම හත වසරේ විතර හිටියෙ. විජේවීර සහෝදරයා පිළිබඳ මගේ මුල්ම මතකය එයයි.
ගෙදරින් දැන සිටියාද ඔබ පූර්ණකාලීන දේශපාලන කටයුතුවල නිරත වන බව?
ඔව්… අපේ නිවෙසේම මගේ ඥාති සහෝදරයෙක් සිටියා. ඔහු පක්ෂයේ වැඩ කළා. අපි දෙදෙනාම ෆුල් ටයිම් වැඩ කළා. මම ශිෂ්‍ය අංශයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩ කරමින් සිටියේ.
1989 වෙද්දි දැවැන්ත භීෂණයකට ජනතා විමුක්ති පෙරමුණ ගොදුරු වුණා. ඔබ මුහුණ දුන් අත්දැකීම් කුමක්ද?
අපේ පවුලේ අය පදිංචිව සිටි නිවෙස ගිනි තැබුවා. අම්මත් අප්පච්චිත් තඹුත්තේගම අතහැර ගියා. ඒ වනවිට අක්කා විවාහ වී නිවෙසින් පිටව ගිහින් තිබුණේ.
අම්මත් අප්පච්චිත් කොහොමද ඒ කාලේ ජීවත් වුණේ?
මුල් කාලෙ පක්ෂයට සම්බන්ධකම් තිබූ උදවිය කැලෑ වැදුණා. පසුව අම්මලා අපේ මුල් ගම වූ ආඬියාගලට ගිහින් ඥාතියකුගේ නිවෙසේ ජීවත් වුණා.
ඔබත් සමඟ නිවෙසේ සිටි ඥාති සහෝදරයාට මොනවද සිදුවුණේ?
ඔහු අපේ පුංචි අම්මාගේ පුතා. අපේ ගෙදරමයි හැදුණේ. ඔහු අතුරුදන් වුණා. ඔහු ජීවතුන් අතර නැති බව අම්මලාට කියන්න හැකියාවක් මට තිබුණේ නැහැ. පුංචි අම්මලා අවුරුදු ගාණක්ම ඒ නැතිවුණු සහෝදරයාව සොයන්න වෙහෙසුණා. විවිධ පිළිවෙත් ඔස්සේ ගියා. දේවාල කෝවිල් ගාණේ බාර හාර වුණා. දැන් නම් අයියා නැති බව ඔවුන් දන්නවා.
ඔබ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ කවදාද?
මගේ විශ්වවිද්‍යාල ප්රවේශයේ ලියකියවිලි පවා ලැබී තිබුණේ තඹුත්තේගම තැපැල් කන්තෝරුවේ ශාමිනී ටීචර්ලාගේ ගෙදරට. මට ඒ වකවානුවේ තඹුත්තේගම නගරයට එන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ නැහැ. ටීචර් තමයි මට ඒ කටයුතු කරගන්න උදවු කළේ. 1991 අවුරුද්දෙ මම පේරාදෙණියෙ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. මාස කීපයයි හිටියේ.
එතැනින් එහාට අධ්‍යාපන කටයුතු කරගන්න පුළුවන් වාතාවරණයක් තිබුණද?
පේරාදෙණියෙ ඉන්න අසීරු තත්ත්වයක් ඇතිවුණා. ඉන්ජිනේරු පීඨයේ අවුරුද්දක කාලයක් හිටියා. ප්‍රශ්න මතුවුණා. 1991 අග හරියෙ කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. කැලණියට ඇතුළත් වුණාට පස්සේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න අවකාශය ඇති වුණා.
විශ්වවිද්‍යාල ජීවිතය තුළදී දේශපාලන වැඩවලට තිබූ සම්බන්ධතාව කුමක්ද?
කෙටි කාලයක් සම්බන්ධතාවන් ගිලිහී ගොස් තිබුණා. එයට හේතුව වුණේ පක්ෂයේ නායකත්ව කේඩරය සම්පූර්ණයෙන්ම විනාශ වීමත් ප්‍රාදේශීය මට්ටමේ නායකයන් වැඩි පිරිස මරණයට පත්වීමත් තවත් අය සිරගත වීමත් තුළ බිඳී විසිරී යෑමයි. 1992 අග හරියේ මට නැවැත ටෙරන්ස් කියන සහෝදරයා හමුවුණා. අපි නැවැත පක්ෂය ගොඩනැඟීම පිළිබඳව අපේ මට්ටමින් සාකච්ඡා ආරම්භ කළා. නමුත් අපි සුළු පිරිසක් අතර ගුළියක් හැටියටයි ඒ කටයුතු සිදු වුණේ.
මේ වෙනකොට ඔබේ මවුපියන් පදිංචිව සිටියේ කොහේද?
අප්පච්චිල නැවත තඹුත්තේගමට ඇවිදින් අපේ ගිනි තබා විනාශ කර දමාපු නිවෙස තිබූ ඉඩමෙම කුඩා කාමරයක් හදාගෙන එහි පදිංචිව සිටියා. තඹුත්තේගම රජයේ සමහර අංශ මා ගැන සෝදිසියෙන් සිටීමත් මර්දනයේ හස්තය තවදුරටත් ක්‍රියාත්මකව පැවතීමත් නිසා මට එහි යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මම පැමිණ යනවාට අප්පච්චිලා බිය වුණා. කොහොම වුණත් 1993දී මගේ අප්පච්චි නැති වුණා.
ඔබ අවමංගල්‍ය උළෙලට සහභාගි වුණාද?
මේ වෙනකොට සාමාන්‍ය නෑදෑ පිරිස් පවා සිතා සිටියේ මා ජීවතුන් අතර නැති බවයි. ඒ නිසා මම කොහොමත් තඹුත්තේගම ගියේ නැහැ.
ඔබ සරසවියෙන් පිටවුණේ?
1995දී මම කැලණිය සරසවියෙන් විද්‍යාවේදී උපාධිය ලබා පිටව ගියා. මේ වෙද්දී පක්ෂයේ දේශපාලන කටයුතු ක්‍රමයෙන් පුළුල්වෙමින් පැවතියා. මගේ සම්බන්ධතාව තිබුණේ ශිෂ්‍ය අංශය සමඟ. අපට විශාල දේශපාලන කාර්යභාරයක් පැවරී තිබුණේ නැහැ. අපි සමාජවාදී ශිෂ්‍ය සංගමය නැවත ගොඩනැඟීමේ කටයුතුවල නිරතව සිටියා.
උපාධිය ලබා සිටි ඔබ ඇයි රැකියාවක් සොයාගන්න තීරණය නොකළේ?
අති විශාල සංහාරයක් තුළින් අපේ සහෝදරවරු දහස් ගණනක් මරා දමා තිබුණා. අපේ ජීවිත කාලය තුළ අපට හමුවූ උදාර මිනිසුන් අප හැරගොස් තිබුණා. නමුත් ඔවුන්ගේ හදවත් තුළ තිබූ ප්රාර්ථනාවල උණුසුම අපේ සිත්වලින් පහව ගොස් තිබුණේ නැහැ. ඒ ප්‍රාර්ථනා සාක්ෂාත් කළ හැකි අලුත් ලෝකය ගොඩනැඟීම සඳහා අපි කැපවිය යුතුය කියන අධිෂ්ඨානය හිතේ තිබූ නිසා මම තීරණය කළා වෘත්තීය විප්ලවවාදියකු ලෙසම ජීවිතය ඉදිරියට ගෙන යා යුතුය කියා.
එවැනි තත්ත්වයක් යටතේ යළි ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැඟෙද්දී ඔබ කොතැනද ස්ථානගත වුණේ?
පක්ෂය ගොඩනැඟීමේ මූලික සංවිධාන ව්‍යුහයන්ට අපි ක්රමානකූලව එකතු වුණා. මම සමාජවාදී ශිෂ්‍ය අංශයේ දිගටම වැඩ කරගෙන ගියා. එදා ඉදිරියෙන් වැඩ කළ සහෝදරවරු පක්ෂය නැවත ගොඩනැඟීමේ අභිලාෂය අප තුළ ශක්තිමත් කළා.
1994දී ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කරද්දී ඔබ ඒ තීන්දු ගැනීමට සම්බන්ධ වුණේ කොයි ආකාරයටද?
එදා තීන්දු ගන්නා මට්ටමේ මගේ සම්බන්ධතාවක් තිබුණේ නැහැ. නමුත් පක්ෂය මැතිවරණයට ඉදිරිපත් වෙනවාය කියන තීරණය දැනගත්විට අපි මහත් ප්‍රබෝධයෙන්, ජවයෙන් හා අධිෂ්ඨානයෙන් ඊට කැප වුණා.
ජනතා විමුක්ති පෙරමුණේ තාවකාලික වැඩ කිරීමේ මධ්‍යස්ථානයකට ඔබ අනුගත වෙන්නේ කවදා සිටද?
1995න් පසුව ඒ කියන්නේ මැතිවරණයෙන් පස්සේ.
අනුර ජනතා විමුක්ති පෙරමුණේ පළමු මහජන වේදිකාවට නැග්ගේ කවදාද?
1994 අවුරුද්දේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අඟුරුවැල්ලේ පැවැති ප්‍රසිද්ධ රැස්වීමකයි මම පළමුවරට මහජනතාව අමතා දේශපාලන කතාවක් කළේ මහ මැතිවරණයේදී අපි මල් බඳුනෙන් ඡන්දයට ඉදිරිපත්ව සිටියේ.
ඔබ ප්රචාරක අංශයේ වැඩ කරන්න කැමැත්තෙන් හිටියද?
ඒක මෙහෙමයි. අපි පක්ෂය අපට පවරන ඕනෑම වැඩකටයුත්තක් කරන අධිෂ්ඨානයේ සිටියේ. එදා පක්ෂයේ වගකීම් දරපු සහෝදරවරු මට දැන්වුවා රැස්වීමෙ කතා කරන්න. මම කතා කළා.
බිහිසුණු මර්දනීය කාල පරිච්ඡේදයකින් පස්සෙ නැවත ජනතාව අතරට යෑමේදී ඒ දුෂ්කරතාව ඔබට දැණුනෙ කොහොමද?
නැවතත් වැඩ කරන්නට පටන් ගැනීමේදී අපට විශාල ආස්වාදයක් ඇතිවුණා. එක පැත්තකින් අපි ජීවතුන් අතර නැතැයි සිතා සිටි සහෝදරවරු මේ වැඩ කිරීම තුළ නැවත හමුවුණා. සතුරා විසින් මුලිනුපුටා දැමූ ව්‍යාපාරය නැවත ජීවමානව දකින්න ලැබීමම ඒ තුළ වැඩ කරන අපට මහත් ආස්වාදයක් ගෙන දුන්නා. ජනතාව අපට දක්වන ප්‍රතිචාර කෙබඳුද යන්න වැදගත් වුණේ නැහැ. සියල්ල යහපත් තැනට පත්කර ගන්නවාය කියන නොපසුබසිනා අධිෂ්ඨානයෙන් අපි වැඩ කරගෙන ගියා.
ඔබ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක වෙන්නේ කවදා සිටද?
පක්ෂ සම්මේලනයෙන් පස්සෙ මට ඒ වගකීම පැවරුණා.
ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ඔබ මැතිවරණයකට ප්‍රථමයෙන් ඉදිරිපත් වුණේ කවදාද?
1998 අවුරුද්දේ පළාත් සභා මැතිවරණයේදී මම මධ්‍යම පළාත් සභාව නියෝජනය කරමින් තරග කළා. නමුත් පළාත් සභාවට තේරී පත්වුණේ නැහැ.
මහ මැතිවරණයකට තරග කළේ කවදාද?
2000දී මම පාර්ලිමේන්තුවට ඇතුළු වුණා ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයකු හැටියට. 2004දී තමයි පළමු වරට පාර්ලිමේන්තු මැතිවරණයකට තරග කළේ.
වියළි කලාපයේ අතිශය සාමාන්‍ය ගොවියකුගේ පුතකු වූ ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස සභාවේ අසුන් ගන්නව. මොකක්ද එදා ඇතිවූ හැඟීම?
ඇත්තටම මට කිසිම බරපතළ ලොකු හැඟීම් කිසිවක් තිබුණේ නැහැ. පක්ෂය වෙනුවෙන් මට පැවරුණු තවත් වගකීමක් මම ඉෂ්ට කරනවා කියන හැඟීම විතරයි දැනුණේ. මම මේක මට හැකි උපරිමයෙන් කරනවා කියන අධිෂ්ඨානය හිතේ තිබුණා.
පන්ති අරගලය තුළින් සමාජවාදී සමාජයක් උදෙසා තිබූ ඉලක්කය?
පක්ෂයට බලය අත්පත් කරගත යුතුය. ඒ සඳහා පක්ෂය ශක්තිවන්තව ගොඩනැඟිය යුතුය කියන ඉලක්කය අපේ හිත්වල තිබුණා. මට තිබූ එකම ප්රශ්නය මම පාර්ලිමේන්තුව තුළ මේ වගකීම ඉටුකර ගන්නේ කොහොමද කියන එක විතරයි.
ඔබ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයද?
නැහැ. 2008න් පස්සෙ තමා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා වුණේ.
2001දී ජනතා විමුක්ති පෙරමුණ චන්ද්‍රිකා සමඟ පරිවාස ආණ්ඩුවකට යනවා. ඒ ඇයි?
ප්‍රධාන හේතුව තමයි ඒ වෙනකොට එල්.ටී.ටී.ඊ. සංවිධානය කටුනායක ගුවන්තොටට ප්‍රහාර එල්ල කර රට අරාජික තත්ත්වයකට ඇද දමමින් තිබුණා. ඒ වගේම පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙනෙන සූදානමක් තිබුණා එක්සත් ජාතික පක්ෂය විසින්. එස්. බී. දිසානායක ඇතුළු කණ්ඩායම ශ්‍රී ල.නි.ප.ය අතහැර එ.ජා.ප.යට එකතු වුණා. ඔවුන් ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගේන්න තීන්දු කළා.
ජනතා විමුක්ති පෙරමුණ කුමක්ද තීරණය කළේ?
අපට පක්ෂය හැටියට ඊට විරුද්ධවන්න තිබුණා. එක්කෝ පක්ෂ වන්න තිබුණා. නැතිනම් වෙන දෙයක් වෙන්න ඉඩහරින්න තිබුණා. මෙන්න මේ අවස්ථා තුනම ඒ මොහොතේ රටට කිසිවක් ගෙනෙන, ලබාදෙන දේවල් නෙවෙයි. ඒ වගේම අනෙක් පැත්තෙන් මේ විශ්වාසභංගය තුළින් අධිරාජ්‍යවාදී වැඩපිළිවෙළක් එක්සත් ජාතික පක්ෂය හරහා දියත් වෙමින් තිබුණා. මෙන්න මෙතැනදී ජනතා විමුක්ති පෙරමුණට කල්පනා කරන්න සිදුවුණා අපි කොහොමද අප ළඟ තිබෙන මන්ත්‍රි ධුර 10 යොදාගෙන යමක් රටට කරන්නෙ කියන කාරණය.