අනුර ගේ MILCO බොරුව
================
නොහිම් සුවඳ විහිදෙන කස්තුරි නිමල
උතුම් මුව නැබෙහි තැබි බඹ නැණ විකල
විනම් මෙමට මහ බඹු පදවි යම් කල
තබම් බොරු කියන දුදන්ගේ දිව මුල
(ඉතා සුවදවත් වු , පිරිසිදු වු කස්තුරි මහා බ්‍රහ්මයා විසින් මුවන්ගේ පෙකනියේ සිහි නුවණ විකල් විමෙන් දෝ තැන්පත් කොට ඇත. යම් කාලයක මට මහා බ්‍රහ්ම පදවිය ලැබුණහොත් එම කස්තුරි බොරු බස් කියන අසත්පුරුෂයන්ගේ දිව මුලෙහි තබමි.)
- සුභාෂිතය
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර විසින් හිරු TV සලකුණ වැඩසටහනට පැමිණ ඔහු කෘෂිකර්ම අමාත්‍ය ධුරය දැරූ (2004/ 2005) අවධියේ " පාඩු ලබපු MILCO ආයතනයට මිලියන 200ක් ඉතිරි කරලා දුන්නා" යැයි අමු කෙප්පයක් දෙසා බෑවේය. අදටත් ඔහු ගේ Fcebook පිටුවේ උඩින්ම ඇත්තේ මෙම කෙප්පයයි. සුපුරුදු ලෙස ඔහු පරම සත්‍ය දේශනා කරන්නේ යැයි සිතා සිටින විචාර බුද්ධියෙන් තොර අම්බරුවන් හා රතු ගව සම්පත එය දොහොත් මුදුන් තබා සාදුකාර දී පිළිගත්තෝය.
අපි දැන් MILCO ආයතනය 2002 වසරේ සිට ලැබූ ලාභ / පාඩු විමසා බලමු.

2002 / 2003 වසර - ලාභය මිලියන 27.70

2003 / 2004 වසර - ලාභය මිලියන 38.99

2004 / 2005 වසර - ලාභය මිලියන 91.46

2005 / 2006 වසර - ලාභය මිලියන 88.80

2006 / 2007 වසර - ලාභය මිලියන 18.47

2007 / 2008 වසර - ලාභය මිලියන 104.27

2008 / 2009 වසර - ලාභය මිලියන 332.16

2009 / 2010 වසර - ලාභය මිලියන 300.75

2010 / 2011 වසර - ලාභය මිලියන 831.92

2011 / 2012 වසර - පාඩුව මිලියන 255.71

2012 / 2013 වසර - පාඩුව මිලියන 298.02

2013 / 2014 වසර - ලාභය මිලියන 140.41

MILCO ආයතනය යහපාලන ආණ්ඩුව සමයේ 2017, 2018, 2019 යන වර්ෂයන්වල මිලියන 600 ඉක්ම වු පාඩු ලබා ඇත.

2020 වර්ෂයේ MILCO ආයතනය මිලියන 400 ඉක්ම වූ ලාභයක් ලබා ඇත.
( MILCO ආයතනයේ පසුගිය වර්ෂවල ගිණුම් වාර්තා ලබා දුන් එම ආයතනයේ වත්මන් සභාපති Lasantha Biyanka Wickramasinghe මහතාට විශේෂ ස්‍තුතිය. )
MILCO ආයතනයේ ඉහත දත්තයන් අධ්‍යනය කර බලනා විට චන්ද්‍රිකා ගේ ආණ්ඩුව කාලයේ කෘෂිකර්ම ඇමති ලෙස කටයුතු කළ අනුර කුමාර MILCO ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමට විශේෂයෙන් කළ දෙයක් පෙනෙන්නට නැත. ඔහු කෘෂිකර්ම ඇමති වීමට පෙර මෙන්ම පසුත් MILCO ආයතනය ලාභ ලබා ඇත. අනුර ගේ සුප්‍රකට තර්කයට අනුව MILCO ආයතනය ලාභ ලබනා විට ඔහු කෘෂිකර්ම ඇමති වී සිටීම පමණක් සිදුව ඇත. මෙරට රතු ගව සම්පත සිතනා ආකාරයට MILCO ආයතනය ගොඩ දැමූ විශ්මකර්ම පුත්‍රයා අනුර කුමාර ය. ඕනෑම කෙප්පයක් හිස් මුදුනින් පිළිගැනීමට 3% ක පමණ ගව සම්පතක් සිටීම අනුර ප්‍රමුඛ ජෙපි නඩයේ වාසනාවක් වුව ද රටට අවාසනාවකි.
සුභාෂිතය රචනා කළ අලගියවන්න මුකවෙටි පඬිතුමා මෙකල ජීවත්ව සිටියේ නම් මෙම ලිපිය ආරම්භයේ සඳහන් කළ කවිය කෙසේ ලියැවෙන්නට තිබුණා දැයි ඔබට අනුමාන කළ හැකි ද?
================
සොනාල ගුණවර්ධන