අනුර දිසානායක ඇඩොෆ් හිට්ලර්ගේ පුනරුප්පත්තියදැයි සැකයි - උදය ගම්මන්පිල 😂😂😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,465
    8,621
    113
    Speaker’s behavior is questionable – Gammanpila


    ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජර්මනියේ පාලකයෙක් වූ ඇඩෝෆ් හිට්ලර්ගේ පුනරුත්පත්තියක්ද යන්න පිළිබඳව සම්බන්ධයෙන් සැකයක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

    එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උළෙලේදී අදහස් දක්වමින් ගම්මන්පිල මහතා මෙම අදහස් පළ කළේය.

    එජාපයේ 79 වන සංවත්සරය සැමරීම සිදුවන්නේ මෙරට ඉරණම තීරණය වන ඉතා වැදගත් අවස්ථාවක බවද ඔහු පැවසීය.

    ආයුධ භාවිතා කරමින් රාජ්‍ය බලය අල්ලා ගැනීමට උත්සාහ කළ ෆැසිස්ට්වාදීන්ට එරෙහිව සටන් කිරීමට රණවිරුවන්ට නිත්‍යානුකූල අයිතියක් තිබූ බවත්, නමුත් දේශප්‍රේමී ලෙස පෙනී සිටිමින් හා සමාජවාදී මුහුණුවරකින් බලයට පැමිණීම නව අත්දැකීමක් බවත් ඔහු වැඩිදුරටත් කීය.

    මෙහිදී, හිට්ලර් සහ අනුර දිසානායක යන දෙදෙනා බලයට පැමිණීමේ ක්‍රියාවලියේ සමානකම් පවතින බවත්, වෘත්තීය සමිති නායකයන්ට ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලබන තර්ජන හිට්ලර්ගේ ජර්මනිය සිහිගන්වන බවත්, ඒ නිසා අනුර දිසානායක යනු හිට්ලර්ගේ පුනරුත්පත්තියක්ද යන්න පිළිබඳ සාධාරණ සැකයක් ඇති වන බවත් ගම්මන්පිල මහතා පැහැදිලි කළේය.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    හිට්ලර් 2 වෙනි ලෝක යුද්දේ දිනුවනම් අපි මේ වෙද්දි ඌට හොද කියනවා...
     

    Similar threads