අනුර දිසානායක විප්පලවාදී ඩීල්
විප්පලවාදී ඩීල් දැමීම ධනවාදී ඩීල් දැමීමට වඩා ලාභද? ‘කැරොකේ වසන්ත‘ සමග සාංගමේ සිටින අනුර දිසානායකගෙන් ඇසිය යුතුය
(ලංකා ඊ නිව්ස් -2015.පෙබ.06. ප.ව.11.45) ජනතා විමුක්ති පෙරමුණේ නව නායකයා වූ අනුර දිසානායක සහ එහි දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහත්වරුන් දෙදෙනා මෙහි පළමු සේයාරුවේ හිනා වෙවී සතුටින් සිටින පුද්ගලයා ලංකාවේ නරකට නම ගිය පුද්ගලයෙකි. වෘත්තියෙන් සමාජ ශාලා හිමියෙක් වන ඔහු නමින් වසන්ත පෙරේරා හෙවත් ‘කැරොකේ වසන්ත‘ නම් වෙයි. රාජපක්ෂ රෙජීමයේ අංක එකේ හිතවතෙකි.
‘කැරොකේ වසන්ත‘ යනු ඇමැති සරත් අමුණුගම මහතාගේ දියණිය ලෙස පෙනී සිටි තාරකා නදී කුමාරි අමුණුගම නමැති තරුණියකට පසුගිය මැයි මාසයේදී ස්ටාර් ඩස්ට් නමැති ප්‍රසිද්ධ සමාජ ශාලාව තුළදී ලිංගික අතවරයක් කළා යැයි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප ලබා දිය නොහැකි වරදක් වුවද කුප්‍රකට අලිහොරා විනි-සොරා තිලින ගමගේ විසින් ඇප මත නිදහස් කර සිටින පුද්ගලයෙකි.
ඊට පෙර ගිය 2013 වසරේ ජනවාරි 13 වැනිදා ඔරුගොඩවත්ත ප‍්‍රදේශයේදී පොලිසිය සැක කටයුතු ජිප් රථ 2 ක් පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී තමා රජයේ අමාත්‍යවරයෙකුගේ සහෝදරයෙකු බව පවසා පොලිස් නිලධාරීන්ට තර්ජනය කර බලහත්කාරයෙන් පළා යෑම නිසා අත් අඩංගුවට ගෙන අධිකරණය විසින් ඇප මත නිදහස් කර සිටින පුද්ගලයෙකි.
මේ සියළු වැරදි කළද ‘අපේ එකා බේරාගන්නවා‘ යන රාජපක්ෂ තියරිය මත නීතියෙන් නිදහස්ව සිටි කැරොකේ වසන්ත රාජපක්ෂ රෙජීමයට අත දිග හැර වියදම් කළ අයෙකි. දැන් රාජපක්ෂලා පරාජය වී ඇත. ජාවාරම් බේරා ගැනීමට නම් නව රජයට හිතවත් අයට අත දිග හැර වියදම් කළ යුතුය.
අනුර දිසානායකලාගේ පක්ෂයට ද දැන් එතරම් අත මිට හිඟයක් නැත. කැට හෙල්ලිලි නැති නමුත් මන්ත්‍රී වැටුප් පරිත්‍යාග ලැබීමට මන්ත්‍රීලාද අඩු නමුත් වියදම් අධික ප්‍රදර්ශනාත්මක වැඩ ඕසෙටම නැගලා යනවාය.
රතුපාටින් විප්පලවාදී ඩීල් දැමීම ධනවාදී ඩීල් දැමීමට වඩා ලාභදායකදැයි දන්නේ අනුර දිසානායකම පමණි.
http://lankaenews.com/news/1306/si
මමත් ලබන පාර JVP එකට ඡන්දේ දෙන්නයි හිතාගෙන හිටියේ. ඊට කලින් එලකිරියේ ඉන්න JVP උන් මේකට උත්තරයක් දීපල්ලා