ඉතින් බං එහෙම වෙනවනම් බැංකු හොරා, නිධන් හොරා, කිබුල් දතා, මග මරුවා වගේ උන් දහ පහලොස් වතාවක්වත් මකබෑවිලා යන්නේපෑයි මේ වෙනකොට
ඔය ඉන්නේ යස අගේට.
කුසල අකුසල කර්ම වලට විපාක ගෙන දෙන අවස්ථා හතරක් ධර්මයෙ හි සදහන් වේ.
(1) දිට්ඨධම්මවේදනීය
තමන් කරන හොඳ හෝ නරක කර්ම වල කොටසකට මෙලොව විපාක ලැබේ. (එම අවස්ථාවේ පහළ වූ චිත්ත වීථියෙහි පළමු ජවනයේ ශක්තියෙනි) නිදර්ශන ලෙස පුණ්ණ නම් දුගියා, චිංචිමානවිකාව, සුප්පබුද්ධ රජු ආදි අය දැක්විය හැක. මේවා දිට්ඨධම්මවේදනීය විපාක යැයි කෙටියෙන් දත යුතු ය.
(2) උපපජ්ජවේදනීය
එසේම අප කරන කුසල අකුසල කර්ම වලට මතු ජීවිතයේ කොටසක් විපාක දෙනු ලැබේ. (එහි පහළ වූ චිත්ත වීථියෙහි සත්වන ජවනයාගේ ශක්තියෙනි) මේවා උපපජ්ජවේදනීය කර්ම යැ යි කියනු ලැබේ. නිදර්ශන ලෙස දෙව්දත් තෙරුන් අපාගත වීම, සැරියුත් මහ රහතන් වහන්සේට පහරදුන් නන්ද යක්ෂයා ගේ අපාගත විම, මහා ගුණැති උප්පලවන්නා මෙහෙණිය දූෂණය කළ නන්ද මානවකයා අපාගත වීම, ඉන්දික දුගියා අනුරුද්ධ මහ රහතන් වහන්සේට එක් දන් හැන්දක් දී දෙව්ලොව ඉපදීම, බණ අසමින් සිටි මැඬියා දෙව්ලොව ඉපදීම ආදිය දැක්විය හැකි ය.
(3) අපරාපරියවේදනීය
අපරාපරියවේදනීය නම් මේ ජීවිතය ද මතු මීළග ජීවිතය ද හැරුනු කළ දිගු සසර දී විපාක දෙන කර්ම වේ. (එම අවස්ථාවේ පහළ වූ චිත්ත විථියේ ජවන සතින් මැද ජවන පහ වේ. එනම් 2, 3, 4, 5, 6 යන ජවන පහ වේ.) නිදර්ශන ලෙස චක්ඛුපාල හිමි ගේ දෙනෙත් අන්ධ වීම, මුගලන් මහ රහතන් වහන්සේට සොරුන් පහර දීම, අපුත්තක සිටුවරයාට ධනය ලැබීම, උප්පලවන්නා රහත් මෙහෙණියට විශිෂ්ඨ රූ සම්පත් ලැබීම දැක්විය හැක.
(4) අහෝසි කර්ම කියා ය
මෙලොව විපාක දිය යුතු කොටස මෙලොව විපාක දෙන්නට අවස්ථාවක් නො ලැබුණොත් මතු විපාක නො දෙනු ලැබේ. ඒ විපාක කොටස අහෝසි වී යයි. පරලොව දිය යුතු විපාක එසේ දීමට අවස්ථාවක් නො පැමිණිය හොත් අහෝසි වී යයි. උදාරහණයක් ලෙස දෙව්දත් තෙර අවුරුදු 36 ක් හොඳින් පැවිදි දිවිය ගත කර ඇත. ඒ අනුව එම හොඳ කර්මයන් ගේ හොඳ විපාක කොටසක් මතු දිවියේ ලැබිය යුතුව ඇත. නමුත් ඔහු අපාගත වූ බැවින් ඒ හොඳ සැප විපාක ඒ ස්ථානයේ නො දිය හැකි බැවින් එය මතු ජීවිතයට ලැබීමට තිබු සැප විපාක කොටස ද අහෝසි වී යනු ලැබේ. නමුදු පිරූ මහණදම අපතේ නො යන්නේ ය. මතු එම කුසල බලය අපරාපරියවේදනීය ලෙස මතු වී සට්ඨිස්සර නමින් පසේබුදු බව ලබන්නේ වේ. යමෙක් බුදු, පසේබුදු, මහරහත් යන තත්වයකට පත් වුවහොත් සියලු කර්ම ඉන් එහා දිවියකදී විපාක දීම නැතිවන්නේ ය. උදාහරණ ලෙස අංගුලිමාල මහ රහතන් වහන්සේ දැක්විය හැක.