අනුසස් ලැබෙන විදිහට දානයක් දෙන්නේ මෙලෙසයි..🌿🍛🍲🍜

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    අනුසස් ලැබෙන විදිහට දානයක් දෙන්නේ මෙලෙසයි..🌿🍛🍲🍜

    “ පීතිමුදාරං වින්දති දාතා - ගාරවමස්මිං ගච්ඡති ලෝකේ
    කිත්ති මනන්තං යාති ච දාතා - විස්සසනීයෝ හෝති ච දාතා ”

    🍲🍛🌿 දන් දෙන තැනැත්තා උසස් පී‍්‍රතියක් ලබනවා. ලෝකයෙහි නුවණැත්තන්ගේ මහත් ගෞරවයට පත් වෙනවා. ඔහුගේ කීර්තිය රැව් පිළිරැව් දෙමින් ලොව පුරා පැතිරෙනවා. ලෝකයාගේ විශ්වාසය දිනාගත් විශ්වාස කටයුතු කෙනෙක් බවට පත්වෙනවා.

    ‘දානය’ යන වචනය ලෝකයේ උතුම්ම වචනය විදියට කිව්වත් වරදක් නැහැ. මොකද දානය තුළින් තමයි විමුක්තිය කරා යන මාර්ගය වැටිලා තියෙන්නේ. දානය කියන්නේ දීම, පරිත්‍යාගය. තමාට අයිති දෙයක් කම්ඵල අදහාගෙන වෙනත් කෙනෙකුට දීමයි. ගුණවලින් තමන්ට වඩා උසස් අයට ගෞරව පෙරදැරිව දෙන දීම ‘පූජා’ කියලා හඳුන්වනවා.

    ගුණවලින් තමන් හා සම අයට සහ පහත් අයට උපකාරයක් විදියට මෛත්‍රීය කරුණාව පෙරදැරිව දෙවනවා නම් ‘අනුග්‍රහය’ කියලා කියනවා.

    දානයක් දෙන කොට ඒ පිළිබඳව හොඳින් දැනගෙන දන් දෙන කොට මහත් පල ලබන්නට පුළුවන්. අපි කතාවටත් කියනවා දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියලා.

    දානයක වැඩි ආනිසංස ලැබෙන්නේ කාට දුන්නොත් ද? ආනිසංස ලැබෙන විදියට දෙන්නෙ කොහොමද? ලැබෙන ආනිසංස මොනවාද? වගේ ප්‍රශ්න දානයක දී අපේ හිතට එන ප්‍රධාන ගැටලු. දානයක් දෙන්න සූදානම් වෙනකොට කතා වෙන දෙයක් තමයි කාටද දෙන්නේ කියලා. එක එක්කෙනා විවිධ අදහස් ප්‍රකාශ කරනවා.

    ලබන කෙනා තුළ තියන ගුණවන්ත භාවය කරණ කොටගෙන තමයි දානයෙහි ආනිසංසස වැඩි වෙන්නේ. ඒ විදියට කල්පනා කරන කොට බුදුරජාණන් වහන්සේ තමයි ලෝකයේ සිටින දක්ෂිණාර්හම උත්තමයාණන් වහන්සේ.

    වර්තමාන කාලයේ සුලභ වශයෙන් කෙරෙන්නේ සඟසතු දානමය පින්කම්, සාංඝික දානයක් පූජා කරන කොට නොයෙක් මතිමතාන්තර තියනවා. විශේෂයෙන් දානය සඳහා වැඩ සිටිය යුතු භික්ෂූන් වහන්සේලාගේ ප්‍රමාණය පිළිබඳව. දානයක් සාංඝික කර පුජා කරන්නට අඩුම උපසම්පදා භික්ෂූන් වහන්සේලා හතර නමක් වත් සිටිය යුතුයි කියන කාරණය ඇතැම් අයට තියෙනවා. මේ අදහස සාංඝික කරනවාය කියන එකේ තේරුම හරියට දන්නේ නැති නිසා ඇතිවුණු අදහසක්. සාංඝික වශයෙන් පූජා කරනවා කියන්නේ දායකයන් විසින් සංඝරත්නය අරමුණු කරගෙන සංඝයාට අයිතිකර දෙනවා ය කියන එකයි.

    මීළඟට සිතිය යුතු කාරණය තමයි ආනිසංස ලැබෙන විදියට දන් දෙන්නේ. කොහොමද කියන කාරණය. අපි දන්නවා පින් පව් කියන දෙකටම මූලික වෙන්නේ අපේ හිත බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කර්මයක දී එහෙම නැත්තම් ක්‍රියාවක දී චේතනාව හෙවත් සිතුවිල්ල වැදගත් වෙන බව. ඒ නිසා පින්කමක දී පිරිසුදු සිතුවිලි තිබීම ඉතාම වැදගත් . දානයේ ආනිසංස වැඩෙන්නේ ලබන කෙනාගේ ගුණවත් භාවය මත පමණක් ම නොවේ. දෙන කෙනාගේ ගුණවත් භාවයත් වැදගත් වෙනවා.

    යම් කෙනෙක් සිල්වත් ව ඉඳිමින් සිල්වතුන් වහන්සේලා කෙරෙහි දානය පූජා කරයි ද, එමෙන්ම ධාර්මික ව හරිහම්බ කරපු ධනය දානය සඳහා විය පැහැදම් කරයි ද, ප්‍රසන්න හෙවත් පැහැදුණු සිතුවිලිවලින් යුක්ත වෙයි ද, ශ්‍රද්ධාව භක්තිමත් භාවය සහිත සිතුවිලිවලින් යුක්ත ව කර්මය, කර්ම ඵලය පිළිබඳව විශ්වාසයකින් යුතුව දන් දෙයිද එබඳු ආකාරයෙන් පූජා කළ දානයෙහි ආනිසංස මහත්ඵල මහානිසංස වන බව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ අනුව බලනකොට සිතිවිලිවල සහ වස්තුවල පිරිසුදුබව තිබුණ තරමට තමයි දානයේ ආනිසංස ලැබෙන්නේ.

    වර්තමාන කාලයේ බොහෝ දෙනෙක් දන් දෙන්නේ දෙන්නන් වාලේ. අනෙක් අය දන් දෙන පලියට ඒක එහෙම නොකළොත් තමන්ට හොඳ නෑ කියලා හිතලා එහෙම නැතිනම් අනෙක් අය බල කරන නිසා ඒ වගේ අය දන් දීලා සමහර විට පව්කම් සිද්ධ කර ගන්නවා. නොයෙක් අඩුපාඩු ප්‍රකාශ කරමින් දන් දීම සඳහා මුල් වෙන අයට දෝෂාරෝපණය කරමින් කටයුතු කරනවා. අනෙක් අය දන් දීමෙන් වළක්වනවා. ඒ නිසා නුවණැති මිනිසුන් විදියට එවැනි දේවලින් වළකින්නට ඕනෑ.

    මීළඟට වැදගත් කාරණය තමයි දන් දීමෙන් ලැබෙන ආනිසංස මොනවද කියන එක මම ඉස්සෙල්ලම කිව්වා දානය ලෝකයේ තිබෙන උතුම්ම වචනය විදියට හැඳින්වූවාට වරදක් නෑ කියලා. මොකද දානයෙන් ඒ තරම්ම ආනිසංස ලබන්ට පුළුවනි. මේ සංසාර සාගරයේ පිහිනන ලෝක සත්වයන්ට සසරින් එතෙර වීමට මහා නැවක් වගේ දානය උපකාර වෙන බවයි ලොව්තුරා බුදු හාමුදුරුවෝ දේශනා කළේ.

    සංසාරෙ කියලා කියන්නේ දුක සහිත ස්ථානයක් . සතර අපායනට වැටුණම ගැලවීමක් නෑ. මහා දුකක්. සිතුවිලි පිරිසුදු කරගෙන දන්දීමෙන් සතර අපායට වැටෙන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි, දානය කියන්නේ දීම, අත්හැරීම කියන එක නම් එය ලෝභයට ප්‍රතිවිරුද්ධ ධර්මයක්. නිවන් දකින කොට සිද්ධවෙන්නේ ලෝභය මුල්කොට ගෙන ඇති කෙලෙස් ධර්මයන් යටපත් කිරීම සහ සහමුලින් ම දුරු කිරීමයි. ඒ විදියට බලනකොට ලෝභයට ප්‍රතිපක්ෂ ධර්මයක් වැඩීම තුළ නිවන කරා වේගයෙන් ළඟාවීමට පුළුවන්කම ලැබෙනවා.

    තෙරුවන් සරණයි!
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,382
    113
    මැදමහනුවර
    I0geZuL.jpg