බඹලොවෙත් නැති, දෙව් ලොවෙත් නැති, මනුලොව පමණක් ඇති පින..
මේ ෆොටෝ දැක්කම හිතෙනේ වෙඩින් එකක්, එහෙම නැත්තං ප්‍රභූ පිරිසකට දෙන පාටි එකක් කියලා නේද??
නැ...මේ තියෙන්නේ ගෞතම බුද්ධ සාසනයේ ශ්‍රද්ධාවන්ත කුළ පුත්‍රයෙක් ආර්‍ය මහා සංඝරත්නය උදෙසා දෙන දානයක්..
එක පාරක් නෙවෙයි..එක අවුරුද්දකට සංඝයා වහන්සේලා 2000 ට විතර ශ්‍රද්ධාවෙන්, සකස් කරලා දන් පැන් දෙනවා..
ප්‍රණීතව දන් පැන් දෙනවා..
සංඝයා හොය හොයා දන් දෙනවා..
හරියට ඉස්සර හිටපු ලුණු තිස්ස වගේ.. ඇත්තම කිවොත් ඒ දානය දැක්කමත් හිත පහදිනවා.. ඒ තරමටම ඒ දානය සකස්කොට දෙනවා.. ප්‍රණීතව දෙනවා..
අපි සමහරුන්ට අවුරුද්දකට මහා සංඝරත්නය 100 ට වත් දන් දෙන්න බැරිකොට, අවුරුද්දකටමහා සංඝරත්නය 2000 ට දන් දෙනවා කිව්වම,හිතා ගන්නවත් පුලුවන් ද???
හැමෝටම මේ විදියට දන් දෙන්න බැ..දන් දෙන්නත් පින තියෙන්න ඔනී.. භව බෝහ සම්පත්තිය තියෙන්න ඔනී..පරිවාර සම්පත්තිය තියෙන්න ඔනී..ඒ හැම දෙයක්ම සසරේ දන් පැන් දීලා උපයාගත්තු දේවල්..
ඒ පුරුදු නිසාම තමයි ප්‍රණීතව දන් දෙන්න හිත නැමෙන්නේ..
සමහරු හිතනවා අනිත්‍ය සිහිකරන්න ඔනී නිසා, සංඝයාට ප්‍රණිතව දන්දෙන එක හොද නෑ කියලා..
ගොඩාක් දානේ හදලා දෙන්න හොද නෑ කියලා..එකක් තිබ්බම ඇති කියලා..
අපි කැමති දේවල දෙන්න හොද නෑ කියලා..
ලස්සනට සකස් කරලා දෙන්න හොද නෑ කියලා..
සමහර ස්වාමින්වහන්සේලා පවා එහෙම හිතනවා..
හැබැයි ඒක අධර්මයක්..බුදුරජාණන් වහන්සේ වදාල දෙයක් නෙවෙයි..බුදුරජාණන් වහන්සේ දානය දෙන්න ඔනී විදිය මෙසේ වදාලා..
01. සකස්කොට දන් දෙනවා.
දන් දෙනකොට ලුණු ඇඹුල් බලනවා..
රස බලනවා..ලස්සනට,ප්‍රිය මනාප විදියට දානේ හදලා පූජා කරනවා..
02.ගෞරවයෙන් දන් දෙනවා.
බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝරත්නය උදෙසා මං දන් පැන් දෙනවා කියලා ගෞරවයෙන්, තුන් හිත පහදවාගෙන ශ්‍රද්ධාවෙන් දන් දෙනවා..
03. සිය අතින් ම දන් දෙනවා..
04. බැහැර නොකරන දෙයක් ලෙසින් දන් දෙනවා
සමහරු ඉන්නවා පරණ දේවල් දන් දෙනවා..එහෙම ආවට ගියාට දෙන්නේ නැතුව,දන් දෙනවා නං අලුත්,නැවුම් දෙයක් දන් දෙන්න ඔනී..
05. "දෙන්නේ යම් සේද, ලැබෙන්නෙත් එසේය" යන්න විස්වාස කොට දන් දෙනවා..
සමහර බෞද්ධයෝ හිතනවා දෙන දානයේ විපාක ගැන හිතන්න නැතුව දන් දෙන්න ඔනී කියලා..හැබැයි බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරලා නෑ.. තමා දෙන දානයේ විපාකය තමන්ට ලැබෙනවා කියන අදහස පෙරදැරි කරගෙන දන් දෙන්න ඔනී..
මේ විදියට දන් දෙන එකට කියනවා..
"සත්පුරුෂ දානයක්" කියලා..
ඔය විදියට සත්පුරුෂ දානයක් දුන්නම එකේ විපාකත් තියෙනවා..
මෙහෙම දන් දෙන කෙනාට, සසරේ ප්‍රණීත දේවල් ලැබෙනවා..ලස්සන වස්ත්‍ර අඳින්න හිත නැමෙනවා.. සැප විදින්න හිත නැමෙනවා..
ඔහුට යම් දරුවන්, බිරින්දෑවරු, දාසයෝ, කම්කරුවෝ සිටිනවානම්, ඒ සියල්ලෝ ඔහුට කීකරු වෙනවා..ඔහුගේ වචනෙට ඇහුන්කම් දෙනවා..
දන් දෙනකොට ඔය විදියට දන් නොදුන්නොත් ඒකට කියනවා "අසත්පුරුෂ දානයක්" කියලා..එකේ විපාකත් තියෙනවා..
එහෙම දන් දුන්න කෙනාට දුන්න දානයේ විපාක විදියට භවබෝග සමපත්තිය ලැබෙනවා..හැබැයි එයාට ඒවා පාවිච්චි කරන්න හිතෙන්නේ නෑ..
සල්ලි තිබ්බත් රහට කරන්න හිතෙන්නේ නැ..රසට කන්න ලැබෙන්නේ නෑ..
සල්ලි තිබ්බත් ලස්සන ඇඳුම් ගන්න හිතෙන්නේ නෑ..
සල්ලි තිබ්බත් යාන වාහන ගන්න හිත නැමෙන්නේ නෑ..
ඒ වගේම ඔහුට දරුවන්,බිරිඳ,සේවකයෝ කීකරු නෑ..ඔහුගේ වචනය අනිත් අය අහන්නේ නෑ..
ඒ නිසා දන් දෙනකොට ශ්‍රද්ධාවෙන්,ගෞරවයෙන්,ලස්සනට සකස් කරලා, අහක දාන දෙයක් නොවී, විපාක අදහගෙන,තමන්ගේ අතින්ම දෙන්න ඔනී..
බුදුරජාණන් වහන්සේගේ කාලයෙත් ප්‍රණීතව දන් පැන් දීපු අය හිටියා..
ඒ අතරින් අග්‍ර වෙච්ච ගිහි ශ්‍රාවකයා තමයි මහානාම ශාක්‍යා..
තමන් කැමති,මනාප දේ දන් දෙන අය අතරේ අග්‍ර වුනේ උග්ග සිටුතුමායි...
සුප්පාවසා සිටු දේවිය තමයි ප්‍රණීතව දන්දෙන උපාසිකාවන් අතරින් අග්‍රම කෙනා වුනේ...
එදා ඒ අය කුටියක් කුටියක් ගානේ ගිහින් සංඝරත්නයේ අඩුපාඩු බලලා,වළදන්න කැමති දේවල් කිසිම අඩුවක් නැතුව හදලා පූජා කලා..
අද එහෙම ශ්‍රද්ධාවන්ත උපාසක,උපාසිකාවෝ හොයා ගන්න නැති තරම්..
පිංකමක් දැකලා අනුමෝදන් වෙන එකත් ලේසි පහසු දෙයක් නෙවෙයි..දන් දෙනවාටත් වඩා අමාරුයි ඒක.. ගෞතම බුදු සසුනේ ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයෙක් දෙන මේ අසිරිමත් දානය අනුමෝදන් වෙත්වා!!!
දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආපු දෙවියන් පිරිසක් මෙහෙම කිව්වා..
""දන් දීම යුද්ධයක් කරනවා වගේ වැඩක්. බොහෝ මසුරු පුද්ගලයන්ව පරදවා, සුළු දෙනෙක් තමයි මේක දිනන්නෙ. ශ්‍රද්ධාවෙන් දන් දෙන්නෙත් ටික දෙනෙක් තමයි. ඔවුන් ඒ නිසාම පරලොව සැප ලබනවා.” ""
චායාරූප උපුටා ගත්තේ - https://www.facebook.com/profile.php?id=61553109563332&mibextid=ZbWKwL
https://www.facebook.com/share/p/dYNVvw1QcCoy3p7c/?mibextid=xfxF2i
------ Post added on Apr 5, 2024 at 12:42 PM