අනෙකාගේ ආතල් කැඩීම

obama2

Member
Apr 18, 2012
424
30
0
අනෙකාගේ ආතල් කැඩීම

අනෙකාගේ ආතල් කැඩීම

Posted: 3:57 pm, June 1, 2013
192a6ea32409e6773cb203f73890921c-685x271.jpg


ප ජීවත් වන යුගයට අපූර්ව හැඩයක් ලැබී ඇත. එහි මූලිකම ආකෘතිය වන්නේ පාලිතයන් තමන්ගේම අදහස් වලින් ස්වයංව පාලනය වීමයි. මේ යටතේ එන්න එන්නම දේශපාලනය යනුවෙන් හදුනා ගන්නේ අනෙකාගේ විනෝදය පාලනය කරන්නේ කෙසේද යන්නය. හරක් මරන්න එපා යනු හරකාට සම්බන්ධ දෙයක් නොවේ. එය සම්බන්ධ වන්නේ හරක් මස් කන අනෙකා විදින විනෝදයයි. ප්‍රෙට්රල් කළගෙඩියක් නෑමෙන් අනතුරුව ගිණි තබා ගන්නා පුද්ගලයෙකු කරන සමාජ ඉල්ලීම මෙසේය: ‘’හරක් මස් කෑමෙන් ඔබ විදින අමතර විනෝදය මට අල්ලන්නේ නෑ’’. හරක් මස් වලින් මිනිසෙකු ලබන විනෝදය අහිමි කිරීම, අවශ්‍ය නම් අපට ඉඩම් සහ පොලිස් බලතල වලින් අමතර විනෝදයක් ලැබීමට නියමිත දෙමළාට පරිවර්තනය කළ හැක. අතුරලියේ රතන උත්සහ කරන්නේ එම ක්‍රියාවලිය සිදු කිරීමටය.
90 දශකයේ මැද සිට සිගරට් බොන අයගේ විනෝදය ‘වෛද්‍ය විද්‍යාව’ නම් වාස්ථවික විද්‍යාව මගින් යළි පැහැර ගැනීමට උත්සහා කරන පිරිසකි ඇඩික් සංවිධානය. එහි එවකට ප්‍රධානියා වූ මහාචාර්ය දියනාත් සමරසිංහට අනුව දුම්පානය කරන අය අනෙක් අයට වඩා දුම්පානය මගින් විනෝදයක් ලබයි. එය ඔවුන්ට අහිමි කළ යුතුය. 90 දශකයේ එන්.ජී.ඕ එකක පැවති දෘෂ්ටිවාදය දෙදහා දශකය මැද වන විට ජාතිවාදී පක්ෂ වල දේශපාලන ඉල්ලීම බවට පරිවර්තනය වී, මහින්ද චින්තනය යටතේ එම දෘෂ්ටිය නීතියක් බවට පත්වී, මේ වන විට එය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් නැතිවීම දක්වා වර්ධනය වී ඇත. ‍කොළඹ නගරයේ මේ දින වල ප්‍රචාරණය වන පොස්ටරයකට අනුව සිගරට් පැකට්ටුවේ රූප සටහන් දමනවාට විරුද්ධ වන්නට දුම්කොළ සමාගමට සදාචාරාත්මක අයිතියක් නැත. එසේ කියන මේ මහත්වරුන්ට ලංකාවේ සියලුම මිනිසුන්ගේ සෞඛ්‍ය අයිතිවාසිකම් උල්ලංඝණය කරන්නට ඖෂධ සමාගම් වලට ඇති අයිතිය පිළිබදව සදාචාරාත්මක ගැටලුවක් නැත. මේ අයට අනුව දුම්බොන්නන් යනු වැඩිහිටියන් නොවේ. ඔවුන් පොඩි ළමයින්ය. සෞඛ්‍ය අමාත්‍යාංශය රජයේ රෝහල් වල රෝගීන්ට සලකන නීච තත්ත්වය ගැන අබමල් රේණුවක් කතා නොකරන ඇඩික් තක්කඩියන් රූප සටහන් ගැන කතා කරයි. ලංකාවේ පසුගිය කාලයේ බයිපාස් සැත්කම් අඩු මුදලට කරන්න ලද්දේ ඉන්දීය වෛද්‍යවරුන් විසින්ය. නමුත් මේ වන විට රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සෞඛ්‍ය ඇමති සමග සාකච්ඡා කර ඔවුන්ව යැලි යැවීමට පිඹුරුපත් සකස් කර ඇත. ඉන් සිදු වන්නේ ලංකාවේ වෛද්‍යවරුන්ගේ මඩිය තරකර ගැනීමය. ඇඩික් තක්කඩි මේ ගැනත් පොස්ටර් ගසන්නේ ද? නැත. එය ඔවුන්ට අනතුරුදායකය. කොළඹ වෛද්‍ය විද්‍යාල මාපියාව ඔවුන්ට ඒ සදහා ඉඩ දේවිද? එය පළමු මට්ටමේ වෛද්‍ය විද්‍යාලයන් 500 ට අයත් නැත. එහි පාඨමාලාවන් සදහා ලෝක මට්ටමේ ප්‍රමිතියක් තිබේද? නැත. එහි ප්‍රමිතිය ඔවුන්ගේම ප්‍රමිතියකි. එහි දෙපාර්ථමේන්තු වල ගුරුවරුන්ගෙන් බහුතරය ස්ත්‍රීන්ය. ඊට හේතුව කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ස්ත්‍රීවාදය ජයග්‍රාහී වී ඇති නිසාද? නැත. එය බඩුකාරයන්ගෙන් පිරී ඇති නිසාය. ඇඩික්ලා මේ ගැනත් කොළඹ පෝස්ටර් ගසනවාද?


අනුන්ගේ ආතල් කඩන්නට යාම අවසන් වන්නේ තමන්ගේම ආතල් ඉවර කර ගැනීමෙන් බව තවම බොහෝ අය දන්නේ නැත. දෙමළාගේ ආතල් කඩන්නට ගොස් ජ.වි.පෙට මොකද වූයේ යන්න අධ්‍යයනය කළ යුතුය. දුම්පානය නිසා මිනිසුන් මිය යන්නේ නම් ඊට වඩා මිනිසුන් විශාල ප්‍රමාණයක් ප්‍රමාණයක් මිය යන්නේ ධනවාදී ආර්ථික ක්‍රමය නිසාය. ධනවාදයට වරුද්ධව ඇඩික්ලා පොස්ටර් ගසන්නේ කවදාද? ඖෂධ සමාගම් වලින් දෛනිකව කප්පන් ගන්නා සුදු ඇදගත් වෛද්‍ය හොරුන් ඊට ඉඩ දේවිද? (Johnson & Johnson/Glaxo SmithKline/Novartis/Sanofi/Astra Zeneca/Abbott Laboratories/Merck & Co/Bayer Health CareEli Lilly/Bristol-Myers Squibb)වෛද්‍යවරුන්ටත් ආචාර-ධර්ම පද්ධතියක් අවශ්‍ය යැයි ඇඩික්ලාට රිස්වි ශෙරිෆ්ලා සායනික දෙපාර්ථමේන්තුවේ ප්‍රධානියා වී සිටින තත්ත්වයක් ද තුළ කළ හැකිද? එසේ කරන්නට ගියහොත් ඇඩික්ලාට වෙන් වී ඇති කමරයට කුමක් වනු ඇත්ද?



ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මුං මේ මුන්ගෙ සිගරට් බීම සාධාරණිකරණය කරගන්න රටේ නැති මල ඉලව් අදිනවා... ඕන එකෙක් සිගරට් බිව්වට කමක් නෑ.. ඒත් නොබොන එකාව අපහසුතාවයට පත් කරන්නේ නැතුව... සිගරට් බොන උන්ට අයිතියක් නෑ නොබොන උන්ට දුම් ගස්සන්න... අක්‍රිය දුම්පානයත් සිගරට් බොන එක වගේම තමයි...