Breaking: තවමත් රන්වලගේ වෛද්‍ය වාර්තාව නැහැ – පොලීසිය

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක රන්වල මහතා ගමන්ගත් ජීප් රථය, සපුගස්කන්ද ප්‍රදේශයේ දී තවත් මෝටර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුර සිදුවී මේ වන විට පැය 36 කට අධික කාලයක් ගතව තිබෙනවා.


    අනතුර සිදුවූ අවස්ථාවේදී ඔහු බීමතින් සිටි බවට චෝදනා එල්ලවූ නිසා ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් කැඳවීමට කටයුතු කළ බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ (12) මාධ්‍ය වෙත සදහන් කළා.


    කෙසේ වෙතත් අද පෙරවරු 9.30 වන විටත් අදාළ වෛද්‍ය වාර්තාව තමන් වෙත නොලැබුණු බව News 19 කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පවසනවා.


    අනතුර සිදුවී මෙතරම් කාලයක් ගතව ඇතත් අදාළ වෛද්‍ය වාර්තාව නොලැබීම පිළිබදව සමාජ මාධ්‍ය තුළ පොලීසිය හා නීතිය ක්‍රියාත්මක වීමේ ක්‍රියාවලිය පිළිබදව දැඩිව විවේචන එල්ල වනවා.


    කෙසේවෙතත් රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන ලේක් හවුස් ආයතනයට අයත් දිනමිණ වෙබ් අඩවිය ඊයේ දහවල් පටන් වාර්තා කරනුයේ අශෝක රන්වල බීමතින් නොසිටි බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.


    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පොලිසිය සදහන් කළේ බීමතින් සිටි හෝ නොසිටි බවට තහවුරු කළ හැකි එකම ක්‍රමය වන්නේ වෛද්‍ය වාර්තාවකින් පමණක් බවත් එය තවමත් තමන් අතට පත්ව නොමැති බවත්ය.


    මේ අතර අශෝක රන්වල මහතා සිය ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් වූ ගැටළුව මුල්කරගෙන පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී අදට වසරක් සම්පූර්ණ වනවා.



    https://www.news19.lk/breaking-ranw...rpeMHj-EZQRqZDzPaF_aem_3Igu48MBi-JvoNsABNudQw
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    news19 තක්කඩි රැල දැන්ද නැගිටලා තියෙන්නේ.

    ඕකුන් දාර ජෙප්පෝ. සල්ලි වලට නිවුස් ගහන්නේ. තරිඳු ඉරංග පොන්නයා සහ කාක්කෝ රැලක්.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,682
    28,725
    113
    දැන්නං තක්කඩි අනුරගේ අමුඩෙත් නැහැ :lol:

    "
    1. යන්නෙ මන්ත්‍රී සහ දොස්තර පර්මිට් දෙකම ගහුව වාහනේ , දොස්තර කෙනෙක් නැතුව..
    2. හැපුනෙ සපුගස්කන්දෙ, ඇඩ්මිට් වෙන්නෙ කොළඹ. රාගම මහ රෝහල අවුල් නිසා මිසක් වයිෆ් කොළඹ දොස්තර නිසා නෙවෙයි.
    3. පොලිසිය එක්ක හිටගෙන හොඳට හිටි කෙනා එකපාරටම ඉස්පිරිතාලෙ ඇඩ්මිට් වෙනව, ඉතින් ඊට පස්සෙ පහුවෙනිදා වෙනකල් රාලහමිල බලා ඉන්නව අරෙස්ට් කරන්න
    4. ඇක්සිඩන්ට් එක වෙලා පැය 24ක් තාම ඩොප් ටෙස්ට් කරල නෑ.
    5. නමට අරෙස්ට් කලා කියනව, රංවල ඇඳේ..මාංචු මුකුත් නෑ.
    6. පොලිසිය දඩබඩ ගාල කේස් එක මාලිගාකන්ද උසාවියට දාල ඇප ගන්නව...හැපුන ළමය තාම බරපතළ තුවාල එක්ක ඉස්පිරිතාලෙ
    නීතිය සැමට සමානයි. ඔව්..ඉස්සර බයියො ටොයියො ආන්ඩු කරන කාලෙ වෙච්චි විදිහට වඩා සෑහෙන්න දියුණුවක්.. වෙනස අන්නේකයි අලුත් ආන්ඩුවෙ

    "
    copied
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,256
    12,699
    113
    🌎
    මේ අතර අශෝක රන්වල මහතා සිය ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් වූ ගැටළුව මුල්කරගෙන පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී අදට වසරක් සම්පූර්ණ වනවා.
    Pora Parliament eke nadda ?????? MP kenek nemeda dan
     
    • Like
    Reactions: legib2264

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල
    -ඔසී දුර සේදුම් බලකාය-

    fish cleaning GIF by Kitsune Kowai
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ

    මේ වගේ උන් නම් මග ඇරිච්ච එකමයි හොද 🤌🤣

    කාටද බං පැමිණිලි කරන්නේ ? පොලිසියට කිව්වට වැඩක් නෑනේ .. දැන් අරුගේ වෙරි බැහැලා . බැලුම් පිම්බුවට වැඩක් නෑ .. blood වලින් හොයන්න පුලුවන්ද ?
    ------ Post added on Dec 13, 2025 at 5:37 PM