අනෙ.... එ විපත සිදුවිණි!
දෙවන යුද අධිකරණය විසින් හිටපු හමුදාපති හා ආරක්‍ෂක ප්‍රධානි සරත් ෆොන්සේකාට වසර 2 1/2 ක (මාස 30) සිර දඬුවමක් නියම කරමින් දෙන ලද තීන්දුව සේනාධිනායක ලෙස මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා අත්සන් කිරීමෙන් පසු එය ක්‍රියාත්මක වී ඇත. ඒ අනුව දැන් සරත් ෆොන්සේකා වැලිකඩ බන්ධනාගාරයේ සිටින සිරකරුවෙකි. සරත් ෆොන්සේකා සිරගත කර ඇත්තේ ඔහුට විරුද්ධව ඉදිරිපත් වූ චෝදනා සනාථ වී ඔහු වැරදිකරුවකු වීම නිසාත්, ඒ නඩුව විභාග කළ යුද අධිකරණයේ තීන්දුව නිසාත් බව පැහැදිලිය. ඒ නීතිමය ක්‍රියාදාමයට අපට තර්ක ඉදිරිපත් කළ නොහැකිය. එහෙත් බැලූ බැල්මට මේ ප්‍රශ්නය දේශපාලන අර්බුදයක ප්‍රතිඵලයක් ලෙස කෙනකුට පෙනී යාමද ස්‌වභාවිකය.
සරත් ෆොන්සේකාට දුන් දඬුවම පිළිබඳ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ කියන්නේ එදා වීරයා අද ෙද්‍රdaහියකු කර එදා ෙද්‍රdaහියා අද වීරයකු කළ බවය. රනිල්ගේ මේ ප්‍රකාශය තව ටිකක් විග්‍රහ කළ හොත් එහි ගැබ්වන්නේ මේ රටේ තිස් අවුරුදු ත්‍රස්‌තවාදයට සෘජුවම සම්බන්ධව සිටි ප්‍රභාකරන්ගේ සමීප සගයකු වූ කුමාරන් පද්මනාදන් හෙවත් කේ. පී. ට රජයේ සැලකිලි ලැබෙන බවය. එකී මාරක යුද්ධයේ වීරයා ලෙස සිටි පමණක් නොව මරාගෙන මැරෙන එල්. ටී. ටී. ඊ. බෝම්බයකට ද ගොදුරු වී ජීවිතය බේරා ගෙන ප්‍රභාකරන්ගේ දුෂ්ට ප්‍රචණ්‌ඩත්වය අවසන් කළ සරත් ෆොන්සේකා සිරගත කර ඇති බවය.
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයකු ලෙස සිටින ජ.වි.පෙ. විජිත හේරත් මේ සිද්ධිය විග්‍රහ කරන්නේ සරත් ෆොන්සේකාගේ සිර දඬුවමට අත්සන් තබමින් ජනාධිපතිවරයා දේශපාලන ඉතිහාසයේ කෘර පළිගැනීමක් කර තිබෙන බවය. ජ.වි.පෙ. නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ද එම තීන්දුව රටේ නීතියටත්, ස්‌වභාවික යුත්තියටත් පටහැනි බවය. එසේම සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙස ආගමික නායකයන් විසින් කරන ලද ඉල්ලීමද ආණ්‌ඩුව කුණු කූඩයට විසිකර තිබෙන බවය.
ආරක්‍ෂක ලේකම් මෙන්ම මෙම තිස් අවුරුදු ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ ඓතිහාසික භූමිකාවේ ප්‍රමුඛ චරිතයක් වන ගෝඨාභය රාජපක්‍ෂ කියන්නේ ද ඒ සියල්ලටම වඩා වෙනස් කතාවකි. ඒ හිටපු හමුදා නායකයාට ලබාදී තිබෙන මාස තිහක බරපතල වැඩ සහිත සිර දඬුවම යළි සලකා බැලීමට ජනාධිපතිවරයා කැමැත්තෙන් සිටින බවය. ගෝඨාභයගේ අවධාරණය මෙය දේශපාලන ගැටලුවක් නොවන බවත් තෙවන පාර්ශ්වයක් මැදිහත්ව එය විසඳිය නොහැකි බවත්ය.
සරත් ෆොන්සේකාගේ බිරිඳ අනෝමා ෆොන්සේකා කියා සිටියේ තම සැමියාට ලබාදුන් දඬුවම නිසා තමන් හෝ තම දියණියන් හෝ නොසැලෙන බවත් දණින් වැටී ජීවත් වීමට වඩා දෙපයින් නැගී සිට මිය යැම උතුම් බවත් එනිසා සිය සැමියා පිළිබඳ ආඩම්බර වන බවත්ය.
සරත් ෆොන්සේකා පිළිබඳ දේශපාලන පක්‍ෂ හා ඔහුගේ බිරිඳ දැක්‌වූ අදහස්‌වලට වඩා වෙනස් තවත් විවිධ අදහස් තිබෙන බවද නිසැකය. ෆොන්සේකා වීරයකු ලෙස සිතන අය මෙන්ම ඔහු මේ රටේ යුද විරුවන් පාවා දුන් ෙද්‍රdaහියකු බව සිතන අයද ජනතාව අතර වෙති. එසේම යුද අධිකරණ තීන්දුවක් අභියෝගයකට ලක් කළ නොහැකි යෑයි පවසන නීතිය පිළිබඳ ප්‍රාමාණිකයෝද වෙති.
කෙසේ හෝ සරත් ෆොන්සේකාගේ ප්‍රශ්නය දේශපාලනය විසින් අවුල් කරන ලද්දක් පමණක් නොව දේශපාලනය විසින්ම නිර්මාණය කරන ලද්දක් බවද පෙනේ. එයට හොඳම නිදසුන දෙවන යුද අධිකරණයේදී ජොන්ස්‌ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා විසින් දෙන ලද සාක්‍ෂියයි. එහි ඉතා පැහැදිලිවම සඳහන්ව ඇත්තේ සරත් ෆොන්සේකා සිය හමුදාපති ධුරය උසුලමින්ම දේශපාලනයට නැඹුරු වී ඇති බවය. එමතු නොව සේනාධිනායක මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා සමග මෙන්ම ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පිළිබඳවද වෛරයකින් පසු වූ බවය. ඔහු ජනාධිපතිවරයාට කිසිදු ගරුසරුවකින් තොරව කතා කළ බවය. එසේම ඔහු ඇමෙරිකාවට ගොස් කළ දේවල් මෙන්ම එවකට තිබුණු ජනාධිපතිවරණ සටන පිළිබඳව ඔහුගේ අපේක්‍ෂාවන් මෙන්ම නිරීක්‍ෂණ ද ඉදිරිපත් කර ඇති බව ජොන්ස්‌ටන්ගේ සාක්‍ෂියෙන් හෙළි වී තිබේ.
සරත් ෆොන්සේකා දේශපාලනයට අවතීර්ණ වන බවට පුවත් පැතිර ගිය කාලය දැන් බොහෝ දෙනකුට අමතකව තිබෙන්ටද පිළිවන. ඒ දිනවල ඔහු මාධ්‍යවේදීන්ට දුන් පිළිතුරුද දැන් අමතකවී තිබිය හැකිය. එහෙත් ඔහු ඒ දිනවල ප්‍රසිද්ධියේ කළ සියලු ප්‍රකාශයන්හි හරය වූයේ තමා තවමත් රජයේ නිලධාරියෙක් බවත් එයින් නීත්‍යානුකූලව ඉවත් වූ පසුව දේශපාලනය කතා කරන බවත්ය. සිදු වූයේද එය යෑයි අපි ද කල්පනා කළෙමු. එහෙත් මෙම ජොන්ස්‌ටන්ගේ සාක්‍ෂිය අපගේ ඒ මතයට හරස් වෙයි.
සරත් ෆොන්සේකා යුද වීරයා ලෙස අභිෂේක ලබන්නේ යුද්ධයෙහි සියලු ගෞරවය ඔහුට හිමි විය යුතු බවට එදා එ.ජා.ප. යත් ජ.වි.පෙත් ගෙන ගිය දේශපාලන ව්‍යාපාරය නිසාය. එහෙත් මේ රටේ යුද වීරයා ඔහු නොව මහින්ද රාජපක්‍ෂ බව ජනාධිපතිවරයාට දෙවැනි වරට වරමක් දුන් ජනතාව ද ඉතා පැහැදිලිව තීන්දු කර තිබේ. එපමණක් නොව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 18 වැනි සංශෝධනය අනුමත කළ මහජන නියෝජතයන්ගේ අදහස වන්නේ ද ඔහු රටට කළ ඒ අභීත හා ජාතික මෙහෙවර වෙනුවෙන් ඔහුට ජනතාවගේ කැමැත්ත පරිදි ජනාධිපති ධුරය හෙබවීමට ඉඩදීම සාධාරණ බවය.
සරත් ෆොන්සේකා දේශපාලනයට ආධුනිකයකු විය. ඇත්තටම මහින්දත් යුද ජයග්‍රහණය අබියස නන්නත්තාර වී සිටි විපක්‍ෂය මෙන්ම සෝදාපාලුවකට ලක් වෙමින් තිබුණු එ.ජා.ප. යට හා ජ.වි.පෙ. ට ද මහින්දට මුහුණ දිය හැකි අපේක්‍ෂකයකු නොවීම නිසා ෆොන්සේකා දේශපාලනයට ආ බව ඉතා පැහැදිලිය. මේ රටේ පැරණිම දේශපාලන පක්‍ෂයේ නායකයා වන රනිල් වික්‍රමසිංහ දේශපාලන වෙස්‌සන්තර කෙනකු බවට පත් වූයේ ඒ නිසා බව ඉතා පැහැදිලිය. එ.ජා.ප. , ජ.වි.පෙ. නයි, පොළොන් දේශපාලන වෛරය සමනය කළ ෆොන්සේකා ජනාධිපතිවරණ සටන තුළ කිසියම් ප්‍රමාණයක හුදෙකලා අයෙක් ද විය.

Last edited: