අනේ අපේ නම් තැබිල්ල

Holman ToRa

Active member
  • Mar 29, 2017
    112
    21
    28
    අනේ අපේ නම් තැබිල්ල

    ඕනෑම කෙනෙකුට තමන් කැමති ඕනෑම නමක් භාවිත කරන්නට ඇති අයිතිය, අභියෝග කල නොහැකි පරම අයිතිවාසිකමකි. සුද්දාගේ කාලයේදී, ග්‍රෙගරි යන නම ගිරිගොරිස් ලෙසත් හර්මන් යන නම හරමානිස් ලෙසත් මේරි මැගී සොපී ආදියත් භාවිත කල අපි, අදනම් කීයටවත් විලියම් ෆිලිප්ස් කැතරින් වැනි නම් අපේ ළමයින්ට නොයොදමු.

    සිංහල ජනතාවට පුද්ගල නාම භාවිතය පිළිබඳව ලෝකයේ සමහර ජාතීන්ට මෙන් තහංචි නොමැති බැවින් හිතේ හැටියට නම් තබන බව රහසක් නොවේ. 19 වන සියවසේ අග භාගයේ සිට, සිංහල දරුවන්ට ඉතා අර්ථාන්විත සිංහල හෝ සංස්කෘත නම් යෙදීම ඇරඹුණි. මෑත කාලයේදී මා කල නිරීක්ෂණ වලදී අනාවරණය කරගත් කරුණු ඉතා කනගාටුදායක හා අවාසනාවන්ත බව නොකියාම බැරිය.

    රුක්ෂාන්,රුක්ෂානි, දිල්ශාන්, දිල්ශානි, ෂෙහාන්, ෂෙහානි, ෂෙරොන්, රොෂාන්, වැනි නම් යෙදූ සිංහල දරුවන් කොපමණක් අද අපේ රටේ සිටිත්ද? මේ නම් සියල්ල මුස්ලිම් නම් බව මේ දරුවන්ගේ දෙමාපියෝ දනිත්ද? නොදන්නේමය. දිල්කි, ශෂී, රේවතී, වැනි නම් හින්දු නම් බව දන්නෙහිද? නොදන්නේමය. එසේනම් මෙවැනි විජාතික නම් යෙදීමට හේතුව කුමක්ද? මා විසින් සොයාගත් හේතු කීපයක් මෙසේය.

    1. මෙම නම් උච්ඡාරණයේදී නැගෙන හඬට ඇති ආසාව නිසා.

    2. දැන් පෙන්වන සීනිබෝල හින්දි චිත්‍රපටි වල එන චරිත සහ ආච්චි අම්මලාත් ‘දහඅටයි මාස අටයි’ පමණට තරුණ කරවන, තුට්ටු දෙකේ කුණු ඉන්දියන් ටෙලි නාට්‍ය චරිතද මෙවැනි නම් වලින් යුක්ත වීම.

    මේ ටෙලි නාට්‍ය නිසා තමන්ගේ දරුවන්ගේ දරුවන්ටත් මුස්ලිම් හෝ හින්දු නම් තැබීමට උනන්දුවන, ඒ ටෙලිනාට්‍ය වල සිටින බහුබූත චරිත මෙන් අඳින පළඳින (කතා බහත් කරනවා හින්දි පුළුවන් වුනානම්) මැදි විය ඉක්මවූ සිංහල කාන්තාවන් මම දැක ඇත්තෙමි. කිසිදු මුස්ලිම් ජාතික පවුලක හෝ හින්දු පවුලක සඳුනී, සමන්මලී, විකුම්, අභීත, වැනි නම් යෙදූ දරුවෝ සිටිත්ද? අතීතයේදීත්, වර්තමානයේදීත්, අනාගතයේදීත් නැත්තේමය. ඉතින් දැන්වත් මේ පරගැති භාවයෙන් මිදෙන්නට අදහසක්
    :angry::no:නැද්ද? …..නැද්ද?…….නැද්ද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    යටගිය දවස දඹදිව තක්සලා නුවර උපත ලැබු බෝසතාණන් වහන්සේ දිසාපාමොක් ඇදුරුව පන්සියයක් පමණ වූ සිසු පිරිසට ශිල්ප ශාස්ත්‍ර උගන්වන්නාහ. මේ සිසු පිරිස අතර 'පාපක' නමින් හැඳින් වූ එක් ශිෂ්‍යයෙක් වූවේ ය. ඔහුගේ නම හේතු කොට ගෙන අනෙකුත් ශිෂ්‍යයෝ ඔහුට නොයෙකුත් විහිළු,තහළු කරන්නට වූහ. තැන නො තැන නො බලා තමන් අපහාසයට ලක් කිරීමට කළකිරී ඔහු දිසාපාමොක් ඇදුරුතුමන් වෙත ගොස්

    ”ඇදුරුතුමනි, මාගේ නම නුසුදුසු ය. නාමය නිසා මා විහිළුවට ලක්ව ඇත. එබැවින් මට වෙනත් නමක් තබනු මැනයි“ පැවසී ය.

    ඒ ඇසූ බෝසත් ඇදුරුතුමා ඔහු අමතා

    ”දරුව, ජනපදයන්හි ඇවිද තොපගේ සිත් ගත්තා වූ යම් නමක් අසන ලද්දේ ද, එය මට කියව. ඒ නාමය වෙනස් කොට මම නුඹට නමක් තබන්නෙමි.”

    එය ඇසූ පාපක ගමින් ගමට යමින් එක් නගරයකට පැමිණියේ ය. එහි දී ඒ නුවර වාසය කළ ජීවක නම් තැනැත්තෙක් මියගොස් ඥාතීන් විසින් සිරුර දවන්නට ගෙන යනු දුටු පාපක ඔවුන් වෙත ගොස් ඔහුගේ නම ඇසී ය.

    ”මේ ජීවක ය.

    ”මොහු මියගියේ කවර හේතුවක් නිසා දැ?”

    එවිට ඒ ඥාති පිරිස, ”එම්බා මානවකය, ජීවකයාත්, ආජීවකයාත් යන මේ හැම දෙනාම මිය යන්නේ ය. නාමය වූ කලී හඳුනා ගැනීම් මාත්‍රයක් පමණි. නුඹ මහ මෝඩ පුද්ගලයකු මෙන් ප්‍රශ්න නගන්නෙහි” ය කීහ.

    එය ඇසූ පාපක මධ්‍යම නුවරට පැමිණියේ ය. එවිට එක්තරා දාසියක් බැල මෙහෙවර නො කිරීම නිසා අයිතිකරු විසින් ඇය ගසක බැඳ වැලකින් පහර ගසනු දිටී ය. පාපක එතැනට ගොස් ඇය බැල මෙහෙවර නො කිරීම නිසා පහර දෙන බව දැන ඇයගේ නම ඇසුවේ ය. එවිට ඔහුට දැන ගන්නට ලැබුණේ ඇගේ නම ධනපාලී බව ය. එවිට ඔහු ඒ ස්වාමියා අමතා,

    ”මැය ධනපාලි යනුවෙන් නම් ඇතිව කුමක් නිසා මෙසේ බැල මෙහෙවර කරන්නේදැයි” යි ඇසු විට,

    ”මානවකය, ධනපාලත්, අධනපාලත් දුප්පත් වන්නේ ය. නාමය වූ කලී හැඳිනීමේ මාත්‍රයක් පමණි. එසේ හෙයින් තොප මෝඩයකු මෙන් ප්‍රශ්න නගන්නෙහි යැ”යි කී ය.

    එය ඇසූ පාපක නාමයන් කෙරෙහි බොහෝ මධ්‍යස්ථව ඒ නුවරින් පිටත්ව එන අතර මග දී මංමුලා වූ පුරුෂයෙකු දැක

    ”ඔබ කුමක් නිසා මෙහි නිකරුණේ ඇවිදින්නෙහි ද?”

    ”මම මං මුළා වීමි”

    ”නුඹගේ නාමය කුමක් ද?”

    ” මාගේ නම පන්ථක වෙයි”

    ”පන්ථකයෝත් මං මුළා වන්නෙහි දැ?” යි ඇසූ කල

    ”මානවකය, පන්ථකයෝත් අපන්ථකයෝත් මං මුළා වෙත්. නාමය වූ කලී හැඳින්වීමේ මාත්‍රයක් පමණි. තොප මෝඩයකු මෙන් ප්‍රශ්න කරන්නෙහි යැ”යි කී ය.

    ඉන්පසු පාපක බෝසතුන් ඇදුරුතුමා වෙත ගොස්

    ”ආචාරින් වහන්ස, ආජීවකයෝත්, ජීවකයෝත් මිය යන්නාහ, ධනපාලත්, අධනපාලත් දුප්පත් වන්නාහ, පන්ථකයෝත්, අපන්ථකයෝත් මං මුලා වන්නාහ. එසේ හෙයින් නාමය නම් හැඳින්වීමේ මාත්‍රයක් පමණක් වන්නේ ය. එනිසා මා හට වෙනත් නාමය අවශ්‍ය නැති බව කී ය.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "රුක්ෂාන්,රුක්ෂානි, දිල්ශාන්, දිල්ශානි, ෂෙහාන්, ෂෙහානි, ෂෙරොන්, රොෂාන්, වැනි නම් ... .. සියල්ල මුස්ලිම් නම් බව" :shocked:
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ගොන් කතා කියන්න එපා බන්.
    මේ ලෝකෙ ගොඩක් බාශාවල ලගින් එන වචන තියෙනව.ඒක නැති කරන්න බෑ.
    අම්මා අප්ප චි
    දෙමල- අම්මා අප්පා
    කොරියන් - අමොනි අපුජි
    ඇරබිc - මමා පපා
    ඉතින් උබට එච්චර ම අමාරුම නං උබ අලුත් ම බාශාවක් හදා ගනින් උබේ ආර්ය සිහල ලමයින්ට
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ගොන් කතා කියන්න එපා බන්.
    මේ ලෝකෙ ගොඩක් බාශාවල ලගින් එන වචන තියෙනව.ඒක නැති කරන්න බෑ.
    අම්මා අප්ප චි
    දෙමල- අම්මා අප්පා
    කොරියන් - අමොනි අපුජි
    ඇරබිc - මමා පපා
    ඉතින් උබට එච්චර ම අමාරුම නං උබ අලුත් ම බාශාවක් හදා ගනින් උබේ ආර්ය සිහල ලමයින්ට

    Indo european languages wala godak samanakam thiyenawa.
     
    THARANGA.TC

    Active member
  • Jun 19, 2013
    475
    30
    28
    dambulla
    යටගිය දවස දඹදිව තක්සලා නුවර උපත ලැබු බෝසතාණන් වහන්සේ දිසාපාමොක් ඇදුරුව පන්සියයක් පමණ වූ සිසු පිරිසට ශිල්ප ශාස්ත්‍ර උගන්වන්නාහ. මේ සිසු පිරිස අතර 'පාපක' නමින් හැඳින් වූ එක් ශිෂ්‍යයෙක් වූවේ ය. ඔහුගේ නම හේතු කොට ගෙන අනෙකුත් ශිෂ්‍යයෝ ඔහුට නොයෙකුත් විහිළු,තහළු කරන්නට වූහ. තැන නො තැන නො බලා තමන් අපහාසයට ලක් කිරීමට කළකිරී ඔහු දිසාපාමොක් ඇදුරුතුමන් වෙත ගොස්

    ”ඇදුරුතුමනි, මාගේ නම නුසුදුසු ය. නාමය නිසා මා විහිළුවට ලක්ව ඇත. එබැවින් මට වෙනත් නමක් තබනු මැනයි“ පැවසී ය.

    ඒ ඇසූ බෝසත් ඇදුරුතුමා ඔහු අමතා

    ”දරුව, ජනපදයන්හි ඇවිද තොපගේ සිත් ගත්තා වූ යම් නමක් අසන ලද්දේ ද, එය මට කියව. ඒ නාමය වෙනස් කොට මම නුඹට නමක් තබන්නෙමි.”

    එය ඇසූ පාපක ගමින් ගමට යමින් එක් නගරයකට පැමිණියේ ය. එහි දී ඒ නුවර වාසය කළ ජීවක නම් තැනැත්තෙක් මියගොස් ඥාතීන් විසින් සිරුර දවන්නට ගෙන යනු දුටු පාපක ඔවුන් වෙත ගොස් ඔහුගේ නම ඇසී ය.

    ”මේ ජීවක ය.

    ”මොහු මියගියේ කවර හේතුවක් නිසා දැ?”

    එවිට ඒ ඥාති පිරිස, ”එම්බා මානවකය, ජීවකයාත්, ආජීවකයාත් යන මේ හැම දෙනාම මිය යන්නේ ය. නාමය වූ කලී හඳුනා ගැනීම් මාත්‍රයක් පමණි. නුඹ මහ මෝඩ පුද්ගලයකු මෙන් ප්‍රශ්න නගන්නෙහි” ය කීහ.

    එය ඇසූ පාපක මධ්‍යම නුවරට පැමිණියේ ය. එවිට එක්තරා දාසියක් බැල මෙහෙවර නො කිරීම නිසා අයිතිකරු විසින් ඇය ගසක බැඳ වැලකින් පහර ගසනු දිටී ය. පාපක එතැනට ගොස් ඇය බැල මෙහෙවර නො කිරීම නිසා පහර දෙන බව දැන ඇයගේ නම ඇසුවේ ය. එවිට ඔහුට දැන ගන්නට ලැබුණේ ඇගේ නම ධනපාලී බව ය. එවිට ඔහු ඒ ස්වාමියා අමතා,

    ”මැය ධනපාලි යනුවෙන් නම් ඇතිව කුමක් නිසා මෙසේ බැල මෙහෙවර කරන්නේදැයි” යි ඇසු විට,

    ”මානවකය, ධනපාලත්, අධනපාලත් දුප්පත් වන්නේ ය. නාමය වූ කලී හැඳිනීමේ මාත්‍රයක් පමණි. එසේ හෙයින් තොප මෝඩයකු මෙන් ප්‍රශ්න නගන්නෙහි යැ”යි කී ය.

    එය ඇසූ පාපක නාමයන් කෙරෙහි බොහෝ මධ්‍යස්ථව ඒ නුවරින් පිටත්ව එන අතර මග දී මංමුලා වූ පුරුෂයෙකු දැක

    ”ඔබ කුමක් නිසා මෙහි නිකරුණේ ඇවිදින්නෙහි ද?”

    ”මම මං මුළා වීමි”

    ”නුඹගේ නාමය කුමක් ද?”

    ” මාගේ නම පන්ථක වෙයි”

    ”පන්ථකයෝත් මං මුළා වන්නෙහි දැ?” යි ඇසූ කල

    ”මානවකය, පන්ථකයෝත් අපන්ථකයෝත් මං මුළා වෙත්. නාමය වූ කලී හැඳින්වීමේ මාත්‍රයක් පමණි. තොප මෝඩයකු මෙන් ප්‍රශ්න කරන්නෙහි යැ”යි කී ය.

    ඉන්පසු පාපක බෝසතුන් ඇදුරුතුමා වෙත ගොස්

    ”ආචාරින් වහන්ස, ආජීවකයෝත්, ජීවකයෝත් මිය යන්නාහ, ධනපාලත්, අධනපාලත් දුප්පත් වන්නාහ, පන්ථකයෝත්, අපන්ථකයෝත් මං මුලා වන්නාහ. එසේ හෙයින් නාමය නම් හැඳින්වීමේ මාත්‍රයක් පමණක් වන්නේ ය. එනිසා මා හට වෙනත් නාමය අවශ්‍ය නැති බව කී ය.
    tharuwan saranai
     
    Similar threads