රාජ්‍ය නොවන සංවිධාන (NGO) නමින් ක්‍රියාත්මක වන බටහිර රජයන්ගේ ආධාරයෙන් නඩත්තු වන සංවිධාන ගැන මා අමුතුවෙන් කිව යුතු නොවේ. අපේ රටේ මේ සංවිධාන ජාලය මෙහෙයවන දේශීය ඒජන්තයන් කිහිප දෙනකු ඇත. ඒ අතුරින් ප්‍රධාන පුද්ගලයකු වන්නේ පාක්‍යසෝති සරනවමුත්තු නැමැත්තාය. ඔහු සාම කාක්කෙකි; රටට ද්‍රෝහීව කටයුතු කළ, විදේශයන්ට ගතු කියා රට අමාරුවේ දැමූ NGO කප්පිත්තා ය. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ තවත් ආයතන ගණනාවක් හරහා සිය විදේශීය ලෝලීත්වය පෙන්වූ නොම්බර එකේ (අ)වැඩකාරයෙකි.
මට උදේ පාන්දර මේ පුද්ගලයා ගැන කියන්නට ඕනෑ වුයේ ඊයේ රාත්‍රී හීනයක් දැකීම නිසා නොව අද “The Island” පුවත් පතේ පළ වූ ප්‍රවෘතියක් නිසාය. ජායාරූපයක් ද සහිතව පළකර තිබු මේ පුවතේ හැටියට ඊයේ දිනයේ කොළඹ ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පශ්තාත් උපාධි පීඨයේ විද්‍යාපති උපාධි පාඨමාලාවේ ආරම්භක උත්සවයේ ආරාධිත අමුත්තා පාක්‍යසෝති සරනවමුත්තු ය. ලොවක් පුදුමයට පත්කළ මහා යුද ජයග්‍රහනයක අභිමානවත් හිමිකරුවන් වූ ශ්‍රී ලංකා යුද හමුදාව වෙනුවෙන් මේ පුද්ගලයාට ආරාධනා කිරීමේ නිවට තීරණය ගත් පුද්ගලයා කවුදැයි මම නොදනිමි. එහෙත් රටටත් ජනතාවටත් ත්‍රවිධ හමුදාවටත් ද්‍රෝහීව කටයුතු කළ තුට්ටු දෙකේ පුද්ගලයකු මෙවැනි අවස්ථාවකට වද්දා ගැනීම අමනෝඥ, තකතීරු ක්‍රියාවකි. යුද හමුදාවත්, රටේ විශ්ව විද්‍යාල පද්ධතියත් අවමානයට ලක් කල සිදු වීමකි. මේ NGO කප්පිත්තා ගෙන්වා ගැනීම ගැන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ලජ්ජාවට පත් විය යුතුය. වෙන ගෙන්වා ගන්නට කෙනෙක් මේ රටේ සිටියේම නැද්ද යන ප්‍රශ්නය ඔවුන්ගෙන් නැගිය යුතුය.
චන්න ජයසුමන
http://www.island.lk
