අනේ ඇයි මගේ දත් නරක් වෙන්නේ.....????

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    අනේ ඇයි මගේ දත් නරක් වෙන්නේ.....???????????:confused::confused:

    මේක හුග දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්...:confused:

    මේ හුයේ අරමුණ දත් නරක්වීම - ඇත්තට ම කියනවා නම් දත් දිරායාම - ගැන ඔබ දැණුම්වත් කිරීම....:yes::yes:

    ඇයි ඇත්තටම දත් නරක් වෙන්නේ....????

    දත නරක්වීම කියන්නේ රසායනික ක්‍රියාවලියක්. මුඛයේ ඇතිවන අම්ලවලින්, දතේ පටක දියැවීම තමයි දත දිරායාමට මූලික හේතුව...!!

    දත නරක්වීම - දිරායාම කියන සංසිද්ධියට හේතු 4ක් බලපානවා....!!!

    1. දතක් පැවතීම (වඩා විද්‍යාණුකූලව කියනවා නම් උපස්ථරයක පැවැත්ම) - නැත්නම් මොක නරක් වෙන්නද?

    2. දත දිරායාමට හේතුකාරක වන අම්ල බවට පත් කළ හැකි රසායන මුඛ කුහරය තුළ පැවතීම - ප්‍රධාන වශයෙන් ම පිරිපහදු කළ සීනි: මේවා අම්ල බවට පත් කරන්න පුළුවන්-හරියට රා තවත් පැහුණාම විනාකිරි වෙනවා වගේ...!!

    3. පිරිපහදු කළ සීනි මුඛය තුළ දී අම්ල බවට පෙරලන්න පුළුවන් හැකියාව තිබෙන Lacto bacillus කුලයේ ශුද්‍ර ජීවීන් ගේ පැවැත්ම.

    4. කාලය....කාලය ගත වෙත්ම තමයි ප්‍රශ්නය මතු වෙන්නේ...

    මේ හේතු 4ම එකතු වුණොත් විතරයි දත නරක් වෙන්නේ....!! බලන්න පහත රූපය....

    caries1.jpg

    මේ හේතු 4න් දෙකක් අපට ඉවත් කරන්න කරන්න බැහැ...
    පළමු වැන්න දත....දතක් පැවතීම ඉවත් කරනවා කියන්නේ දත ඉවත් කරනවා කියන එක. එතකොට මෙච්චර දේවල් ලියන්න ඕන වෙන්නේ නැහැ....!!!

    දෙවැන්න කාලය...කාලය ගතවීම පාලනය කරනවා කියන්නේ කරන්න බැරි දෙයක්.....

    එහෙනම් පාලනය කරන්න පුළුවන් හේතු දෙකයි....

    පළමුවැන්න - අම්ල බවට පත් කළ හැකි රසායන-ඒ කියන්නේ සීනි....ඔබ සීනි-පැණි රස ගන්නා වාර ගනන අඩු කරනවා නම් මුඛය තුල ඇතිවන මේ ආම්ලිකතාවය අඩු කරන්න පුළුවන්.....

    දෙවැන්න - සීනි මුඛය තුළ දී අම්ල බවට පෙරලන්න පුළුවන් ශුද්‍ර ජීවීන්.....ඔවුන් ව අඩු කරන්න තියෙන්නේ එකම ක්‍රමයයි. ඒ හොදින් දත් මැදීම.......

    ඔබ මේ විදියට යහපත් මුඛ තත්ත්වයක් පවත්ව ගන්නවා නම්......අපේ දන්ත වෛද්‍යවරුන් 40%-50% කට රස්සා නැතිවෙන එක ගැන මෙන්න කැට....!!!!:shocked::yes::yes::sorry:

    දත් දිරන්නේ කොහොමද?, දිරායාමේ විවිධ අවස්ථා වලට තියෙන ප්‍රතිකාර, විදුරුමස් දියවෙන රෝගය, දත් මැදිමේ නිවැරදි ක්‍රමවේදය ගැන තව treads ඉදිරියේ දී දාන්නම්. කාර්ය බහුල නිසා ටිකක් කල් යයි; කමක් නැහැ නේද????:cool:

    ඔබේ ප්‍රතිචාර වැදගත් බව අමුතුවෙන් කියන්න ඕන නැහැ නේද???

    Business eka Up karaganimata Adalawa me gena yana THread ekata onna magen rep+9
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Business eka Up karaganimata Adalawa me gena yana THread ekata onna magen rep+9
    රෙප් එකට තෑන්ක්ස්ය...නමුත් මේක බලන්න......

    ඔබ මේ විදියට යහපත් මුඛ තත්ත්වයක් පවත්ව ගන්නවා නම්......අපේ දන්ත වෛද්‍යවරුන් 40%-50% කට රස්සා නැතිවෙන එක ගැන මෙන්න කැට....!!!!:shocked::yes::yes::sorry:

    බිස්නස් අප් වීම කෙසේ වෙතත් ඩවුන් යාම නම් ෂුවර්ය..........
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    රෙප් එකට තෑන්ක්ස්ය...නමුත් මේක බලන්න......

    ඔබ මේ විදියට යහපත් මුඛ තත්ත්වයක් පවත්ව ගන්නවා නම්......අපේ දන්ත වෛද්‍යවරුන් 40%-50% කට රස්සා නැතිවෙන එක ගැන මෙන්න කැට....!!!!:shocked::yes::yes::sorry:

    බිස්නස් අප් වීම කෙසේ වෙතත් ඩවුන් යාම නම් ෂුවර්ය..........
    :lol:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඒ කතාව ඇත්ත මම දවසක් දත් සුද්ද කරන්න ගියා... ගොඩක් බයෙන් ගියේ මම හිතුවා දොස්තර මට සෑහෙන්න බනියි කියලා ඒත් මොනාවත් කීවේ නෑ.. ඒකෙන් මම තේරුම් ගත්තා ඩොක්ටස්ලාට අපේ දත් නරක් වීම අවස්ය දෙයක් බව... එනි වේ ස්තුතියි.. විස්තර ටිකට
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    දත් දිරා යාමට "දත් පනුවෝ කනවා" කියන අය තාම ලංකාවේ සැහෙන්න දෙනෙක් ඉන්නවා!
    මේකත් ඇත්ත සිද්දියක්! (වැඩි විස්තර අහන්න එපා!)

    මම අඳුනන ඩොකෙක් ළඟට ආච්චි කෙනෙක් ගිහිල්ලා කිව්වලු "මහත්තයෝ මගේ දත් දෙකක් පනුවෝ කාලා මට පණු බෙහෙත් දෙන්න" කියලා.
    ඉතින් අපේ යාලුවා බොහොම වෙලා අරන් ආච්චිට දත් පනුවෝ කියලා දෙයක් නැති බව හොඳට පැහැදිලි කළා!
    ඒත් මේ ආච්චි දත් පණුවෝ කන හින්දා පණු බෙහෙත්ම ඉල්ලනවා!
    අන්තිමට යාළුවාටත් තද උනා! මිනිහා ආච්චිට පණු බෙහෙත් දීලා කිව්වලු "ආච්චි උදේ හවස මේ පෙත්තක් ගානේ හොඳට හපන්න. ගිල්න්න ඕන නැහැ" කියලා.
    ආච්චිත් හොඳටම සතුටු වෙලා යන්න ගියාලු!

    :yes::yes::yes::lol::lol::lol:
    මේක මරු කතාව:lol::lol:
     
    :lol::cool: