අනේ ඇයි මගේ දත් නරක් වෙන්නේ.....???????????
මේක හුග දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්...
මේ හුයේ අරමුණ දත් නරක්වීම - ඇත්තට ම කියනවා නම් දත් දිරායාම - ගැන ඔබ දැණුම්වත් කිරීම....
ඇයි ඇත්තටම දත් නරක් වෙන්නේ....????
දත නරක්වීම කියන්නේ රසායනික ක්‍රියාවලියක්. මුඛයේ ඇතිවන අම්ලවලින්, දතේ පටක දියැවීම තමයි දත දිරායාමට මූලික හේතුව...!!
දත නරක්වීම - දිරායාම කියන සංසිද්ධියට හේතු 4ක් බලපානවා....!!!
1. දතක් පැවතීම (වඩා විද්‍යාණුකූලව කියනවා නම් උපස්ථරයක පැවැත්ම) - නැත්නම් මොක නරක් වෙන්නද?
2. දත දිරායාමට හේතුකාරක වන අම්ල බවට පත් කළ හැකි රසායන මුඛ කුහරය තුළ පැවතීම - ප්‍රධාන වශයෙන් ම පිරිපහදු කළ සීනි: මේවා අම්ල බවට පත් කරන්න පුළුවන්-හරියට රා තවත් පැහුණාම විනාකිරි වෙනවා වගේ...!!
3. පිරිපහදු කළ සීනි මුඛය තුළ දී අම්ල බවට පෙරලන්න පුළුවන් හැකියාව තිබෙන Lacto bacillus කුලයේ ශුද්‍ර ජීවීන් ගේ පැවැත්ම.
4. කාලය....කාලය ගත වෙත්ම තමයි ප්රශ්නය මතු වෙන්නේ...
මේ හේතු 4ම එකතු වුණොත් විතරයි දත නරක් වෙන්නේ....!! බලන්න පහත රූපය....
![]()
මේ හේතු 4න් දෙකක් අපට ඉවත් කරන්න කරන්න බැහැ...
පළමු වැන්න දත....දතක් පැවතීම ඉවත් කරනවා කියන්නේ දත ඉවත් කරනවා කියන එක. එතකොට මෙච්චර දේවල් ලියන්න ඕන වෙන්නේ නැහැ....!!!
දෙවැන්න කාලය...කාලය ගතවීම පාලනය කරනවා කියන්නේ කරන්න බැරි දෙයක්.....
එහෙනම් පාලනය කරන්න පුළුවන් හේතු දෙකයි....
පළමුවැන්න - අම්ල බවට පත් කළ හැකි රසායන-ඒ කියන්නේ සීනි....ඔබ සීනි-පැණි රස ගන්නා වාර ගනන අඩු කරනවා නම් මුඛය තුල ඇතිවන මේ ආම්ලිකතාවය අඩු කරන්න පුළුවන්.....
දෙවැන්න - සීනි මුඛය තුළ දී අම්ල බවට පෙරලන්න පුළුවන් ශුද්‍ර ජීවීන්.....ඔවුන් ව අඩු කරන්න තියෙන්නේ එකම ක්‍රමයයි. ඒ හොදින් දත් මැදීම.......
ඔබ මේ විදියට යහපත් මුඛ තත්ත්වයක් පවත්ව ගන්නවා නම්......අපේ දන්ත වෛද්‍යවරුන් 40%-50% කට රස්සා නැතිවෙන එක ගැන මෙන්න කැට....!!!!
දත් දිරන්නේ කොහොමද?, දිරායාමේ විවිධ අවස්ථා වලට තියෙන ප්‍රතිකාර, විදුරුමස් දියවෙන රෝගය, දත් මැදිමේ නිවැරදි ක්‍රමවේදය ගැන තව treads ඉදිරියේ දී දාන්නම්. කාර්ය බහුල නිසා ටිකක් කල් යයි; කමක් නැහැ නේද????
ඔබේ ප්‍රතිචාර වැදගත් බව අමුතුවෙන් කියන්න ඕන නැහැ නේද???
රෙප් එකට තෑන්ක්ස්ය...නමුත් මේක බලන්න......Business eka Up karaganimata Adalawa me gena yana THread ekata onna magen rep+9




රෙප් එකට තෑන්ක්ස්ය...නමුත් මේක බලන්න......
ඔබ මේ විදියට යහපත් මුඛ තත්ත්වයක් පවත්ව ගන්නවා නම්......අපේ දන්ත වෛද්‍යවරුන් 40%-50% කට රස්සා නැතිවෙන එක ගැන මෙන්න කැට....!!!!
බිස්නස් අප් වීම කෙසේ වෙතත් ඩවුන් යාම නම් ෂුවර්ය..........

මේක මරු කතාවදත් දිරා යාමට "දත් පනුවෝ කනවා" කියන අය තාම ලංකාවේ සැහෙන්න දෙනෙක් ඉන්නවා!
මේකත් ඇත්ත සිද්දියක්! (වැඩි විස්තර අහන්න එපා!)
මම අඳුනන ඩොකෙක් ළඟට ආච්චි කෙනෙක් ගිහිල්ලා කිව්වලු "මහත්තයෝ මගේ දත් දෙකක් පනුවෝ කාලා මට පණු බෙහෙත් දෙන්න" කියලා.
ඉතින් අපේ යාලුවා බොහොම වෙලා අරන් ආච්චිට දත් පනුවෝ කියලා දෙයක් නැති බව හොඳට පැහැදිලි කළා!
ඒත් මේ ආච්චි දත් පණුවෝ කන හින්දා පණු බෙහෙත්ම ඉල්ලනවා!
අන්තිමට යාළුවාටත් තද උනා! මිනිහා ආච්චිට පණු බෙහෙත් දීලා කිව්වලු "ආච්චි උදේ හවස මේ පෙත්තක් ගානේ හොඳට හපන්න. ගිල්න්න ඕන නැහැ" කියලා.
ආච්චිත් හොඳටම සතුටු වෙලා යන්න ගියාලු!
![]()


රෙප් එකට තෑන්ක්ස්ය...නමුත් මේක බලන්න......
ඔබ මේ විදියට යහපත් මුඛ තත්ත්වයක් පවත්ව ගන්නවා නම්......අපේ දන්ත වෛද්‍යවරුන් 40%-50% කට රස්සා නැතිවෙන එක ගැන මෙන්න කැට....!!!!
බිස්නස් අප් වීම කෙසේ වෙතත් ඩවුන් යාම නම් ෂුවර්ය..........

