යමෙක් යම් ප්‍රකාශයක් යම් කිසි තර්කයක් ඉදිරිපත් කරමින් ආපෝහනය කළද ලොව අනිත් අය ඒක නොපිළිගැනීමට පුලුවන. ඔප්පු කිරීමට නොහැකි වීම හා අනිත් අය පිලිගැනීම/නොගැනීම අතර සම්බන්ධයක් නෑ. යම් තර්කයට ප්‍රතිතර්කයක් ඉදිරිපත් කිරීමේදී සිදුකළ යුතු වන්නේ මුලින් කී තර්කය තුල ඇති අඩුපාඩු පෙන්වා දීම විනා "අච්චර පිරිසක් ඕක පිලිගන්නේ නෑ", "මෙච්චර පිරිසක් ඕක පිලිගන්නේ නෑ" යනුවෙන් තප්පුලෑම නොවේ. මුල් කාලයේ ඇතැම් අය (ඇරිස්ටෝටල් වැනි) ලෝකය ගෝලාකාරයි කීවද බොහෝ අය එය පිලිගත්තේ නැත. ඔබ එකල සිටියා නම් "බලපං ගොඩක් අය උඹේ තර්කය පිලිගන්නෙ නෑ. එබැවින්, ලෝකය ගෝලාකාර නෑ" යනුවෙන් ප්‍රකාශ කරනු ඇත.යමෙක් යම් තර්කයක් ගොඩ නැගුවට පස්සේ ඒ තර්කය ලෝකයා හමුවේ ඔප්පු කල යුතුයි කුමන ආකාරයෙන් හෝ එනම් තර්ක කොට එය සත්‍ය බව පෙන්විය යුතුයි (එය සත්‍යයක් නොවූවත් තමන් ගොඩනගන තර්කය වෙන කෙනෙකුට බිද හෙලීමට නොහැකි තත්වයට). නමුත් එම තර්කය ඔප්පු කිරීමට නොහැකි වෙනවා කියන්නේ එය අනිත් අය නොපිළිගන්නවා කියන එකයි එවිට එහි වලංගු තාවයක් නෑ.
හොදයි මෙතන මේ චරිත් තර්කයක් ගොඩනගලා තියෙනවා හැබැයි ඒක වෙනම අවස්ථාවක් ඒ කියන්නේ ඔහු ගොඩනගලා තියෙන්නේ සෘජු තර්කයක් නෙවෙයි යම් දෙයක් පවතිනවා යන්න සනාථ කිරිමට ගෙන ආපු වක්‍ර තර්කයක්. නමුත් එහෙම තර්කයක් ගෙන එද්දී අර හේතුවට කෙසේවත් බලපෑමක් නොවෙන තර්කයක් ගෙන ආ යුතුයි
මෙහි ඔයු දෙවියන් වහන්සේගේ පැවතීම කොයි වගේද යන්න සනාථ කිරීමට ගෙන ඇවිත් තියෙන්නේ 1 කියන අංකයේ පැවතීම නමුත් 1,2 කියන්නේ සැබැවින්ම පවතින දෙයක් නෙවෙයි ඒ මිනිසා විසින් තම කාර්්‍යයන් පහසු කර ගැනීම සදහා සකසා ගත් ක්‍රමවේදයක්. ඕන්නම් වෙන කෙනෙකුට මම 1,2 කියලා භාවිතා කරන්නේ නැතුව ඒ වෙනුවට වෙන මොනවා හරි දෙයක් පාවිච්චි කරන්න පුලුවන්. එතකොට අන්න එතනදි ඔය 1 කියන එක වැඩක් වෙන්නේ නෑ ඉතින් දෙවියන් වහන්සේගේ පැවතීම කියන කරැණට ඔය 1 කියන එකේ පැවැත්ම ආශ්රයෙන් තර්කයක් ගොඩ නැගීම කොතරම් සාධාරණද කියලා හිතන්න වෙනවා නේද
ඔහු 1 සංඛ්‍යාවේ "පැවතීම" ගැන කතාකරලා නෑ..ඔහු කියන්නේ 1 සංඛ්‍යාව "මූලික" සංඛ්‍යාවක් කියලා. මම පෞද්ගලිකව ඔහුගේ තර්කය පිලිගන්නෙ නෑ. නමුත් ඔහුගේ තර්කය විතර්ක කළ යුත්තේ "අච්චර පිරිසක් ඕක පිලිගන්නේ නෑ", "මෙච්චර පිරිසක් ඕක පිලිගන්නේ නෑ" යනුවෙන් කීම හරහා නොවේ.


