අනේ පව් පූසා..

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
:(:(:(:(
අලවතුගොඩ, ඇස්‌සැද්දුම පදිංචි පී. ඩී. අමරකෝන් මහතා වයස අසූවක්‌ ආයු වළඳා පසුගියදා මිය ගියේය. ඔහු ජීවත්ව සිටි කාලයේ සුරතලයට ඇති කළ බළලා ද මහත් සොවින් යුතුව අමරකෝන් මහතාගේ දේහය බහා තිබූ පෙට්‌ටියේ එකම ඉරියව්වකින් වැතිර දින තුනක්‌ තිස්‌සේ කල් ගත කළේය. දේහයේ අවසන් කටයුතු කිරීමට පෙට්‌ටිය වසා දැමීමට බළල් සුරතලා ඉවතට ගැනීමට ආරක්‌ෂිත අත්වැසුම් භාවිතා කිරීමට නිවැසියන්ට සිදු වූයේ බළලා සපාකෑමට උත්සාහ දැරීම නිසාය.
pusa.jpg

අමරකෝන් මහතා මියයැමට පෙර දින 20 ක්‌ මාතලේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ අතර එම කාලයේ බළල් සුරතලා කෑ ගසමින් දැඩි ශෝකයෙන් සිටි බව ඔහුගේ බිරිඳ වන ඩබ්ලිව්. ඇම්. විමලාවතී මහත්මිය පැවසුවාය. රෝහලේදීම මියගිය අමරකෝන් මහතාගේ දේහය නිවසට රැගෙන පැමිණි සැණින් බළල් සුරතලා දේහය අසල වැතිර තිබේ.

තිරිසන් කුලේ ඉපිද ජීවත් වුවත් තමන් ආදරය කළ ස්‌වාමියාට දැක්‌වූ සෙනෙහස, ලෙන්ගතුකම විශ්මයජනක විය.
 
  • Like
Reactions: minipura

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..


    තිරිසන් කුලේ ඉපිද ජීවත් වුවත් තමන් ආදරය කළ ස්‌වාමියාට දැක්‌වූ සෙනෙහස, ලෙන්ගතුකම විශ්මයජනක විය.



    කොහොමටත් මිනිස්සුන්ටවඩා හොද ගති ගුණ
    අදකාලේ සත්තුලගත් තියනවා .............................
    :(:(:(