මිනිස්සු හරිම පුදුම සත්ව කොට්ඨාශයක්. සිතිවිලි වලට මුල් තැන දීලයි වැඩ කරන්නේ. හැඟීම්වලට මුල් තැන දෙන අවස්ථාත් නැතුවා නොවෙයි. නමුත් සිතුවිලි මුල් තැන ගන්නවා. ඒ නිසා තමයි මිනිස්සු කරන දේවල් සිතුවිලි මුල් වෙලා තියෙනවා කියලා බුදුහාමුදුරුවො කියන්නේ. කොහොමවුනත් දකින්න තියෙන විදියට හුඟක් වෙලාවට මිනිස්සු වැඩ කරන්නෙ මොන විදියෙ සිතුවිලි මුල් කරන්ද කියලා හිතන්න අමාරුයි. සමහරවිට කෙනෙක්ට යහපතක් කරන්න මුල් වෙන සිතුවිලි වලින් වැඩ කරන කෙනෙක්ම තව ටිකකින් වැඩ කරන්නේ ඒ කෙනාටම අයහපතක් ඇති වෙන විදියට. මේ වගේ දේවල් මිනිස් සමාජය දිහා බැලුවම දකින්න පුළුවන්. මේ සිදුවීම් නිසා ඇති වෙන ප්‍රතිඵලය තමයි මිනිහා කියන කෙනාව ලේසියෙන් රවටන්න පුළුවන් වීම. ඒ වගේම මිනිස්සු රැවටෙන අවස්ථා වැඩියි.
මිනිස්සු කොයි තරම් නම් රැවටෙනවාද කියනවානම්, පුංචි දරුවෙක් ඉපදුනාම හුඟක් සතුටු වෙනවා. හැබැයි ඒ දරුව යම් කිසි කාලෙකදි මැරුණම (සමහරවිට ඉපදෙද්දිම මැරෙන්න පුළුවන්, එහෙම නැත්තම් අවුරුදු කීපෙකින් මැරෙන්නත් පුළුවන්) අඬනවා. ඉපදෙන හැම කෙනාම මැරෙන්න ඕනා කියලා හිතන්නේ නෑ. ඒ තරම් රැවටිල්ලකින් මුලා වෙලයි මිනිස්සු ඉන්නේ.
මට මතකයි අපේ ගෙවල් ලඟ කෙනෙක්ගේ මළ ගෙයක් තිබ්බා. ඒ මැරුණ කෙනාගේ බිරින්දෑ ඇඩුවේ නෑ කියලා ගමේ මිනිස්සු සෑහෙන්න දොස් කිව්වා. මන් දන්නේ නෑ ජීවිතේ ඇත්ත තේරුම් අරන් ඇඬුවේ නැද්ද කියලා. නමුත් තත්වය එහෙමයි. .
ඉපදෙන හැමකෙනෙක්ම දවසක මැරෙනවා. ඒක බුදුවරුන්ට වුනත් පොදු න්‍යයාක්. ස්වභාවධර්මයේ නීති අපිට වෙනස් කරන්න බැහැනේ. මැරෙනකම් ගෙවන කාලයේදී නොයෙකුත් දුක් කම්කටොළු වලට මුහුණ දෙන්න වෙනවා. මැරුණම අඬනවා. ඉපදුනාම සතුටු වෙනවා. හැම දේම වරද්ද ගෙන වැඩ කරනවා. කවද නිවැරදි වෙයිද ?

api ipadenawa marenawa oka thama atta kochcara dewal kalath marena eka nawattana ba welawa awama kohe hangila hitiyath yanna wenawa