අනේ වාසනාවන්.............

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අනේ වාසනාවන්.............

    අන්ධ අයට ලෝකය දකින්න විද්‍යුත් ඇසක්

    551231_330815796991214_100001883895281_828323_889346333_n.jpg



    බි‍්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් අක්ෂි රෝහලේදී අන්ධභාවයට පත් පුද්ගලයින්ට පෙනීම ලබා දිය හැකි විද්‍යුත් උපකරණයක් සාර්ථකව අත්හදා බලා තිබේ.

    මෙම විශේෂ විද්‍යුත් උපකරණය සවිකිරීම මගින් පෙනිම ලබාදිමේ පරීක්ෂණය මෙහෙය වනු ලැබුයේ මහාචාර්ය මැක් ලැරෙන් සහ ටිම් ජැක්සන් විසිනි.

    ඔක්ස්ෆර්ඞ් අක්ෂි රෝහලේ සායන සදහා සහභාගි වු ක‍්‍රිස් ජේම්ස් සහ රොබින් මිලර් යන දෙදෙනා මෙම පරීක්ෂණය සදහා යොදාගෙන ඇති අතර ඔවුන් පූර්ණ අන්ධභාවයේ පසු වු පුද්ගලයින් වේ.

    ඇසෙහි ඇති දෘෂ්ටිවිතානය නම් කොටසෙහි ඡුායාරූප සංවේදී ෙසෙල අක‍්‍රියවීම මොවුන් අන්ධභාවයට පත්විමට හේතුවි ඇත.

    අදාළ පුද්ගලයින්ගේ දෘෂ්ටිවිතානය ආශ‍්‍රිතව ආලෝක සංවේදි පික්සෙල් 1,500ක ධාරිතාවක් සහිත ඉලෙක්ට්‍රොනික චිපයක් බද්ධ කර ඇති අතර ඇසට ආලෝකය ඇතුළු වූ විට උද්ධීපනය වන එම පික්සෙල දෘෂ්ටි ස්නායුවට විද්‍යුත් සංඥාවක් ලබා දි එය ස්නායු පද්ධතිය හරහා මොළය වෙත යැවීමෙන් පෙනීම ලැබෙයි.

    මෙහිදී ප‍්‍රතිස්ථාපනය වනුයේ, මූලික වශයෙන් කළු සදු දෘෂ්ටියක් පමණි.

    සැත්කමින් අනතුරුව තමන්ට ඉතා සමීපයේ පවතින රේඛා සහ නැමි හඳුනාගත හැකි වූ බව ක‍්‍රිස් ජේම්ස් පවසන අතර රොබින් මිලර් පවසන්නේ තමන් වසර 25කට පසුව යළිත් වරණවත් සිහින දකින බවයි.

    කෙසේ වෙතත් තවමත් දුරින් පිහිටි වස්තූන් නිරීක්ෂණය දුෂ්කර බව ද ඔවුහු පවසති.

    මෙහිදී ප‍්‍රථම සැත්කම සිදු කරන ලද මහාචාර්ය මැක් ලැරෙන් පවසන්නේ, පූර්ණ අන්ධභාවයේ පසුවු පුද්ගලයකුට බි‍්‍රතාන්‍යයේදී කිසියම් පෙනීමක් ලබාදුන් ප‍්‍රථම අවස්ථාව මෙය බවයි

    389240_330815746991219_100001883895281_828322_467943404_a.jpg


    295014_330815816991212_100001883895281_828324_987894099_n.jpg



    ඇස් දෙකක් නැති අමාරුව කොයිතරම්ද කියලා පෙනෙන අපට වඩා නොපෙන ඔවුන්ට තදින් දැනෙනවා.. සීමිත පිරිසකට පමනක් වැදගත් වන ඇතැම් සොයාගැනීම් කරන සමාජයක මෙවන් සොයාගැනීම් නම් අනේ වාසනාවන්........