රනිල්

මේ රටේ ජනතාව තමන් වෙනුවෙන් නීති සම්පාදනයට, ප‍්‍රතිපත්ති සම්පාදනයට සහ සම්පත් කළමනාකරණය සදහා ආණ්ඩුවක් පත් කර ගැනීමටමේ දිනවල මහා මැතිවරණයකට සුදානම් වෙමින් පවති. නිදහස ලබා ගත් දා සිටම මහජන ජන්දයෙන් තේරීපත් වු නියෝජිතයෝ විවිධ පොරොන්දු දෙමින් බලයට පැමිනියද
සාමාන්‍ය රටවැසියාට නිදහසේ සතුටින් විසිය හැකි පරිසරයක් නිර්මාණය කොට දීමට අපොහොසත් වී ඇත. එහෙත් යලි යලිදු විවිධ වෙස් ගනිමින් දේශපාලකයෝ ජනතාව ඉදිරියට පැමිණ ජනතා සේවය සදහා තමන්ට ඇති සුදුසුකම් මෙන්මපවුල් පසුබිම්ද අතිශයෝක්තියෙන් වර්ණනා කරමින් ජනතාව මුලා කිරීමට ඉදිරිපත් වී ඇත. එහෙයින්ම ජනතා නියෝජිතයන් කවුරුන්දැයි තීරණය කිරීමේදී ඔහුගේ හෝ ඇයගේ පැටිකිරියටද සැලකිල්ලට ගතයුතු වෙි. පැටිකිරිය තෝරාගන්නා පුද්ගලයා පිළිබදව මනා දැනුමක් ලබා ගැනීමට හැකි තොරතුරු සමුදායක් ලබා දේ.

ආණ්ඩුවක් පිහිටු වීම සදහා බලවත් කදවුරු දෙකක් එනම් එක්සත් ජානතා නිදහස් සන්ධානය (එ.ජ.නි.ස.) සහ එක්සත් ජාතික පක්ෂය (එ.ජා.ප) ප‍්‍රධාන කොට පිහිටුවා ඇති එක්සත් ජාතික පෙරමුනයි. අනෙක්වා පරිවාර පක්ෂ සහ කණ්ඩායම්ය. මෙම මැතිවරණයේදී බලයට පැමිණෙන පාර්ශවයේ නායකයා නව රජයේ අගමැතිවරයා වෙි. එ.ජ.නි.ස. බලයට පත්වුවහොත් හිටපු ජනාධිපතිමහින්ද රාජපක්ෂ අගමැති කර වීමටද එ.ජ.ප. ය බලයට පත්වුවහොත් වර්ථමාන අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ අගමැති කර වීමටද අදාල පාර්ශව අපේක්ෂා කරයි.

ඒනිසා කවුරුන් අගමැතිවරයා ලෙස පත් කර ගත යුතුද යන පැණයට ජන්ද දායකයාට හොද දැණුමක් තිබිය යුතුය. අනාගත අගමැතිගේ ඔවුන්ගේ පවුල්වල සහ ඥාතීන්ගේ නව අගමැති ඇතුල් කරගැනීම සදහා පැටිකිරිය දැන ගැනීම ඉතාම වැදගත් වේ. ඔහුගේ/ඇයගේ ගතිස්වභාවයන්, හැදියාවන්, පරිත්‍යාගයන්, නායකත්ව කුසලතාවයන් හා, ඉදිරි දේශපාලන දැක්ම යනාදිය පිළිබදව නිවැරදි තීරණයක් ජන්ද දායකයාට පැටිකිරියෙන් ලබා ගත හැකි නිසාය.

අගමැති පොරපිටියේ සිටින එ.ජා.ප. යේ රනිල් වික‍්‍රමසිංහගේ පැටිකිරිය ඉදිරි පිටුවල දිගහරිමු. එහිදී මහින්ද රාජපක්ෂගේ පැටිකිරිය සමග මෙහිදී පුලුල් සැසදීමක් නොකෙරේ. එම සැසදීම ජන්දදායකයා සතු මහින්ද රාජපක්ෂ පිළිබදව ඇති තොරතුරු සමග සැසදීමට යොමු වුවහොත් කවුරුන්දැයි සුදුස්සාදැයි තීරණය කල හැක. රනිල්ගේ පැටිකිරියේ තොරතුරු දෙසට, බසට සහ රුසට ලැදි අයෙකු විසින් උගත් තරුණ කණ්ඩායමකගේ ප‍්‍රශ්ණවලට කල පැහැදිලි කිරීම් වලින් සමන්විතය. ඒවා මෙරට ඡුන්දදායකයින්ට විශේෂයෙන්ම ශ‍්‍රී.ල.නි.ප., කොමියුනිස්ටි පක්ෂය, සමසමාජ, මහජන එක්සත් පෙරමුණු, ජ.වි.පෙ. වැනි පක්ෂවලට ලැදිකම් දක්වන සියළු ජන්ද දායකයින් සදහා එකසේ වැදගත් වනු නියතයි.

රනිල්ගේ පවුල් පැටිකිරිය

19 වන සියවසේදී මෙරට ධනයෙන් සහ දේශපාලන බලයෙන් යුතු පවුල් කණ්ඩායම් දෙකක් තිබිනි. ඔවුහු ලන්දේසී සහ විශේෂයෙන්ම ඉංශ‍්‍රීසී පාලන කාලය තුලදී තම ධනය හා දේශපාලන බලය මෙරට ස්ථාපිත කර ගත්හ. මහාචාර්ය කුමාරි ජයවර්ධනගේ 'සොක්කන් ලොක්කන් වු වගයි - ශ‍්‍රී ලංකාවේ යටත් විජිත ධනේෂ්වරයේ නැගීම' ග‍්‍රන්ථයට (2008) අනුව මුදලි, මුහන්දිරම් තනතුරු හොබවමින් මෙරට විශේෂයෙන්ම පොල් වැවිලි ක්ෂේත‍්‍රයේ අධිකාරි බලය දැරූ බණ්ඩාරනායක, ඔබේසේකර, සේරම්, ලීවේරා හා ඉලංගකෝන් යන පවුල් එක කණ්ඩායමක විය. කෝපි, තේ, පොල්, රබර් යන වැවිලි මිණිරන් කර්මාන්තය, රේන්ද කර්මාන්තය, ඉදි කිරීම් ක්ෂේත‍්‍රයේ නිරත වුු සේනානායක පවුල ප‍්‍රමුඛ කොටගත් මෙල්, සොයිසා, විජේවර්ධන, ඩෙප්, ඩයස්, පීරිස් අමරසුරිය වැනි පවුල් වලින් සමන්විත පවුල් කණ්ඩායම අනිත් කණ්ඩායම විය. මෑත කාලීන ප‍්‍රසිද්ධ දේශපාලඥයන් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග පළමු කී පවුල් කණ්ඩායමින් පැවතෙන අතර ඩඞ්ලි, ජේ. ආර්. සහ රනිල් වික‍්‍රමසිංහයන් දෙවන පවුල් කණ්ඩායමෙන් පැවත එති. තවද 20 වන සියවසේ මැදභාගය වන විට ධනය හා දේශපාලන බලය අතින් මෙරට ප‍්‍රමුඛම පවුල් කණ්ඩායම බවට පත්වී තිබුනේ රනිල් වික‍්‍රමසිංහ පැවත එන පවුල් කණ්ඩායමයි. කෙසේ වුවද පවුල් අතර සිදුවු අන්තර් විවාහ හා ව්‍යාපාරික සබදතා ආදිය නිසා මේ සියල්ලෝම මෙරට කරවු සහ කරවන ප‍්‍රධාන පවුල් කණ්ඩායම බවට පත් වී ඇත. මේ තත්වය එතරම් හොද තත්වයක් නොවුනද, යථාර්තය වී ඇත්තේ එයයි.

ඒ සමගම තව කරුණක් සදහන් කරන්න අවශ්‍යයි. එනම් රනිල්ගේ මව් පාර්ශවය එනම් තුඩුගල විජේවර්ධන පවුල 15 වන සියවසේදී මුලූ රටම එක්සේසත් කල මහා සාහිත්‍යධර 6 වන පරාක‍්‍රමබාහු (ක‍්‍රි.ව. 1412-67) රජුගේ පෙළපතට නෑකම් කියන බවයි. මේ බව 'තුඩුගල පවුල' නමින් J.H.O. Panlnsz ලියා තිබෙන පොතේ සදහන් වෙනවා. මේ තුඩුගල පවුල එහෙම නැතිනම් විජේවර්ධන පවුල රනිල්ගේ පැටිකිරිය ගැන කියන කොට අමතක කල නොහැකි පවුලක්ි. එබැවින් ඒ වගත් මෙසේ පවසමි.

විජේවර්ධන පවුල

විජේවර්ධන පවුල සේදවත්තේ තුඩුගල විජේවර්ධන පවුල නමින් ප‍්‍රකට විය. මොවුහු ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කිරීමේ කර්මාන්තයේ යෙදී සිටි අතර රජයේ වැඩ දෙපාර්තමේන්තුව විසින් ඉදිකරන ගොඩනැගිලි සදහා දැව, ගඩොල්, වැලි යනාදිය සැපයීමේ කොන්ත‍්‍රාත්තු ලබා බෙහෙවින් පොහොසත් විය. ලන්දේසි යුගයේ සිටම ධනවතකු වු වැවගේ අරනෝලිස් ඩෙප් තුඩුගල විජේවර්ධන පවුලට සම්බන්ධ වන්නේ ඔහුගේ හෙලේනා ඩෙප්නම් දියණිය විජේවර්ධන පවුලේ දොන් පිලිප් විජේවර්ධන සමග විවාහ වීම නිසයි. හෙලේනා ඩෙප් විජේවර්ධන රනිල්ගේ මව් පාර්ෂවයේ මිත්තනිය වේ.

හෙලේනාට පිරිමි දරුවන් 7දෙනෙකු සහ ගැහැණු දරුවන් දෙදෙනෙකු සිටියහ. එම පිරිමි දරුවන් හත් දෙනාගෙන් අයෙකු වුයේ මෙරට පුවත්පත් ලෝකයේ සුපතල ඞී.ආර්. විජේවර්ධනයි. ඞී.ආර්. විවාහවුයේ මීදෙනිය අධිකාරම්ගේ දුවක වු රූබී සමගය. හෙලේනා විජේවර්ධනගේ තවත් පුතෙකු වු පිලිප් විජේවර්ධනගේ වැඩිමහල් දියණිය ඇග්නස් එකල තවත් ව්‍යාපාරික සහ උගත් පවුලක් වු ජයවර්ධන පවුලේ ඊ.ඩබ්. ජයවර්ධන සමග විවාහ විය. ඊ.ඩබ්. ජයවර්ධන සහ ඇග්නස් විජේවර්ධනගේ පුත් පසු කලක මෙරට දේශපාලන ක්ෂේත‍්‍රය කැළඹු හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධනයන්ය.

මේ සම්බන්ධතාවයන් රනිල් හා සම්බන්ධකොට දක්වන්නේ නම් දානපතිනි හෙලේනා විජේවර්ධන රනිල්ගේ මව් පාර්ශවයෙන් ඔහුට මිත්තනිය වේ. ඞී.ආර්. විජේවර්ධනයන්ද ඔහුගේ මව් පාර්ශවයෙන් සීයා වන්නේය. එලෙසම ඞී.ආර්. විජේවර්ධනට ජේ.ආර්. ඥාති පුත‍්‍රයා වු අතර ජේ.ආර්. ජයවර්ධන ජනපතිට රනිල් මවි පාර්ශවයෙන් ඥාති පුත‍්‍රයා වී තිබිනි. වෙනත් ලෙසකින් පැවසුවහොත් ජේ.ආර්. රනිල්ගේ මාමා කෙනෙකි.

තරණ සහෝදරවරුනි, මේ පවුල් සම්බන්ධතාවයන් සහ එම පවුල් වලින් සමාජයට වු යහපත පිළිබද සංක්ෂිප්තව කථා කිරීම වටී යැයි සිතන නිසා විජේවර්ධන පවුලේ සාමාජිකයන් දෙදෙනෙකු වු හෙලේනා එනම් රනිල්ගේ (මිත්තණිය) සහ ඞී.ආර්. විජේවර්ධන (රනිල්ගේ මුත්තණුවන්ගේ) සමාජයට වු සේවය පිළිබදව සැකවින් සාකච්ජා කරමි.

හෙලේනා විජේවර්ධන

ඇය 19 වන සියවසේ ඉතා ධනවත් පවුලක උපත ලද එලෙසම ධනවත් පවුලකට සම්බන්ධවී දානපතිණියක් වු කාන්තාවකි. එබැවින් විශාල වශයෙන් සමාජ සේවා කටයුතු වලට තම ධනය වැය කොට ඇති අතර මෙහිදී විශේෂයෙන් සදහන් කළයුත්තේ ඇය බුදු සසුනේ චිරස්ථිතිය සදහා සිදු කළ සේවාවයි.

චුලෝදර සහ මහෝදර නාරජුන්ගේ දබරය සංසිදුවීමට බුදුන් කැළණියට වැඩි බව ඔබ දන්නවා. එලෙසම ලෝක බෙෘද්ධයන්ගේ පුජනීය බිමක් වු කැළණිය රජමහා විහාරය දහතුන්වන සියවසේදී මාඝ ආක‍්‍රමණිකයින් විසින් විනාශකොට තිබුනා. නැවතද එය පෘතුගිසීන් විසින් විනාශ කළා. එය 1800 දී ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු විසින් යම් පමණකට ප‍්‍රතිසංස්කරණය කලා. එහෙත් කැළණි රජමහා විහාරයේ බිතු සිතුවම් අද වන්දනාමාන කරන මට්ටමටප‍්‍රතිස්ථාපනය කළේ හෙලේනා විජේවර්ධනගේ ධන පරිත්‍යාගය නිසයි. ඇය ඉන්දීය ගල් වඩු ශිල්පීන් සහ සෝලිස් මෙන්ඩිස් නම් වු මහා චිත‍්‍ර ශිල්පියා යොදවා අද කැළණි විහාරයේ ඇති බිතුසිතුවම් ඉතාම රමණීය ලෙසට පිලිසකර කළා. මේ සදහා සෝලිස් මැන්දිස් කලා කරුවා වසර ගනනාවක් ගත කලා. (1935-48) එහි සියළු බර පැන දැරුවේ එතුමියයි. මීට අමතරව ඇය කැළණිය රජමහා විහාරයට තමන්ට හිමි කුඹුරු අක්කර 250 ක් පරිත්‍යාග කොට තිබෙනවා. මේ නිසාම විජේවර්ධන පවුල හා කැළණිය රජ මහා විහාරය අතර ඇත්තේ දිගු කාලීනව බැදුනු ඉතිහාසයක්. 1927 දී ප‍්‍රථම වරට කැළණියේ රජමහා විහාරයේ දුරුතු පෙරහැර ආරම්භ කලේ හෙලේනා මැතිණියගේ නායකත්වය සහ නොමසුරු දායකත්වය නිසයි.

ඩී.ආර්. විජේවර්ධන මාවත නමින් කොළඹ ප‍්‍රධාන පාරකුත් නම් කරලා තියෙනව නේද යැයි අසා සිටි ගැටයෙකු ඇසු පැනයට පිලිතුරු ලැබුනේ ඩී.ආර්. විජේවර්ධන මහතා පිළිබදව පහත සදහන් ලෙස විස්තරය සමගිනි.

ඩී.ආර්. විජේවර්ධන

මේ වන විට ඞී.ආර්. විජේවර්ධන යනු කවරේදැයි ඔබ මුලික වශයෙන් දන්නවා. ඔහු රනිල්ගේ මව් පාර්ශවයෙන් සීයා වන බවත්, එකල අග්නිදිග ආසියාවේ විශාලතම පුවත් පත් ආයතනය ලෙස සැලකු ලේක් හවුස් පුවත්පත් සමාගමේ නිර්මාතෘ සහ අයිතිකරු බවත් ඔබ දන්නවා. එසේම ඔහු රනිල්ගේ මවගේ සහෝදරයා වු රංජිත් විජේවර්ධනගේ පුතා එනම් වර්ථමාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් විජේවර්ධනයන්ගේ සීයාය.

අපි ඞී.ආර්. විජේවර්ධනයන්ගේ මෙරට සමාජයට සිදු වු සේවය තව දුරටත් විමසමුද? මෙරට ශාන්ත තෝමස් විද්‍යාලයේ මුලික අධ්‍යාපනය ලබා එංගලන්තයේ කේම්බ‍්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් බැරිස්ටර් විභාගය සමත්ව මෙරටට පැමිණ පරපුරෙන් පැවත ආ ව්‍යාපාරවලින් බැහැරව පුවත්පත් කර්මාන්තයේ නියැලිව එහි පතාක යෝධයා බවට ඔහු පත්විය. එය ධනපතියෙකුව විසීමට වඩා සමාජයට දායක වියහැකි කප කිරීමකි.

මෙරට නිදහස් සටනේ පළමු ගනයේ නායකයකු වු ඔහු පොන්නම්බලම් අරුනාචලම්, ඞී.එස්. සේනානායක හා ඞී.බී. ජයතිලක වැන්නවුන් මුල් කොටගෙන 1919 දී ලංකා ජාතික සංගමය නම් වු දේශපාලන ව්‍යාපාරය නිර්මාණය කිරීමට මුල් වු පුද්ගලයාය. පසුව මෙරට දේශපාලන පක්ෂ බිහිවීම සදහා මෙම සංගමය පදනම දැමීය. ඔහු රාජ්‍ය මන්ත‍්‍රන සභාවට තරග කිරීමට උනන්දුවක් නොගත්තේය. එහෙත් එකල රාජ්‍ය මන්ත‍්‍රන සභාවට පත් වු බොහෝ අයට තම ධනයෙන් බුද්ධියෙන් හා පුවත්පත් තුලින් නොමසුරු සහයෝගය ලබාදුනි. ඔහු එකලීරජුන් පිටුපස සිටි මොලකාරයා’ ලෙසද හැදින්වින. ශ‍්‍රී ලංකාවේ වර්ථමාන ජාතික කොඩිය නිර්මාණය කිරීමට පාදක කරගත් සිංහලේ අවසන් රජු වු ශ‍්‍රී වික‍්‍රමරාජසිංහ රජු භාවිතා කළ කොඩිය බ්‍රිතාන්‍යයේ රාජකීය වෙල්සි රෝහලේ බඩු ගබඩාවක තිබී මෙරටට ගෙන ඒමටද මෙතුමා පුරෝගාමී විය.

ඔබ අතුරෙන් කී දෙනෙකු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන්දැයි මා විමසුවෙන් කිහිප දෙනෙක් අත් ඔසවා ඔවුන් පේරාදෙණිය විද්‍යාර්ථයින් බව පැවසීය. පේරාදෙණිය විශ්ව විද්‍යාලය බිහිකිරීම සදහා ඞී. ආර්. විජේවර්ධන මහතා කල දායකත්වය මා ඔවුනට විස්තර කලේය. විනිසුරු එමි.ටී. අක්බාර්ගේ සභාපතිත්වයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය බිහිකිරීමට පත්කල කොමිසමේ ප‍්‍රබල සාමාජිකයෙක් වුයේ ඞී.ආර්. විජේවර්ධනයි. අන් අය වුයේ අගමැති ඞී.එස්. සේනානායක, ශ‍්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු, ශ‍්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්, ශ‍්‍රීමත් පොන්නම්බලම් අරුනාචලම්, ශ‍්‍රීමත් ජේම්ස් පීරිස්, ශ‍්‍රීමත් බාරොන් ජයතිලක, වෛද්‍ය රොබට් මාස් සහ වෛද්‍ය එස්.සී. පෝල් යනාදීන්ය.

තවද ඞී.ආර්. විජේවර්ධන මහතා එම විශ්ව විද්‍යාලයේ ප‍්‍රථම භික්ෂු නේවාසිකාගාරය වු සංඝාරාමය සහ විශ්වවිද්‍යාල බෞද්ධ විහාරය තැනවීම සදහා 1946 දී තම පෞද්ගලික ධනය පරිත්‍යාග කලේය. එසේම ලේක්හවුස් ආයතනය රජයට පවරා ගන්නා තෙක් සංඝාරාමයේ නේවාසික භික්‍ෂුන්්ගේ දානමාන සහ ගොඩනැගිලිි නඩත්තු කටයුතු තම පුවත්පත් ආයතනයේ වියදමින් අඛණ්ඩව කරගෙන යන ලදී. ඔබට දැන් වැටහෙනවා ඇති විජේවර්ධන ශාලාව නමින් විශාල ශිෂ්‍ය නේවාසිකාගාරයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුල නම් කොට ඇත්තේ ඇයිද යන්න කියා.

සහෝදරවරුනි ඔබ මෙතෙක් සවන් දුන්නේ මව් පාර්ශවයේ අතීත තොරතුරු පමනයි. එබැවින් රනිල්ට එරෙහි වන්නන්ට මෙවැනි රට ජාතිය ශාසනය ජන විඥානයට දායකත්වයක් පෙන්වීමට පැටිකිරියක් ඇතිද යන්න ඔබටම ශාක්සාත් කරගැනීමට ඉඩ හරිමු. එහෙත් තවම එතුමාගේ පියා සහ මව පිළිබදව අපි පැවසුවේ නැහැ. දැනගන්න. ඔබ කැමති ඇති රනිල්ගේ මවගේ පැටිකිරිය දිග හරිමි.

රනිල්ගේ මව නාලිනි (විජේවර්ධන) වික‍්‍රමසිංහ

නාලිනි විජේවර්ධන ඞී.ආර්. විජේවර්ධනගේ දියණියකි. රංජිත් විජේවර්ධනගේ එකම සොහොයුරිය වේ. ඇයද උසස් අධ්‍යාපනයෙන් පසුව තම පියාගේ පුවත්පත් ආයතනයේ අධ්‍යක්ෂවරියක් ලෙස දීර්ඝ කාලයක් කටයුතු කලාය. පිය පාර්ශවයෙන් ලද සමාජ හා පරහිතකාමී හුරුව මත ඇයද නොයෙකුත් සමාජ සේවා කටයුතුවල නියැලී මෑතදී අභාවප‍්‍රාප්ත වුවාය. ඇය 1950 ගනන්වලදී මෙරට ක‍්‍රියාත්මක වු ප‍්‍රමුඛ පෙළේ ස්වෙිච්ජා සංවිධානයක් වු ලංකා මහිලා සමිතියේ ප‍්‍රබල ක‍්‍රියාකාරිනියක් වුවාය. එමගින් ග‍්‍රාමීය සංවර්ධනයට කාන්තා දායකත්වය ලබා දීම සදහා නොයෙකුත් ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමට තම පියා මෙන්ම ඇයද ධන පරිත්‍යාග කලාය. එලෙසම තම නැන්දණිය වු හෙලේනා විජේවර්ධනගේ අඩිපාරේ යමින් කැළණි රජමහා විහාරයේ සහ හුණුපිටියේ ගංගාරාම විහාරයේ අභිවෘද්ධිය තකා බෙහෙවින් දායකත්වයක් සැපයීය. අද වනතුරු රනිල් මෙම විහාරස්ථානය සමග ඇති දැඩි සබදතාවයේ හේතුව මෙය වෙතත් මෑත කාලයේදී රාජපක්ෂවරු මෙවැනි පුජනීය ස්ථාන වලට තනතුරු ලාභිත්වයෙන් පාත්වූ චරිත වුහ.

නාලිනි වික‍්‍රමසිංහ මෙරට පුවත්පත් කර්මාන්තයේ තවත් දැවැන්තයෙකු වු එස්මන්ඞ් වික‍්‍රමසිංහ සමගින් විවාහ විය. ඔවුන්ගේ දරුවන්ගෙන් රනිල් සහ ශාන් වික‍්‍රමසිංහයන් පිලිබදව ඔබ හොදින් දනිමු. ශාන් වික‍්‍රමසිංහ යනු මෙරටට රූපවාහිනී සේවාව හදුන්වා දුන් පුද්ගලයාය. ඔහු 1979 දී ස්වාධීන රූපවාහිනී ජාලය (ITN) ඇරඹීම තුලින් මෙරට පේ‍්‍රක්ෂකයාට රූපවාහිනිය කුමක්දැයි යන්න හදුන්වා දුනි. ඒ සදහා ශාන්ට ශක්තියක්ව පසු පසින් සිටියේ නාලිනි වික‍්‍රමසිංහ බව කියැවේ. පසුව ෂඔභ ආයතනය රජයට පවරා ගැනීම නිසා ශාන්ට ඔභඛ රූපවාහිනිය ඇරඔීමට දිරිමත් කරන්නේද ඇයයි. එපමනකුදු නොව ලංකාවේ පළමුවන පෙෘද්ගලික ගුවන් විදුලි නාලිකාව වන ඔභඛ ගුවන් විදුලි නාලිකාව ඇරඹීමෙහි ලා ද ඇයගේ තවත් පුතෙකු වු නිරාජ් දිරිමත් කරන්නේද ඇය විසිනි. ඔභඛ ගුවන් විදුලිය 1990 දී අන්තර්ජාලය හරහා සවන්දිය හැකි ලෝකයේ ප‍්‍රථම ගුවන් විදුලි නාලිකා අතළොස්ස අතරට එක්වුනා.

රනිල්ගේ මව නවීනත්වය අගය කරන්නියක් විය. ඇය විසින් පිහිටුවා ගන්නා ලද ලංකා සංස්කෘතික ආයතනය (Ceylon Cultural Institute) තුලින් ඇය සිංහල නාට්‍ය කලාවේ ප‍්‍රගමනය සදහාද විශාල මෙහෙයක් කලාය. එතුලින් මහදුරු සරච්චන්ද්‍රයන්ගේ මනමේ’ සහ සිංහභාහු,’ නාට්‍යයන් කොළඹදී ප‍්‍රදර්ශනය කොට ඒවා කොළඹ පේ‍්‍රක්ෂකයිනට හදුන්වා දීමේ කාර්යට ප‍්‍රමුඛ වු අය අතර ඇයද එක් අයෙකු බව පැවසේ. එලෙසම එම නාට්‍ය දෙකේ ගීත පටිගත කිරීමට උදව් කලේද ඇයයි. දයානන්ද ගුණවර්ධනයන්ට නරිබෑනා නාට්‍ය නිර්මාණය කිරීමටත්, ගුණසේන ගලප්පත්තීන්ට මුහුදු පුත්තු නාට්‍ය නිර්මාණය කිරීමටත් අප අතරින් මෑතදී වියෝ වු ප‍්‍රවීන නාට්‍ය ශිල්පිනී සෝමලතා සුබසිංහට විකෘති නාට්‍ය නිශ්පාදනයටත් ඇය නන් අයුරින් දිරිය සපයා ඇති බව ද ප‍්‍රකටය. මෙලෙසින්ම ඇය තම පුත් රනිල්ගේ දේශපාලන දිවියටද ආදරණීය සැමියා වු එස්මන්ඞ් වික‍්‍රමසිංහයන්ගේ දේශපාලනික හා වෘත්තීය ජීවිතයටද ශක්තියක් සැපයු දිරිය කතක් ලෙසද හැදින්වෙනවා. මෙවන් දෑහිතකාමි සමාජශීලි වු මවකට නෑකමි කිවහැකි අන් අගමැති අපේක්ෂකයෙකු ඇත්ද යන්න තීරණය කිරීම ඔබට බාරයි. දැන් රනිල්ගේ පියා සහ පිය පාර්ශවයේ ඥාතීන්ගේ පැටිකිරිය දැනගන්න කැමති ඇතැයි සිතමි.

රනිල්ගේ පියා හෙවත් එස්මන්ඞ් වික‍්‍රමසිංහ

රනිල්ගේ පිය පාර්ශවයේ සීයා (පියාගේ පියා) එනම් සී.එල්. වික‍්‍රමසිංහ පළමු ලාංකික රජයේ ඒජන්තවරයෙකු (මහදිසාපති) ලෙස සැලකෙනවා. ඔහු ඉතා ප‍්‍රතාපවත් රාජ්‍ය සේවකයෙක්. රනිල්ගේ ජානවලට මේ ගති ලක්ෂණ පහළවීම අරුමයක්ද නොවෙ. සී.එල්ට එස්මන්ඞ් සහ ලක්ෂ්මන් යනුවෙන් පුතුන් දෙදෙනෙකු සිටි අතර ලක්ෂ්මන් පුතු මෙරට ප‍්‍රචලිත බිෂොප් ලක්ෂ්මන් වික‍්‍රමසිංහයි. ඔහු සහ එස්මන්ඞ් වික‍්‍රමසිංහ වාමාංශික දේශපාලනයේ නියැලූනා. නීතීඥයෙකු සහ තානාපති සේවයේ යෙදුනු එස්මන්ඞ් වික‍්‍රමසිංහද මුල් අවධියේදී දැඩි ලෙස මාක්ස්වාදී අදහස් දරමින් එකල සමසමාජ පක්ෂයේ නායකයින් සමග එක්ව සමාජ වෙනසක් සදහා දැඩිව වැඩකල පුද්ගලයෙක්. මෙනිසා කුඩා කල රනිල්ටද මාක්ස්වාදී අදහස් බලපාන්නට ඇති. එහෙත් පසු කලෙක පියා එක්සත් ජාතික පක්ෂය සමග එක්වීම තුල රනිල්ද එ.ජා.ප දේශපාලනය තෝරා ගත්තා.

එස්මන්ඞ් අති දක්ෂ මාධ්‍යවේදියෙක්ද වු අතර කලක් තම මාමණ්ඩියගේ පුවත්පත් ආයතනයේ සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂක ලෙසත් කටයුතු කලා. එලෙසම ඔහු නිදහස උදෙසා රන් තෙලි තුඩ නම් වු ජාත්‍යන්තර සම්මානයෙන්ද පුද ලැබුවා. එස්මන්ඞ් සහ හිටපු ජනපති රනසිංහ පේ‍්‍රමදාස ඉතා හොද මිත‍්‍රයින් වුවා. ජනතා පත‍්‍රය හරහා කොළඹ විත්ති නම් වු කොළමකින් ජනතා ප‍්‍රශ්ණවලට පිළිතුරු සැපයීමට ඔහු පේ‍්‍රමදාස මහතාට උදව් කලා. එස්මන්ඞ් වික‍්‍රමසිංහ එසේ කලේ පේ‍්‍රමදාස මහතා පහල පන්තියේ සිට දේශපාලනයේ ස්ථාවර වීමට තැත් දැරූ පුද්ගලයෙකූ ලෙස දුටු නිසාය. ජෝන් කොතලාවල සමයේදීද එ.ජා.ප. ය ජනතාවට ආසන්න කිරීමට ඔහු උත්සාහ කලද අවාසනාවන්ත ලෙස එ.ජා.ප. යේ අන් දුර්වලකම් නිසා මැතිවරණයේදී පරාජය ලැබුවා.

රනිල්ගේ සොයුරු සොයුරියෝ

නාලිනි විජේවර්ධන සහ එස්මන්ඞ් වික‍්‍රමසිංහට පිරිමි දරුවන් සිව් දෙනෙක් සිටිති. ඔවුන් වයස් පිළිවෙලින් ශාන්, රනිල්, නිරාජ් සහ චන්න වන අතර එකම දියණිය එනම් රනිල්ගේ නැගණිය නමින් ශානිකා වේ.

එසේ වුවද මේ අය කිසිදු දේශපාලනයකට සම්බන්ධ වුයේ නැහැ. ඉතාම නිර්මාණශීලි සහ ස්වාධීන ගතිපැවතුම් ඇති මේ සොයුරු සොයුරියන් තම දෙමව්පියන්ගෙන් ලද ධනයෙන් සහ තම ස්වෝත්සාහයෙන් ව්‍යාපාර කටයුතුවල යෙදී ඇති අතර දේශපාලනයේ යෙදී සිටින තම සොයුරාගෙන් කිසි විටෙක තම ව්‍යාපාර සදහා දේශපාලනිකව උදව් ලබාගෙන නොමැති බව බොහෝ අය දන්නා දෙයකි. වැඩවසමි පවුල් වාදයට නැඹුරු වු රාජපක්ෂවරුන්ට මෙය රනිල්ගෙන් ලැබිය හැකි ආදර්ශයකි.

ලංකාවට රූපවාහිනිය ITN හරහා හදුන්වා දුන් ශාන් වික‍්‍රමසිංහ එය තම මාමාගේ කාලයේ රජයට පවරාගත් කල ඔහු පසුපස ගොස් හඩා වැටී එය නැවත ලබා ගැනීමට උත්සාහ කළේ නැත. මෙහි විශේෂ ලක්ෂණය නම් ඒ අවස්ථාවේ තම කණිටු සොයුරා එනම් රනිල් කැබිනට් මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමයි. මවගේද සහය ලබන ශාන් ඒ වෙනුවට කලේ ඔභඛ නම්න් අළුත් රූපවාහිනි නාලිකාවක් ඇරඔීමයි. පසුකලෙක ප‍්‍රබල දේශපාලඥයන්ගේ දරුවන් රූපවාහිනි නාලිකා අරඹා ඒවාට රාජ්‍ය නාලිකාවල වැඩසටහන් ලබාගැනීම හෝ එම නාලිකා වල උපකරණ හා කාර්යය මණ්ඩල වැනි දෑ භාවිතා කොට තම නාලිකාව පවත්වා ගැනීමට කටයුතු කලා සේ ශාන් ටද මෙි සදහා හොඳටම දේශපාලන ශක්තිය එකල තිබුනද ඔහු එසේ නොකලේය. අනිත් අතින් රනිල්ගෙන් ඊට ඉඩක් ද නොලැබිය.

රනිල්ගේ කණිටු සොයුරු නිරාජ්ද තම මවගේ සහායෙන් ලංකාවේ ප‍්‍රථම පුද්ගලික රේඩියෝ නාලිකාව වන TNL රේඩියෝ නාලිකාව ඇරඹූ අතර චන්න ගොවිපලවල් පවත්වාගෙන යාමෙන් සහ සොයුරියද ව්‍යාපාරික කටයුතු කරගෙන යාමෙන් තම ජීවිකාව කරගෙන යනවා. රනිල් කිසිවිටෙක තම සොයුරු සොයුරියන් හෝ සමීප ඥාතීන් රාජ්‍ය ආයතනවල උසස් තනතුරු වලට පත්කලේ නැති බව සැවොම පවසනවා. එලෙසම ඔහුගේ සොයුරු සොයුරියන් දේශපාලනයට සම්බන්ධ කර ගැනීමට උත්සාහ කලේද නැත. ඒ වෙනුවට රාජ්‍ය තන්ත‍්‍රයේ හා ව්‍යාපාර ලෝකයේ දක්ෂයින් යොදාගත් බව පැහැදිලි කිරීමට චරිත රත්වත්තේ, ඔස්ටින් ප‍්‍රනාන්දු, බ‍්‍රැඩ්මන් වීරකෝන්, රංජිත් ප‍්‍රනාන්දු වැනි අයවලුන්ගේ රනිල් සමග වු රාජකාරි සබදතාවය හොදම සාක්ෂි වනවා. එය මෙරට ආණ්ඩුබලය පවුල් කීපයක් අතර සිර කර තැබීමට හා ඥාති සංග‍්‍රහයට සමහරු දරනා ප‍්‍රයත්නයට විරුද්ධව යාමකි.

රනිල්ගේ ප‍්‍රසිද්ධ මාමාලා

විජේවර්ධන පවුලෙන් පැවත එන හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන, විජය පුවත්පත් ආයතනයේ සභාපතිවූ රන්ජිත් විජේවර්ධන, ජාත්‍යන්තරව ප‍්‍රකට ආර්ථික විද්‍යාඥයෙක් සහ ව්‍යාපාරිකයෙක් වූ උපාලි විජේවර්ධන එසේම ජාත්‍යන්තරව ප‍්‍රකට විද්‍යාඥයෙක් වූ රේ විජේවර්ධන රනිල්ගේ මවුපාර්ශවයෙන් සුප‍්‍රසිද්ධ මාමලා වෙති. ඉහත සිව්දෙනා බාප්පලා කුඩප්පලාගේ දරුවෝය. පාර්ලිමේන්තු මහලේකම්ව සිටි සෑම් විජේසිංහ සහ බිෂොප් ලක්ෂ්මන් වික‍්‍රමසිංහ ඔහුගේ පිය පාර්ශවයෙන් පිලිවෙලින් මාමා සහ බාප්පා වෙති.

ජේ.ආර්. ජයවර්ධන

ඔහු මෙරට දේපාලනයේ අදටත් කතාවන සුප‍්‍රකට චරිතයකි. ඔහු අපේ සමාජය ඉතාම බරපතල ලෙස දේශපාලන අගාදයකට ඇද දමා ඇති විධායක ජනාධිපති ක‍්‍රමය ඇතුලත් 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘය. අද රනිල්ද දැඩි වෙහෙසක් ගන්නේ ජේ.ආර්. ගේ මෙම ඒකාධිපති ව්‍යවස්ථාව වෙනස්කොට රටට හිතකර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යවස්ථාවක් ඇති කරලීමටයි. රනිල් තම මාමාගේ සමහර දේශපාලන මති මතාන්තර වලට එකග නොවූවා සේම පසු කලෙක ජනපති පේ‍්‍රමදාසට විරුද්ධව ගෙන ආ දෝශාභියෝගයේදී තම පන්තියේ සගයන් වූ ලලිත් හා ගාමිණීට උදව් නොකොට සමාජයේ පහලින් ආ පේ‍්‍රමදාස ජනපති රැුකීමට උදව් කල බව කවුරුත් දන්නා කරුනකි.

හැබැයි ජේ.ආර්. ජයවර්ධන මෙහෙම වැඩක් කළා. එනම් එතෙක් අපේ දූපතට පමණක් හිරවී තිබූ මෙරට ආරථිකය ලෝකයට විවර කළා. එසේත් නැතිනම් මෙරටට නිදහස් වෙළඳ ආර්ථික ප‍්‍රතිපත්ති හදුන්වා දුන්නා. නිදහස් වෙළඳ ආර්ථික ප‍්‍රතිපත්තිය හදුන්වා දුන් දකුණු ආසියාවේ ප‍්‍රථම රාජ්‍ය ශ‍්‍රී ලංකාවයි. ඉන්දියාවේ මන් මෝහන් සිං මුදල් ඇමතිවරයා ඉන්දියාවට මෙම ආර්තික ප‍්‍රතිපත්තිය හදුන්වාදුන්නේ අපේ රට ආදර්ශයට ගනිමිනුයි. එලෙසම සමාජවාදී රටක් වූ චීනයේ ඩෙන්ග් ෂියාවෝ පෙන්ග් ද අප ආදර්ශයට ගෙන එරටටද මෙම ආර්ථික ප‍්‍රතිපත්තිය හදුන්වා දී එරට ලෝක බලවතෙක් දක්වා දියුණු කලා. එහෙත් අපේ අදුරදර්ශී දේශපාලනික ප‍්‍රතිපත්තීන් නිසා අපිට නිදහස් ආර්ථික ප‍්‍රතිපතියෙන් නිසි ඵල ලබා ගන්නට බැරිවුනා.

රන්ජිත් විජේවර්ධන

මොහු කලින් කී ලෙස ඩී.ආර්. විජේවර්ධනගේ පුතෙක්. එසේම රනිල්ගේ මවගේ සහෝදරයා. ඔහු තම පියාගේ ලේක්හවුස් ආයතනය රජයට පවරාගැනීමෙන් පසුව 1986 දී විජය පුවත්පත් ආයතනය ආරම්භ කලා. එය අද මෙරට ප‍්‍රධානම පුවත්පත් ආයතනය ලෙස සැලකිය හැකියි. මෙරට බෞද්ධයින්ගේ පූජනීය බිමක් වූ තන්තිරිමලේ රජමහා විහාරයේ අද දක්වා වාර්ශිකව සිදු කෙරෙන පොසොන් ආලෝක පූජාව ආරම්භ කලේ රන්ජිත් විජේවර්ධනයි. එලෙසම 1963 දි පමණ ආරම්භ කල මිහින්තලා විදුලි ආලෝක පුජාවද ඔහු ලේක් හවුස් ආයතනයේ සභාපතිව සිටි කාලයේ ඇරඹුවක් ඔහු ගැන පවසන විට ඔහුගේ පුත් වර්ථමාන ආරක්‍ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන ගැනත් නොකියම බෑ. රන්ජිත් විජේවර්ධනගේ බිරිද සේනානයක පරපුරේ රොබට් සේනානයකගේ දියනියක වන රන්ජනී නීලා සේනානාකයි. ඒ අර්ථයෙන් ගත් කල රුවන් විජේවර්ධන විජේවර්ධන පවුලට මෙන්ම සේනානායක පවුලටත් උරුමකම් කියන්නෙක්. ලංකාවේ ප‍්‍රථම අගමැති ඩී.එස්. සේනානායක රුවන්ගේ සීයාකෙනෙක් වෙනවා.

රුවනුත් ශාන්ත තෝමස් විද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙකු මෙන්ම කලක එහි රගර් කණ්ඩායමේ නායකයෙකුද වූවා. ඔහු එංගලන්තයේ සසෙක්ස් විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ ජාත්‍යන්තර මාධ්‍යකරණය හදාරා තම ඥාති සොහොයුරා වන රනිල් වික‍්‍රමසිංහගේ ජයග‍්‍රහනය වෙනුවෙන් කැපවී වැඩකරන්නෙක්. කථාව මදක් දික් ගැසුනත් තව කරුණක් කිව යුතු වෙනවා. රවන්ගේ ඥාතීන්වන පාර්ගලිමේන්තු මන්ත‍්‍රීන් වූ වසන්ත සේනානායක සහ රුක්මන් සේනානායක යනාදීනුත් රනිල්ගේ සහයට පැමිණ කටයුතු කරනවා.

උපාලි විජේවර්ධන

බි‍්‍රතාන්‍යයේ කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිලිබද ශාස්ත‍්‍රපති උපාධිය හදාරා ඇති උපාලි මෙරට බිහිවූ නිර්මාණශීලීම ව්‍යාපාරිනයා ලෙස හදුන්වා දීමට පුලූවන්. ජාත්‍යන්තර ප‍්‍රසිද්ධ්යට පත් කැන්ඩෝස් චොකොලටයෙහි නිර්මාතෘ වූ ඔහු කොකෝවා රජා ලෙසින්ද ප‍්‍රකටය. එලෙසම ජාත්‍යන්තර තලයේ පුලූල් ලෙස වයාපාර කටයුතු කල එකම ශ‍්‍රී ලාංකිකයා ඔහු ලෙස හැදින්වීම නිවැරදිය. ඔහු සිංගප්පූරුව, මැලේසියාව, ඕස්ටේ‍්‍රලියාව හා ජපානය තුලද තම ව්‍යාපාර කටයුතු සිදු කලා.
 
Last edited:
උපාලි මෙරට කෘෂිකර්මාන්තය මත පමණක් පදනම් ව තිබූ ආර්ථිකය කාර්මික සහ ඉලෙක්ට්‍රොනික ආර්ථිකයකට මාරු කිරීමට ප‍්‍රයත්න දැරූ ප‍්‍රථම පුද්ගලයා ලෙසද වාර්ථාගත වෙනවා. ඒ යුනික් රේඩියෝව, මැස්ඩා හා ෆියට් මෝටර් රථ මෙරට එකලස් කිරීමට 1970 දශකය වැනි යුගයකදී කටයුතුකිරීම තුලිනුයි. හැබැයි අවාසනාව නම් ඔහුගේ අතුරුදහන් වීමෙන් පසු ඒවා සියල්ලක් යටපත්වීමයි. උපාලි තම සීයා වූ ඞී.ආර්. විජේවර්ධන සහ මස්සිනාවූ රන්ජිත් විජේවර්ධන මෙන්ම පුවත්පත් කර්මාන්තයටද අත පෙවූවා. අප රටේ ප‍්‍රචලිත දිවයින පුවත්පත් ආයතනය එහි ප‍්‍රති ඵලයකි. ඔහු 1977 ඇරඹි රජයේ මහකොළඹ ආර්ථික කොමිසමේ අධ්‍යක්‍ෂඛ ජනරාල්වරයා පමණක් නොව මෙරට ප‍්‍රථම නිදහස් වෙළද කලාපය වන කටුනායක නිදහස් වෙලද කලාපයේද නිර්මාතෘ වෙනවා. ඔහු අද ජීවතුන් අතර සිටියානම් රනිල් විසින් යෝජනා කරන ර්‍ණසමාජ වෙළද පොල ආර්තිකය” බිහිකරලීමට මහා ශක්තියක් වනවා නොඅනුමානය.

පිලිප් රේවත (RAY) විජේවර්ධන

මොහු මෙරට ඉහලම සම්මානයක් වන විද්‍යා ජෝති සම්මානයෙන් පුද ලැබුවා. යාන්ත‍්‍රික ඉන්ජිනේරු ශිල්පය හා ගුවන්යානා ඉන්ජිනේරු ශිල්පයේ අති ප‍්‍රවීණයෙක් වූ මොහු කෘෂිකර්ම විද්‍යාවටද විශේෂ ඇල්මක් දක්වා එහිද විෂේශඥයෙකු වූවා. රේ විජේවර්ධන 1955 නොටින්හෑම් විශ්ව විද්‍යාලයේ සිටියදී ලෝකයේ ප‍්‍රථම රෝද දෙකේ අත්ට‍්‍රැක්ටරය නිර්මාණය කලා. එය බි‍්‍රතාන්‍යයේ ලෑන්ඞ් මාස්ටර් කොම්පැනිය විසින් මිලදී ගෙන 1960 සිට 1975 දක්වා වන කාල පරිච්ඡේදය තුලදී ශ‍්‍රී ලංකාව ඇතුලූ ආසියානු සහ යුරෝපයේ රටවල ට‍්‍රැක්ටර් 300,000 ක් පමණ අලෙවි කලා. එය එකල පැවති හරිත විප්ලවයටමහත් උපකාරයක්ද වුනා. ඔහුගේ කෘෂිකාර්මික දැණුම භාවිතා කොට මෙරට පොල් වගාව හා වී ගොවිතැන නවීකරණය කිරීමටද ඔහු පර්යේශණාත්මකව දායක වුනා.

ආතර් සී ක්ලාක් ආයතනයේ වරක් අධ්‍යක්‍ෂක වූ රේ, තවත් වරෙක මොරටුව විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය ද දැරුවා. එලෙසම මොහු ලෝක ආහාර සංවිධානයේ විෂේඥයෙකු වූ අතර මෙරටදී සැහැල්ලූ ගුවන්යානයක්ද තනා ගුවන් ගත කලා. මේ වසරේ මුලදී නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවක සගවා තිබී හමුවී මෙරට එකල ප‍්‍රබල දේශපාලඥයෙකුගේ පුතෙකුට අයත් යැයි මාධ්‍ය වලින් ප‍්‍රචාරය වූ ගුවන් යානය රේ ගේ ගුවන් යානය බවට මතයක් සමාජයේ පැතිරුනා. මෙහි ඇත්ත නැත්ත සෙවීමට රනිල් විසින් පරීක්‍ෂණයක් කරන බවද දැනුම් දුන්නා. කොසේ වෙතත් එම ගුවන් යානය වර්ථමාන ආණ්ඩුව විසින් ගුවන් හමුදා කෞතුකාගාරය භාරයේ අද තබා තිබෙනවා.

සෑම් විජේසිංහ

මොහු රනිල්ගේ පිය පාර්ශවයෙන් රනිල්ට මාමණ්ඩිය වේ. එනම් සෑම් රනිල්ගේ පියාගේ සොහොයුරියක වූ මුක්තා වික‍්‍රමසිංහ විවාහකොට ගත් පුද්ගලයා නිසාය. සෑම් විජේසිංහ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ගැටමාන්නයේ ඉපිද මෙරට අධයාපණය ලබා සිවිල් සේවයට එක් වූවෙකි. ඔහු 1970 ඇති කල ජාතික රාජය සභාවේ ලේකම් ධූරය දැරූ අතර, 1978 සිට පාර්ලිමේන්තු මහලේකම් ධූරයද දැරීය. 1991 දී විශ‍්‍රාම යන ඔහු පාර්ලිමේන්තු කොමසාරිස් ධූරයට (ඔම්බුඞ්ස්මන්) පත්වන අතර පාර්ලිමේන්තුවේ සියලූ දේශපාලන පක්‍ෂවල නියෝජිතයන්ගේ නොමද ගෞරවයට හා පැසසුමට ලක්වූ අයෙකි. පසු කලෙක ශ‍්‍රී ලංකා කතෘ සංසදය විසින් මෙරට මුද්‍රිත මාධ්‍ය ක්‍ෂේත‍්‍රයේ ස්වාධීනත්වය උදෙසා ඔහු කල අමිල මෙහෙවරට සම්මානයක්ද පුද කරනවා. වර්තමාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය රජිව් විජේසිංහ සෑම් විජේසිංහයන්ගේ පුතෙක් වුවද ඔහුටද ලබාදුන්නේ කැබිනට් අමාත්‍යධූර නොව රාජ්‍ය අමාත්‍යධූරයකි.

බිෂොප් ලක්‍ෂ්මන් වික‍්‍රමසිංහ

මෙහු රනිල්ගේ පියගේ සහෝදරයෙකි. රනිල්ගේ බාප්පා බිෂොප් ලක්ෂ්මන් වික‍්‍රමසිංහ කම්කරු අයිතීන් මෙන්ම සුළු ජන කොටස්වල අයිතීන් වෙනුවෙන් තදින්ම පෙනී සිටි අයෙක්. 80 මහ වැඩ වර්ජනයේදී ජේ.ආර්. ජයවර්ධන තම මාමා 40,000 පමණ කම්කරුවන් සහ රජයේ සේවක සේවකාදීන් රුකියාවෙන් නෙරපු අවස්ථාවේ බිෂොප් වික‍්‍රමසිංහ රුකියා අහිමි වුවන් වෙනුවෙන් කම්කරු ප්‍රජාව නමින් මහා දේව මෙහෙයක්ද සිදු කලා. එලෙසම 83 ජුලි කලබල වලින් පසුව විදේශයක සිට ලංකාවට පැමිණ උතුරට ගිය පළමු ප‍්‍රජා නායකයා ලෙසද බිෂොප් වික‍්‍රමසිංහ හැදින්වෙනවා.

ඔබට මා මෙම තොරතුරු ගෙන ආවේ රනිල් පැවත එන්නේ ලූම්පන් පන්තියන් නොව ධානපති උගත් හා නිර්මාණශීලී පරපුරකින් බව පැවසීමටයි. රනල් හෝ රනිල්ගේ පරපුරේ කිසිවෙක් මහජන මුදල් හෝ රාජ්‍ය දේපර කොල්ලකා ඇති බවට මෙතෙක් වාර්ථා වී නැත. ඔවුන් ධනපතියන් වුවත් කර ඇති සියලූ වැඩ මෙරට සමාජ සුඊසාධනයට එමෙන්ම ආර්ථිකයේ ප‍්‍රගමනයට හා නව නිපයුම් දිරිගැන්වීම යනාදියට දායක වී තිබෙනවා. මේරටේ සිදුවූ ජේ වී පී කැරළි දෙකෙන්. එල්.ටී.ටී.ඊ. යුද්ධයෙන් සහ පසුගිය දශකය තුල සමහර දේශපාලඥයින් වෙතින් සිදුවූ මහජන මුදල් මංකොල්ල කෑම සහ ප‍්‍රඡුණ්ඩත්වය සමාජය තුල වැපිරීම වැනි දෑ රනිල්ගේ ඥාති පරපුරෙන් මෙරට සමාජයට සිදු වී යැයි කිසිවෙකු පවසන්නේ නෑ.

මේ සමගම මා ඔබට රනිල්ගේ බිරිද ගැනද යමක් කිවයුතුය. මන්ද අයෙකුගේ ගුණදහම් හැසිරීම් යනාදිය පිළිබද ඔහුගේ ඇයගේ පවුල් පසුබිම අනිවාර්යයෙන් බලපාන අතර විශේෂයෙන්ම පිරිමියෙකුගේ නම් ඔහුගේ ඉදිරි දර්ශනය හෙළි පෙහෙළි කර ගැනීමට තම බිරිදගේ බලපෑම අනිවාර්යයෙන්ම හේතුවෙනවා. උගත් නැනවත් ප‍්‍රජා හිතකාමී බිරිදකගේ පිටු බලය විශේෂයෙන්ම දේශපාලනයේ යෙදෙන අයෙකුට අත්‍යාවශ්‍යයි.

රනිල්ගේ බිරිද මෛත‍්‍රී වික‍්‍රමසිංහ

ඇය උගත් කාන්තාවක්. ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබන ඇය මහාචාර්යවරියක්. වෘත්තීයෙන් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය වරියක්. ලෙස ඉංග‍්‍රීසි අං ශයේ සේවය කරනවා. එලෙසම ඇය එහි ස්ත‍්‍රී පුරුෂ සමාජ භාවය පිළිබද අධ්‍යාපන කේන්ද්‍රයේ ආරම්භක අධ්‍යක්ෂක වරියද වෙනවා. මීට අමතරව එංගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක් ලෙසද සේවය කරනවා. කාන්තා විමුක්ති ව්‍යාපාරය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරන ක‍්‍රියාකාරිනියක ලෙසද ප‍්‍රසිද්ධයි. මෙම විෂය අලලා ඇය පොත්පත් විශාල ප‍්‍රමානයක් ඉංග‍්‍රීසී බසින් පල කොට තිබෙන අතර මේවා දෙස් විදෙස්හි ඇයගීමට ලක්වී තිබෙනවා. දේශපාලනයේ කාන්තාව සහ සංවර්ධනයේ කාන්තාව ඇය ලියු එවන් පොත් යුගලයක්. විශේෂයෙන්ම තවත් කතුවරියක හා එක්ව ඇය විසින් 2005 දී ඉංශ‍්‍රීසී බසින් රචිත ආපදා කළමනාකරණයේ ස්ත‍්‍රී පුරුෂ පැතිකඩ යන ග‍්‍රන්ථය සිංහල, දෙමළ, හිංදි සහ උර්දු භාෂාවලටද පරිවර්ථනය වී තිබෙනවා. මැතිවරණ වලදී අපේක්ෂත්වය දීමේදී කාන්තා නියෝජනය වැඩි කර ලීමට ඇය උත්සාහ කරනවා.

අපට දැන් ඔබතුමා කියන කථාන්දරය හොදටම පැහැදිලියි. මන්ද අප වෙනුවෙන් ආණ්ඩුවක් කිරීමට අපේ උපකාරය ඉල්ලන නායකයා කවරෙකුද ඔහුගේ හෝ ඇයගේ පවුල් පසුබිම, අධ්‍යාපනය, ධනය පරාර්ථය සදහා කල වැඩ යනාදිය අප විසින් දැන ගැනීම අත්‍යාවශ්‍යයි. ඉතින් එයාගේ ඥාතීන්ගේ පැටිකිරිය නම් දැනගත්තා. රනිල් මහත්තයාගේ පැටිකිරිය ගැන ඔබතුමා තවම කිවිවේ නෑනේ. අපි කැමතියි එය දැනගන්න යැයි ඔබගේ ඊලග ඉල්ලීම වෙනවා.

රනිල් ශ‍්‍රීයාන් වික‍්‍රමසිංහ නොහොත් රනිල් වික‍්‍රමසිංහ

1949 මැයි 26 දා උපන් ඔහු සහෝදර සහෝදරියන් පස් දෙනෙකුගෙන් යුතු පවුලේ දෙවනියා වේ. මුලික අධ්‍යාපනය රාජකීය විද්‍යාලයෙන් ලද රනිල් කොළඹ විශ්ව විද්‍යාලයටත්, අනතුරුව ශ‍්‍රී ලංකා නීති විද්‍යාලයටත් බැදී අධිනීතිඥයෙකු සේ සමාජ ගතවුවත් අන් දේශපාලඥයෙකු සේ සමාජගත වුවත් අන් දේශපාලඥයින්ගේ දරුවන් සේ විදෙස් සරසවිවලට පින්සිදුවන්නට උපාධි හෝ අන් සුදුසුකමි ලබාගැනීමට යාමෙන් දේශපාලනයට අවෙක් නොවේ. රනිල් විශ්වවිද්‍යාලයේ තුලදී ශිෂ්‍ය දේශපාලනය කලා. මේ වන විට වාමාංශික දේශපාලන මතවාදයෙන් මෑත්ව සිටි රනිල් එ.ජා.ප. ශීෂ්‍ය දේශපාලන අංශයේ ක‍්‍රියාශීලී සාමාජිකයෙක් ලෙස වැඩකලා. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයීය නීති පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති වුවා සේම එම වසරේදීම කොළඹ විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ උප සභාපතිවරයෙක්ද වුනා. රනිල් අදටත් ඇමරිකා එක්සත් ජනපදයේ කේ‍්‍රම්බ‍්‍රිජ් හී මැෂචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ ජාත්‍යන්තර ශිෂ්‍ය මධ්‍යස්ථානයට අනුබද්ධ රොබට් ඊ විල්ගෙලම් පදනමේ සාමාජිකයෙක්. එහි උපාධි ප‍්‍රධානෝත්සව වලදී ආරාධිත දේශකයෙකු ලෙස ඔහු වරින් වර සම්බන්ධ වෙනවා. එම විශ්ව විද්‍යාල වල දේශන කිරීමට ගොස් සමහරුන්ට මෙන් ශිෂ්‍ය විරෝධතා නිසා හිස් අතින් ආපසු පැමිණීමට කිසිදින ඔහුට සිදු වී නැත. මෙරට පාර්ලිමේන්තුවේ 13 වන අග‍්‍රාමාත්‍ය වරයා වන රනිල් මීට පෙර දෙවතාවකදීද මෙරටෙහි අග‍්‍රාමාත්‍යධුරය හොබවා තිබේ. පළමු වතාවට ඔහු අගමැති වුයේ ඛඔඔෑ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ ප‍්‍රහාරයෙන් මියගිය පේ‍්‍රමදාස ජනාධිපතිතුමාගෙන් හිසු වූ ජනපති තනතූරේ පුරප්පාඩුව පිරවීමට එවක අග‍්‍රාමාත්‍ය ඞී.බී. විජේතුංග මහතා පත් කිරීම තුල අග‍්‍රාමාත්‍යධුරයේ ඇති වු පුරප්පාඩුව පිරවීමටය. 1993 මැයි මස සිට 1994 අගෝස්තු මස දක්වා වු එම කෙටි කාලය ඔහු මෙරට ලාබාලම අග‍්‍රාමාත්‍යවරයා ලෙසින් වාර්තාවක්ද තැබීය. මෙහිදී මතු කල යුතු ඉතා වැදගත් කාරනයක් තිබෙනවා. එනම් 1993 මහා මැතිවරණයේදී චන්ද්‍රිකා බන්ඩාරණායකගේ පෙරමුන රනිල් ඇතුළු කණ්ඩායමේ පෙරමුනට වඩා එක් වැඩි මන්ත‍්‍රී ආසනයකින් පමනක් ජය ගැනීමයි. එහිදී එ.ජා.ප. සමහර ප‍්‍රබලයින් ආණ්ඩු බලයෙන් ඉවත් නොවී සිට වෙනත් විකල්ප ක‍්‍රමයකින් තවදුරටත් බලයේ රැුදී සිටීමට දැඩි ලෙස රනිල්ට යෝජනා කලදජනතා පරමාධිපත්‍යට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කොට ඉතාම සාමකාමී අයුරින් නව අගමැතිනියට ආණ්ඩු කිරීමට අවස්ථාව සලසා අගමැති තනතුරෙන් ඉවත්ව ගියා. ප‍්‍රචන්ඩ දේශපාලනය අගයන වෙනත් බල ලෝභී දේශපාලකයෙකු සිටියේ නම් එවන් සාමකාමී ආණ්ඩු මාරුවක් සිදු වන්නේ නැති බවත් අප සිහිතබා ගත යුතුයි.අනතුරුව දෙවන වරට ඔහු අග‍්‍රාමාත්‍ය ධුරය හොබවන්නේ 2001 දෙසැම්බර් මස සිට 2004 අපේ‍්‍රල් යන කාල සීමාව තුලදීය. ඒ 1999 වසරේ දෙසැමිබර් මසදී පවත්වන ලද මහ මැතිවරණයෙන් ජය ගැනීම නිසයි.

2005 ජනපති මැතිවරණයේදී ඔහු එ.ජා.ප. ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙනවා. ප‍්‍රතිවාදියා මහින්ද රාජපක්ෂයි. මෙම මැතිවරණයෙන් එ.ජා.ප. ය පැරදෙනවා. ඒද ඡුන්ද 187,000ක පරාජයක් පමණයි. මෙයට ප‍්‍රධාන හේතුව LTTEය උතුරේ සහ නැගෙනහිර ජන්ද වර්ජනයක යෙදීමයි. ටිරාන් අලස්, මංගල සමරවීර සහ දැනට ජීවතුන් අතර නැති ශ‍්‍රීපති සුරියආරච්චි පසුව පැවසුවේ ප‍්‍රභාකරන් රනිල්ට එරෙහිව ජන්ද වර්ජනයක යෙදුනේ මහින්ද රාජපක්ෂ ප‍්‍රභාකරන්ට අල්ලස් දීම මගින් බවයි. අනෙක් ප‍්‍රධාන කරුණ නම් රනිල්ගේ තුන් අවුරුදු පාලන කාලය තුලදී ඔහු විසින් ඇති කළ සටන් විරාම ගිවිසුම නිසාවෙන් උතුරේ හා නැගෙනහිර ද‍්‍රවිඩ ජනයාට ලැබුනු සහන සහ එමගින් ද‍්‍රවිඩ ජනයා රනිල්ට දැක්වු ලැදියාව කෙමෙන් වැඩිවීමකට පත් වෙමින් තිබෙන බව ඛඔඔෑ ය ඒත්තු ගැනීමයි.

දැන් අපි රනිල්ගේ දේශපාලන පැටිකිරිය ගැන තව ටිකක් ටිකක් බලමු. රනිල්ට 1970 දී කැළණිය ආසනයේ එ.ජා.ප සංවිධායක කම ලැබෙන්නේ ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුව සිටියදීමය. පසුව කැළණිය ආසනය කැළණිය හා බියගම ලෙස ආසන දෙකක් බවට පත් කිරීමේදී ඔහුව කැළණිය ආසනයට මාරු කලා. 1977 දී බියගම ආසනයෙන් එ.ජ.ප. අපේක්ෂකයා ලෙස තරග කරන රනිල් එයින් විශිෂ්ඨ ජයක් ලබා 1977 දී පිහිටුවන නව රජයේ උසස් අධ්‍යාපන හා යෙෘවන කටයුතු නියෝජ්‍ය ඇමති ධූරයට පත්වුනා. පසුව රනිල් අධ්‍යාපන, කර්මාන්ත සහ විද්‍යා කටයුතු ඇමති ලෙස පත් වන්නේ ලංකාවේ එතෙක් සිටි ලාබාලම කැබිනට් මණ්ඩල සාමාජිකයා ලෙසට වාර්තාවක්ද තබමිනි. ඊට අමතරව තරුණ රනිල් එම වකවානුවේදී පාර්ලිමේන්තුවේ සභා නායක ධුරයෙන්ද පිදුම් ලබනවා.

රනිල් එකල ආණ්ඩුව තුල ජේ.ආර්. හැරෙන්නට සිටිප‍්‍රබලයින් තිදෙනා වන හිටපු ජනපති රණසිංහ පේ‍්‍රමදාස, හිටපු අමාත්‍යවරුන් වන ලලිත් ඇතුලත් මුදලි සහ ගාමිනි දිසානායක සමග හරි හරියට ගැටෙමින් වැඩ කලා. ආණ්ඩුවේ ඊලග නායකයා වීමේ තුන් කොන් සටනේ කිසිදු පාර්ශවකරුවෙකුගේ ඔඩොක්කුවට නොවැටී තම අමාත්‍යාංශයේ වැඩ කටයුතු ඉතාමත්ව කාර්යක්ෂමව හා සෘජුව කරගෙන යාමේ කටයුත්තට යොමුවීමේ ශක්තිය රනිල්ට සහජයෙන්ම උරුම වී තිබුනා.

ප්‍රේමදාස ජනාධිපති බලයෙන් පහකිරීමට ලලිත් ගාමිණි දෙපළ එක්සත් ජාතික පක්ෂයේ සමහර අය සමග ශ‍්‍රී.ල.නි.ප, ල.ස.ස.ප. හා කො.ප. ඇතුළු අනෙකුත් විපක්ෂ කණ්ඩායම් වලද සහය ඇතිව ඉදිරිපත් කළ දෝශාභියෝග යෝජනාවේදී රනිල් පැහැදිලිවම ගත්තේ තම පියාගේ හිතවතා වු පහළින් පැමිණි දේශපාලනයේ ඉහළ ස්ථාවරයක් ලබා ගෙන සිටි පේ‍්‍රමදාස මහතාගේ පැත්තයි.
 
Last edited:
ඔබේ ඊලග ප‍්‍රශ්ණය මෙසේ යැයි මම සිතමි. එනම් ඔබ මෙතෙක් කියා සිටියේ රනිල් මහතා ප‍්‍රතිපත්ති ගරුක දුෂණයෙන් තොර උභය කුල දානපතිකමි නිසා රට පාලනයට සුදුසුයි කියාද? එසේත් නැතිනම් අපගේ ජන්දයදී වෙවර ඔහු අගමැති ලෙස පත්කර ගත යුතුයි කියාද? සහෝදරවරුනි, ඔබගේ ප‍්‍රශ්නයෙන් සියයට 80‍ පමණ කොටසකට මාගේ පිළිතුර වනුයේ ඔවි කියාය. එහෙත් ජන්දය දීම ඔබගේ වැඩක්. යමෙකුට ජන්දය දීමේදී බලපෑම් කිරීම නොකළ යුතු බව රනිල්ද පිලිගනි. මා කරන්නේ නරකින් හොද වෙන් කරවා ගැනීමට ඔබට අවශ්‍ය තොරතුරු සැපයීම පමණයි. තම වටිනා ජන්දය භාවිතා කරන්නේ කෙසේදැයි යන්න පිළිබදව තීරණය ගැනීම ඥානාන්විත ඔබට භාරයි. අදුරදර්ශී මෙන්ම අවර ගණයේ ගති පැවතුම් ඇති දේශපාලකයින් රටක සිටින විට එම රට පසුගාමීත්වය කරා දිවෙන බව ණැනවත් ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ. අද අපිට අවශ්‍ය නවිනත්වය අදහන නිර්මාණශීලි නායකයෙක්.

හොදයි එහෙනම් රනිල් මහතාගේ කාලයේදී සිදු කල හොද වැඩ කීපයක් අපට කියන්න. යැයි ඔබ ඉල්ලුවොත් මා කියන්නේ මෙයයි.

හොද වැඩ ගොඩක් තිබෙනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට 17 වන සංශෝධනය ගෙන ඒම තුල ව්‍යවස්ථාදායක සභාව සහ රාජ්‍ය සේවා පොලිස්, මැතිවරණ යනාදී කොමිෂන් සභා පහ ස්ථාපිත කරවීමට පුර්ණ සහය දී මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැුකීමට පුර්ණව දායකවීම ඔහු මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට සිදු කල මහගු කාර්යයක්. මෙම කොමිෂන් සභා මෙරට නීතිය මත පාලනය ඇති කිරීමට අත්‍යාවශ්‍යයෙන්ම තිබිය යුතු ආයතනයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් 18 වන සංශෝධනය ගෙනවිත් අද නීතියේ ආධිපත්‍ය සදහා කෑමොර ගහන වාමාංශිකයින්ගේ සහ අනෙකුත් සට්ටැඔියන්ගේ අනුමැතියෙන් කණපිට පෙරලූවේ එම 17 වන සංශෝධනයයි.

ඔහු කල සංවර්ධන වැඩ බොහොමයක් ගැන කථා කල හැකිය. එහෙත් ඔහුගෙන් මෙරටට සිදු වු වඩාත්ම වැදගත් වැඩ කොටස වුයේ දශක දෙකකට වඩා මෙරට පැවති කුරිරු යුද්ධය නිම කිරීමට ඔහු ප‍්‍රජාතන්ත‍්‍රීය අයුරින් ලබා දුන් දායකත්වයයි. යුද්ධයට විරුද්ධ වු ඔහු ප‍්‍රජාතනිත‍්‍රීය අයුරින් ගැටළුව විසදා ගැනීම සදහා 2002 වසරේදී එල්.ටී.ටී.ඊ. සමග සටන් විරාම ගිවිසුමක් ඇති කළා. එමගින් උතුරට දිවෙන ඒ-9 මාර්ගය විවෘත වීමත් ඒ සමග භාණ්ඩ ප‍්‍රවාහනයට සහ ගමනාගමනයට ලැබු ඉඩ කඩ තුල දශක ගණනාවක් අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය නොමැතිව පීඩා විදි උතුරේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට දැවැන්ත සහනයක් ඇතිවීමත්, ගිනි පෙට්ටියේ සිට අත දරුවාගේ කිරි පැකැට්ටුවෙත්ල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල සහ ඉන්ධන යනාදියේ තිබූ උග‍්‍ර හිගය මෙන්ම අහස උසට පවත්වාගෙන ගිය කලූ කඩ භාණ්ඩ මිළ නිසා කඩා වැටී තිබු උතූරේ ජන ජීවිතය නැවත පණ ලැබුවේ රනිල් ගේ මෙම කි‍්‍රයාව නිසයි. මේ පිළිබදව උතුරේ දෙමළ ජනතාව අදද රනිල්ට කෘතවේදය දක්වනවා.

විශේෂම කරුණ නම් සටන් විරාම කාලය තුලදී විදෙස් රටවල් කීපයක් තුල සිදු කළ සාම සාකචිජාවලට සහභාගී වු ඛඔඔෑ නායකයින්ගේ මනස වෙනස් කොට ඔවුන් සාම මාවතට ගෙන ඒමට රනිල් දැරූ උපායශීලී ප‍්‍රයත්නය දෙස් විදෙස් දේශපාලක විචාරකයින්ගේ නොමද ඇගයීමටද ලක්වීමයි. එහෙත් මෙය අන්ත ජාතිවාදීන් විසින් රනිල් රට බෙදා දීමට සැරසීමක් ලෙස අර්ථ ගැන්නුවා.

රනිල්ගේ උපාය මාර්ගික සාම සැළැස්මේ වැදගත්ම කරුණු වුයේ ඛඔඔෑ නැගෙනහිර පළාතේ අණදෙන නිලධාරී මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ඛඔඔෑ යෙන් බිදුවා ගැනීමයි. පසු කලෙක කරුණා අම්මාන් LTTEයෙන් මිදී විශාල ආයුධ තොගයක් සහ සටන්කාමීන් සමග රජයට එක්වීම රාජපක්ෂ ආණ්ඩුවට නැගෙනහිර පළාතෙන් LTTEය පරාජය කොට ඔවුන් උතුරට ඵලවා හැරීමට හේතු වුන බව කාගේත් පිළිගැනීමයි. කරුණා අමිමාන්ගේ සහාය ඇතිව සිදු කල එම ජයග‍්‍රහණය සමස්ථ කෲර LTTEයම ශී‍්‍ර ලංකා පොලොවෙන් ඉවත් කිරීමට පසු කලෙක ගාමක බලවේගයක් වුවත් ඒ සදහා රනිල්ගෙන් සිදුවු දායකත්වය ඇගයීමට අන්ත ජාතීවාදීන් හා එ.ජා.ප. විරෝධී දේශපාලඥයින් විසින් ඉඩ දෙන්නේ නැත. තවත් කරුණක් කියන්න වෙනවා, එනමි අසු නවයේ සහ අනු ගණන් වලදී රනිල් විසින් සිදුකල භීෂණයක් ගැන ඔහුගේ විරුද්ධවාදීන් විසින් ප‍්‍රචාරයක් ගෙන යනවා. මෙි පිළිබදව එකල රජය කොමිෂමක් පත්කොට මැනීමක් ඉදිරිපත් කලා. එයින් රනිල් නිදොස් කොට තිබෙනවා. එනිසා ඒ පිළිබදව තවත් අටුවා ටීකා අවශ්‍ය නෑ.

මනුෂ්‍ය ඝාතනය කුමන අයෙක්, කුමන රාජ්‍යක් විසින් සිදු කලද අප විසින් ඒවා පිලිකුලෙන් හෙලා දැකිය යුතු වෙනවා. එහෙත් එකල ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදුකල ආණ්ඩු විරෝධි කැරැුල්ල තුලින් ඇති කොට තිබු භීෂණය සහ විශේෂයෙන් පොලීසියේ හා හමුදා සාමාජික සාමාජිකාවන්ට සහ ඔවුන්ගේ පවුල්වල උදවියටත්, ඔවුන්ගේ මතයට විරුද්ධ මත දරන දේශපාලන ක‍්‍රියාදරයන් දේශපාලඥයින්, රජයේ නිලධාරීන් සහ සාමාන්‍ය සිවිල් පුරවැසියන් ඝාතනය කිරීම තුලින් ඇති කල භීෂණයට පිළිතුරු සැපයීමට එකල රජයට සිදුවුනා. එසේම රජයේ සහාය ලබාගෙන සමහර වාමාංශික දේශපාලන පක්ෂ හා කණ්ඩායම් පවා ප‍්‍රති ප‍්‍රහාර වලට සුදානම් වීමක් එකල දකින්නට ලැබුනු පොදු ලක්ෂණයක්. ප්‍රා එවන් සන්නද්ධ සංවිධානයක්. කහ බලල්ලූ තවත් එවන් නිල නොවන සන්නද්ධ කණ්ඩායමක්.

71 දී සිදු වු කැරැල්ල මර්ධනය කිරීම සදහා ඉන්දියාවෙන් මිග් ප‍්‍රහාරක ගුවන් යානා පවා ගෙන්වා ගැනීමට එකල සිරිමාවෝ බණ්ඩාරණායක ආණ්ඩුවේ ප‍්‍රබල කොටස් කරුවන් වු කොමිනිස්ට් පක්ෂයේ සහ ලංකා සමසමාජ පක්ෂයේත් එසේම නව සමසමාජ පක්ෂයේත් නායකයින්ගේ උපකාරය ආණ්ඩුවට ලැබුන බවත් අමතක නොකල යුතුයි.

මාක්ස්වාදයේ නිර්මාතෘන් වනමාක්ස් සහ එන්ගල්ස් කියා ඇති පරිදි රාජ්‍යයක පීඩත ආයතන වන්නේ හමුදාව, පොලිසිය සහ සිරගෙවල්ය. රාජ්‍ය ස්වරූපයෙන් වැඩවසම් වේවා, ධනවාදීවේවා එසේත් නොමැති නම් සමාජවාදීවේවා අවසන රකින්නේ ඒවායේ පුරවැසියන් නොව රාජ්‍යමය මේ ආකාරයෙන් ධනවාදී ලෝකයේ නායකයින්ට පමණක් නොව සමාජවාදී ලෝකයේ රාජ්‍ය නායකයින් වු ස්ටාලින්ට, මාවෝට, පිදෙල්කස්ත්‍රෝ වැනි අයටත් රැදවුම් කදවුරු සම්බන්ධයෙන් බරපතල චෝදනා තිබෙනවා. කෙසේ වුවත් කවුරුන් කලද මෙවන් දේ ඉදිරියේදී මෙම සමාජය තුල සිදු නොවීමට වග බලා ගත යුතුයි.

රනිල්ගේ සහ ඔහුගේ පවුලේ මුතුන්මිත්තන්ගේ පැටිකිරිය කීමෙන් අදහස් කළේ ඔහු දුෂණයට හා වංචාවට නොපෙළෙඔන, විනීත හා නවීන අදහස වලින් සමන්විත අයෙකු බවත් ඒනිසා ඔහු අප වැනි දියුණුවීමට පොරබදන රටක නායකත්වයට සුදුසුබව කියාපෑමටයි. එය පිළිගත්තැයැයි සිතමු. නමුත් ලෙසට ඔහු මෙරට ධනපති පංතිය නියෝජනය කරන්නෙක් ලෙස හංවඩු ගසා ඇති නිසා ඔහුගේ දේශපාලන දෘෂ්ඨීය ධනපති දේශපාලනය නමි එවැනි අයෙක් සාමාන්‍ය පංතියේ ඕනෑ එපාකම් සැපිරීමට ඉදිරිපත් වේයැයි සිතිය හැකිදැයි යන්න ඔබට ගැටලුවක් පැන නගිනවා ඇති. ඒ ගානක් කථා කරමු.

ධනවාදයෙන් සහ සමාජවාදයෙන් උගත් රනිල්

සහෝදරවරුනි, මෙහිදී එක් කරුණක් කිව යුකුයි. ධනපති පංතිය නියෝජනය කලත් ඉහල පවුල් පසුබිමකින් පැවත ආවත් වංචාව හා දුෂනය නොකරාවි යැයි කිසිවෙකුට සහතික දීමට මට හැකියාවක් නෑ. එලෙසම එවන් මිත්‍යාවක අප සිටිය යුතුත් නෑ. නමුත් රනිල්ගේ පැටිකිරිය කීම තුලින් මා කියන්න උත්සාහ කරන්නේ වර්තමානයේ අනෙකුත් බොහෝ දේශපාලඥයින්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට මෙන් රනිල් හෝ ඔහුගේ පවුලේ උදවියට එවන් දුෂණ චෝදනා මෙරට සමාජය විසින් සිදු කොට නැති බව පමනයි. මෙය ඔහුගේ ප‍්‍රතිවිරුද්ධ දේශපාලඥයින් පවා පිළිගන්නා කරුණක්.

මගේ පවුලේ ආරමිභක දේශපාලන පසුබිම වාමාංශික දේශපාලනයයි. 1930 සිට 60 දක්වා දශක වලදී අපේ රටේ සැබෑ වාමාංශික දේශපාලනයක් තිබුනා. එම කාලය තුල එම ව්‍යාපාරය විසින් මෙරට ජනතාවට ලබාදුන් අද ඔබලා අපි භුක්ති විදින විවිධ අයිතිවාසිකම් වලට අපි ඔවුන්ට ස්තූති විය යුතුයි. සමාජයට මෙහෙයක් කල කවර වර්ගයේ ආණ්ඩුවක් හෝ කවර වර්ගයකට අයත් දේශපාලන පක්ෂයක නායකයින්ට පක්ෂ භේදය නොතකා ඔවුන්ගේ සේවාවන් ඇගයීමට අප මානසිකව පුරුදු විය යුතුයි.

මමත් 2005 සහ 2010 වසර වල උදව් කලේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවා ගැනීමටයි. එතූලින් අපි මෙරටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කර ගැනිමල නිතිය මත පාලනයක් ඇති කර ගැනිමල ජන වාර්ගික ප‍්‍රශ්නයට සාධාරණ විසඳුමක් සොයා ගැනීමල ජාතික සමගිය ඇති කිරිම සහ කොටින්ම කියතොත් නවින ප‍්‍රජාතන්ත‍්‍රීය සමාජයක් පිළිබඳව දැඩි අපේක්ෂාවෙන් සිටියා. එහෙත් මෙම අපේක්ෂාවන්ට ඉඳුරාම වෙනස් මාර්ගයකයි පසුගිය ආණ්ඩුව ගමන් කලේ. එනිසයි අපි 2015 ජනපති මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ බලයෙන් පලවා හැර ඉහත කී තත්වයන් සහිත සමාජයක් ඇති කිරීමට මෛත‍්‍රී ජනපති තුමා පත් කර ගත්තේ. හැබැයි වර්තමාන ආණ්ඩුව ප‍්‍රබල නොවන නිසා අප සිදු කල එම විප්ලවය ආපස්සට හරවන්න දූෂණයේ යෙදුන පරාජිත කණ්ඩායම තැත් දරනවා. මෙය කිරීමට කිසිසේතම ඉඩ නොදිය යුතූය.

මා හෝ මගේ පවුලේ අය කිසිදා එ.ජා.ප.ය ට ඡුන්දය දී නැ. එහෙත් පසුගිය කාල පරිච්ෙඡ්දය තූල සිදුවු දූෂිත ක‍්‍රීයා විමසා බලන කල වර්තමාන එ.ජා.ප.ය හා එ් සමග එක් වී ඇති කණ්ඩායම් පසුගිය ආණ්ඩුවට සාපේක්ෂව ප‍්‍රගතිශීලියි. එබැවින් නැගී එන දූෂිත කල්ලියට ප‍්‍රබල සටනක් දිමට අවශ්‍ය වෙනත් ප‍්‍රගතිශිලී විකල්පයක් දැනට නැති කල තෝරා ගැනිමට ඇත්තේ එ.ජා.ප.ය ප‍්‍රමුඛ යහ පාලන පෙරමුණයි. මේ සඳහා එකවර සිත හදා ගැනීමට අපහසු බව මට හොඳටම තේරෙනවා. එහෙත් අපි දැනට සිර වි සිටින ව්‍යාජ වාමාංශික හෝ ශ‍්‍රී.ල.නි.ස. දේශපාලන කොටුවෙන් ඉවකට පැමිණ බලන විට අප සිරවි සිටියේ කූමන මිත්‍යාවකද කියා පැහැදිලි වෙනවා. මම හිතන ලෙසට අද එ.ජා.පල ශි.ල.නි.පල සමසමාජල කො.පල මහජන එක්සත් පෙරමුණු කියා භේදයක් නැ. අද ඒවා ඔක්කොම පක්ෂ මාරු කිරීමේ ක‍්‍රමය මත අච්චාරු බවට පත් වෙලා.ඒ හින්දා අපි අද තෝරගන්න ඕනෑ නවීනත්වය අදහන නිර්මාණශීලී නීනිය මත පාලනයක් ඇති කරන කණ්ඩායමක්. දැනට මා කරන විග‍්‍රහයේදි එසේ කිරීමට හැක්කේ රනිල් ප‍්‍රමුඛ කණ්ඩායමට පමනයි. එයටම තේරුනේ ඔහුගේ පැටිකිරිය විග‍්‍රහ කිරිම තූලිනුයි. එනිසයි මා ඔබට එය පැහැදිලි කරන්නේ. එවිට එ.ජා.ප.ය ට ඡන්දය දීමේ මැලිකම පසුබැස්ම නැතිවි යනවා.

මෙම තත්වයන් දඩමීමා කරගත් දේශපාලනඥ්යෝ මර්ධනයටත්, දුෂනයටත්, ප‍්‍රචන්ඩත්වයටත් රට යොමු කලා. ඒ මගින් 21 වන සියවසට පාතබා සිටියත් 18 වන සියවසේ පැවති වැඩවසම් ඇගයුම් පද්ධති ඉහලට ඔසවා තබමින් ඉතාම පසුගාමී සමාජයක් නිර්මාණය කොට රජවරුන්සේ වැජඔීමට පසුගිය දශකය තුලදී පැවති ආණ්ඩුව දැඩි ප‍්‍රයත්නයක යෙදුන බව අළුතෙන් විස්තර කිරීමට අවශ්‍ය නැ. මෙහිදී රනිල් විපක්ෂයේ සිටිමිනුත් මෙම තත්වයට එරෙහිව පසුගිය කාලය තුල විශාල සටනක් කල බව ඔබ දන්නා කරුණක්. එක් පසෙකින් තමන්ගේම පක්ෂය තුලින් පැන නැගි ප‍්‍රතිවිරෝධතා වලට පිළිතුරු සපයමින් අනිත් අතින් පැවති ආණ්ඩුව නිවරදි මාවතට යොමු කිරීමට විපක්ෂ නායකවරයා වශයෙන් ඔහුගත් ප‍්‍රයත්නය විශිෂ්ටයි.

සමාජවාදී වේවා ධනවාදීවේවා නීතිය රජවීම රටක පුරවැසියාට ඉතාමත්ම අවශ්‍ය කරුණක්. නීතිය මත පාලනය අවශ්‍ය නොවන්නේ වැඩවසම් රාජණේඩු ක‍්‍රමයකට පමණයි. මන්ද නීති පැනවීමත්, ණඩු පැවරීමත් නීතිය පසිදලීමත් යන මේ සියළු කරුණු සිදු කරන්නේ රජු නිසාය. අපේ රට 2015 ජනවාරි 8 දා තෙක් ගමන් කරමින් සිටියේ එවන් පසුගාමී ප‍්‍රජාතන්ත‍්‍ර වීරෝධී රාජාණ්ඩු ක‍්‍රමයක් වෙතයි. මේ සදහා වාමාංශික ලේබලය යටතේ පෙනී සිටින කෘතහස්ථ දේශපානඥයින්ගේ සහායද ආගම්වාදී, ජාතිවාදී එමෙන්ම පසුගාමී එම කණ්ඩායම් වලට නොමදව ලැබුනු බවද අමතක නොකළ යුතුයි. අදද මෙම කණ්ඩායම් යෙදී සිටින්නේ එම අරමුණ මුදුන්පත් කරවා ගැනීම සදහාමයි. මෙි නිසයි ධනවාදයෙන් සහ සමාජවාදයෙන් උගත් රනිල් මහ මැතිවරණයෙන් ජයග‍්‍රහණය අවශ්‍යතාවය මතුවන්නේ. රාජාණ්ඩුව පරාජය කොට නවීන සමාජයක් ඇති කිරීම ඔහුගේ අභිලාෂයයි. එය ඔහුට කල හැකිය.

ඔබ මෙයින් අදහස්කරන්නේ කුමක්දැයි තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්දැයි තරුණ කැල ඇසු ප‍්‍රශ්ණයට කථික මහතා පහත ලෙස පිළිතුරු සැපයීය.

අපිට වෙලා තියන දේ

දැන් බලන්න අපි බි‍්‍රතාන්‍යයෙන් නිදහස ලබලා මේ වන විට වසර 67ක් පමණ වෙනවා. නිදහස ලබන විට අපේ රටේ තිබුනු සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික තත්වයන් අද වන විට සීග‍්‍රයෙන් පිරිහිලා අපි ලොකයට ණය වු ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත් වු රටක් බවට පත්වෙලා හමාරයි. පුළුපුළුවන් අය මේ රට අත්ඇරලා යනවා. සමහරු එසේ යන්නේ ජීවිතය පවා පරදුවට තියා නීත්‍යානුකූල නොවන මාර්ගවලින්.

මේ රට ඉතාම සුන්දර, ප‍්‍රධාන ජන වර්ග තුනක් පමණක් සිටින, ප‍්‍රධාන දේශීය භාෂා දෙකක් පමණක් කථා කරන, ඉතාම ප‍්‍රශස්ථ ජන ගහනයකින් හෙබි,ඉතාම සරු සාර භූමියකින් සමන්විත, රට වටේම අති අලංකාර මුහුදුතීරයකින් හෙබි, රට අභ්‍යන්තරයේ ගංගා ඇළ දොළ දිය ඇලි වලින්ද ඝර්ම කලාපීය වැසි වනාන්තර වලින් හෙබි පින්වත් බිමක්. එහෙත් මෙ පින්බර බිම ශීලාචාර මනුෂ්‍ය වාසයකට, එහෙම නැතිනම් නීතිය මත පාලනයක් සහිත හොද ජීවන තත්වයක් සහිත සමාජයක් බවට පත් කිරීමට අපිට තවම බැරිවෙලා තියෙනවා. අපිට මොකද වෙලා තියෙන්නේ? අපි එකිනෙකා ජාති, ආගම් ප‍්‍රාදේශීය ආදී භේද ඇති කර ගනිමින් එකිනෙකාට අපහාස කර ගනිමින් ජීවත් වන තත්වයකට පත්වෙලා. අපේ සාමය රැුකීමට සිටින පොලීසිය අන්තිමටම දුෂිත වෙලා. නඩු පවරන ආයතන දුෂිත කරලා ඒ වගේම අධිකරණය දුෂිත කරලා. නීතිය පසිදලන ආයතන දේශපාලඥයින්ගේ අතකොළු කරලා.

අමාරුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලගා කර ගත් අපේ රට රාජපක්ෂවරුන් සහ ඔහු වටා සිටින දුෂිත සහ බලලෝභි කණ්ඩායම් පසුගාමී වැඩවසම් සමාජයකට ගෙනයාමට වෙර දරනවා. මහජනතාවට වගකියන ප‍්‍රජාතන්තී‍්‍රය පාලකයා වෙනුවට මහජනතාවගෙන් වැදුම් පිදුම් ලබන වැඩවසම් රජෙක් සහ ප‍්‍රභූ පැලැන්තියක් මෙරට නැවත ඇති කිරීමට සමහරු වෙර දරනවා. පසුගිය කාලය තුල මෙරට පාලනය කලේ ජනකොටස් අතර, ආගම් අතර මෙන්ම ආගම් අභ්‍යන්තරයේ, දේශපාලන පක්ෂ අතර, වෘත්තීයවේදීන් අතර, කම්කරු සංවිධාන අතර විපක්ෂ දේශපාලන පක්ෂ අතර භේද නිර්මාණය කොට සමාජීය එකමුතුවට සහ සමගියට බරපතල තර්ජනයක් එල්ලකරමිනුයි මෙි අය සිටින්නේ. එනිසා මෙි අගාධයෙන් ගොඩ ඒමට මෙම මැතිවරණය යොදා ගමු.

රටේ පරිහානිය නැති කිරීම

රටක් දියුණු කරන්න නම් පළමුව තමන් හා තම පවුල ගැන හිතන අය නොවෙයි මුලිකවම රට ගැන හිතන අයයි අපේ නියෝජිතයන් ලෙස තෝරා පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ. එම නියෝජිතයන් එසේ කල්පනා කිරීමට තරම් බුද්ධියකින් හෙබි අය විය යුතුයි. උගතුන් විය යුතුයි. ලූම්පන් පන්තිය නියෝජනය කරන නුගත් කණ්ඩායමකට රටක් දියුණු කිරීම පිළිබදව චින්තනයක් කිසිදා ඇති වන්නේ නැහැ.

දැන් බලන්න 2007 වසරේදී එතෙක් රාජාංඩු ක‍්‍රමයක්ව පැවති භූතානයේ චන්ග්චුක් රජු ස්වකැමැත්තෙන්ම එරට රාජණ්ඩු ක‍්‍රමය වෙනස් කොට පාර්ලිමේන්තු ක‍්‍රමයකට රට පරිවර්තනය කළා. ඒ විතරක්ද පාර්ලිමේන්තුවට තේරී පත් වීමට අපේක්ෂා කරන අය අවම වශයෙන් විශ්ව විද්‍යාලයකින් මුලික උපාධියක්වත් ලබා සිටිය යුතුය යන්න පිළිබදව නීතියක්ද සම්පාදනය කළා. භූතානය වැඩවසම් පසුගාමී රාජණ්ඩු ක‍්‍රමයක සිට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන නියෝජිත පාර්ලිමේන්තු ක‍්‍රමයකට පරිවර්තනය වන විට රාජපක්ෂලා උත්සාහ කරන්නේ නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සිට නැවත වැඩවසම් රාජාංඩු ක‍්‍රමයකට යෑමටයි. එනිසා කල යුත්තේ රටට හිතැති උගත් පිරිස් හැකිතාක් දුරට අපේ නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තුවට තෝරා පත් කර යැවීමයි. මෙය රාජාණ්ඩු කණ්ඩායමෙන් ඉටුකර ගැනීම නමි ඉබිබන්ගෙන් පිහාටු ගැනීමි හා සමානයි.

අනික් කරුණ නම් ජාතී, කුල, ආගම්, ගෝත‍්‍ර වැනි පසුගාමී අදහස් වල නොඇලී නවීන අදහස් වලින් යුතු අය අපට අවශ්‍යයි. රනිල් නවීන අදහස් දරන්නෙක්.

ඔය කියන කරුන අපිට නොතේරෙනවා නෙවෙයි. නමුත් මේ රටට අවශ්‍ය සමාජවාදී ආණ්ඩුවක්. ඒක රනිල් මහත්තයා එක්ක ලගා කර ගන්න පුළුවන් කියා ඔබ හිතනවාද?

සමාජවාදී ආණ්ඩුවක් ලගාකර ගන්න බැරිද?

මම හිතන විදිහට සමාජවාදී ආණ්ඩුවක් රනිල් එක්ක නොවෙයි මේ රටේ සිටින කිසිම දේශපාලන පක්ෂයක් සමග අද දවසේදී පිහිට විය නොහැකිය. මෙම තත්වය අද ලෝකයේ කොහේවත් නෑ. සමාජවාදී ලෝකය කියන රුසියාව, චීනය, කියුබාව, නැගෙනහිර යුරෝපය යනාදි කිසිවක මෙම සමාජවාදී රාජ්‍ය අද නැහැ. අද ඒවායේ තියෙන්නේ වෙළදපල මුල්කරගත් ආර්ථික රටාවකින් දියුණු වු සමාජ. ඒවා මේ රටවල රාජාණ්ඩු පෙරළා වැඩවසම් ඇගයුම් පංතීන් වලලා නවීනත්වය වැළදගෙන තිබෙනවා. ඒවා ධනේෂ්වර සමාජ රටාවේ වැදගත්ම සාධකයක් වන වෙළදපල මුල් කරගත් ආර්ථික රටාවකට යොමු වෙලා තියෙනවා.

අපේ රටේ එහෙම නෑ. අපේ රටේ නිෂ්පාදනයට වඩා සිදු වන්නේ පරිභොජනයයි, නවීණත්වය වෙනුවට අදහන්නේ ගතානුගතිකත්වයයි. අනාගතය වෙනුවට ගරු කරන්නේ අතීත කාමයටයි. ධනේෂ්වරය ඇගයුම් වෙනුවට වැඩවසම් ඇගයුම් අපි කවුරුත් පිළිගත යුතුය. සමාජ යුග පරිවර්ථනයේදී වැඩවසම් සමාජ රටාවකට වඩා බොහොම ඉහලින් තමයි ධනේෂ්වර සමාජ රටාව තියෙන්නේ. ඉතින් මෙරට දැනට සිටින වාමාංශිකයැයි කියා ගන්නා සියළුම දේශපාලන නායකයින් සමගවත් සමාජවාදයට යන්න බෑ. එකක් සමාජවාදයක් අද ලෝකයේ කොහේවත් නෑ. ඒක මිත්‍යාවක් විතරයි. වාමාංශිකයැයි කියා ගන්නා අය අද ඉන්නේ ප‍්‍රතිගාමී පිලේ. ඔවුන් වැඩවසම් ප‍්‍රතිගාමී සමාජයක් ස්ථාපිත කිරීමට උදව් කරනවා. මේ අය මහජනතාව මුලා කරමින් ව්‍යාජ සුඛෝපබෝගී ජීවිත ගත කරන අය. ඒ අතින් රනිල් විවෘතයි. අපිට දවල් මිගෙල් රූ ඩැනියෙල්ලාගෙන් අද වැඩක් නෑ.

විශේෂයෙන්ම පැරණි වාමාංශික කොටස් ජනතාවගේ පිළිකූලට ලක්වෙලා. ඔවුන් මාක්ස් සහ එංගල්ස්ගේ ඇඳුම් ඇඳගෙන රාජාංඩුවක් පිහිටුවිමේ නරාවලේ බැස නානවා. ඒ මදිවට විවිද න්‍යාය දෙසා බාමින් අපටද එහි නෑමට කතා කරනවා. අනික් අතින් කැරළි දෙකකින මෙරට සමාජවාදි ආණ්ඩුවක් ඇතිකරන්න වෙර දරා දැඩි ලෙස අසාර්ථක වු ජ.වි.පෙ අද ප‍්‍රචණ්ඩත්වය ප‍්‍රතික්ෂේප කරනවා පමණක් නොව හෙමින් සැරේ නිර්මාණශීලි වෙළඳපල ආර්ථික ක‍්‍රමයක් ගැන කථාකරනවා. ඔවුන්ද වැඩවසම සහ රාජංඩුව ප‍්‍රතික්ශේප කරනවා.

මම කලිනුත් කිව්වා රනිල් අවංක මිනිහෙක්. අදින්නේ කලිසමයි, ටයි, කෝට් බොරු නෑ. පුරාජේරු නෑ. තනිකරම පෙනී සිටින්නේ නවීනත්වය සහ වෙළදපොල ආර්ථික ක‍්‍රමයක් වෙනුවෙන්. මේකෙ හංගන්න දෙයන් නෑ. ඔහු වැඩවසම් ප‍්‍රතිගාමීත්වයට පහර දෙන විට රාජපක්ෂලා සහ සමාජවාදී යැයි කියා ගන්නා සමහර කොටස් වැඩවසමි ආර්ථික ක‍්‍රමයක් කරාම යොමු වෙනවා. හැබැයි රනිල් වෙළදපොල ආර්ථිකය කෙරේ පෙනී සිටිමින් මෙරටේ නිෂ්පාදනය ඉහල දමාවි. ඔහු මෙරට ආර්ථිකය සමාජ වෙළදපල ආර්ථිකයක් දක්වා දියුණු කරාවි. එය ධනවාදී වෙළදලපල ආර්ථිකයට සමාජ ආරක්ෂණ වැනි අගය එකතු කල ආර්ථික ක‍්‍රමයකි. මේ සදහා ඔහුට මෙරට නීතිය මත පාලනයක් ඇති කරන්නත් සිදුවේවි. මන්ද නීතියක් නැති රටකට ජාත්‍යන්තර ව්‍යවසායකයෝ එන්නේ නෑ. රනිල් දැනටම නීතිය මත පාලනය ඇති කිරීමට අවශ්‍ය 19 වන ව්‍යවස්ථා සංශෝධනය ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ පාර්ලිමේන්තුව තුල සම්මත කරගෙන අවසානයි.රනිල් විපක්ෂ නායක ලෙස පසුගිය කාලය පුරා හැසිරුනු ආකාරය ඔහුට මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරුකීමට ඇති දැඩි උවමනාව පෙන්නුම් කරනවා. ප‍්‍රතිගාමි කොටස් උත්සහ කරන්නේ බලයට පැමිණ විට නැවත එය ආපස්සට හැරවීමයි. යහපාලන ප‍්‍රමිතිය සිද බිද දැමීමයි.

ඉතාම කෙටියෙන් යහපාලනය ගැන සිහිපත් කිරීමක් කරමු. වැඩිදුර නොගොස් මෙවර මැතිවරණ ව්‍යාපාරය තුල මැතිවරණ කොමසාරිස්තුමා, පොලීසිය, හමුදාව ආදී බලධාරීන් නීතිය අකුරටම ක‍්‍රියාත්මක කරන අයුරු දෙස බලන්න. පසුගිය වාරවලදී මෙන් නීතිය ඇස් පනාපිට සිද බිදලමින්, මැතිවරණ දෙපාර්තමෙින්තුව හාස්‍යයට ලක් වු අයුරුත් මෙවර මැතිවරණය පැවැත්වෙන ආකාරයත් සසදන්න. මෙි තමා රනිල්ගේ හා මෛත‍්‍රීපාල ජනාධිපතිවරයාගේ යහපාලනය. මැතිවරණ ක‍්‍රියාදාමය දූෂණ මර්ධනයට ඔවුන් ගන්නා ව්‍යායාමයේ අලගුවක් පමණි. අපට අවශ්‍යවන්නේ එවන් යහපාලනයක්ද? නැතිනමි රාජපක්ෂික නඩය ගෙනගිය රාජාණ්ඩුවද යන්න තෝරා ගැනීමට ඔබට ලැබෙන අයිතිය ලබන දාහත්වනදා නිසි ලෙෂ තෝරා බෙිරා ගැනීමට හා අනතුරුව දූෂිතයින් වරදකරුවන් වීමෙන් පසු දඩුවමි ලබාදීමට ඔබට අවශ්‍ය නමි රනිල්ව බලයට පත් කරගන්න. එයට මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආශීර්වාදය පසුගිය මස මුලදී ජනාධිිපතිවරයාගේ ප‍්‍රකාශයෙන්ම තහවුරු වෙනවා.

මෙරටේ මෙතෙක් බිහි කර ගත හැකි වු ප‍්‍රජාතාන්ත‍්‍රීයම ජනාධිපතිවරයා බිහි කර ගන්න අපේ ජනතාව වාසනා වන්ත වෙලා තියෙනවා. ඔහු බල ලෝභියෙක් නොවේ. ඔහු නැවත දේශපාලනය කිරීමට ඉදිරිපත් වන්නේ නැති බව සපතකරලාතියෙනවා. ඔහුගේ පවුලේ උදවිය හා ඥාතීන් පවුල් පිටින් දේශපාලනයට ගේන්න උත්සාහ කරන්නේ නෑ. ඔහු හා රනිල් එක්ව නව දේශපාලන සංස්කෘතියක් දැන් මෙරට පිහිටුවලා තිබෙනවා. මෛත‍්‍රී ජනාධිපති තුමාගේ යහපාලන දේශපාලනය ඉදිරියට ගෙන යා හැක්කේ එය ඇති කිරීමට උදව් කල රනිල් ඇතුළු පිරිස යලි බලයට පත් කිරීමෙන් පමනයි. නැතිනම් වෙන්නේ මේ ජයග‍්‍රහනය කුරිරු ලෙස ආපස්සට හැරවීමට ලූම්පන් කොටස් උත්සාහ දැරීමය.

මම මෙම කරුණ ඔබලාට පැවසුවේ රටේ අනාගතය පවතින්නේ ඔබලා අතේ නිසායි. අපි සමාජවාදයට යමු. ඊට පෙර මේ රටේ ධනවාදය හරියට ස්ථාපිත කරමු. සමාජවදය එන්නේ ධනවාදයට පසුවයි. ධනවාදය තුලින් මෙරට ආර්ථිකය ගොඩ නගමු. අද ලෙනින් හෝ මා ඕ හෝ චේ ගුවේරා හෝ මෙරටට පැමිනිය හොත් ඔවුන්වත් ප‍්‍රතිගාමී පිලට හා වැඩවසම් රජෙකුගේ උපදේශකයින් කරවන්න හැකියාව ඇති වාමාංශික පිරිසකුයි මෙරට සිටින්නේ. එබැවින් නීතිය මත පාලනයක් සහිත සමාජ වෙළදපල ආර්ථිකය මත දියුණු වු නවීන සමාජයක් හදා ගැනීමට අපි පළමුව දායක වෙමු. එය මෙරට කල හැකි දැනට සිටින හොදම දේශීය හා ජාත්‍යන්තරව පිළිගත හැකි කෘතහස්තම දේශපාලන නායකයා රනිල් වික‍්‍රමසිංහ. ඒනිසා මෙවර අපි රනිල් බලයට පත්කරමු. ඔහු සමාජ අවශ්‍යතා නොසලකා කටයුතු කරයි නම් ඔහු බලයෙන් ඉවත් කිරීමටත් අපි පෙල ගැසෙමු. එය අපිට කල හැකියි.

අපි මේ අවුරුද්දේ ජනවාරි 08 වෙනිදා කිසිදා පරාද කල නොහැකි යැයි වන්දිභට්ටයන් විසින් වහසි බස් දෙඩු එසේම තමා සහ තම පවුලේ අය විසින් අපරාජිත යැයි අධි තක්සේරුවක් කරගෙන සිටි අති බලවත් වූ හිටපු ජනපති රාජපක්ෂ පරාජ කළා. එකල හමුදා කූමන්ත‍්‍රණයකින් හෝ පරාජිතයින් කියන්නා සේ විදේශ බලවේග වල මැදිහත් විමකින් නොවේ. එය සිදු කලේ මෙරට ජනතාවගේ ඡුන්ද බලයෙනි. ඡුන්දය සඳහා බරපතල තර්ජන හා විවිධ අල්ලස් දිම් සුදු වුවත් ඒවා නොතකා ජනතාව ඔහු ඇතූලූ කණ්ඩායම පරාජය කලා. එනිසා පාර්ලිමේන්තුවේ පහෙන් තුනක ප‍්‍රබල සහ ප‍්‍රචණ්ඩ පාලකයෙකු බලයක් තිබු එවැනි පරාජය කිරිමට හැකි වූ ජනතාවට රනිල් පරාජය කිරිම එතරම් අපහසු කරුණක් යැයි මම හිතන්නේ නැ. ජනතා විරෝධයක් ඒ නම් 1993 දී කලාක් මෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හිස නමා ඔහු බලය අත හැර යාවී. ඒ රනිල්ගේ ප‍්‍රජාතන්ත‍්‍රීය ලක්ෂණයයි. පවුලෙන් හා ජානවලින් රැුගෙන ආ යහගුණයයි.ෙ

අනික, අපේ සෝභිත නායක හාමුදුරුවෝ, සිවිල් සඞවිධාන සහ වැඩකරන ජනතාවගෙන් සමන්විත වෘත්තිය සමිති ජාලය මේ අවස්ථාවේ අපිට තිබෙන විශාල ශක්තියක්. මේ වන විට රනිල් එම කණ්ඩායම සමග ගිවිසුමකට එළඹ තියෙනවා. එම ගිවිසුමේ කරුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදය රුකීම සඳහා ඉතාම හිතකරයි. මෙවන් දෙයක් මා දන්නා තරමින් ඉතිහාසයේ මෙතෙක් සිදුවි නැ. අනික් අතට සෝභිත හිමි ඇතූලූ කණ්ඩායම රනිල් ආණ්ඩුව කරන හැටි හොඳින් නිරික්ෂණය කරන වගකූත්ල රනිල් වැරදි කලොත් මහ ජනයා සමගින් ඊට එරෙහි වන බවකුත් පවසා තිබෙනවා. එනිසා රනිල්ට වැරදි කරන්නට තිබෙන ඉඩකඩ ඉතා අඩුයි.

එබැවින් මා ඉල්ලා සිටින්නේ මෙවර රනිල්ව විශ්වාස කරන ලෙසසි. ඒක කරන්න නම් කැපුවත් නිල්, කැපුවත් රතු, කැපුවත් කොළ යන පැරණි මතයේ නොසිට එනම් පක්ෂය ගැන නොසිතා රට ගොඩ ගැනීමේ කර්තව්‍යට අවංකවම සහ බුද්ධිමත්ව දායක විය හැකි පුදගලයින්ව තෝරා පාර්ලිමේන්තු යැවීම සිදු කල යුතුයි. මෙහිදී රනිල්ගේ වගේ ඒ අයගේ පැටිකිරිය පිළිබද සොයා බැලීමත් ඉතාම අවශ්‍ය කරුනක්. ඒ කටයුත්තට ඉඩකඩ සලසමින් රනිල්ගේ පැටිකිරිය ගෙන හැර පෑමේ මාගේ උත්සාහය මෙතනින් නවත්වමි. ඔබට ස්තූතියි. එලෙසම පහත කරුණත් හොදින් මතකයේ තබාගන්න.

අවසානය

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පුදබිම වු දියවන්නාවේ පුජනීය භූමියට ජනතා කර පිටින් ගොස්, එය කෙලෙසු, ජනතා පරමාධිපත්‍යට පයින් ගැසු ඒහරහා ධන කුවේරයන් වු අල්ලසට සහ බලයට යටවු කිසිවෙකුට ඔබේ ජන්දය මෙවර දෙන්න එපා. එසේම රටේ අභිවෘද්ධිය නොතකන තමා සහ තම පවුල්වල අභිවෘද්ධියම තකන දුෂණයෙන් ප‍්‍රචන්ඩත්වයෙන් මෙරට සමාජය විනාශ කරාවී යැයි සැක සිතෙන කිසිවෙකු උත්තරීතර පාර්ලිමේන්තුවට පත් වී යැමට දරණ උත්සාහයන් ඔබගේ ප‍්‍රභල ජන්දයෙන් වලකා ලිය හැකි බවද ඔබට සිහිපත් කොට සිටිමි. නීතිය මත පාලනයක් සහිත සෞභාග්‍යවත්, ෙසෙවරී රටක ජීවත් වීමට ඔබට වාසනාව උදාවේවායි පතමි.
 
Thumbnail.png
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හොල්මන් අයියේ චන්ද ප්‍රචාරනය ඉවරයි නේද? නීතියට ගරු ගරුමු, යහපාලනේකනෙ ඉන්නෙ

    දිල්වාලෙ, මේසන් බාස් දාපු ත්‍රෙඩ් ලොට් එක දැක්කෙ නැද්ද උබ.?
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    පොතක් කෝපි කරලා මෙතැන අලවලා