මේ රටේ ජනතාව තමන් වෙනුවෙන් නීති සම්පාදනයට, ප්‍රතිපත්ති සම්පාදනයට සහ සම්පත් කළමනාකරණය සදහා ආණ්ඩුවක් පත් කර ගැනීමටමේ දිනවල මහා මැතිවරණයකට සුදානම් වෙමින් පවති. නිදහස ලබා ගත් දා සිටම මහජන ජන්දයෙන් තේරීපත් වු නියෝජිතයෝ විවිධ පොරොන්දු දෙමින් බලයට පැමිනියද
සාමාන්‍ය රටවැසියාට නිදහසේ සතුටින් විසිය හැකි පරිසරයක් නිර්මාණය කොට දීමට අපොහොසත් වී ඇත. එහෙත් යලි යලිදු විවිධ වෙස් ගනිමින් දේශපාලකයෝ ජනතාව ඉදිරියට පැමිණ ජනතා සේවය සදහා තමන්ට ඇති සුදුසුකම් මෙන්මපවුල් පසුබිම්ද අතිශයෝක්තියෙන් වර්ණනා කරමින් ජනතාව මුලා කිරීමට ඉදිරිපත් වී ඇත. එහෙයින්ම ජනතා නියෝජිතයන් කවුරුන්දැයි තීරණය කිරීමේදී ඔහුගේ හෝ ඇයගේ පැටිකිරියටද සැලකිල්ලට ගතයුතු වෙි. පැටිකිරිය තෝරාගන්නා පුද්ගලයා පිළිබදව මනා දැනුමක් ලබා ගැනීමට හැකි තොරතුරු සමුදායක් ලබා දේ.
ආණ්ඩුවක් පිහිටු වීම සදහා බලවත් කදවුරු දෙකක් එනම් එක්සත් ජානතා නිදහස් සන්ධානය (එ.ජ.නි.ස.) සහ එක්සත් ජාතික පක්ෂය (එ.ජා.ප) ප්‍රධාන කොට පිහිටුවා ඇති එක්සත් ජාතික පෙරමුනයි. අනෙක්වා පරිවාර පක්ෂ සහ කණ්ඩායම්ය. මෙම මැතිවරණයේදී බලයට පැමිණෙන පාර්ශවයේ නායකයා නව රජයේ අගමැතිවරයා වෙි. එ.ජ.නි.ස. බලයට පත්වුවහොත් හිටපු ජනාධිපතිමහින්ද රාජපක්ෂ අගමැති කර වීමටද එ.ජ.ප. ය බලයට පත්වුවහොත් වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති කර වීමටද අදාල පාර්ශව අපේක්ෂා කරයි.
ඒනිසා කවුරුන් අගමැතිවරයා ලෙස පත් කර ගත යුතුද යන පැණයට ජන්ද දායකයාට හොද දැණුමක් තිබිය යුතුය. අනාගත අගමැතිගේ ඔවුන්ගේ පවුල්වල සහ ඥාතීන්ගේ නව අගමැති ඇතුල් කරගැනීම සදහා පැටිකිරිය දැන ගැනීම ඉතාම වැදගත් වේ. ඔහුගේ/ඇයගේ ගතිස්වභාවයන්, හැදියාවන්, පරිත්‍යාගයන්, නායකත්ව කුසලතාවයන් හා, ඉදිරි දේශපාලන දැක්ම යනාදිය පිළිබදව නිවැරදි තීරණයක් ජන්ද දායකයාට පැටිකිරියෙන් ලබා ගත හැකි නිසාය.
අගමැති පොරපිටියේ සිටින එ.ජා.ප. යේ රනිල් වික්‍රමසිංහගේ පැටිකිරිය ඉදිරි පිටුවල දිගහරිමු. එහිදී මහින්ද රාජපක්ෂගේ පැටිකිරිය සමග මෙහිදී පුලුල් සැසදීමක් නොකෙරේ. එම සැසදීම ජන්දදායකයා සතු මහින්ද රාජපක්ෂ පිළිබදව ඇති තොරතුරු සමග සැසදීමට යොමු වුවහොත් කවුරුන්දැයි සුදුස්සාදැයි තීරණය කල හැක. රනිල්ගේ පැටිකිරියේ තොරතුරු දෙසට, බසට සහ රුසට ලැදි අයෙකු විසින් උගත් තරුණ කණ්ඩායමකගේ ප්‍රශ්ණවලට කල පැහැදිලි කිරීම් වලින් සමන්විතය. ඒවා මෙරට ඡුන්දදායකයින්ට විශේෂයෙන්ම ශ්‍රී.ල.නි.ප., කොමියුනිස්ටි පක්ෂය, සමසමාජ, මහජන එක්සත් පෙරමුණු, ජ.වි.පෙ. වැනි පක්ෂවලට ලැදිකම් දක්වන සියළු ජන්ද දායකයින් සදහා එකසේ වැදගත් වනු නියතයි.
රනිල්ගේ පවුල් පැටිකිරිය
19 වන සියවසේදී මෙරට ධනයෙන් සහ දේශපාලන බලයෙන් යුතු පවුල් කණ්ඩායම් දෙකක් තිබිනි. ඔවුහු ලන්දේසී සහ විශේෂයෙන්ම ඉංශ්රීසී පාලන කාලය තුලදී තම ධනය හා දේශපාලන බලය මෙරට ස්ථාපිත කර ගත්හ. මහාචාර්ය කුමාරි ජයවර්ධනගේ 'සොක්කන් ලොක්කන් වු වගයි - ශ්‍රී ලංකාවේ යටත් විජිත ධනේෂ්වරයේ නැගීම' ග්රන්ථයට (2008) අනුව මුදලි, මුහන්දිරම් තනතුරු හොබවමින් මෙරට විශේෂයෙන්ම පොල් වැවිලි ක්ෂේත්රයේ අධිකාරි බලය දැරූ බණ්ඩාරනායක, ඔබේසේකර, සේරම්, ලීවේරා හා ඉලංගකෝන් යන පවුල් එක කණ්ඩායමක විය. කෝපි, තේ, පොල්, රබර් යන වැවිලි මිණිරන් කර්මාන්තය, රේන්ද කර්මාන්තය, ඉදි කිරීම් ක්ෂේත්රයේ නිරත වුු සේනානායක පවුල ප්රමුඛ කොටගත් මෙල්, සොයිසා, විජේවර්ධන, ඩෙප්, ඩයස්, පීරිස් අමරසුරිය වැනි පවුල් වලින් සමන්විත පවුල් කණ්ඩායම අනිත් කණ්ඩායම විය. මෑත කාලීන ප්‍රසිද්ධ දේශපාලඥයන් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග පළමු කී පවුල් කණ්ඩායමින් පැවතෙන අතර ඩඞ්ලි, ජේ. ආර්. සහ රනිල් වික්‍රමසිංහයන් දෙවන පවුල් කණ්ඩායමෙන් පැවත එති. තවද 20 වන සියවසේ මැදභාගය වන විට ධනය හා දේශපාලන බලය අතින් මෙරට ප්‍රමුඛම පවුල් කණ්ඩායම බවට පත්වී තිබුනේ රනිල් වික්‍රමසිංහ පැවත එන පවුල් කණ්ඩායමයි. කෙසේ වුවද පවුල් අතර සිදුවු අන්තර් විවාහ හා ව්‍යාපාරික සබදතා ආදිය නිසා මේ සියල්ලෝම මෙරට කරවු සහ කරවන ප්‍රධාන පවුල් කණ්ඩායම බවට පත් වී ඇත. මේ තත්වය එතරම් හොද තත්වයක් නොවුනද, යථාර්තය වී ඇත්තේ එයයි.
ඒ සමගම තව කරුණක් සදහන් කරන්න අවශ්‍යයි. එනම් රනිල්ගේ මව් පාර්ශවය එනම් තුඩුගල විජේවර්ධන පවුල 15 වන සියවසේදී මුලූ රටම එක්සේසත් කල මහා සාහිත්‍යධර 6 වන පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1412-67) රජුගේ පෙළපතට නෑකම් කියන බවයි. මේ බව 'තුඩුගල පවුල' නමින් J.H.O. Panlnsz ලියා තිබෙන පොතේ සදහන් වෙනවා. මේ තුඩුගල පවුල එහෙම නැතිනම් විජේවර්ධන පවුල රනිල්ගේ පැටිකිරිය ගැන කියන කොට අමතක කල නොහැකි පවුලක්ි. එබැවින් ඒ වගත් මෙසේ පවසමි.
විජේවර්ධන පවුල
විජේවර්ධන පවුල සේදවත්තේ තුඩුගල විජේවර්ධන පවුල නමින් ප්‍රකට විය. මොවුහු ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කිරීමේ කර්මාන්තයේ යෙදී සිටි අතර රජයේ වැඩ දෙපාර්තමේන්තුව විසින් ඉදිකරන ගොඩනැගිලි සදහා දැව, ගඩොල්, වැලි යනාදිය සැපයීමේ කොන්ත්‍රාත්තු ලබා බෙහෙවින් පොහොසත් විය. ලන්දේසි යුගයේ සිටම ධනවතකු වු වැවගේ අරනෝලිස් ඩෙප් තුඩුගල විජේවර්ධන පවුලට සම්බන්ධ වන්නේ ඔහුගේ හෙලේනා ඩෙප්නම් දියණිය විජේවර්ධන පවුලේ දොන් පිලිප් විජේවර්ධන සමග විවාහ වීම නිසයි. හෙලේනා ඩෙප් විජේවර්ධන රනිල්ගේ මව් පාර්ෂවයේ මිත්තනිය වේ.
හෙලේනාට පිරිමි දරුවන් 7දෙනෙකු සහ ගැහැණු දරුවන් දෙදෙනෙකු සිටියහ. එම පිරිමි දරුවන් හත් දෙනාගෙන් අයෙකු වුයේ මෙරට පුවත්පත් ලෝකයේ සුපතල ඞී.ආර්. විජේවර්ධනයි. ඞී.ආර්. විවාහවුයේ මීදෙනිය අධිකාරම්ගේ දුවක වු රූබී සමගය. හෙලේනා විජේවර්ධනගේ තවත් පුතෙකු වු පිලිප් විජේවර්ධනගේ වැඩිමහල් දියණිය ඇග්නස් එකල තවත් ව්‍යාපාරික සහ උගත් පවුලක් වු ජයවර්ධන පවුලේ ඊ.ඩබ්. ජයවර්ධන සමග විවාහ විය. ඊ.ඩබ්. ජයවර්ධන සහ ඇග්නස් විජේවර්ධනගේ පුත් පසු කලක මෙරට දේශපාලන ක්ෂේත්රය කැළඹු හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධනයන්ය.
මේ සම්බන්ධතාවයන් රනිල් හා සම්බන්ධකොට දක්වන්නේ නම් දානපතිනි හෙලේනා විජේවර්ධන රනිල්ගේ මව් පාර්ශවයෙන් ඔහුට මිත්තනිය වේ. ඞී.ආර්. විජේවර්ධනයන්ද ඔහුගේ මව් පාර්ශවයෙන් සීයා වන්නේය. එලෙසම ඞී.ආර්. විජේවර්ධනට ජේ.ආර්. ඥාති පුත්‍රයා වු අතර ජේ.ආර්. ජයවර්ධන ජනපතිට රනිල් මවි පාර්ශවයෙන් ඥාති පුත්‍රයා වී තිබිනි. වෙනත් ලෙසකින් පැවසුවහොත් ජේ.ආර්. රනිල්ගේ මාමා කෙනෙකි.
තරණ සහෝදරවරුනි, මේ පවුල් සම්බන්ධතාවයන් සහ එම පවුල් වලින් සමාජයට වු යහපත පිළිබද සංක්ෂිප්තව කථා කිරීම වටී යැයි සිතන නිසා විජේවර්ධන පවුලේ සාමාජිකයන් දෙදෙනෙකු වු හෙලේනා එනම් රනිල්ගේ (මිත්තණිය) සහ ඞී.ආර්. විජේවර්ධන (රනිල්ගේ මුත්තණුවන්ගේ) සමාජයට වු සේවය පිළිබදව සැකවින් සාකච්ජා කරමි.
හෙලේනා විජේවර්ධන
ඇය 19 වන සියවසේ ඉතා ධනවත් පවුලක උපත ලද එලෙසම ධනවත් පවුලකට සම්බන්ධවී දානපතිණියක් වු කාන්තාවකි. එබැවින් විශාල වශයෙන් සමාජ සේවා කටයුතු වලට තම ධනය වැය කොට ඇති අතර මෙහිදී විශේෂයෙන් සදහන් කළයුත්තේ ඇය බුදු සසුනේ චිරස්ථිතිය සදහා සිදු කළ සේවාවයි.
චුලෝදර සහ මහෝදර නාරජුන්ගේ දබරය සංසිදුවීමට බුදුන් කැළණියට වැඩි බව ඔබ දන්නවා. එලෙසම ලෝක බෙෘද්ධයන්ගේ පුජනීය බිමක් වු කැළණිය රජමහා විහාරය දහතුන්වන සියවසේදී මාඝ ආක්රමණිකයින් විසින් විනාශකොට තිබුනා. නැවතද එය පෘතුගිසීන් විසින් විනාශ කළා. එය 1800 දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් යම් පමණකට ප්‍රතිසංස්කරණය කලා. එහෙත් කැළණි රජමහා විහාරයේ බිතු සිතුවම් අද වන්දනාමාන කරන මට්ටමටප්රතිස්ථාපනය කළේ හෙලේනා විජේවර්ධනගේ ධන පරිත්‍යාගය නිසයි. ඇය ඉන්දීය ගල් වඩු ශිල්පීන් සහ සෝලිස් මෙන්ඩිස් නම් වු මහා චිත්‍ර ශිල්පියා යොදවා අද කැළණි විහාරයේ ඇති බිතුසිතුවම් ඉතාම රමණීය ලෙසට පිලිසකර කළා. මේ සදහා සෝලිස් මැන්දිස් කලා කරුවා වසර ගනනාවක් ගත කලා. (1935-48) එහි සියළු බර පැන දැරුවේ එතුමියයි. මීට අමතරව ඇය කැළණිය රජමහා විහාරයට තමන්ට හිමි කුඹුරු අක්කර 250 ක් පරිත්‍යාග කොට තිබෙනවා. මේ නිසාම විජේවර්ධන පවුල හා කැළණිය රජ මහා විහාරය අතර ඇත්තේ දිගු කාලීනව බැදුනු ඉතිහාසයක්. 1927 දී ප්‍රථම වරට කැළණියේ රජමහා විහාරයේ දුරුතු පෙරහැර ආරම්භ කලේ හෙලේනා මැතිණියගේ නායකත්වය සහ නොමසුරු දායකත්වය නිසයි.
ඩී.ආර්. විජේවර්ධන මාවත නමින් කොළඹ ප්‍රධාන පාරකුත් නම් කරලා තියෙනව නේද යැයි අසා සිටි ගැටයෙකු ඇසු පැනයට පිලිතුරු ලැබුනේ ඩී.ආර්. විජේවර්ධන මහතා පිළිබදව පහත සදහන් ලෙස විස්තරය සමගිනි.
ඩී.ආර්. විජේවර්ධන
මේ වන විට ඞී.ආර්. විජේවර්ධන යනු කවරේදැයි ඔබ මුලික වශයෙන් දන්නවා. ඔහු රනිල්ගේ මව් පාර්ශවයෙන් සීයා වන බවත්, එකල අග්නිදිග ආසියාවේ විශාලතම පුවත් පත් ආයතනය ලෙස සැලකු ලේක් හවුස් පුවත්පත් සමාගමේ නිර්මාතෘ සහ අයිතිකරු බවත් ඔබ දන්නවා. එසේම ඔහු රනිල්ගේ මවගේ සහෝදරයා වු රංජිත් විජේවර්ධනගේ පුතා එනම් වර්ථමාන පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධනයන්ගේ සීයාය.
අපි ඞී.ආර්. විජේවර්ධනයන්ගේ මෙරට සමාජයට සිදු වු සේවය තව දුරටත් විමසමුද? මෙරට ශාන්ත තෝමස් විද්‍යාලයේ මුලික අධ්‍යාපනය ලබා එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් බැරිස්ටර් විභාගය සමත්ව මෙරටට පැමිණ පරපුරෙන් පැවත ආ ව්‍යාපාරවලින් බැහැරව පුවත්පත් කර්මාන්තයේ නියැලිව එහි පතාක යෝධයා බවට ඔහු පත්විය. එය ධනපතියෙකුව විසීමට වඩා සමාජයට දායක වියහැකි කප කිරීමකි.
මෙරට නිදහස් සටනේ පළමු ගනයේ නායකයකු වු ඔහු පොන්නම්බලම් අරුනාචලම්, ඞී.එස්. සේනානායක හා ඞී.බී. ජයතිලක වැන්නවුන් මුල් කොටගෙන 1919 දී ලංකා ජාතික සංගමය නම් වු දේශපාලන ව්‍යාපාරය නිර්මාණය කිරීමට මුල් වු පුද්ගලයාය. පසුව මෙරට දේශපාලන පක්ෂ බිහිවීම සදහා මෙම සංගමය පදනම දැමීය. ඔහු රාජ්‍ය මන්ත්‍රන සභාවට තරග කිරීමට උනන්දුවක් නොගත්තේය. එහෙත් එකල රාජ්‍ය මන්ත්‍රන සභාවට පත් වු බොහෝ අයට තම ධනයෙන් බුද්ධියෙන් හා පුවත්පත් තුලින් නොමසුරු සහයෝගය ලබාදුනි. ඔහු එකලීරජුන් පිටුපස සිටි මොලකාරයා’ ලෙසද හැදින්වින. ශ්‍රී ලංකාවේ වර්ථමාන ජාතික කොඩිය නිර්මාණය කිරීමට පාදක කරගත් සිංහලේ අවසන් රජු වු ශ්‍රී වික්රමරාජසිංහ රජු භාවිතා කළ කොඩිය බ්‍රිතාන්‍යයේ රාජකීය වෙල්සි රෝහලේ බඩු ගබඩාවක තිබී මෙරටට ගෙන ඒමටද මෙතුමා පුරෝගාමී විය.
ඔබ අතුරෙන් කී දෙනෙකු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන්දැයි මා විමසුවෙන් කිහිප දෙනෙක් අත් ඔසවා ඔවුන් පේරාදෙණිය විද්‍යාර්ථයින් බව පැවසීය. පේරාදෙණිය විශ්ව විද්‍යාලය බිහිකිරීම සදහා ඞී. ආර්. විජේවර්ධන මහතා කල දායකත්වය මා ඔවුනට විස්තර කලේය. විනිසුරු එමි.ටී. අක්බාර්ගේ සභාපතිත්වයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය බිහිකිරීමට පත්කල කොමිසමේ ප්‍රබල සාමාජිකයෙක් වුයේ ඞී.ආර්. විජේවර්ධනයි. අන් අය වුයේ අගමැති ඞී.එස්. සේනානායක, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු, ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්, ශ්‍රීමත් පොන්නම්බලම් අරුනාචලම්, ශ්‍රීමත් ජේම්ස් පීරිස්, ශ්‍රීමත් බාරොන් ජයතිලක, වෛද්‍ය රොබට් මාස් සහ වෛද්‍ය එස්.සී. පෝල් යනාදීන්ය.
තවද ඞී.ආර්. විජේවර්ධන මහතා එම විශ්ව විද්‍යාලයේ ප්‍රථම භික්ෂු නේවාසිකාගාරය වු සංඝාරාමය සහ විශ්වවිද්‍යාල බෞද්ධ විහාරය තැනවීම සදහා 1946 දී තම පෞද්ගලික ධනය පරිත්‍යාග කලේය. එසේම ලේක්හවුස් ආයතනය රජයට පවරා ගන්නා තෙක් සංඝාරාමයේ නේවාසික භික්ෂුන්්ගේ දානමාන සහ ගොඩනැගිලිි නඩත්තු කටයුතු තම පුවත්පත් ආයතනයේ වියදමින් අඛණ්ඩව කරගෙන යන ලදී. ඔබට දැන් වැටහෙනවා ඇති විජේවර්ධන ශාලාව නමින් විශාල ශිෂ්‍ය නේවාසිකාගාරයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුල නම් කොට ඇත්තේ ඇයිද යන්න කියා.
සහෝදරවරුනි ඔබ මෙතෙක් සවන් දුන්නේ මව් පාර්ශවයේ අතීත තොරතුරු පමනයි. එබැවින් රනිල්ට එරෙහි වන්නන්ට මෙවැනි රට ජාතිය ශාසනය ජන විඥානයට දායකත්වයක් පෙන්වීමට පැටිකිරියක් ඇතිද යන්න ඔබටම ශාක්සාත් කරගැනීමට ඉඩ හරිමු. එහෙත් තවම එතුමාගේ පියා සහ මව පිළිබදව අපි පැවසුවේ නැහැ. දැනගන්න. ඔබ කැමති ඇති රනිල්ගේ මවගේ පැටිකිරිය දිග හරිමි.
රනිල්ගේ මව නාලිනි (විජේවර්ධන) වික්‍රමසිංහ
නාලිනි විජේවර්ධන ඞී.ආර්. විජේවර්ධනගේ දියණියකි. රංජිත් විජේවර්ධනගේ එකම සොහොයුරිය වේ. ඇයද උසස් අධ්‍යාපනයෙන් පසුව තම පියාගේ පුවත්පත් ආයතනයේ අධ්යක්ෂවරියක් ලෙස දීර්ඝ කාලයක් කටයුතු කලාය. පිය පාර්ශවයෙන් ලද සමාජ හා පරහිතකාමී හුරුව මත ඇයද නොයෙකුත් සමාජ සේවා කටයුතුවල නියැලී මෑතදී අභාවප්‍රාප්ත වුවාය. ඇය 1950 ගනන්වලදී මෙරට ක්‍රියාත්මක වු ප්රමුඛ පෙළේ ස්වෙිච්ජා සංවිධානයක් වු ලංකා මහිලා සමිතියේ ප්‍රබල ක්‍රියාකාරිනියක් වුවාය. එමගින් ග්‍රාමීය සංවර්ධනයට කාන්තා දායකත්වය ලබා දීම සදහා නොයෙකුත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට තම පියා මෙන්ම ඇයද ධන පරිත්‍යාග කලාය. එලෙසම තම නැන්දණිය වු හෙලේනා විජේවර්ධනගේ අඩිපාරේ යමින් කැළණි රජමහා විහාරයේ සහ හුණුපිටියේ ගංගාරාම විහාරයේ අභිවෘද්ධිය තකා බෙහෙවින් දායකත්වයක් සැපයීය. අද වනතුරු රනිල් මෙම විහාරස්ථානය සමග ඇති දැඩි සබදතාවයේ හේතුව මෙය වෙතත් මෑත කාලයේදී රාජපක්ෂවරු මෙවැනි පුජනීය ස්ථාන වලට තනතුරු ලාභිත්වයෙන් පාත්වූ චරිත වුහ.
නාලිනි වික්‍රමසිංහ මෙරට පුවත්පත් කර්මාන්තයේ තවත් දැවැන්තයෙකු වු එස්මන්ඞ් වික්‍රමසිංහ සමගින් විවාහ විය. ඔවුන්ගේ දරුවන්ගෙන් රනිල් සහ ශාන් වික්‍රමසිංහයන් පිලිබදව ඔබ හොදින් දනිමු. ශාන් වික්‍රමසිංහ යනු මෙරටට රූපවාහිනී සේවාව හදුන්වා දුන් පුද්ගලයාය. ඔහු 1979 දී ස්වාධීන රූපවාහිනී ජාලය (ITN) ඇරඹීම තුලින් මෙරට පේ්රක්ෂකයාට රූපවාහිනිය කුමක්දැයි යන්න හදුන්වා දුනි. ඒ සදහා ශාන්ට ශක්තියක්ව පසු පසින් සිටියේ නාලිනි වික්‍රමසිංහ බව කියැවේ. පසුව ෂඔභ ආයතනය රජයට පවරා ගැනීම නිසා ශාන්ට ඔභඛ රූපවාහිනිය ඇරඔීමට දිරිමත් කරන්නේද ඇයයි. එපමනකුදු නොව ලංකාවේ පළමුවන පෙෘද්ගලික ගුවන් විදුලි නාලිකාව වන ඔභඛ ගුවන් විදුලි නාලිකාව ඇරඹීමෙහි ලා ද ඇයගේ තවත් පුතෙකු වු නිරාජ් දිරිමත් කරන්නේද ඇය විසිනි. ඔභඛ ගුවන් විදුලිය 1990 දී අන්තර්ජාලය හරහා සවන්දිය හැකි ලෝකයේ ප්‍රථම ගුවන් විදුලි නාලිකා අතළොස්ස අතරට එක්වුනා.
රනිල්ගේ මව නවීනත්වය අගය කරන්නියක් විය. ඇය විසින් පිහිටුවා ගන්නා ලද ලංකා සංස්කෘතික ආයතනය (Ceylon Cultural Institute) තුලින් ඇය සිංහල නාට්‍ය කලාවේ ප්රගමනය සදහාද විශාල මෙහෙයක් කලාය. එතුලින් මහදුරු සරච්චන්ද්‍රයන්ගේ මනමේ’ සහ සිංහභාහු,’ නාට්‍යයන් කොළඹදී ප්‍රදර්ශනය කොට ඒවා කොළඹ පේ‍්‍රක්ෂකයිනට හදුන්වා දීමේ කාර්යට ප්රමුඛ වු අය අතර ඇයද එක් අයෙකු බව පැවසේ. එලෙසම එම නාට්‍ය දෙකේ ගීත පටිගත කිරීමට උදව් කලේද ඇයයි. දයානන්ද ගුණවර්ධනයන්ට නරිබෑනා නාට්‍ය නිර්මාණය කිරීමටත්, ගුණසේන ගලප්පත්තීන්ට මුහුදු පුත්තු නාට්‍ය නිර්මාණය කිරීමටත් අප අතරින් මෑතදී වියෝ වු ප්‍රවීන නාට්‍ය ශිල්පිනී සෝමලතා සුබසිංහට විකෘති නාට්‍ය නිශ්පාදනයටත් ඇය නන් අයුරින් දිරිය සපයා ඇති බව ද ප්රකටය. මෙලෙසින්ම ඇය තම පුත් රනිල්ගේ දේශපාලන දිවියටද ආදරණීය සැමියා වු එස්මන්ඞ් වික්‍රමසිංහයන්ගේ දේශපාලනික හා වෘත්තීය ජීවිතයටද ශක්තියක් සැපයු දිරිය කතක් ලෙසද හැදින්වෙනවා. මෙවන් දෑහිතකාමි සමාජශීලි වු මවකට නෑකමි කිවහැකි අන් අගමැති අපේක්ෂකයෙකු ඇත්ද යන්න තීරණය කිරීම ඔබට බාරයි. දැන් රනිල්ගේ පියා සහ පිය පාර්ශවයේ ඥාතීන්ගේ පැටිකිරිය දැනගන්න කැමති ඇතැයි සිතමි.
රනිල්ගේ පියා හෙවත් එස්මන්ඞ් වික්‍රමසිංහ
රනිල්ගේ පිය පාර්ශවයේ සීයා (පියාගේ පියා) එනම් සී.එල්. වික්‍රමසිංහ පළමු ලාංකික රජයේ ඒජන්තවරයෙකු (මහදිසාපති) ලෙස සැලකෙනවා. ඔහු ඉතා ප්රතාපවත් රාජ්‍ය සේවකයෙක්. රනිල්ගේ ජානවලට මේ ගති ලක්ෂණ පහළවීම අරුමයක්ද නොවෙ. සී.එල්ට එස්මන්ඞ් සහ ලක්ෂ්මන් යනුවෙන් පුතුන් දෙදෙනෙකු සිටි අතර ලක්ෂ්මන් පුතු මෙරට ප්‍රචලිත බිෂොප් ලක්ෂ්මන් වික්රමසිංහයි. ඔහු සහ එස්මන්ඞ් වික්‍රමසිංහ වාමාංශික දේශපාලනයේ නියැලූනා. නීතීඥයෙකු සහ තානාපති සේවයේ යෙදුනු එස්මන්ඞ් වික්රමසිංහද මුල් අවධියේදී දැඩි ලෙස මාක්ස්වාදී අදහස් දරමින් එකල සමසමාජ පක්ෂයේ නායකයින් සමග එක්ව සමාජ වෙනසක් සදහා දැඩිව වැඩකල පුද්ගලයෙක්. මෙනිසා කුඩා කල රනිල්ටද මාක්ස්වාදී අදහස් බලපාන්නට ඇති. එහෙත් පසු කලෙක පියා එක්සත් ජාතික පක්ෂය සමග එක්වීම තුල රනිල්ද එ.ජා.ප දේශපාලනය තෝරා ගත්තා.
එස්මන්ඞ් අති දක්ෂ මාධ්‍යවේදියෙක්ද වු අතර කලක් තම මාමණ්ඩියගේ පුවත්පත් ආයතනයේ සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂක ලෙසත් කටයුතු කලා. එලෙසම ඔහු නිදහස උදෙසා රන් තෙලි තුඩ නම් වු ජාත්‍යන්තර සම්මානයෙන්ද පුද ලැබුවා. එස්මන්ඞ් සහ හිටපු ජනපති රනසිංහ පේ‍්‍රමදාස ඉතා හොද මිත්රයින් වුවා. ජනතා පත්‍රය හරහා කොළඹ විත්ති නම් වු කොළමකින් ජනතා ප්‍රශ්ණවලට පිළිතුරු සැපයීමට ඔහු පේ‍්‍රමදාස මහතාට උදව් කලා. එස්මන්ඞ් වික්‍රමසිංහ එසේ කලේ පේ‍්‍රමදාස මහතා පහල පන්තියේ සිට දේශපාලනයේ ස්ථාවර වීමට තැත් දැරූ පුද්ගලයෙකූ ලෙස දුටු නිසාය. ජෝන් කොතලාවල සමයේදීද එ.ජා.ප. ය ජනතාවට ආසන්න කිරීමට ඔහු උත්සාහ කලද අවාසනාවන්ත ලෙස එ.ජා.ප. යේ අන් දුර්වලකම් නිසා මැතිවරණයේදී පරාජය ලැබුවා.
රනිල්ගේ සොයුරු සොයුරියෝ
නාලිනි විජේවර්ධන සහ එස්මන්ඞ් වික්‍රමසිංහට පිරිමි දරුවන් සිව් දෙනෙක් සිටිති. ඔවුන් වයස් පිළිවෙලින් ශාන්, රනිල්, නිරාජ් සහ චන්න වන අතර එකම දියණිය එනම් රනිල්ගේ නැගණිය නමින් ශානිකා වේ.
එසේ වුවද මේ අය කිසිදු දේශපාලනයකට සම්බන්ධ වුයේ නැහැ. ඉතාම නිර්මාණශීලි සහ ස්වාධීන ගතිපැවතුම් ඇති මේ සොයුරු සොයුරියන් තම දෙමව්පියන්ගෙන් ලද ධනයෙන් සහ තම ස්වෝත්සාහයෙන් ව්‍යාපාර කටයුතුවල යෙදී ඇති අතර දේශපාලනයේ යෙදී සිටින තම සොයුරාගෙන් කිසි විටෙක තම ව්‍යාපාර සදහා දේශපාලනිකව උදව් ලබාගෙන නොමැති බව බොහෝ අය දන්නා දෙයකි. වැඩවසමි පවුල් වාදයට නැඹුරු වු රාජපක්ෂවරුන්ට මෙය රනිල්ගෙන් ලැබිය හැකි ආදර්ශයකි.
ලංකාවට රූපවාහිනිය ITN හරහා හදුන්වා දුන් ශාන් වික්‍රමසිංහ එය තම මාමාගේ කාලයේ රජයට පවරාගත් කල ඔහු පසුපස ගොස් හඩා වැටී එය නැවත ලබා ගැනීමට උත්සාහ කළේ නැත. මෙහි විශේෂ ලක්ෂණය නම් ඒ අවස්ථාවේ තම කණිටු සොයුරා එනම් රනිල් කැබිනට් මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමයි. මවගේද සහය ලබන ශාන් ඒ වෙනුවට කලේ ඔභඛ නම්න් අළුත් රූපවාහිනි නාලිකාවක් ඇරඔීමයි. පසුකලෙක ප්‍රබල දේශපාලඥයන්ගේ දරුවන් රූපවාහිනි නාලිකා අරඹා ඒවාට රාජ්‍ය නාලිකාවල වැඩසටහන් ලබාගැනීම හෝ එම නාලිකා වල උපකරණ හා කාර්යය මණ්ඩල වැනි දෑ භාවිතා කොට තම නාලිකාව පවත්වා ගැනීමට කටයුතු කලා සේ ශාන් ටද මෙි සදහා හොඳටම දේශපාලන ශක්තිය එකල තිබුනද ඔහු එසේ නොකලේය. අනිත් අතින් රනිල්ගෙන් ඊට ඉඩක් ද නොලැබිය.
රනිල්ගේ කණිටු සොයුරු නිරාජ්ද තම මවගේ සහායෙන් ලංකාවේ ප්‍රථම පුද්ගලික රේඩියෝ නාලිකාව වන TNL රේඩියෝ නාලිකාව ඇරඹූ අතර චන්න ගොවිපලවල් පවත්වාගෙන යාමෙන් සහ සොයුරියද ව්‍යාපාරික කටයුතු කරගෙන යාමෙන් තම ජීවිකාව කරගෙන යනවා. රනිල් කිසිවිටෙක තම සොයුරු සොයුරියන් හෝ සමීප ඥාතීන් රාජ්‍ය ආයතනවල උසස් තනතුරු වලට පත්කලේ නැති බව සැවොම පවසනවා. එලෙසම ඔහුගේ සොයුරු සොයුරියන් දේශපාලනයට සම්බන්ධ කර ගැනීමට උත්සාහ කලේද නැත. ඒ වෙනුවට රාජ්‍ය තන්ත්රයේ හා ව්‍යාපාර ලෝකයේ දක්ෂයින් යොදාගත් බව පැහැදිලි කිරීමට චරිත රත්වත්තේ, ඔස්ටින් ප්‍රනාන්දු, බ්‍රැඩ්මන් වීරකෝන්, රංජිත් ප්‍රනාන්දු වැනි අයවලුන්ගේ රනිල් සමග වු රාජකාරි සබදතාවය හොදම සාක්ෂි වනවා. එය මෙරට ආණ්ඩුබලය පවුල් කීපයක් අතර සිර කර තැබීමට හා ඥාති සංග්‍රහයට සමහරු දරනා ප්රයත්නයට විරුද්ධව යාමකි.
රනිල්ගේ ප්‍රසිද්ධ මාමාලා
විජේවර්ධන පවුලෙන් පැවත එන හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන, විජය පුවත්පත් ආයතනයේ සභාපතිවූ රන්ජිත් විජේවර්ධන, ජාත්‍යන්තරව ප්‍රකට ආර්ථික විද්‍යාඥයෙක් සහ ව්‍යාපාරිකයෙක් වූ උපාලි විජේවර්ධන එසේම ජාත්‍යන්තරව ප්‍රකට විද්‍යාඥයෙක් වූ රේ විජේවර්ධන රනිල්ගේ මවුපාර්ශවයෙන් සුප්‍රසිද්ධ මාමලා වෙති. ඉහත සිව්දෙනා බාප්පලා කුඩප්පලාගේ දරුවෝය. පාර්ලිමේන්තු මහලේකම්ව සිටි සෑම් විජේසිංහ සහ බිෂොප් ලක්ෂ්මන් වික්‍රමසිංහ ඔහුගේ පිය පාර්ශවයෙන් පිලිවෙලින් මාමා සහ බාප්පා වෙති.
ජේ.ආර්. ජයවර්ධන
ඔහු මෙරට දේපාලනයේ අදටත් කතාවන සුප්‍රකට චරිතයකි. ඔහු අපේ සමාජය ඉතාම බරපතල ලෙස දේශපාලන අගාදයකට ඇද දමා ඇති විධායක ජනාධිපති ක්‍රමය ඇතුලත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘය. අද රනිල්ද දැඩි වෙහෙසක් ගන්නේ ජේ.ආර්. ගේ මෙම ඒකාධිපති ව්‍යවස්ථාව වෙනස්කොට රටට හිතකර ප්රජාතන්ත්රවාදී ව්‍යවස්ථාවක් ඇති කරලීමටයි. රනිල් තම මාමාගේ සමහර දේශපාලන මති මතාන්තර වලට එකග නොවූවා සේම පසු කලෙක ජනපති පේ‍්‍රමදාසට විරුද්ධව ගෙන ආ දෝශාභියෝගයේදී තම පන්තියේ සගයන් වූ ලලිත් හා ගාමිණීට උදව් නොකොට සමාජයේ පහලින් ආ පේ‍්‍රමදාස ජනපති රැුකීමට උදව් කල බව කවුරුත් දන්නා කරුනකි.
හැබැයි ජේ.ආර්. ජයවර්ධන මෙහෙම වැඩක් කළා. එනම් එතෙක් අපේ දූපතට පමණක් හිරවී තිබූ මෙරට ආරථිකය ලෝකයට විවර කළා. එසේත් නැතිනම් මෙරටට නිදහස් වෙළඳ ආර්ථික ප්‍රතිපත්ති හදුන්වා දුන්නා. නිදහස් වෙළඳ ආර්ථික ප්‍රතිපත්තිය හදුන්වා දුන් දකුණු ආසියාවේ ප්‍රථම රාජ්‍ය ශ්‍රී ලංකාවයි. ඉන්දියාවේ මන් මෝහන් සිං මුදල් ඇමතිවරයා ඉන්දියාවට මෙම ආර්තික ප්‍රතිපත්තිය හදුන්වාදුන්නේ අපේ රට ආදර්ශයට ගනිමිනුයි. එලෙසම සමාජවාදී රටක් වූ චීනයේ ඩෙන්ග් ෂියාවෝ පෙන්ග් ද අප ආදර්ශයට ගෙන එරටටද මෙම ආර්ථික ප්‍රතිපත්තිය හදුන්වා දී එරට ලෝක බලවතෙක් දක්වා දියුණු කලා. එහෙත් අපේ අදුරදර්ශී දේශපාලනික ප්රතිපත්තීන් නිසා අපිට නිදහස් ආර්ථික ප්රතිපතියෙන් නිසි ඵල ලබා ගන්නට බැරිවුනා.
රන්ජිත් විජේවර්ධන
මොහු කලින් කී ලෙස ඩී.ආර්. විජේවර්ධනගේ පුතෙක්. එසේම රනිල්ගේ මවගේ සහෝදරයා. ඔහු තම පියාගේ ලේක්හවුස් ආයතනය රජයට පවරාගැනීමෙන් පසුව 1986 දී විජය පුවත්පත් ආයතනය ආරම්භ කලා. එය අද මෙරට ප්‍රධානම පුවත්පත් ආයතනය ලෙස සැලකිය හැකියි. මෙරට බෞද්ධයින්ගේ පූජනීය බිමක් වූ තන්තිරිමලේ රජමහා විහාරයේ අද දක්වා වාර්ශිකව සිදු කෙරෙන පොසොන් ආලෝක පූජාව ආරම්භ කලේ රන්ජිත් විජේවර්ධනයි. එලෙසම 1963 දි පමණ ආරම්භ කල මිහින්තලා විදුලි ආලෝක පුජාවද ඔහු ලේක් හවුස් ආයතනයේ සභාපතිව සිටි කාලයේ ඇරඹුවක් ඔහු ගැන පවසන විට ඔහුගේ පුත් වර්ථමාන ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන ගැනත් නොකියම බෑ. රන්ජිත් විජේවර්ධනගේ බිරිද සේනානයක පරපුරේ රොබට් සේනානයකගේ දියනියක වන රන්ජනී නීලා සේනානාකයි. ඒ අර්ථයෙන් ගත් කල රුවන් විජේවර්ධන විජේවර්ධන පවුලට මෙන්ම සේනානායක පවුලටත් උරුමකම් කියන්නෙක්. ලංකාවේ ප්‍රථම අගමැති ඩී.එස්. සේනානායක රුවන්ගේ සීයාකෙනෙක් වෙනවා.
රුවනුත් ශාන්ත තෝමස් විද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙකු මෙන්ම කලක එහි රගර් කණ්ඩායමේ නායකයෙකුද වූවා. ඔහු එංගලන්තයේ සසෙක්ස් විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ ජාත්‍යන්තර මාධ්‍යකරණය හදාරා තම ඥාති සොහොයුරා වන රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහනය වෙනුවෙන් කැපවී වැඩකරන්නෙක්. කථාව මදක් දික් ගැසුනත් තව කරුණක් කිව යුතු වෙනවා. රවන්ගේ ඥාතීන්වන පාර්ගලිමේන්තු මන්ත්‍රීන් වූ වසන්ත සේනානායක සහ රුක්මන් සේනානායක යනාදීනුත් රනිල්ගේ සහයට පැමිණ කටයුතු කරනවා.
උපාලි විජේවර්ධන
බි්රතාන්යයේ කේම්බි්රජ් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිලිබද ශාස්ත්‍රපති උපාධිය හදාරා ඇති උපාලි මෙරට බිහිවූ නිර්මාණශීලීම ව්යාපාරිනයා ලෙස හදුන්වා දීමට පුලූවන්. ජාත්‍යන්තර ප්රසිද්ධ්යට පත් කැන්ඩෝස් චොකොලටයෙහි නිර්මාතෘ වූ ඔහු කොකෝවා රජා ලෙසින්ද ප්රකටය. එලෙසම ජාත්‍යන්තර තලයේ පුලූල් ලෙස වයාපාර කටයුතු කල එකම ශ්‍රී ලාංකිකයා ඔහු ලෙස හැදින්වීම නිවැරදිය. ඔහු සිංගප්පූරුව, මැලේසියාව, ඕස්ටේ්රලියාව හා ජපානය තුලද තම ව්‍යාපාර කටයුතු සිදු කලා.

Last edited: