අනේ සාදු…

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,839
    916
    113
    මේ දහම් දීපය නස්රිස්ථානයක් වෙයි කියල කාලයක් බයේ දැගලුව. ඒ බයට දේශප්රේ මී කියන යුනිෆෝම් එක දාගත්ත කට්ටියක් එකතුවෙලා ගහපු ප්ලෑන් ඔන්න දැන් වැඩ කරන්න පටන් අරන්.

    අනුරාධපුරෙන් මුස්ලිම් දේවස්ථාන විනාශ කිරීම ආරම්භ කලා. ඊට පස්සෙ දඹුල්ල. තව කූරගල ආ දැන් හෙට අනිද්දට ඔය ලිස්ට් එකට යහංගල කියලා එකකුත් එකතුවෙනවා. දැන් බය හිතෙනම කාරණේ කියන්නේ අපි මැරුනම වල දාන්නවත් මේ ලංකාවේ බිම් කෑල්ලක් තියද කියලා. ඇයි අනේ ඔක්කොම පූජා භූමි නේ.
    ඔයින් ගියා නම් මදෑ ඉවසන්න බැරිම තැන තම්බින්ට ඉඩං කෑල්ලක් විකුණන්නවත් උන්ගෙ කඩ සාප්පුවක් දිහා බලන්නවත් එපා කිව්වා. ඒත් සනුහරේම සිංහල අවුරුද්දට අන් ලිමිටඩ් වෙලා නෝ ලිමිට් යන කොට නෝ ලිමිට් එකට ටොෆියක් කවන්න හැදුවා. හැබෑවටම වෛරෙක තරම.

    ශුද්ධ කුර්ආනයේ තියන වැකි තමන්ගෙ වාසියට වෙනස් කරලා තම්බි කියන්නේ ත්‍රස්තවාදීන් කිව්වා.

    මුස්ලිම් නොවන්නන් දුටු තැන මරන්න කියලා ශුද්ධ කුර්ආනය කියනවා කිව්වා. තව කොච්චරක්ද.

    ඒත් කුර්ආනය වෙනස් කරන්න ගිය මෙයාලා වෛර වෛරයෙන් නසන්න බැහැ කියන බුද්ධ දේශනාවම වෙනස් කරලා.
    අනිත් එක බෞද්ධ නොවන්නන් මරණයෙන් හරි අවසන් කරන්නත් සූදානම්ලු. අනේ ඇත්තමයි සාරා සංඛ කල්ප ලක්ෂයක් පාරමී පුරලා බුදධත්වය ලබාගෙන බුදුන් දෙසූ දහමට කරන අපරාධය.

    ඒත් ඉතින් අපි කියලා මොනවා කරන්නද? කල කම් කාටත් ඵල දෙනවා. ඒ හින්දා අපට කියන්න තියෙන්නේ “අනේ සාදු” කියලා විතරයි.

    එහෙනං ඉතිං අනේ සාදු…