අනේ_පව්_මෛත්‍රී

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
අනේ_පව්_මෛත්‍රී

2010 දී ෆොන්සේකා අහුවුණා: 2015 දී මෛත්‍රී අහුවෙලා
මට මෛත්‍රී ගැන කියන්න තියෙන්නේ ‘අනේ පව්’ කියලයි

ආයුර්වේද වෛද්‍යවරුන්ගේ හමුවේ දී ජනාධිපති කියයි




Mahinda_Rajapaksa.jpg



ජනාධිපතිවරණයට අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වෙමින් පසුගිය 2010 වසරේ දී සරත් ෆොන්සේකා මහතා අසුවූ බවත් එළඹෙන ජනවාරි මාසයේ දී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු වෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවර අසුවී ඇති බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. තමා සමඟ එළඹෙන ජනාධිපතිවරණය සඳහා තරග කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම මහලේකම්වරයා බව පෙන්වා දෙන ඒ මහතා මෙය එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා ආණ්ඩු පක්ෂයට පැමිණ එම මැතිවරණය වෙනුවෙන් තරග කරන්නාක් මෙන් බව ද අනේ පව් යනුවෙන් තමා ප්‍රකාශ කරන බව ද සඳහන් කරයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේ දී ඊයේ (21) පැවැති ආයුර්වේද වෛද්‍යවරුන්ගේ හමුවේ දී ය. එහිදී වැඩිදුරටත් අදහස් පළකරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ අද එක්සත් ජාතික පක්ෂයට මෛත්‍රීපාල සිරිසේන මහතා එකතු වී සිටින අතර රනිල් වික්‍රමසිංහ මහතාට දැන් නිවෙසේත් මෛත්‍රී කෙනෙක් සිටින බවත් එයින් පිටත ද මෛත්‍රී කෙනකු සිටින බවත්ය.
ඒ කුමක් වුවද රටට, ජනසමාජයට සහ සංස්කෘතියට ගැලපෙන ලෙස රටේ ආර්ථිකය සමෘද්ධිමත් කරන්නට බණ්ඩාරනායක ශ්‍රීමතාණන් නිර්මාණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතැම් අවස්ථාවන්හි දී පස්සට ගියද එය ඉදිරියට රැගෙන යාමට පියවර ගන්නා බව ද රාජ්‍ය සම්පත් විකුණමින්, සංස්කෘතිය විනාශ කරමින් මේ රටේ රාජ්‍ය සේවය විනාශ කිරීමට වගකිව යුතු දේශපාලන පක්ෂ නායකයන් අද මේ රටේ ජනතාව ඉදිරියේ කිඹුල් කඳුළු සළන බව ද පෙන්වා දුන්නේය.
තමා 2005 වසරේ බලයට පැමිණ 2009 වර්ෂය වනවිට රට එක්සත් කිරීමට හැකිවූ බව සිහිපත් කළ මහින්ද රාජපක්ෂ මහතා පැවැති මානුෂීය මෙහෙයුම ද්‍රවිඩ ජාතිකයන්ට එරෙහිව ක්‍රියාත්මක කළ එකක් නොව ත්‍රස්තවාදයට එරෙහිව සිදුකරන ලද මෙහෙයුමක් බව සඳහන් කළේය. යුද්ධයේ ප්‍රතිඵල මේ රටේ ජනතාව දන්නා බව කී ඒ මහතා යුද්ධය අවසන් කිරීමත් සමඟ නිදහසේ ජීවත් වන්නට අයිතිය ලැබී තිබෙන බව ද ඒ සමඟ රට සංවර්ධනයට පියවර ගෙන තිබෙන බව ද පැවැසීය.
මේ රටේ අනාගත දරු පරපුර වෙනුවෙන් රට ගොඩනඟන්නට වත්මන් රජය කැපවී සිටින බව සඳහන් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආපස්සට නොව ඉදිරියට යායුතු ගමනක් බව ද ඒ වෙනුවෙන් අවශ්‍ය වැඩපිළිවෙළ නිර්මාණය කර තිබෙන බව ද ප්‍රකාශ කළේය.
මේ අතර ඒ මහතා පැවසූවේ නිදහස ලැබූ දිනයේ සිට විදේශ බලවේග රටතුළ හොල්මන් කරන බවත් රණවිරුවන් සහ අනෙකුත් කණ්ඩායම් මානව හිමිකම් හමුවට ඉදිරිපත් කළ අය අද රට ගැන කිඹුල් කඳුළු සලන බවත්ය. අද විපක්ෂය විසින් විධායක ජනාධිපති බලතල ඉවත් කරන බවට ප්‍රකාශ කළ බව පෙන්වාදුන් ඒ මහතා තමා එය ඉවත් කිරීම වෙනුවෙන් කමිටුවක් පත්කළේ මීට වසර දෙකකට පෙරදී බව ද එය සිදුකළ හැක්කේ පාර්ලිමේන්තුවට බව ද පෙන්වා දුන්නේය. අද ඇතැමුන් භයානක ලෝකයක් මවන්නට උත්සාහ කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා රටේ ජනතාව එවැන්නකට නොරැවටෙන බව ද සඳහන් කළේය.
දේශීය වෛද්‍ය ඇමැති සාලින්ද දිසානායක, නියෝජ්‍ය ඇමැති පණ්ඩු බණ්ඩාරනායක, ‍බස්නාහිර පළාත් ඇමැති උපාලි කොඩිකාර මහත්වරු සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් පර්ල් වීරසිංහ මහත්මිය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පව් ද පින්ද කියල දැන්ම කියන්ඩ බැ යන අත හොද නැ :rolleyes:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    වෛරී දේශපාලනයක් නැති,බය නැති මහින්ද රතන හාමුදුරුවන්ට කරපු දේ....:lol:




    මහින්ද කියන්නේ කිසිම කෙලෙහිගුණයක් දන්නේ නැති නායකයෙක්..දැක්කනේ ජෙනරල් සරත් ෆොන්සේකාගෙන් යුද්දේ ඉවරකරගන්න උදව් අරන් ඒ මනුස්සයව බලු කූඩුවට දාපු හැටි.ඒ මනුස්සයට මානසිකව වද දුන්න හැටි.ඒ මනුස්සයාගේ ළමයින්ට දුන්න වද.දැන් ඔය මිනීමරුවෝ කිය කිය මහින්දගේ උන් කියන JVP උන්ගේ කර උඩින් තමා ඔතනට මහින්ද ආවේ..ඒ කාලේ JVP එකේ උන් හරි හොදයි,උන්ගෙන් උදව් අරන් ගොඩ ගියාට පස්සේ දැන් තමා මිනීමරුවෝ වෙලා තියෙන්නේ.:lol::lol:..චන්ද්‍රිකාගෙනුත් ඒ කාලේ සෑහෙන්න උදව් අරන් තියෙනවා..ඊට පස්සේ චන්ද්‍රිකාට එලෝ එලෝ ගැහුවා.මීඩියා වලින් ඒ ගෑනිව නැත්තටම නැති කරා.හරියට ඒ ගෑණි ප්‍රබාකරන් එක්ක බුදියගත්තා වගේ.මේ කිව්වේ ටිකක් විතරයි..එක පැත්තේ අයටත් එහෙම කරනවානම් අනික් මිනිස්සු ගැන මොන කතාද.:dull:
     

    Similar threads