අනේ_පව්_මෛත්‍රී
2010 දී ෆොන්සේකා අහුවුණා: 2015 දී මෛත්‍රී අහුවෙලා
මට මෛත්‍රී ගැන කියන්න තියෙන්නේ ‘අනේ පව්’ කියලයි
ආයුර්වේද වෛද්‍යවරුන්ගේ හමුවේ දී ජනාධිපති කියයි
ජනාධිපතිවරණයට අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වෙමින් පසුගිය 2010 වසරේ දී සරත් ෆොන්සේකා මහතා අසුවූ බවත් එළඹෙන ජනවාරි මාසයේ දී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු වෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවර අසුවී ඇති බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. තමා සමඟ එළඹෙන ජනාධිපතිවරණය සඳහා තරග කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම මහලේකම්වරයා බව පෙන්වා දෙන ඒ මහතා මෙය එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා ආණ්ඩු පක්ෂයට පැමිණ එම මැතිවරණය වෙනුවෙන් තරග කරන්නාක් මෙන් බව ද අනේ පව් යනුවෙන් තමා ප්‍රකාශ කරන බව ද සඳහන් කරයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේ දී ඊයේ (21) පැවැති ආයුර්වේද වෛද්‍යවරුන්ගේ හමුවේ දී ය. එහිදී වැඩිදුරටත් අදහස් පළකරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ අද එක්සත් ජාතික පක්ෂයට මෛත්‍රීපාල සිරිසේන මහතා එකතු වී සිටින අතර රනිල් වික්‍රමසිංහ මහතාට දැන් නිවෙසේත් මෛත්‍රී කෙනෙක් සිටින බවත් එයින් පිටත ද මෛත්‍රී කෙනකු සිටින බවත්ය.
ඒ කුමක් වුවද රටට, ජනසමාජයට සහ සංස්කෘතියට ගැලපෙන ලෙස රටේ ආර්ථිකය සමෘද්ධිමත් කරන්නට බණ්ඩාරනායක ශ්‍රීමතාණන් නිර්මාණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතැම් අවස්ථාවන්හි දී පස්සට ගියද එය ඉදිරියට රැගෙන යාමට පියවර ගන්නා බව ද රාජ්‍ය සම්පත් විකුණමින්, සංස්කෘතිය විනාශ කරමින් මේ රටේ රාජ්‍ය සේවය විනාශ කිරීමට වගකිව යුතු දේශපාලන පක්ෂ නායකයන් අද මේ රටේ ජනතාව ඉදිරියේ කිඹුල් කඳුළු සළන බව ද පෙන්වා දුන්නේය.
තමා 2005 වසරේ බලයට පැමිණ 2009 වර්ෂය වනවිට රට එක්සත් කිරීමට හැකිවූ බව සිහිපත් කළ මහින්ද රාජපක්ෂ මහතා පැවැති මානුෂීය මෙහෙයුම ද්‍රවිඩ ජාතිකයන්ට එරෙහිව ක්‍රියාත්මක කළ එකක් නොව ත්රස්තවාදයට එරෙහිව සිදුකරන ලද මෙහෙයුමක් බව සඳහන් කළේය. යුද්ධයේ ප්‍රතිඵල මේ රටේ ජනතාව දන්නා බව කී ඒ මහතා යුද්ධය අවසන් කිරීමත් සමඟ නිදහසේ ජීවත් වන්නට අයිතිය ලැබී තිබෙන බව ද ඒ සමඟ රට සංවර්ධනයට පියවර ගෙන තිබෙන බව ද පැවැසීය.
මේ රටේ අනාගත දරු පරපුර වෙනුවෙන් රට ගොඩනඟන්නට වත්මන් රජය කැපවී සිටින බව සඳහන් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආපස්සට නොව ඉදිරියට යායුතු ගමනක් බව ද ඒ වෙනුවෙන් අවශ්‍ය වැඩපිළිවෙළ නිර්මාණය කර තිබෙන බව ද ප්‍රකාශ කළේය.
මේ අතර ඒ මහතා පැවසූවේ නිදහස ලැබූ දිනයේ සිට විදේශ බලවේග රටතුළ හොල්මන් කරන බවත් රණවිරුවන් සහ අනෙකුත් කණ්ඩායම් මානව හිමිකම් හමුවට ඉදිරිපත් කළ අය අද රට ගැන කිඹුල් කඳුළු සලන බවත්ය. අද විපක්ෂය විසින් විධායක ජනාධිපති බලතල ඉවත් කරන බවට ප්‍රකාශ කළ බව පෙන්වාදුන් ඒ මහතා තමා එය ඉවත් කිරීම වෙනුවෙන් කමිටුවක් පත්කළේ මීට වසර දෙකකට පෙරදී බව ද එය සිදුකළ හැක්කේ පාර්ලිමේන්තුවට බව ද පෙන්වා දුන්නේය. අද ඇතැමුන් භයානක ලෝකයක් මවන්නට උත්සාහ කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා රටේ ජනතාව එවැන්නකට නොරැවටෙන බව ද සඳහන් කළේය.
දේශීය වෛද්‍ය ඇමැති සාලින්ද දිසානායක, නියෝජ්‍ය ඇමැති පණ්ඩු බණ්ඩාරනායක, බස්නාහිර පළාත් ඇමැති උපාලි කොඩිකාර මහත්වරු සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් පර්ල් වීරසිංහ මහත්මිය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.