අවිස්සාවේල්ල කෑගල්ල පාරේ තැනකදි පිටිපස්සෙන් ආපු බයික් එකේ එකා කින්ඩියට වගේ මගේ බයික් එකට කපලා ගියා. ඒ කාලේ ගැට්ට කහන කාලේ නිසා පොරව පන්නන් ගිහින් අල්ලලා එලෝ මෙලෝ නැතිව ස්පීඩ් එකෙන් යද්දි පොලීසියෙන් අත දැම්මා . නවත්තන්නෙ නැතිව ඉස්සරහට යද්දි මීටර් 500කින් විතර පොලීසියෙන්ම තුන්දෙනෙක් විතර පාර මැදට පැන්නා. නවත්තනවා වගේ ස්ලෝ කරලා ආයේ ඇද්දා, එකෙක් මට ටෝච් එහෙකින් කෙලියා, අතට වැදුනේ. එහෙම්ම අතුරු පාරකින් දාලා කඩාගෙන ගියා.