අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
01. බීජ නියාමය
ශාක හා සත්ත්වයන්ගේ පැවැත්ම බීජ නියාමයෙන් සිදුවේ. බ්‍රහ්මජාල සූත්‍රයේ බීජගාම, භූත ගාම ලෙස ශාක හා සත්ත්ව පැවැත්ම හඳුන්වා ඇත.
බීජගාම යනු ශාක බීජයන් ය. බීජයට අනුරූපව අංකුර, පත්‍ර, ඵල වැඩීමේ ශක්‍යතාව ආදිය බීජ නියාමයයි. පොල් ගෙඩියෙන් පොල් ගසක්ම නිර්මාණය වීමත්, ඒ පොල්ගසෙන් නැවත පොඩි ගෙඩියක්ම නිර්මාණයවීමත් බීජ නියාමයයි. තම වර්ගයාගේ පැවැත්ම, මුල් බීජයට සමාන බීජ නිර්මාණය වීම, තම වර්ගයේ ඵලයක් මිස වෙනත් ඵලයක් නූපදවීම (පොල් ගෙඩිය දෙල් ගසක් නිර්මාණය නොකරයි.) බීජ නියාමයේ ධර්මතා වේ. පොළොවේ පැල කළ බීජයේ වැඩීමට පෘථිවි රසයත්, ස්නේහයත් (පඨවිරසඤ්ච ආගම්ම - සිනෙහඤ්ච තද්‍රභයං) යන කරුණු දෙක අවශ්‍ය බව (සං.නි) සේලා සූත්‍රයේ කියැවේ. සෑම උද්භිද ශාකයකම ලිංග භේදයක් ඇති බව බුදුහු වාසෙට්ඨ සූත්‍රයේ දී වදාළහ. පැලවීමට ඇති ඉඩකඩ අනුව මූල බීජ, ඛන්ධ බීජ, ඵල බීජ, අග්ග බීජ හා බීජ බීජ යනුවෙන් බීජ වර්ග පහක් (උද්භිද ජාති පහක්) බ්‍රහ්මජාල සූත්‍රයේ විග්‍රහ කෙරේ. අං.නි. දේවදූත සූත්‍රයේ බීජය නොකැඩීම, කුණු නොවීම, අවුවැසි සුළඟින් විනාශ නොවීම, මනා සාරවත්, සුවසේ තැබූ සැකසූ බිමක තැබූ බීජය මනා වැසි ලැබීමෙන් ප්‍රරෝහණය වන බව දැක්වේ.
සතුන් ආදීන් ඉපදීමට ඉවහල් වන ජීව ශක්තිය ‘භූත ගාම’ නම් වේ. ශරීර හැඩය, රූප කලාප, හුරු පුරුදු ගති, මානසික ලක්‍ෂණ සමානවීම මෙහිදී සිදුවේ. සත්ව බීජය මුහුකුරා ගොස් සත්ත්වයකු බිහි කිරීමට ද වායුව, ජලය, උෂ්ණය යනාදී බාහිර සාධක අවශ්‍යම වේ. නිසා සාධක ඇතිවිට අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික යන ක්‍රමවලින් සත්ව උප්පත්තිය සිදුවේ. ගව දෙනකට ගව පියකුට දාව ගව පැටවුන් මිස එළු පැටවුන් නොලැබීම බීජ නියාමයයි. ඒ ඒ සත්වයන් අතර පවත්නා අසමතාවයත් සමතාවයන් පවත්වාගනුයේ ද බීජ නියාමයෙනි.
2. උතු නියාමය
වෛදික ජනයා පර්ජන්‍ය, මරුත් අග්නි ආදී දෙවියන් ලෙස සැලකූ තත්ත්වයන් උතු නියාමය නිසා සිදුවන බව බුද්ධිමත්ව විමසා බැලූ විට පැහැදිලි වේ. සෘතූන්ගේ විකාශනය වීම පිළිබඳව අග්ගඤ්ඤ සූත්‍රයේ මුල සිට කරුණු දැක්වේ. මතු සිදුවන සෘතු විපර්යාස පිළිබඳව සප්ත සුරියුග්ගමන සූත්‍රයේ දැක්වේ. සෘතූන්ගේ පැවැත්මට මුල්වනුයේ නොපෙනෙන අදෘශ්‍යමාන බලවේගයක් නොව හිරු හා සඳු බව මිලින්දපඤ්හයේ කියැවේ. වස්සාන, හේමන්ත, ගිම්හාන යන ප්‍රධාන සෘතු හා අනු සෘතු පැවතීම, වර්ෂාව, සුළඟ, අවුව, දිවා රෑ පැවැත්ම උතුනියාමයෙන් සිදුවන ;ද් ය. පෘථිවියේ ජීව අජීව වස්තූන්ගේ නිර්මාණයට සෘතු නියාමය නිරන්තයෙන් බලපායි. රූප උපදවන හේතු සතරින් එකක් ලෙස අභිධර්මයේ ‘සෘතුජ’ හේතුව දැක්වේ. රූපයේ ලහුබව, මෘදු බව හා කර්මණ්‍ය බවද වර්ෂාව, බීජ ප්‍රරෝහණය, පෘථිවියේ ගන්ධය, කඳු, ශිඛර පර්වත, පැළෑටි නිල්වන් වීම, සමුද්‍රය ජලයෙන් පිරී තිබීම උතු නියාමයේ ක්‍රියාකාරීත්වයෙන් සිදුවේ. උතුපරිණාමයෙන් ඇතිවන ආබාධ ද ඇති බව ගිරිමානන්ද සූත්‍රයේ කියැවේ. (උතු පරිණාමජා ආබාධ)
3. කම්ම නියාමය
සත්ත්වයාගේ හොඳ නරක හැසිරීම් අනුව ක්‍රියාත්මක වන නිෂ්පුද්ගල ධර්මතාවක් වන ‘සෘතය’ පිළිබඳ අදහස් වෛදික සාහිත්‍යයේ ඇත. ඊට වඩා වෙනස් වූ මනෝවිද්‍යාත්මක හා සදාචාරාත්මක ඉගැන්වීමක් ලෙස බෞද්ධ කම්ම නියාමය විග්‍රහ වේ. චේතනාව මූලිකව සිත, කය, වචන තිදොරින් සිදුවන කර්ම ශක්තීන් ජීව අජීව සියල්ල කෙරෙහිම බලපෑම් ඇති කරයි. සත්ත්ව උපතට බලපාන ප්‍රධාන කරුණු ලෙස ද කර්ම නියාමය දැක්වේ. බීජ නියාම, උතු නියාම සම්පූර්ණ වූත් කර්මානුරූපව පැමිණි ගන්ධබ්බයකු නැතිනම් කලලය විනාශය වී යන බව මහා තණ්හා සංඛය සූත්‍ර විග්‍රහයේ දැක්වේ. කර්මය පුනර්භවයට හේතු වේ. කර්ම නියාමයේ පැවැත්ම සිතට පමණක් ගෝචර වේ. සත්වයන් අතර විවිධත්වයක් ඇති කරනුයේ කර්මයෙනි. එකම මවුකුස එකට උපදින නිවුන් දරුවන්ගේ පවත්නා විවිධත්වයට ද හේතුව කර්මයයි. උස් මහත් ලොකු පොඩි භේද සමාජයේ පවතිනුයේ කර්මය හේතුවෙනි. රහතන් වහන්සේ කර්මක්‍ෂය කොට සසර ගමන නවතන සේක. ඇතැම් ආබාධ පූර්ව කර්මයෙන් ඇතිවේ. (කම්ම විපාකජා ආබාධා)
4. ධම්ම නියාමය
සොබා දහමේ සිද්ධි හා නිපැයුම් ආකස්මිකව සිදු නොවේ. ඊට මුල්වන කාරණා සමූහයකි. මෙසේ සොබාදහම කාරණා හා ඵල සමූහයක් ලෙස පැවතීම ධම්ම නියාමය යටතේ විවරණය කෙරේ. එය පටිච්ච සමුප්පාද නම් වෙයි. ‘පටිච්ච’ යනු ‘යමක් මත රඳා පැවතීම’ යි. හේතු නිසා සියල්ල හටගනී. එම හේතූන් නැතිව යාමෙන් සියල්ල නැති වෙයි. භුමිකම්පාවට හේතු අටක් දැක් වූ බව මහා පරිනිබ්බාණ සූත්‍රයේ කියැවේ. සමාජ අර්බුද, දූෂණ ආදියට ද හේතු ඵල දහමේ බලපෑම ඇති අයුරු චක්කවත්ති සීහනාද, අග්ගඤ්ඤ, කුටදත්ත යන සූත්‍රවල විවරණය වේ. වේදනාව නිසා තණ්හාව ඇතිවී අවසන දඬුවම් ඇතිවීම දක්වා මහා නිධාන සූත්‍රයේ හේතුඵල විවරණය වේ.

ද්වාදසාංග පටිච්චසමුප්දායේත් සුවිසි ප්‍රත්‍ය විවරණයේත් මේ ධම්ම නියාමය මැනවින් විග්‍රහ කර ඇත. අනිත්‍ය, දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්‍ෂණ යද ධම්ම නියාමට අයත් වේ.
ලොවුතුරු බුදුවරයකු පහළ වන ප්‍රදේශය, පස්මහ බැලුම් බැලීම බුදුවීම, පිරිනිවණ ආදී අවස්ථාවල භූමිකම්පාවීම ආදී සියල්ල ද ධම්ම නියාම යටතේ විවරණය වේ.
5. චිත්ත නියාමය
මිනිසා හා සතුන් තුළ බල පවත්වන අධ්‍යාත්මික නියාමයක් ලෙස චිත්ත නියාමය දැක්වේ. අරමුණු සිතන්නේ සිත බව අභිධර්ම විග්‍රහයේ කියැවේ. (ආරම්මණං චිත්තෙති චිත්තං) වහ වහා සැලෙන, වේගයෙන් වෙනස්වන සිත පිළිබඳ උපමාවක් පවා පැවසීම දුෂ්කර බව බුද්ධදේශනාවේ එයි. ඉතා දුරගමන් කිරීමේ හැකියාව ඇති සිත පිළිබඳ බොහෝ කරුණු ධම්ම පදයේ චිත්ත වග්ගයේ දැක්වේ. සිත අනුව සත්ත්වයන්ගේ ජීවිත පරිවර්තනය වේ. (චිත්තානු පරිවත්තිනො ධම්මා) යහපත් සිත සැප ගෙන දේ. අයහපත් සිත තම සතුරාටත් වඩා විපත් ගෙනදෙයි. සමාජ, පුද්ගල පරිහානිය මෙන්ම දියුණුව ද චිත්ත නියාමය අනුව සිදුවන්නකි.සත්ව උපතට ද චිත්තයක පැවැත්ම අවශ්‍ය වේ. සිතේ ක්‍රියාකාරීත්වය අනුව අපගේ භෞතික ශරීරය පවතී. තරහ සිතක් ඇති වූ විට අපේ ශරීරය ද විපර්යාසයට පත් වේ. (මනොපුබ්බංගමා ධම්මා) සිතුවිලි වල ඇතිවන වෙනස්කම් ජීව අජීව පරිසරයේ පැවැත්මට සෘජුවම බලපානු ලැබේ. එනිසා ලෝකය සිතින් පැවැත්වෙන බවත්, සිතින් පරිකර්ෂණය වන බවත් බුදුහු දෙසූහ. (චිතෙන නීයතී ලොකෝ චිත්තේන පරිකස්සතී.)

උපුටා ගැනීම බුදුසරණ සඟරාවෙන්..

TFS machan :) :)
 
Last edited:
Jul 10, 2011
5,011
473
0
මම පිළිතුරු දුන්නට කමක් නැහැ නේද..

මම හිතන්නේ ඔයා මේ කමෙන්ට් එක දාල තිබෙන්නේ බුදු දහමට අනුව ශාක නැසිම ප්‍රාණඝාතයට අයිතියි කියන අදහසින් විය යුතුයි කියල හිතල තමයි මම මේ පිළිතුර දෙන්නේ.

බුදු දහමට අනුව ශාක වැටෙන්නේ අවිඥානික ජීවි කොටසට. මම මේ ත්‍රෙඩ් එකේම ඒක කලින් පැහැදිලි කරල තිබෙනවා. සත්වයෙකු වන්නට අවශ්‍ය රූප, වේදනා, සංඥා, සංඛාර, විඥ්ඥාන කියන පහෙන් ශාක වලට තිබෙන්නේ රූප වේදනා සංඥා පමණයි.

පිලිතුරට ස්තුතිය්..මෙතන ඕන කෙනෙක්ට ඕනම ප්‍රශ්නයකට උත්තර දෙන්න පුලුවන්.. ඒකට කිසිම බාදාවක් නැ..
නමුත් යාලුවා මම අහපු ප්‍රශ්නය '' ශාකය'' මේ ''පරිසරයේ'' කොටසක් නෙමෙයිද? මන්ද ලක්නාත් සදහන් කරේ සත්වයා පරිසරයේ කොටසක් බවටය්..:):)
 
B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    බොරලුගොඩ මහතා;14119060 said:

    පිලිතුරට ස්තුතිය්..මෙතන ඕන කෙනෙක්ට ඕනම ප්‍රශ්නයකට උත්තර දෙන්න පුලුවන්.. ඒකට කිසිම බාදාවක් නැ..
    නමුත් යාලුවා මම අහපු ප්‍රශ්නය '' ශාකය'' මේ ''පරිසරයේ'' කොටසක් නෙමෙයිද? මන්ද ලක්නාත් සදහන් කරේ සත්වයා පරිසරයේ කොටසක් බවටය්..:):)
    ලක්නාත් එතන කියන්නේ කිසිම ආගමක් අදහන්නේ නැති පුද්ගහලයෙක් ගැන. එතකොට එතැනදී ඔහු සලකන්නේ ගස ජීවි විදිහට අජීවී විදිහටද කියලා නම් මම දන්නේ නැහැ:no:.
    මම හිතන්නේ ඔහු එතන අදහස් කරන්නේ ගස් එහෙම් පිටින්ම කන පුද්ගලයෙක් ගැන නොවෙන්න ඇති. පලතුරු කොළවර්ග කමින් ශාකවලට හානියක් නොවන විදිහට ජිවත් වන ශාක භක්ෂක පුද්ගලයෙක් ගැන වෙන්න ඇති.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    TFS machan :) :)
    11.gif
     
    Biologics

    Member
    Dec 8, 2012
    130
    15
    0
    01. බීජ නියාමය
    ශාක හා සත්ත්වයන්ගේ පැවැත්ම බීජ නියාමයෙන් සිදුවේ. බ්‍රහ්මජාල සූත්‍රයේ බීජගාම, භූත ගාම ලෙස ශාක හා සත්ත්ව පැවැත්ම හඳුන්වා ඇත.
    බීජගාම යනු ශාක බීජයන් ය. බීජයට අනුරූපව අංකුර, පත්‍ර, ඵල වැඩීමේ ශක්‍යතාව ආදිය බීජ නියාමයයි. පොල් ගෙඩියෙන් පොල් ගසක්ම නිර්මාණය වීමත්, ඒ පොල්ගසෙන් නැවත පොඩි ගෙඩියක්ම නිර්මාණයවීමත් බීජ නියාමයයි. තම වර්ගයාගේ පැවැත්ම, මුල් බීජයට සමාන බීජ නිර්මාණය වීම, තම වර්ගයේ ඵලයක් මිස වෙනත් ඵලයක් නූපදවීම (පොල් ගෙඩිය දෙල් ගසක් නිර්මාණය නොකරයි.) බීජ නියාමයේ ධර්මතා වේ. පොළොවේ පැල කළ බීජයේ වැඩීමට පෘථිවි රසයත්, ස්නේහයත් (පඨවිරසඤ්ච ආගම්ම - සිනෙහඤ්ච තද්‍රභයං) යන කරුණු දෙක අවශ්‍ය බව (සං.නි) සේලා සූත්‍රයේ කියැවේ. සෑම උද්භිද ශාකයකම ලිංග භේදයක් ඇති බව බුදුහු වාසෙට්ඨ සූත්‍රයේ දී වදාළහ. පැලවීමට ඇති ඉඩකඩ අනුව මූල බීජ, ඛන්ධ බීජ, ඵල බීජ, අග්ග බීජ හා බීජ බීජ යනුවෙන් බීජ වර්ග පහක් (උද්භිද ජාති පහක්) බ්‍රහ්මජාල සූත්‍රයේ විග්‍රහ කෙරේ. අං.නි. දේවදූත සූත්‍රයේ බීජය නොකැඩීම, කුණු නොවීම, අවුවැසි සුළඟින් විනාශ නොවීම, මනා සාරවත්, සුවසේ තැබූ සැකසූ බිමක තැබූ බීජය මනා වැසි ලැබීමෙන් ප්‍රරෝහණය වන බව දැක්වේ.
    සතුන් ආදීන් ඉපදීමට ඉවහල් වන ජීව ශක්තිය ‘භූත ගාම’ නම් වේ. ශරීර හැඩය, රූප කලාප, හුරු පුරුදු ගති, මානසික ලක්‍ෂණ සමානවීම මෙහිදී සිදුවේ. සත්ව බීජය මුහුකුරා ගොස් සත්ත්වයකු බිහි කිරීමට ද වායුව, ජලය, උෂ්ණය යනාදී බාහිර සාධක අවශ්‍යම වේ. නිසා සාධක ඇතිවිට අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික යන ක්‍රමවලින් සත්ව උප්පත්තිය සිදුවේ. ගව දෙනකට ගව පියකුට දාව ගව පැටවුන් මිස එළු පැටවුන් නොලැබීම බීජ නියාමයයි. ඒ ඒ සත්වයන් අතර පවත්නා අසමතාවයත් සමතාවයන් පවත්වාගනුයේ ද බීජ නියාමයෙනි..

    මෙතන බිජ නියමය කියන්නේ මොකක්ද කියල පැහැදිලි කරලා නැනේ :eek:, මෙතන තියෙන අඹ ගසෙන් දෙල් හට නොගනී, ගව දෙනකට එළු පැටවූ නොලැබෙයි වගේ දේවල්. ඒවා සාමාන්යෙන් ඔක්කොම දන්නා, පිළිගත් දේවල්නේ.

    උදාහරණයක් හැටියට නිව්ටන්ගේ 3 වැනි නියම පැහැදිලි කරන්න කිව්වම. නිව්ටන්ගේ 3 වන නියමය නිසා තමා බෝලයක බිමට ගැහුවම උඩට bump වෙන්නේ, rocket එකක් උඩට යන්නේ වගේ දේවල් කිව්වොත් හරිද :confused:

    අනිත් එක වෙන තැනකින් answers paste කරනකොට තමන්ගේ මතයත් එක්ක දැම්මොත් තමා සුදුසු..:yes: මොකද මෙතන ගොඩක් සිංහල නොවන වචන තියෙනවා..ඒවා කියවන අයට තේරෙන්නේ නැනේ :nerd:
     
    Last edited:
    Jul 10, 2011
    5,011
    473
    0
    ලක්නාත් එතන කියන්නේ කිසිම ආගමක් අදහන්නේ නැති පුද්ගහලයෙක් ගැන. එතකොට එතැනදී ඔහු සලකන්නේ ගස ජීවි විදිහට අජීවී විදිහටද කියලා නම් මම දන්නේ නැහැ:no:.
    මම හිතන්නේ ඔහු එතන අදහස් කරන්නේ ගස් එහෙම් පිටින්ම කන පුද්ගලයෙක් ගැන නොවෙන්න ඇති. පලතුරු කොළවර්ග කමින් ශාකවලට හානියක් නොවන විදිහට ජිවත් වන ශාක භක්ෂක පුද්ගලයෙක් ගැන වෙන්න ඇති.

    1.මෙයා හිතනවා මම වගේම අනිත් සතුනුත් පරිසරයේ කොටසක්නේ..උන්ටත් ජීවත් වෙන්න අයිතියට ගරු කරන්න ඔනේ..ඒ හන්දා එයා සියලු සත්වයින් ඝාතනය පිටු දකිනවා. සම්පූර්ණයෙන්ම ශාක භක්ෂක වෙනවා. ඒක හරිද වැරදිද..?

    මේකය් ලක්නාත්ගේ ප්‍රශ්නය..ඔයාගේ උත්තරයත් එක්ක බලන කොට..( සමහර වෙලාවට මගේ සිංහල භාශාවේ වැරදි සිද්ධ වෙන්න පුලුවන්..ඒවා ගනණ් ගන්න එපා හොදේ)...

    අපි කනේක කියන මතේම ඉන්නේ නැතුව අපි වෙනත් විදිහට බලමු..අපි කෙසෙල් ගැඩියක් කන්න ඒ ගසම කපන්න වෙනවා..ගො‍ටුකොල කන්න ශාක ගහමය් කඩලා ගන්නේ...ගෙයක් හදනකොට ලී ගන්න ගහක්ම කපන්න් වෙනවා..අනිත් එක කොල සහ පළතුරු කෑවොත් ඒක ගහට හානියක් වෙන්නේ නැ කියලා අපි කොහමද නිගමනයකට එන්නේ?? මොකද පලතුරු ඇට මාර්ගයන් තමය් ගස් උත්පාදනය වෙන්නේ..;);)

    Last edited:

    Biologics

    Member
    Dec 8, 2012
    130
    15
    0
    බොරලුගොඩ මහතා;14119170 said:

    මචන්, හරි ගස් වලට පන නැහැ කියල හිතුවත් (එක නවීන විද්‍යාවට පටහැනි) .මේ විස්තර අනුව මෙහෙම හිතන කෙනෙක් අද තියෙන ආගම් වලින් වැඩියෙන්ම ලං වෙන්නේ jainism වලට. මොකද buddistlata වැඩිය ඒගොල්ලෝ මේවා practically පිළිපදිනවා..:yes:
     
    මම මුහුණු පොතේ දවසක් ආටිකල් එකක් දැක්කා මේ විදිහට..

    Be Non vegetarian and save the world - be green කියලා..

    ඒකට හේතු සදහන් කරලා තිබුනේ කොහමද කියලා දන්නවද.. ලෝක්ට ඔක්සිජන් (oxygen) හම්බවෙන්නේ ශාක වලින් නිසා ශාක බේරගනිමු ශාක කනේක නවත්තමු කියලා..
    :D:D
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බොරලුගොඩ මහතා;14119230 said:
    ලෝක්ට ඔක්සිජන් (oxygen) හම්බවෙන්නේ ශාක වලින් නිසා ශාක බේරගනිමු ශාක කනේක නවත්තමු කියලා.. :D:D
    ශාක බේරගනිමු කිව්වම ඔක්කොම නෙවෙයි අර පල් හොරෙන් කපාගෙන යන ගස් ගැනයි ඒ කියලා තියෙන්නේ අපි කන ශාක වර්ග උසින් අඩු /පොලවට සමතලා වෙච්චා..:yes: උඹට මුලේ නා :yes:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මෙතන බිජ නියමය කියන්නේ මොකක්ද කියල පැහැදිලි කරලා නැනේ :eek:, මෙතන තියෙන අඹ ගසෙන් දෙල් හට නොගනී, ගව දෙනකට එළු පැටවූ නොලැබෙයි වගේ දේවල්. ඒවා සාමාන්යෙන් ඔක්කොම දන්නා, පිළිගත් දේවල්නේ.

    උදාහරණයක් හැටියට නිව්ටන්ගේ 3 වැනි නියම පැහැදිලි කරන්න කිව්වම. නිව්ටන්ගේ 3 වන නියමය නිසා තමා බෝලයක බිමට ගැහුවම උඩට bump වෙන්නේ, rocket එකක් උඩට යන්නේ වගේ දේවල් කිව්වොත් හරිද :confused:

    අනිත් එක වෙන තැනකින් answers paste කරනකොට තමන්ගේ මතයත් එක්ක දැම්මොත් තමා සුදුසු..:yes: මොකද මෙතන ගොඩක් සිංහල නොවන වචන තියෙනවා..ඒවා කියවන අයට තේරෙන්නේ නැනේ :nerd:
    අඹ ගසෙන් දෙල් හට නොගනී වගේ උදාහරණ දාල තියෙන්නේ බිජ නියාමය පැහැදිලි වීමට.
    ඔන්න එහෙනම් බොහොම සරලව එක වාක්‍යයකින් කියන්නම්.
    ශාක හා සතුන්ගේ ප්‍රවේනික ලක්ෂණ ඇති වන්නේ බිජ නියාමයට අනුවයි.
    හැබැයි සියල්ල සිදුවන්නේ කර්ම නියාමයට අනුව නොවෙයි කියන එක බිජ නියාමයටත් ගලපා ගත යුතුයි.
    සියල්ල සිදුවන්නේ බිජ නියාමයටත් නෙමෙයි.
    සත්වයෙක්ගේ ප්‍රවේනික රෝගයකට හේතුව කර්මය විය හැකියි.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    බොරලුගොඩ මහතා;14119170 said:
    1.මෙයා හිතනවා මම වගේම අනිත් සතුනුත් පරිසරයේ කොටසක්නේ..උන්ටත් ජීවත් වෙන්න අයිතියට ගරු කරන්න ඔනේ..ඒ හන්දා එයා සියලු සත්වයින් ඝාතනය පිටු දකිනවා. සම්පූර්ණයෙන්ම ශාක භක්ෂක වෙනවා. ඒක හරිද වැරදිද..?

    මේකය් ලක්නාත්ගේ ප්‍රශ්නය..ඔයාගේ උත්තරයත් එක්ක බලන කොට..( සමහර වෙලාවට මගේ සිංහල භාශාවේ වැරදි සිද්ධ වෙන්න පුලුවන්..ඒවා ගනණ් ගන්න එපා හොදේ)...

    අපි කනේක කියන මතේම ඉන්නේ නැතුව අපි වෙනත් විදිහට බලමු..අපි කෙසෙල් ගැඩියක් කන්න ඒ ගසම කපන්න වෙනවා..ගො‍ටුකොල කන්න ශාක ගහමය් කඩලා ගන්නේ...ගෙයක් හදනකොට ලී ගන්න ගහක්ම කපන්න් වෙනවා..අනිත් එක කොල සහ පළතුරු කෑවොත් ඒක ගහට හානියක් වෙන්නේ නැ කියලා අපි කොහමද නිගමනයකට එන්නේ?? මොකද පලතුරු ඇට මාර්ගයන් තමය් ගස් උත්පාදනය වෙන්නේ..;);)

    මචන්, හරි ගස් වලට පන නැහැ කියල හිතුවත් (එක නවීන විද්‍යාවට පටහැනි) .මේ විස්තර අනුව මෙහෙම හිතන කෙනෙක් අද තියෙන ආගම් වලින් වැඩියෙන්ම ලං වෙන්නේ jainism වලට. මොකද buddistlata වැඩිය ඒගොල්ලෝ මේවා practically පිළිපදිනවා..:yes:

    මෙතන අදහස් වෙන්නේ එහෙම අන්තගාමි පුද්ගලයෙක් ගැන නම් ඔහු අනිවාර්යෙන් ජයින ආගම අදහන්නෙක් වෙන්න ඇති( හැබැයි මම ඒ ආගම ගැන දන්නේ නම් නැහැ.)
    මොකද බුදු දහම අන්තවාදය ප්‍රතික්ෂේප කරනවා. මධ්‍යම ප්‍රතිපදාව අගය කරනවා.
     
    Biologics

    Member
    Dec 8, 2012
    130
    15
    0
    Dan lakanth malli mokada kelinma MUSLIM sahodrayingen ma ohoma prashna ahuwe? thread eka patan ganna kota kiwwe hama aagamak gana danaganna oone kiyalane.. Bohoma hodha thread ekak.garu karanwa adhahas walata. eey wagema thama me prashnawalata COPY +PASTE utthara denawta wada kelinma Kuranaya kiyawalaaam theruma ganna puluwannam kaatahari onna watinaw.aMokada mama dakka elakiriye thread wala hugaak aya kuranaye wadan wenas karala post karala thiyenawa.ithin owwa kawruwath hoyala balanne naha. polowen tharu mathu wenawa kiwwath athpudi gahala hinawena moda samajayak ada lankaawe bihiwela.eey nisa boru kaarayantai..niwatayontai..awasthaawadeentaia..boradiye maalu baanauntai meka godaak watian chanse ekaka..eey kiyaanne anun moadya karala fun ekak ganna ekak hari.thamnge maansika asahaanaya duru karaganeemak. ithin lankanth damma me thread eka watinawa.mama quran translate link eka dennam laknath saha oya prashna walata utthara hoyana ayata kuranayenma owwat pilithuru hoyaganna puluwna .direct source . hama aagamak ganama api kiyola danaganna oone. kalae pattharawali ..sites wala padhanamak nathy waradhy thread walai thiyena boru begal wishwaasa karanne nathiwa. :) +rep

    http://quran.com/

    මචන් කුරාණය කෙලින්ම බලල ඉගෙනගන්න පුළුවන් නම් ගොඩක් ප්‍රශ්න නැහැ. නමුත් සමහර අයට legitimate ප්‍රශ්න තියෙනවා, ඒගොල්ලන්ට source එකෙන් කෙලින්ම answer ගන්න අමාරුයි. ඒවගේ අයට පිළිතුරු දෙන එක අපේ වගකීමක් කියලයි මගේ අදහස, එහෙම නැත්තම් පදනමක් නැති බොරු, වැරදි ත්රෙඅඩ් වලින් ලැබෙන උත්තර හරියි කියල ඒගොල්ලෝ හිතයි..මෙතන කවුරුත් ආගම් වලට අපහාස නොවන විදිහට ප්‍රශ්ණ කරන එකේ ඒවාට පිළිතුරු දුන්නට කිසිම වැරද්දක් නැහැනේ..

    ඉස්ලාමයේ ගොඩක් ප්‍රශ්න වලට අපි උත්තර දුන්න..අනිත් ආගමිකයින්ගෙන් අපි අහන ඒවටත් උත්තර ලැබෙයි කියල බලාපොරොත්තු වෙමු..

    ලින්ක් එකට thanks :)
     
    Biologics

    Member
    Dec 8, 2012
    130
    15
    0
    මෙතන අදහස් වෙන්නේ එහෙම අන්තගාමි පුද්ගලයෙක් ගැන නම් ඔහු අනිවාර්යෙන් ජයින ආගම අදහන්නෙක් වෙන්න ඇති( හැබැයි මම ඒ ආගම ගැන දන්නේ නම් නැහැ.)
    මොකද බුදු දහම අන්තවාදය ප්‍රතික්ෂේප කරනවා. මධ්‍යම ප්‍රතිපදාව අගය කරනවා.

    ඇයි අන්තවාදීන් කියල කියන්නේ:shocked:? ඔවුන් අල වගේ දේවල් කන්නේ නැහැ ඒවා උගුල්ලනකොට කුඩා සතුන් මැරෙයි කියල..පළමුවෙනි ශික්ෂාපදය කියන්නෙත් එක නේද? buddism වලට අනුව එහෙමනම් jainස්ලා ඊළඟ ආත්මේ පවු කාරයෝද? :confused::confused:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඇයි අන්තවාදීන් කියල කියන්නේ:shocked:?
    ඔවුන් ජිවිතයේ හැම ක්‍රියාවක් කරන්නෙම ඒ කරන ක්‍රියාවේ සිහියෙන් නෙමෙයි. සතුන් මැරෙනවා කියන චේතනාව මුල් කරගෙන. අල කන්නේ අල කනවා කියල හිතාගෙන නෙමෙයි. සත්තු මරනවා කියල හිතාගෙන. වතුර බොන්නේ වතුර බොනවා කියල හිතාගෙන නෙමෙයි. වතුරේ ඉන්න සත්තු මරනවා කියල හිතාගෙන. හුස්ම ගන්නේ හුස්ම ගන්නවා කියල හිතාගෙන නෙමෙයි. වාතයේ ඉන්න කුඩා සතුන් මරනවා කියල හිතාගෙන. ඇවිදින්නේ ඇවිදිනවා කියලා හිතාගෙන නෙමෙයි. පොලවේ ඉන්න සත්තු මරනවා කියල හිතාගෙන. ඒ නිසයි එය එක් අන්තයක ඇලීමක් ලෙස හඳුන්වන්නේ.
    ඔවුන් අල වගේ දේවල් කන්නේ නැහැ ඒවා උගුල්ලනකොට කුඩා සතුන් මැරෙයි කියල..පළමුවෙනි ශික්ෂාපදය කියන්නෙත් එක නේද? buddism වලට අනුව එහෙමනම් jainස්ලා ඊළඟ ආත්මේ පවු කාරයෝද? :confused::confused:
    නැහැ ඔවුන් පව් කාරයන් කියල බුදු දහමේ කියන්නේ නැහැ. බුදු දහමේ කියන්නේ කර්මයට මුල් වෙන්නේ චේතනාව කියන එක.
     
    Last edited:
    Jul 10, 2011
    5,011
    473
    0
    ශාක බේරගනිමු කිව්වම ඔක්කොම නෙවෙයි අර පල් හොරෙන් කපාගෙන යන ගස් ගැනයි ඒ කියලා තියෙන්නේ අපි කන ශාක වර්ග උසින් අඩු /පොලවට සමතලා වෙච්චා..:yes: උඹට මුලේ නා :yes:

    :lol::lol: :shocked::shocked: :(:( ok
     
    Biologics

    Member
    Dec 8, 2012
    130
    15
    0
    ඔවුන් ජිවිතයේ හැම ක්‍රියාවක් කරන්නෙම ඒ කරන ක්‍රියාවේ සිහියෙන් නෙමෙයි. සතුන් මැරෙනවා කියන චේතනාව මුල් කරගෙන. අල කන්නේ අල කනවා කියල හිතාගෙන නෙමෙයි. සත්තු මරනවා කියල හිතාගෙන. වතුර බොන්නේ වතුර බොනවා කියල හිතාගෙන නෙමෙයි. වතුරේ ඉන්න සත්තු මරනවා කියල හිතාගෙන. හුස්ම ගන්නේ හුස්ම ගන්නවා කියල හිතාගෙන නෙමෙයි. වාතයේ ඉන්න කුඩා සතුන් මරනවා කියල හිතාගෙන. ඇවිදින්නේ ඇවිදිනවා කියලා හිතාගෙන නෙමෙයි. පොලවේ ඉන්න සත්තු මරනවා කියල හිතාගෙන. ඒ නිසයි එය එක් අන්තයක ඇලීමක් ලෙස හඳුන්වන්නේ.

    නැහැ ඔවුන් පව් කාරයන් කියල බුදු දහමේ කියන්නේ නැහැ. බුදු දහමේ කියන්නේ කර්මයට මුල් වෙන්නේ චේතනාව කියන එක.

    ඉතින් අල කනවා, වතුර බොනවා, හුස්ම ගන්නවා කියල චේතනාවක් ඇති කරගෙනද ඔයා ඒවා කරන්නේ?
    අනිත් එක පළමු ශික්ෂා පදයේ තිබෙන්නේ (anathi patha vermani skikkha padamn sama diyami - Refrain Killing or Harming ALL living beings), මෙතන intention එක, හෝ චේතනාව ගැන කියල නැහැනේ..ඉතින් ඔවුන් කරන්නේ මේක පිළිපැදීම නේ:confused:..මට ප්‍රශ්න ගොඩක් ආව..:nerd:
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඉතින් අල කනවා, වතුර බොනවා, හුස්ම ගන්නවා කියල චේතනාවක් ඇති කරගෙනද ඔයා ඒවා කරන්නේ?
    අනිත් එක පළමු ශික්ෂා පදයේ තිබෙන්නේ (anathi patha vermani skikkha padamn sama diyami - Refrain Killing or Harming ALL living beings), මෙතන intention එක, හෝ චේතනාව ගැන කියල නැහැනේ..ඉතින් ඔවුන් කරන්නේ මේක පිළිපැදීම නේ:confused:..මට ප්‍රශ්න ගොඩක් ආව..:nerd:
    නැහැ මම අල කනවා වතුර බොනවා හුස්ම ගන්නවා කියල හිතාගෙන නෙමෙයි ඒවා කරන්නේ. සතුන් මරනවා කියල හිතාගෙනත් නෙමෙයි ඒවා කරන්නේ. හැබැයි නිවන් මාර්ගයේ ගමන් කරන භික්ෂුන්ට මේවා සිහියෙන් කරන්න කියලා බුදු දහමේ කියනවා.
    නැහැ බුදුරදුන් පැහදිලිවම කියා තිබෙන බුදු දහමේ ගොඩක් ප්‍රසිද්ධ වැකියක් තමයි "චේතනා හං භික්කවේ කම්මන් වදාමි" කියන්නේ. ඒ කියන්නේ චේතනාව තමයි කර්මය වෙන්නේ කියන එකයි.
    ප්‍රාණ ඝාත අකුසලය සම්පුර්ණ වීමට අවශ්‍ය කරුණු 4ක් හෝ 5ක් බුදු දහමේ දැක්වෙනවා. ඒ කරුණු මට හරියටම මතක නැහැ. හොයාගත්තු ගමන් මෙතන දාන්නම්.
     
    ප්‍රාණඝාතය සම්පුර්ණ වීමට
    1. සතෙකු බව දැනගැනීම.
    2.සත්වයාට ප්‍රාණය තිබීම.
    3.සත්වයා මැරීමේ චේතනාවක් තිබීම.
    4.මැරීමට උපක්‍රමයක් දීම.
    5.මැරීම.

    යන කරුණු පහ සම්පුර්ණ විය යුතුයි.
     
    Biologics

    Member
    Dec 8, 2012
    130
    15
    0
    නැහැ මම අල කනවා වතුර බොනවා හුස්ම ගන්නවා කියල හිතාගෙන නෙමෙයි ඒවා කරන්නේ. සතුන් මරනවා කියල හිතාගෙනත් නෙමෙයි ඒවා කරන්නේ. හැබැයි නිවන් මාර්ගයේ ගමන් කරන භික්ෂුන්ට මේවා සිහියෙන් කරන්න කියලා බුදු දහමේ කියනවා.
    නැහැ බුදුරදුන් පැහදිලිවම කියා තිබෙන බුදු දහමේ ගොඩක් ප්‍රසිද්ධ වැකියක් තමයි "චේතනා හං භික්කවේ කම්මන් වදාමි" කියන්නේ. ඒ කියන්නේ චේතනාව තමයි කර්මය වෙන්නේ කියන එකයි.
    ප්‍රාණ ඝාත අකුසලය සම්පුර්ණ වීමට අවශ්‍ය කරුණු 4ක් හෝ 5ක් බුදු දහමේ දැක්වෙනවා. ඒ කරුණු මට හරියටම මතක නැහැ. හොයාගත්තු ගමන් මෙතන දාන්නම්.

    ඇයි ඔයා නිවන් මාර්ගයේ ගමන් කරන්නේ නැත්තේ? එතකොට ඔයා ක්‍රිස්තු දහම හෝ බුදු දහම 100% ජීවිතයේ පිළිපදින්නේ නැත්ද? එහෙම කරන්නේ නැතුව චේතනාව කෙසේ වෙතත් practically කරන jain කෙනෙක්ට අන්තවාදී කීම වැරදි නේ?