අඳුරු මහද්වීපය (2 කොටස)

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    අඳුරු මහද්වීපය (2 කොටස)

    * මේ ලිපියට ප්‍රවේශයක් විදියට මම කලින් ලියා පළකරපු අඳුරු මහද්වීපය (1 කොටස) ලිපිය කියවන්න.


    ප්‍රාග් ඓතිහාසික යුගය

    AXIiIOsl.jpg
    cUARRpFl.jpg

    ඉතියෝපියාවෙන් සොයාගන්නා ලද "ලුසී" නම් පුර්වජ මානව (කාන්තා) සැකිල්ල

    20 වැනි සියවස මැද භාගය පමණ වනවිට ලෝක මානව විද්‍යාඥයින් විසින් ඉතිහාසයේ මෙතෙක් හමුවූ ඉපැරණිතම මානව අවශේෂ කොටස් (පොසිල) අප්‍රිකාවේ ඉතියෝපියාවේ අවාෂ් නිම්න භුමිය ආශ්‍රිත ප්‍රදේශයෙන් සොයාගන්නා ලදී. මේවා අදින් වසර මිලියන 7කට පමණ පෙර මිහිමත විසූ ආදිතම මානවයන්ගේ අස්ථිකොටස් වේ. පූර්ණ මානව සැකිල්ලෙන් සියයට 40ක් පමණ වන අස්ථි කොටස් සියගණනක පොසිලයක් AL 288-1 වශයෙන් ක්‍රමාංකනය කර ඇති අතර එය සුප්‍රකට ලුසී යන අන්වර්ථ නාමයෙන් හඳුන්වයි. එය, ඔස්ට්‍රලෝපිතෙකස් අෆාරෙන්සිස් (Australopithecus afarensis) නම් පුර්වජ මානව විශේෂයකට අයත් කාන්තා සැකිල්ලක් ලෙස හඳුනාගෙන ඇති අතර වසර මිලියන 3.22 පමණ පැරණි වන බව ගණනය කර ඇත.
    වසර 150,000 සිට 100,000 දක්වා කාලයකදී පරිණාමනය වූ හෝමෝ සැපියෙන්ස් සැපියෙන්ස් නම් වන නූතන මානව මුතුන්මිත්තෝ එවක් පටන් අනෙකුත් වානර විශේෂ සියල්ලක් අභිබවමින් මිහිමත සිය ආදිපත්‍යය පතුරන්නට වූහ. ඔවුනගේ නිජබිම වූයේ අප්‍රිකානු මහද්වීපයයි. ඔවුහු බැ'බෙල් මැන්ඩෙබ් වැලිපර මතින් පනිමින් රතු මුහුද හරහා අදින් වසර 50,000කට පමණ පෙර අප්‍රිකාවේ සිට ලෝකයේ අනෙකුත් ගොදුරුබිම් වෙත සංක්‍රමණය වූවෝය. එවකට සාරවත් වනගහණයෙන් යුතුවූ සහරා කාන්තාර ප්‍රදේශ හරහා මෙම මුල් ව්‍යාප්තිය සිදුව ඇති බවට පුරාවිද්‍යාත්මක සාක්‍ෂි ලැබී ඇත. ඉන් වසර 5000කට පමණ පසු සහරා ප්‍රදේශයේ සිදුවූ ශීඝ්‍ර කාන්තාරීකරණය හේතුවෙන් මානවයෝ මෙම මාධ්‍ය ප්‍රදේශය අතහැර අනෙකුත් ප්‍රදේශ කරා ක්‍රමිකව සංක්‍රමණය වුහ. මේ කාල වකවානුව තුල අප්‍රිකානු භුමියේ විසු ආදී මානවයෝ දඩයම් යුගයෙන් එඬේර යුගයට මාරුවන්නට පටන්ගත්හ. ක්‍රි.පූ. 6000 පමණ වනවිට ගවයන්, එළුවන්, බුරුවන් සහ බල්ලන් ගෘහස්තව ඇතිකරමින් උතුරු අප්‍රිකාවේ සහරා-නයිල් භුමි සංකීර්ණය ආශ්‍රිත ප්‍රදේශයේ දඩයම් එඬේරුන් සහ අර්ධ කෘෂිකාර්මිකයින් බිහිවන්නට විය. දැඩි කාන්තාරීකරණය හේතුවෙන් මොවුහු ක්‍රි.පූ. 4000 පමණ සහරා භුමියේ සිට බටහිර අප්‍රිකානු පෙදෙස්වලට සහ ඉන් ඔබ්බට සංක්‍රමණය වුහ.
    පළමු සහශ්‍රකය වනවිට ගල් ආයුධ සහ උපකරණ වලට අමතරව යකඩ ආයුධ සහ උපකරණ භාවිතය ආරම්භකළ මේ මිනිසා ක්‍රි.පූ. 500 පමණ වනවිට ලෝහ භාවිතය දැනසිටි බවට පැහැදිළි සාක්‍ෂි උතුරු අප්‍රිකාව, ඊජිප්තුව, නුබියාව සහ ඉතියෝපියාව යන ප්‍රදේශවලින් ලැබී ඇත.

    "මෙසේ මානවයාගේ සම්භවය පමණක් නොව ඔහුගේ ජීව සහ සමාජයීය පරිනාමණයේ ඉතාමත් වැදගත් සන්ධිස්ඨාන සියල්ලක්ම පාහේ සිදුවී ඇත්තේ අප මේ කතාකරමින් සිටින අඳුරු මහාද්වීපය නම්වන අප්‍රිකාවේ දී බවට සාක්‍ෂි සාධක සහිතව සනාථකර තිබෙයි."
    මුල්කාලීනව බිහිවූ මානව ශිෂ්ටාචාර පිළිබඳ ඉදිරියේදී සාකච්චා කරමු.


    මුලාශ්‍ර:
    http://news.bbc.co.uk/2/hi/science/nature/1058484.stm
    https://www.sciencedaily.com/releases/2007/08/070828155004.htm
    https://www.jstor.org/journal/afrihiststud
    O'Brien, Patrick K. ed. (2005) Oxford Atlas of World History. New York: Oxford University Press
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පේනවා මදි ..අකුරු තව ලොකු කරපන්
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මුරුලගේ කට්ටිය තමයි ලෝකයේ මුලින්ම බිහිවෙලා තියෙන්නේ