අඳුරු_යුගය_නිමා_කළා

අඳුරු_යුගය_නිමා_කළා

ශ්‍රී ලංකා ආර්ථිකයේ අඳුරු යුගය නිමා කළා
වාණිජ මණ්ඩලයේ සංවත්සර උත්සවයේ දී ජනපති කියයි

president.jpg

රජයේ සංවර්ධන වැඩපිළිවෙළ නිසා රට ණය උගුලක සිර වී ආර්ථිකය කඩා වැටෙතැයි ඇතැමුන් පළ කළ අනාවැකි බොරු කරමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ අඳුරු යුගය නිමා කරන්නට අපට හැකි වූ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. රටට අතිවිශාල සංවර්ධනයක් ගෙන එන අතරම ශ්‍රී ලංකා ආර්ථිකය තිරසාර මට්ටමකට ගෙන ඒමට වත්මන් රජයට හැකි වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා වසර පහක් පිට පිටම ශ්‍රී ලංකාව සියයට 7. 5ක ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගෙන තිබෙන බව ප්‍රකාශ කළේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ ලංකා වාණිජ මණ්ඩලයේ 175 වැනි සංවත්සර උත්සවයට ඊයේ (29) කොළඹ දී එක් වෙමිනි. ශී‍්‍ර ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ වසර සියයකට වඩා පැරණි සාමාජිකයන්ට ජනාධිපතිතුමාගේ අතින් මෙහිදී ඇගයීම් තිළිණ ප්‍රදානය කෙරිණි.

මෙරට ව්‍යාපාරික ප්‍රජාවගේ සුබසිද්ධිය උදෙසා කටයුතු කරන ලංකා වාණිජ්‍ය මණ්ඩලය අපගේ ආර්ථිකයට ඉටු කරන වැදගත් කාර්ය භාර්යය ද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය. ජාත්‍යන්තර මට්ටමේ මහාමාර්ග, මුළු රට සම්බන්ධ කරන කාපට් මාර්ග, ගම්බද ප්‍රදේශවල කිලෝමීටර් දහස් ගණනක් කොන්ක්‍රීට් මාර්ග ජීවිත කාලයටම දකින්නට හැකිවෙතැයි කිසිවකු නොසිතූ බව සිහිපත් කළ ජනාධිපතිතුමා අද රටට ලැබී ඇත්තේ කිසිවකුට අභියෝග කළ නොහැකි සංවර්ධනයක් බව ද කියා සිටියේ ය.

එදා ලංකා වාණිජ මණ්ඩලයේ සාමාජිකයන් රජයේ නිලධාරින් හමු වූයේ විදුලිබලය, මහා මාර්ග, වරාය ගුවන්තොටුපළ අවශ්‍යතා වැනි ප්‍රාථමික අවශ්‍යතා සපුරා ගැනීමට වුවත් අද ඔවුන් නිලධාරින් හමු වී සාකච්ඡා කරන්නේ රටේ අනාගත ආර්ථික සැළසුම් පිළිබඳ බවත් ජනාධිපතිතුමා මෙහිදී පැවැසීය. 2005දී එනම් නිදහස ලබා අවුරුදු 57 කට පසු මෙරට දළ දේශිය නිෂ්පාදනය අමෙරිකානු ඩොලර් බිලියන 24ක් පමණි. ඒක පුද්ගල ආදායම ඩොලර් 1241ක් වැනි ඉතා පහත මට්ටමක පැවති අතර විදුලි බලය තිබුනේ ජනතාවගෙන් සියයට 72කට පමණි.

සියයට 12ක් වූ උද්ධමනය තවත් ඉහළ යමින් පැවතුණි. විදේශ සම්පත් සති 6ක ආනයනයන්ට පමණක් ප්‍රමාණවත් විය. විරැකියාව සියයට 7ක් වූ අතර දරිද්‍රතාව සියයට 15ක් විය. අපේ ණය මට්ටම, දේශිය නිෂ්පාදනයෙන් සියයට 91ක් විය. ආර්ථිකයේ එම අඳුරු යුගය අවසන් කර පශ්චාත් විවෘත ආර්ථික යුගයේ දිගුම කාලයක් තුළ උද්ධමනය පාලනය පහත වැටී, විනිමය අගය ස්ථාවර වී, ණය අනුපාතය පහත වැටී, මුල්‍ය හිඟය පහත බැස පංච කේන්දී‍්‍රය උපාය මාර්ග තුළින් නව සහ ආකර්ශනීය ව්‍යාපාරික අවස්ථා රාශියක් රට තුළ ඇති වූ බවත් ජනාධිපතිතුමා මෙහිදී ව්‍යාපාරික ප්‍රජාවට පෙන්වා දුන්නේ ය.

2015 වනවිට අමෙරිකානු ඩොලර් 4000ක ඒක පුද්ගල අදායමක් ලබා ගැනීමට අපට හැකිවනු ඇති බවට විශ්වාසය පළ කළ ජනාධිපතිතුමා 2020 වන විට ඒකපුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 7000 ඉක්මවා යන රටකට සරිලන පරිදි සංවර්ධන උපාය මාර්ග සැලසුම් සකස් කිරීමට සූදානම් වන්නැයිද ව්‍යාපාරික ප්‍රජාවට පැවසීය.
 
sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    2015 වනවිට අමෙරිකානු ඩොලර් 4000ක ඒක පුද්ගල අදායමක් ලබා ගැනීමට අපට හැකිවනු ඇති බවට

    Ochchara wadi ban 2500n api hodata kala adala innawane :(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    2015 වනවිට අමෙරිකානු ඩොලර් 4000ක ඒක පුද්ගල අදායමක් ලබා ගැනීමට අපට හැකිවනු ඇති බවට

    Ochchara wadi ban 2500n api hodata kala adala innawane :(

    :D:D:D:D:D
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ජීවත් වෙන්න කරත් හිතට එකඟව කරන්න පුළුවන් රස්සාවක් කරපන් ගොටුකොලයෝ..
     
    ජීවත් වෙන්න කරත් හිතට එකඟව කරන්න පුළුවන් රස්සාවක් කරපන් ගොටුකොලයෝ..

    අපිට ජිවත් වෙන්න හොද ආර්ථික රටාවක් සහ රක්ෂාවක් මේ රජයෙන් හදල ඉවරයි. දැන් ලංකාවේ විරැකියාව 5% වගේ සුළු ප්‍රතිශතයක් තමයි තියෙන්නේ.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Mr.ගොටුකොළ;16950411 said:
    අපිට ජිවත් වෙන්න හොද ආර්ථික රටාවක් සහ රක්ෂාවක් මේ රජයෙන් හදල ඉවරයි. දැන් ලංකාවේ විරැකියාව 5% වගේ සුළු ප්‍රතිශතයක් තමයි තියෙන්නේ.

    aniwa. america wala economy eka watila nisa dan godak suddo mehe wada karannat enawa :yes:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඇත්ත කියන්න ඕනේ මහත්තයා.මමත් කතිරේ ගැහුවේ රජපක්ෂ මහත්තයට තමයි වෙනසක් බලාපොරුත්තුවෙන්.එත් දැන් පොඩ්ඩක් ‍කන්ෆුයිස්ඩ් මේ යන විදිහ.:oo::confused::eek::sorry:
    අපිටත් ඉතින් ලොකු හීන නැහැ බොස්.එදා වෙල කලා මැරනකම් ජිවත් වුනානම් ඇති මහත්තයා:sorry:.බඩුවල මිල ජුනඩක් හරි අඩු කරලා දුන්නම් ඇති මහත්තයා.නැත්තම් ඉතින් නොකා මැරෙන්න තමයි වෙන්නේ.:dull:
    :yes::sorry:
     
    Last edited:
    ඇත්ත කියන්න ඕනේ මහත්තයා.මමත් කතිරේ ගැහුවේ රජපක්ෂ මහත්තයට තමයි වෙනසක් බලාපොරුවෙන්.එත් දැන් පොඩ්ඩක් ‍කන්ෆුයිස්ඩ් මේ යන විදිහ.:oo::confused::eek::sorry:
    අපිටත් ඉතින් ලොකු හීන නැහැ බොස්.එදා වෙල කලා මැරනකම් ජිවත් වුනානම් ඇති මහත්තයා:sorry:.බඩුවල මිල ජුනඩක් හරි අඩු කරලා දුන්නම් ඇති මහත්තයා.නැත්තම් ඉතින් නොකා මැරෙන්න තමයි වෙන්නේ.:dull:
    :yes::sorry:

    මචන් සහනාධාරවලින් ජිවත් වෙන්න පුරුදු වෙන්න එපා. එතකොට කවදාවත් රටක් දියුණු වෙන්නේ නැහැ. සහනාධාර දුන්නොත් කොහොමද අධිවේගී මාර්ග හදන්නේ, අහස සිබින බිල්ඩින් හදන්නේ, දකුණු ආසියාවේ හොදම සහ උසම කුළුණු හදන්නේ, සෞක්‍ය ක්ෂේත්‍රය දියුණු කරන්නේ, සංචාරක කර්මාන්තය දියුණු කරන්නේ එකී මේ නොකී දහසක් දේ තියනවා කරන්න. බඩු මිල පොඩ්ඩක් ඉහල ගියත් ලංකාවේ 95% සවිමත් ශක්තිමත් ආර්ථික රටාවක් හදල ඉවරයි නේ දැන්.
     
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    Mr.ගොටුකොළ;16950426 said:
    මචන් සහනාධාරවලින් ජිවත්ව් එන්න පුරුදු වෙන්න එපා. එතකොට කවදාවත් රටක් දියුණු වෙන්නේ නැහැ. සහනාධාර දුන්නොත් කොහොමද අධිවේගී මාර්ග හදන්නේ, අහස සිබින බිල්ඩින් හදන්නේ, දකුණු ආසියාවේ හොදම සහ උසම කුළුණු හදන්නේ, සෞක්‍ය ක්ෂේත්‍රය දියුණු කරන්නේ, සංචාරක කර්මාන්තය දියුණු කරන්නේ එකී මේ නොකී දහසක් දේ තියනවා කරන්න. බඩු මිල පොඩ්ඩක් ඉහල ගියත් ලංකාවේ 95% සවිමත් ශක්තිමත් ආර්ථික රටාවක් හදල ඉවරයි නේ දැන්.

    :sorry::eek:?
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Mr.ගොටුකොළ;16950426 said:
    මචන් සහනාධාරවලින් ජිවත් වෙන්න පුරුදු වෙන්න එපා. එතකොට කවදාවත් රටක් දියුණු වෙන්නේ නැහැ. සහනාධාර දුන්නොත් කොහොමද අධිවේගී මාර්ග හදන්නේ, අහස සිබින බිල්ඩින් හදන්නේ, දකුණු ආසියාවේ හොදම සහ උසම කුළුණු හදන්නේ, සෞක්‍ය ක්ෂේත්‍රය දියුණු කරන්නේ, සංචාරක කර්මාන්තය දියුණු කරන්නේ එකී මේ නොකී දහසක් දේ තියනවා කරන්න. බඩු මිල පොඩ්ඩක් ඉහල ගියත් ලංකාවේ 95% සවිමත් ශක්තිමත් ආර්ථික රටාවක් හදල ඉවරයි නේ දැන්.
    :yes::yes:
    ඇයි නයිට් රේස් තියන්නේ , කැසිනෝ දාන්නේ, ලක්ශ ගනන් වල වාහන ගෙන්නන්නේ කොහොමද සහනාදාර දෙන්න සල්ලි නාස්ති කරහම.
     
    :yes::yes:
    ඇයි නයිට් රේස් තියන්නේ , කැසිනෝ දාන්නේ, ලක්ශ ගනන් වල වාහන ගෙන්නන්නේ කොහොමද සහනාදාර දෙන්න සල්ලි නාස්ති කරහම.

    නයිට් රේස් කියන්නේ සංචාරකයෝ ලංකාවට අද්දාගන්න තියන එක ක්‍රමයක්. අනෙක ඒක ක්‍රීඩාවක්. ඕක හැමදාම තියන එකකුත් නොවෙයි. සංචාරකයෝ ඕක බලන්න අවම විදේශ විනිමය කොච්චර ලංකාවට ගලාගෙන එනවද.

    කැසිනෝ කියන්නේ නම් රටකට අවශ්‍යම දෙයක්. මචන් 18 වෙනි සියවසෙන් පොඩ්ඩක් ඔබ්බට ඇවිත් බලන්න. කැසිනෝ කියන්නේ ලෝකේ වටේම ඉන්න කෝටිපතියෝ ලංකාවට අද්ද ගන්න තියන තව එක ක්‍රමයක්.

    මචන් දේශපාලනේ වැඩක් නැහැ. එක පැත්තකට දාපන්. ඔක්කොම එකතුවෙලා රට ගොඩ ගමු.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Mr.ගොටුකොළ;16950464 said:
    නයිට් රේස් කියන්නේ සංචාරකයෝ ලංකාවට අද්දාගන්න තියන එක ක්‍රමයක්. අනෙක ඒක ක්‍රීඩාවක්. ඕක හැමදාම තියන එකකුත් නොවෙයි. සංචාරකයෝ ඕක බලන්න අවම විදේශ විනිමය කොච්චර ලංකාවට ගලාගෙන එනවද.

    කැසිනෝ කියන්නේ නම් රටකට අවශ්‍යම දෙයක්. මචන් 18 වෙනි සියවසෙන් පොඩ්ඩක් ඔබ්බට ඇවිත් බලන්න. කැසිනෝ කියන්නේ ලෝකේ වටේම ඉන්න කෝටිපතියෝ ලංකාවට අද්ද ගන්න තියන තව එක ක්‍රමයක්.

    මචන් දේශපාලනේ වැඩක් නැහැ. එක පැත්තකට දාපන්. ඔක්කොම එකතුවෙලා රට ගොඩ ගමු.

    කැසිනෝ නම් කමක් නෑ කියමු. කෝ ඉතින් ඕවගෙන් මිනිස්සුන්ට ලැබුන සෙතක් නෑනේ. හයිවේ අරව මේව නෙමේ, කෝ පඩි වත් වැඩි උනාද බන් මිනිස්සුන්ගේ? බොරු ජිල්මාට් වාර්තා වලින් ඒකපුද්ගල ආදායම අරව මේව කිවුවට වැඩක් නෑනේ බන්?
    බඩු මිල ඔහේ වැඩිවෙන්න ඕන නම් ජනාදිපති කෙනෙක් මොකටද ? (මම නෙමේ කිවුවේ මහින්ද මහත්තයමයි ජනාදිපතිවරණයට ඉල්ලන කාලේ )
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86

    :yes: