අඳුරු_වීදුරු_නීතිය යළි ක්‍රියාත්මකයි

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    අඳුරු_වීදුරු_නීතිය යළි ක්‍රියාත්මකයි

    රථවාහන අඥාපනතේ 203 වන අධිකාරිය යටතේ ක‍්‍රියාත්මක රජයේ ගැසට් පත‍්‍රයේ ඇති අඳුරු වීදුරු නීතිය නැවත වරක් අලුත් කර ඇති බව රථවාහන පොලීසිය පවසයි.


    ඒ අනුව ඉදිරි සතිවලදී මෙය ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව රථවාහන නියෝජ්‍ය පොලීස්පති පාලිත ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කරයි.


    එහිදී රියදුරු අසුන දෙපස විවෘතව තැබිය යුතු වෙන අතර ඉදිරිපස වීදුරුවෙහි 1/5 ක වපසරියක් අඳුරු කළ හැකි වේ.


    පිටුපස දෙපස අඳුරු කළ හැකි නමුත් පිටුපස කිසිඳු ස්ටීකරයක් ඇළවිය නොහැකි බව ඒ මහතා පැවසීය.
    මෙම නීතිය නොතකන රියදුරන් හට මුලික වශයෙන් සහන කාලයක් ලබා දී ඔවුන්ට එම ස්ටිකරයන් ගැළවීමට උපදෙස් දෙන බවත්, පසුව මේ සඳහා නඩු දැමීමට ක‍්‍රියාකරන බවත් පාලිත ප‍්‍රනාන්දු මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ය.


    rivira
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    පිටුපස දෙපස අඳුරු කළ හැකි නමුත් පිටුපස කිසිඳු ස්ටීකරයක් ඇළවිය නොහැකි බව ඒ මහතා පැවසීය. :baffled:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    දැන් මේක සියලුම ශ්‍රී ලාංකිකයන්ට අදාලද? ඕක සාමාන්‍ය මිනිස්සු නෙවෙයි කරන්නේ. සල්ලි කාරයෝ, ඇමතියෝ තමයි ගොඩක්. උන්ගේ ඒවා කළු කරලා සාමාන්‍ය මිනිහගේ වීදුරු එහෙම බෑ කියනවා නම් නීතියක් නෙවෙයි එතන. නීතිය ඕන කෙනෙක්ට පොදුයි.