අපගේ ශාස්ත්‍රෘවහන්සේ

SSKL

Active member
  • Nov 14, 2008
    164
    47
    28
    Nugagoda
    අපගේ ශාස්ත්‍රෘවහන්සේ

    අප සරණ ගිය ඒ භාග්‍යවත් බුදුරජානන්වහනසේ

    බුදුගුණ අනන්තයි අප්‍රමාණයි

    සෝ භගවා ඉතිපි අකම්පිතෝ :- කිසිවකට ත් කම්පා නො වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකම්පිත’ වන සේක.

    සෝ භගවා ඉතිපි අකංඛෝ :- සැකයෙන් තොර වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකංඛ’ වන සේක.

    සෝ භගවා ඉතිපි අකප්පියෝ :- තෘෂ්ණා සංකල්පනාවන් නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකප්පිය’ වන සේක.

    සෝ භගවා ඉතිපි අකතඤ්ඤූ :- කිසිවකින් සකස් නො කළ අකත නම් වූ නිර්වාණය දැන ගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකතඤ්ඤූ’ වන සේක.

    සෝ භගවා ඉතිපි අකථංකථී :- කෙසේ ද, කෙසේ ද, යනුවෙන් ඇතිවෙන විමති නො මැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකථංකථී’ වන සේක.

    සෝ භගවා ඉතිපි අකන්ටකෝ :- කෙලෙස් කටු දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකන්ටක’ වන සේක.

    සෝ භගවා ඉතිපි අකාමකාමී :- කාමයන් නො පතන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකාමකාමී’ වන සේක.

    සෝ භගවා ඉතිපි අකාචෝ :- කෙළෙස් පටල නැති හෙයින් ද, නුසුදුසු කර්ම නො කරන හෙයින් ද ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකාච’ වන සේක.

    සෝ භගවා ඉතිපි අකිරියවාදී :- ළාමක වූ පාපී අකුසල් නො කිරීමට දහම් දෙසනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකිරියවාදී’ වන සේක.

    සෝ භගවා ඉතිපි අකිඤ්චනෝ :- කිඤ්චන නම් වූ රාග, ද්වේශ, මෝහ දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකිඤ්චන’ වන සේක.

    සෝ භගවා ඉතිපි අකුතෝභයෝ :- කිසි තැනක බියක් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකුතෝභය’ වන සේක.

    සෝ භගවා ඉතිපි අකුක්කුචෝ :- කුකුස් නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකුක්කුච’ වන සේක.

    සෝ භගවා ඉතිපි අකුහෝ :- කුහක කම් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකුහ’ වන සේක.

    සෝ භගවා ඉතිපි අකුසීතවුත්තී :- කුසීත පැවතුම් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකුසීතවුත්තී’ වන සේක.

    සෝ භගවා ඉතිපි අකේටුභිනෝ :- කෛරාටික ගති නොමැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකේටුභින’ වන සේක.
     
    Last edited:

    SSKL

    Active member
  • Nov 14, 2008
    164
    47
    28
    Nugagoda
    බුදුගුණ අනන්තයි

    16. සෝ භගවා ඉතිපි අකෝධනෝ:- ක්‍රෝධ නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකෝධන’ වන සේක.

    17. සෝ භගවා ඉතිපි අකෝපෝ:- කෝපය දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකෝප’ වන සේක.

    18. සෝ භගවා ඉතිපි අක්ඛාතාරෝ:- තුන් ලොවට ම සදහම් පවසන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අක්ඛාතාර’ වන සේක.

    19. සෝ භගවා ඉතිපි අක්ඛෙය්‍යසම්පන්නෝ:- සදහම් පදයන් ගෙන් යුක්ත හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අක්ඛෙය්‍යසම්පන්න’ වන සේක.

    20. සෝ භගවා ඉතිපි අක්ඛණවේදී:- සිව් සස් (චතුරාර්ය සත්‍යයන්) දකිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අක්ඛණවේදී’ වන සේක.

    21. සෝ භගවා ඉතිපි අක්ඛදස්සෝ:- සදහම් විනිශ්චයෙහි ප්‍රධානී වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අක්ඛදස්ස’ වන සේක.

    22. සෝ භගවා ඉතිපි අඛිල:- කෙළෙස් හුල් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අඛිල’ වන සේක.

    23. සෝ භගවා ඉතිපි අප්පටිමෝ:- කිසිවෙකු හා සැසඳිය නො හැකි වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පටිම’ වන සේක.

    24. සෝ භගවා ඉතිපි අප්පටිසමෝ:- ප්‍රතිසම පුද්ගලයෙක් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පටිසම’ වන සේක.

    25. සෝ භගවා ඉතිපි අප්පටිභාගෝ:- කිසිවෙකු ගේ කොටස් කරුවෙක් නොවනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පටිභාග’ වන සේක.

    26. සෝ භගවා ඉතිපි අප්පටිපුග්ගලෝ:- ප්‍රති පුද්ගලයෙක් නොමැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකෝප’ වන සේක.

    27. සෝ භගවා ඉතිපි අප්පිච්ඡෝ:- කැමැත්ත දුරු කොට අල්පේච්ඡ වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පිච්ඡ’ වන සේක.

    28. සෝ භගවා ඉතිපි අප්පතිට්ඨෝ:- සසරෙහි නො පිහිටි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පතිට්ඨ’ වන සේක.

    29. සෝ භගවා ඉතිපි අප්පදුට්ඨෝ:- දෝස රහිත හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පදුට්ඨ’ වන සේක.

    30. සෝ භගවා ඉතිපි අප්පමෙය්යෝ:- පමණ කළ නො හැකි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පමෙය්‍ය’ වන සේක.
     
    Last edited:

    SSKL

    Active member
  • Nov 14, 2008
    164
    47
    28
    Nugagoda
    බුදුගුණ අනන්තයි


    31. සෝ භගවා ඉතිපි අප්පසද්දකාමෝ:- නිහඬබව කැමැති වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ‛අප්පසද්දකාම’ වන සේක.

    32. සෝ භගවා ඉතිපි අප්පදුට්ඨමනසංකප්පෝ:-නිර්දෝෂී සංකල්පනා ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ‛අප්පදුට්ඨමනසංකප්ප’ වන සේක.

    33. සෝ භගවා ඉතිපි අප්පගබ්භෝ:- නො ගැලපෙන ඇවැතුම්-පැවතුම් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ‛අප්පගබ්භ’ වන සේක.

    34. සෝ භගවා ඉතිපි අප්පකිච්චෝ:- අල්ප ක්‍රියා ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පකිච්ච’ වන සේක.

    35. සෝ භගවා ඉතිපි අප්පමිද්ධෝ:- නිදි දුරු කිරීම සිදු කරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පමිද්ධ’ වන සේක.

    36. සෝ භගවා ඉතිපි අප්පට්ඨෝ:- අල්ප කටයුතු ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පට්ඨ’ වන සේක.

    37. සෝ භගවා ඉතිපි අප්පමාදරතෝ:- නො පමා බව කැමති වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පමාදරත’වන සේක.

    38. සෝ භගවා ඉතිපි අප්පමජ්ජතෝ:- කෙලෙස් මත් බව දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පමජ්ජත’ වන සේක.

    39. සෝ භගවා ඉතිපි අප්පටිච්ඡන්නකම්මන්තෝ:- නො සැඟවුණු ක්‍රියා ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ‛අප්පටිච්ඡන්නකම්මන්ත’ වන සේක.

    40. සෝ භගවා ඉතිපි අප්පමාණවිහාරී:- පමණ කළ නො හැකි විහරණ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ‛අප්පමාණවිහාරී’ වන සේක.

    41. සෝ භගවා ඉතිපි අප්පසද්දස්සවණ්ණවාදී:-නිහඬබව වර්ණනා කරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ‛අප්පසද්දස්සවණ්ණවාදී’ වන සේක.

    42. සෝ භගවා ඉතිපි අප්පමත්තෝ:- ප්‍රමාදී නොවනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පමත්ත’ වන සේක.

    43. සෝ භගවා ඉතිපි අප්පාහාරෝ:- කුසට සෑහෙන අහරින් යැපෙනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ‛අප්පාහාර’ වන සේක.

    44. සෝ භගවා ඉතිපි අප්පටිකුජ්ඣතෝ:- කිසි විටෙක ත් පෙරළා නො කිපෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ‛අප්පටිකුජ්ඣත’ වන සේක.

    45. සෝ භගවා ඉතිපි අප්පටිඝෝ:- ගැටීම දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පටිඝ’ වන සේක.
     

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස...
    සාදු! සාදු!! සාදූ!!!

    බොහොම පින්, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ අනන්ත වූ ගුණ වලින් බිඳක් අප වෙත දැක්වීම ගැන...

    තෙරුවන් සරණයි!
     
    • Like
    Reactions: Java00

    SSKL

    Active member
  • Nov 14, 2008
    164
    47
    28
    Nugagoda
    බුදුගුණ අනන්තයි

    46. සෝ භගවා ඉතිපි අප්පටිබද්ධචිත්තෝ:- කිසිවකට නො බැඳුනු සිතක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ‛අප්පටිබද්ධචිත්ත’ වන සේක.

    47. සෝ භගවා ඉතිපි අප්පහීනෝ:- දුරු නො වන ගුණ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පහීන’ වන සේක.

    48. සෝ භගවා ඉතිපි අපණ්ණකෝ:- අවිරුද්ධ පිළිවෙතෙහි පිහිටි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ‛අපණ්ණක’ වන සේක.

    49. සෝ භගවා ඉතිපි අපගබ්භෝ:- නැවත මව් කුසක නො නිඳන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපගබ්භ’ වන සේක.

    50. සෝ භගවා ඉතිපි අපරිඩය්හමානෝ:- කෙළෙස් ගින්නෙන් නො දැවෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ‛අපරිඩය්හමාන’ වන සේක.

    51. සෝ භගවා ඉතිපි අපචයෝ:- සංසාරය නො වඩන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපචය’ වන සේක.

    52. සෝ භගවා ඉතිපි අපරිහානධම්මෝ:- කිසි දිනෙක නො පිරිහෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ‛අපරිහානධම්ම’ වන සේක.

    53. සෝ භගවා ඉතිපි අපචයගාමී:- සසර නො වැඩෙන මගෙහි වඩිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපචයගාමී’ වන සේක.

    54. සෝ භගවා ඉතිපි අපරාජිතෝ:- මරුට නො පැරදුණු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපරාජිත’ වන සේක.

    55. සෝ භගවා ඉතිපි අපචිතෝ:- තිලොවෙන් ම පිදුම් ලද හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපචිත’ වන සේක.

    56. සෝ භගවා ඉතිපි අපරිමිතදස්සී:- අපරිමිත දෑ දකිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපරිමිතදස්සී’ වන සේක.

    57. සෝ භගවා ඉතිපි අපරිත්තෝ:- අල්ප නො වූ ගුණ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපරිත්ත’ වන සේක.

    58. සෝ භගවා ඉතිපි අප්පටිඝෝ:- ගැටීම දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පටිඝ’ වන සේක.

    59. සෝ භගවා ඉතිපි අපළාසී:- අන් අයගේ ගුණ නො ගරහන හෙයින් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපළාසී’වන සේක.

    60. සෝ භගවා ඉතිපි අපළායි:- කිසි දිනෙක මර යුධයෙන් පලා නොයනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ‛අපළායි’ වන සේක.
     

    Similar threads